යදම් - 17

1.3K 207 8
                                    

     මං කොයිතරම් කිව්වත් භානු ඒව හැම එකක්ම ගත්තෙ විහිළුවට..හැමදේම සීරියස් නොගන්න එකෙක් ට කරැණු පැහැදිලි කරනවට වඩා හොදයි ගහක් ඉස්සරහට ගිහින් තනියම කියවන එක.

     මං භානුව අතෑරල ආයෙම මධ්‍යස්ථානය ට ගියෙ රෑ එලි වෙනකම් ඉදල හරි ටනාෂ විත්තිකාරය කියල කියන්න සාක්ෂි හොයාගන්න...පෝස්ට් මෝටම් එකට අනුව මරණය වෙලා තියෙන්නෙ කලින් වගේම අධික රුධිර ය වහනය විම හින්ද. ඒ වගේම රිපෝට් එකේ හැටියට මරණයට පැයකට විතර කලින් නිදිපෙති අරන් තියනව.....මේකෙත් සිරින්ජ් ලේ එකකින් අදින්න ඇති..ඒත් සාක්ෂි භාණ්ඩ කිසිම දෙයක් අපිට හොයාගන්න බැරි වුණා..ඒකත් හැම සාක්ෂියක්ම මකල සූක්ෂම ව කරපු ඝාතනයක් විදියට ෆයිල් වලට එකතු වුණා..

      මිය ගිය තරැණයගෙ අම්මයි තාත්තයි සැක කරේ කොල්ලගෙ යාලුවව. දැඩි ලෙසම සැක කරේ යාලුව හින්ද අපිට ඒ යාලුවව සැකපිට අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා..ඒත් මට මේක හිතෙන්නෙම ටනාශගෙ වැඩක් කියන එක..

    පහුවදා භානු උදේම ලෑස්ති වුණේ ටනාශව බලන්න යන්න..ඌ මං කියන දේ අහන්නෙ නැති හින්දම ද මන්ද මං හිටියෙ ලොකු මානසික පීඩනයක.

    ඒත් මං භානුව වැලැක්වේ නෑ..මං කරේ අයාලුත් එක්ක අපි කණ්ඩායමක් සිවිල් පිට භානුව ෆලෝ කරන එක..

   මහරගම ටවුන් එක ගොඩක් කාර්යබහුල වෙලාවක්..හවස පහ හමාරයි වෙලාව..ඒ වෙද්දිත් භානුට ගෙදර යන්න ගාණක් නෑ
අපි හිටියෙ වාහනේ භානුව පේනමානෙ.භානු ටනාෂ එක්ක  රෙස්ටුරන්ට් එකකට ගිහින් එලියට ආවෙ විනාඩි තිහකට විතර පස්සෙ..ඊට පස්සෙ එයාල ගියෙ හෝමාගම පැත්තෙ තිබුණ පොඩි ගේකට. අපේ වාහනේ ගියෙ භානුගෙ බයික් එකට ටිකක් පිටිපස්සෙන්....අපි ආපු පැත්ත ලඟ ලඟ ගෙවල් තිබුණට ඒ තරම් මිනිස්සු ගැවසෙන පැත්තක් නෙමේ..හතරවටින් ආපු අදුරත් එක්ක පලාතම අමුතු පාලු ස්වභාවයක් ගත්ත..

      භානු බයික් එක නැවැත්තුවෙ ටිකක් පරණ ටයිප් එකේ ගෙයක් ඉස්සරහ.ගේ පරණ වුණාට ටිකක් ලොකුවට ලස්සනට තියනව.ගේ ඉස්සරහ ටිකක් ලොකුවට අඹ ගහක් තිබුණෙ මිදුලෙ භාගයක් ම වහගෙන..

     අපි වාහනේ නැවැත්තුවෙ ගෙදර පේනමානෙ වුණත් අඹ ගහට මුවා වෙලා.... දෙන්නෙක් වාහනේ ඉදල මායි අයාලුයි තව එක්කෙනෙකුයි වාහනෙන් බැස්සෙ භානුලා ඉන්න තැනට මීටර් දහයක් විතර දුරින්..ඒ අයට අපිව වැඩිය පේන්නෙ නෑ...යන්තම් කලුවර වැටිල තිබුණ හින්ද.

යදම්Where stories live. Discover now