යදම් - 12

1.3K 207 16
                                    

     ඒ ලස්සන පොත්, අපි දෙන්නට දෙක දෙක හතරක් තිබුණ..අපි දෙන්නම දහය වසරෙදි අපේ නෑදෑ වෙන නැන්ද කෙනෙක් කැනඩාවල ඉදල එද්දි ගෙනාපු පොත්.මගෙ පොත් දෙකම මං ගත්තෙ ඒ ලෙවල් ලියන්න. ........මං ඔය වගේ ලස්සන දේවල් පරිස්සම් කර කර තියාගන්න කෙනෙක් නෙමේ..ඒත් භානු...කොච්චර අපිළිවෙළ වුණේ ඒව හරි පරිස්සමට තියාගන්නව ...ඒ පොත අතට ගත්ත ගමන් මගෙ හිත දිව්වෙ දහය වසරට.

     දහය වසරෙදි භානුට හිටිය ක්‍රශ් එකක්..ලස්සන කෙල්ලක්...එයා හංසි....හැමදාම හංසිට ආදරෙයි කිය කිය මං එක්ක කියවනව මිසක් මිනිහ කවදාවත් හංසිගෙන් යාලු වෙන්න ඇහුවෙ නෑ..

   "උබට ඒකිගෙන් අහන්න තරම් කොන්දක් නැත්තම් මං එක්ක කියවන්න එපා මගුල..?"

      මං දවසක් භානුට බැන්නෙ මට ඒව අහන් ඉන්න බැරිම තැන..ඒ හින්දම වෙන්න ඇති එදයින් පස්සෙ මට කෙල්ල ගැන වැඩිය කිව්වෙ නෑ..ඒත් ඌ ලස්සන පොතේ ඒ ආදරේ නිසදැස් , කවි විදියට ලියල තිබුණ.ඒ කාලෙ මං ඒව උනන්දුවෙන් බැලුවෙ නැති වුණත් දවසක් දෙකක් පොත මට හම්බවෙලා තියනව..හැබැයි භානු හැමවෙලේම ඒව හංගල පරිස්සම් කරේ අනික් අය දකියි කියල වගේ.

     මං භානුගෙ මේසෙ උඩ තිබ්බ පොත අරන් උගෙ ඇදෙන් ඉදගත්තෙ මොහොතකට ඒක බලන්න....දවසෙම කේස් එකට ඔට්ටු වෙලා ඇති වුණ මහන්සිය ටිකකට අමතක වුණා.

2005.05.21

මේ තරම් තරැ පිරැණ අහසක
නුඹ තරම් ලස්සනම තරුවක්
සොයන මගෙ හිත ගොඩක් වෙහෙසෙයි
ඇයිද නුඹටම ආදරේ මං.....

    ඒ භානු ලියල තිබුණ මුල්ම නිසදැස.මේක ලියල තියෙන්නෙ අපි දහය වසරෙදි...2005...මං ආයෙත් පොත පෙරලල බැලුව..හැම පිටුවකමනිසඳැස් ලියල.පොත පුරාම.........මට වෙලාවකට හිතෙනව ඇයි භානු Maths කරේ Art නොකර කියල..ඒ තරම්ම භානුට කලාව හොදටම පිහිටලා තියෙනව..සින්දු කියන්න, නිසදැස් ලියන්න,  කවි ලියන්න..

      ඒත් ඇයි මෙයා මේ පොත උඩ නිදාගෙන..තාමත් හංසිට  ආදරේද  ..ඒ ගැන හිත හිත දුක් වෙනවද....මං පොතේ අග පිටුව පෙරලුවෙ අන්තිම නිසදැස ලියල තියෙන්නෙ කවදද කියල බලන්න.

2007.04.06

නුඹ දන්නවනම්
මගෙ හිත නුඹ වෙනුවෙන්
හඩන තරම්
හැර යයිද මා දමා
එක මොහොතක්.....

යදම්Where stories live. Discover now