යදම් - 6

1.5K 227 12
                                    


     "මොනවද බං මේ කරල තියෙන්නෙ ?..උයනවනම් උයාගෙන කාපන් ..කුස්සිය අපායක් නොකර..හරි ඒත් කමක් නෑ.උයල ඉවර වෙලා අස් කරල දාන්න බැරිද ?..ආ..?."

  මං කෑ ගහගෙන ගියෙ තරහින්ම. භානුව ඉන්නව අත් දෙකත් ඉස්සරහට පටලන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ..

    "සොරි සර්..අද අමාය ආව.. මං ඉව්ව..අස් කරන්න තමා හිටියෙ...ඒත්..."

   "නවත්තපන්...ඉව්ව තියා උබ ඕන මගුලක් කර ගත්තත් මට කමක් නෑ..උබේ අත පය කැඩිල ද මේක අහුරල දාන්න..?"

"හයියෝ..මගෙ සුද්ද ට තරා ගිහින් "

    භානු එකපාරටම ලගට ඇවිත් මාව බදාගන්න හදද්දිම මං ඌව තල්ලු කරේ ආපු පමාවට...

"පලයන් චාටු නොකර ..වැරැද්ද කරල වහගන්න එනව"

"අපෝ..ඉන්නව අස් කරන්නම්...ඕ සී ඩී කාරය "

    භානු කුස්සියට ගියෙ මුමුණ මුමුණ වුණත් මට උගෙ වචන හොදට ඇහුණ.මං ටිකක් වෙලා ඌ දිහා බලන් ඉදල එහෙමම හැරැණෙ බාත්රෑම් එකට.

   හ්ම්..මගෙ නිදහස නැතිවෙලා..බෝඩිමේ මං කලින් හිටපු විදියට දැන් ඉන්න බෑ..භානු හැමදාම මගෙ ලේ කෝප කරනව.පිලිවෙලකට ඉන්න දන්නෙම නෑ.ඉස්සරත් එහෙමයි..අපි දෙන්න කොච්චර ලගින් හිටියත් මේක තමයි රණ්ඩුවෙන සීමාව..

    මං වොෂ් කරගෙන කාමරේට ආවෙ නොකාම නිදා ගන්න.ඒ තරම්ම මට තරහයි...

    ඇදට වැටෙන්න හදද්දිම දොර ඇරැණ......භානු ඇවිත් දොර ලග බලාගෙන...

"සුද්දා..කන්නෙ නැත්ද ?"

    මං ඇදේ ඌට පිටුපාල නිදාගත්තෙ මොකුත්ම නොකිය..මට කෑමත් එපා වුණා.

"සුද්දා...හ්"

      භානු කෑ ගහන්නෙ ඇදෙන් ඉදගෙන මගෙ උරහිස් හොලවන ගමන්.

"මට කන්න බෑ ..යනවකො නිදාගන්න දීල."

" දැන් තරහ වෙන්න ඔට්ටු නෑ..කුස්සිය සුර ලොවක් කරල තියෙන්නෙ..නැගිටින්න හාමු මහත්තය "

"මොන විකාරයක්ද කරන්නෙ.?.මට නිදාගන්න දීපන්කො "

"බෑ..මං උයපුව කන්නෙ නැතුව මේ ගෙදර කිසිම කෙනෙක්ට නිදාගන්න තහනම්."

යදම්Where stories live. Discover now