යදම් - 16

1.3K 213 7
                                    

    "මොන මගුලකද මේ තරම් රෑ වෙනකම් ගියෙ ?"

   භානු කෑ ගහල ඇහුවෙ මාව හයියෙන් තද කරල බදාගන්න ගමන්.මට එකපාරටම බය හිතුණෙ ඌ මාව දැක්කද කියල..නෑ..වෙලාවට..අහු වුණා නම් ඉවරයි..

    "මෙච්චර රෑ වෙනකම්ම කොහෙද යකෝ ගියෙ ?..මං කොච්චර බය වුණාද?"

    භානු ආයෙත් කෑ ගැහුවෙ මං දිහා බලාගෙන. ඇත්තටම මේ තරම් රෑ වෙනකම්ම මං ඉදල නෑ..සමහර කේස්වලදි බෝඩිමට නෑවිත් මධ්‍යස්ථානෙ නැවතුණත් මේ තරම් රෑ වෙලා ඇවිත් නෑ.

   "බලපන් පෝන් එක වැඩද කියල?..මං කොච්චර ගන්න හැදුවද?. ආ?...උබ මේ තරම් රෑ වෙනවනම් .එහෙ නැවතිල පහුවදාට වරෙන්.."

   භානු තවත් කෑ ගහනව...ඒත් ඌ දන්නවනම් අද මං ඌ ගැන බය වුණ තරම්....කොහොමහරි ඉක්මනට ටනාශාව කොටු කරගන්න ඕනෙ.

   "හරි මහන්සියි..මේ රස්සාව ඔහොම තමා..උබට කලින් එන්න පුලුවන් වුණාට මට එහෙම බෑ."

     මං කිව්වෙ කාමරේට එන ගමන්..මට ඕන වුණේ භානුගෙන් නිදහස් වෙලා තනියම ටිකක් කල්පනා කරන්න..

   "හරි ..ඊලග දවසෙ උබ මෙහෙම පරක්කු වෙනවනම් මාවත් එක්ක පලයන්."

    භානු කිව්වෙ මගෙ පිටිපස්සෙන් කාමරේට එන ගමන්.

    "හොදට තියෙයි..යන යන තැන උබ අරන් ගියොත්..මට වැඩ කරන්නෙ නැතුව උබව බලාගන්න තමා වෙන්නෙ"

    මං කියන්න ගියෙ 'උබ වගේ පිස්සු යකෙක් එක්ක ගියොත් අපරාධ අල්ලගන්න වෙන්නෙ නෑ' කියල..ඒත් ඒක එකපාරටම ගිලගත්තෙ කලින් දවසක එහෙම දෙයක් කියල භානුට තරහ ආපු එක මතක් වුණ හින්ද.

   මං ඇදුම් ගලවල ටවල් එක ඇදගත්තෙ භානු මං දිහා බලාගෙන ඉද්දිම..පව්.. මං එනකම්ම ඇහැරල ඉදල.

"භානු..?"

"ඇයි?"

"උබට ටනාෂ ගැලපෙන්නෙ නෑ"

   මං කියද්දි භානු මං දිහා බැලුවෙ පුදුම වෙලා.

"ඒ ඇයි?"

    "ඕක නවත්තපන්..මට හිතෙන්නෙම ඒකි පිටින් පෙන්නන ස්වරූපය නෙමේ ඇතුලෙන් තියෙන්නෙ කියල.අනික උබෙත් ඒකිට ලොකු ආදරයක් නෑනෙ "

යදම්Where stories live. Discover now