We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 15

5.7K 551 24
                                        

      මං ප්‍රශ්න අහන එක නැවැත්තුවෙ ඒක මටම අවාසි කියල තේරැණ හින්ද.ඒත් මට දැනගන්න ඕන වුණා භානුගෙ එදිනෙදා වැඩසටහන..යන්නෙ කොහෙද , ටනාශ එක්කද කියන එක.ටනාෂ ඉන්නෙ හෝමාගම පැත්තෙ කියන එක කලින්ම භානු කියල තිබුණ.ඌ කියපු විදියට ටනාෂා ගෙ පවුලෙ ඉන්නෙ ටනාෂයි තාත්තයි විතරයි.තාත්තා රස්සාවක් කරල දැන් ගෙදරට වෙලා ඉන්නෙ ටනාෂ එදිනෙදා වියදමට හම්බ කරන හින්ද.

"අද යන්නෙ නැද්ද සුද්ද?"

     භානු ඇහුවෙ මගෙ ඇද ලගට ඇවිත්.මං කොහොමත් වැඩට යන්නෙ නැති දවස්වල භානු යනකම්ම නිදාගන්නව.

"නෑ .."

  "එහෙනම් නැගිටල කාල ආයෙ නිදාගන්න ..මං යනෝ ?"

"භා...නූ "
     මං හයියෙන් කෑ ගැහුවෙ භානු යන්න හැරෙද්දිම.

"ඇයි?"

"අද කොහෙද උබ යන්නෙ?"

"ම්ම්ම්..අද උදේ කම්පැණියට ගිහින් හවස් ටනා එක්ක පොඩි ගමනක් තියනව."

"කොහෙද?"

   "එයාලගෙ ගාමන්ට් එක නේලා ගාමන්ට් එක එක්ක එකතු වෙලා අලුත් ඩිසයින් එකක් ප්‍රමෝට් කරනව.ඉතින් ඒ ප්‍රොජෙට් එකට මීටින් එකක් තියනව නේලා ගාමන්ට් එකේ. ඒක ඉවර වෙලා පොඩි සවාරියක් යමු කියල නාහෙත් අඩනව බන් "

"හ්ම්"

    එකපාරටම භානු මං ලගට ආවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඒක නෙමේ ..උබ මේ ලගක ඉදන් මාව සැක කරනවද මොනවට හරි ?"

  භානු ඇහුවෙ මගෙ මූණට එබිල.මං හිටියෙ ඇද උඩ එරමිණිය ගොතාගෙන ඉදගෙන.ඌ අත් දෙක ඇදේ දෙපැත්තෙන් තියල මට ලං වෙලා හිටියෙ ඇස් දෙක එක එල්ලේ මගෙ ඇස්වලට හරවගෙන..ශිට්..මට මේක මූට නොදැනෙන විදියට කරන්නම බෑද..

   "පිස්සුද බන්?..මට උබ ඕන මගුලක ගියත් කමක් නෑ..ඒත් මේකෙ ඉන්න භාරකාර ය විදියට ඒව මාත් දැනගන්න එපැයි..අනික මොනව හරි වුණොත් මම එපැයි නැන්දලට කියන්න"

"ඕ....හ්...මගෙ භාරකාරය..ඔව් උබ පොඩි කාලෙ ඉදන්ම මගෙ භාරකාරයනෙ.."

    භානු හයියෙන් කිව්වෙ හිනා වෙවී එක අතකින් මගෙ කොණ්ඩෙ අවුල් කරන ගමන්..

යදම්Stories to obsess over. Discover now