We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 21

5.8K 534 18
                                        

යදම් - 21

   "හේෂ්, මොකද බන් සීයට අරන් දාහට දීල වගේ ?"

   අයාල් මගෙන් ඇහුවෙ මං කල්පනා කරනව දැකල වෙන්න ඇති..මගෙ හිත ඇත්තටම තිබ්බෙ වැඩ කරන තැන නෙමේ..ඒක මටවත් අවනත නැති විදියට හැමතැනම දුවනව.

"මොකුත් නෑ බන් "

"වෙන්න බෑ.උබ ටිකක් අද අමුතුයි වගේ .."

"එහෙම එකක් නෑ."

"හ්ම් එහෙනම් කමක් නෑ..අපි මොකද කරන්නෙ අර ඇමතියගෙ කේස් එකට?..අපිට පැමිණිලි කරන්න පුලුවන් වුණාට සර්ට ඕක යට ගහන්න වෙයි කියල මට හිතෙනව"

"මොකක් ද? අර කුඩු කේස් එකද ?"

  "ඔව්..බඩුත් එක්ක හොරැ අහු වෙලත් තාම කෝට් එකට ගත්තෙ නැත්තෙ ඇයි ?"

     අයාල් කිව්වෙ අපි මීට දවස් කීපයකට කලින් මත්ද්‍රව්‍ය ට්‍රාන්ස්පෝට් කරද්දි අහුවුණ දෙන්නෙක් ගැන..උන් දෙන්න බඩුත් එක්ක අල්ලගෙන ආවත් උන්ව උසාවි දාගන්න අපිට තාම බැරි වුණේ රටේ ප්‍රසිද්ධ ඇමතියෙක්ගෙන් එන බලපෑම් හින්ද...

      ඇත්තටම සමහර වෙලාවට සමාජෙ මිනිස්සු අපි දිහා වැරදි විදියට බලනව.දුප්පතාට එක නීතියක් මැති ඇමතිලා ට එක නීතියක් කියල...ඒත් ඇමති කෙනෙක්ට බලය අයුතු විදියට පාවිච්චි කරල රස්සාව වුණත් නැති කරන්න පුළුවන් ...ඕනම කෙනෙක් කැමති නෑ තමන්ගෙ රස්සාව නැති කර ගන්න. ඒක නිසා වෙන්න ඇති සර් මේක උඩට අදින්නෙ නැත්තෙ..කරන්න තියෙන එකම දේ අපිට බනින එක නෙමේ..ඒ වාගෙ මෝඩ නූගත් අනීතික මිනිස්සුන්ට ඡන්දෙ නොදී ඉන්න එක..මාත් අකමැතිම දේ නීතිය එක එක්කෙනාට වෙනස් විදියට ක්‍රියාත්මක කරන එකට... මං සර්ගෙ තැන හිටිය නම්  රස්සාව ගැන නොහිත තීරණය ගන්නව...ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වගේ පෝස්ට් එකක ඉදන් මට තනියම ඒ වගේ දේකට සටන් කරල වැඩක් නැති එක.

     "ඕව අපි විතරක් කතා කරල වැඩක් නෑ බන්.රටේ ඉහල ඉදන්ම හැදෙන්න ඕනෙ.අපි දෙන්නට විතරක් හදන්න පුලුවන් දේවල් නෙමේ."

   මං කිව්වෙ අපි තවත් ඒ ගැන කතා කරන එක තේරැමක් නැති හින්ද.

     හවස බෝඩිමට එද්දි භානු හිටියෙ නෑ.මං කුස්සියට ගියා.උයලත් නෑ.ඒ කියන්නෙ උදේ වැඩට යන්න ඇති.මං වොෂ් එකක් දාගෙන බයික් එක අරන් එලියට ආවෙ කෑම දෙකක් ගේන්න..හවස හයට විතර...යන්තමට කලුවර වැටිල..මං ඉන්න බෝඩිමේ ඉදල කෑම කඩයකට මීටර් පන්සීයක් වගේ යන්න ඕනෙ.

යදම්Stories to obsess over. Discover now