We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 45

5.5K 490 31
                                        

භානුට මේ දවස්වල වැඩ ගොඩයි..එයාලගෙ කම්පැණි එක පිටරට එකක් එක්ක ජොයින් වෙලා හින්ද බරටම වැඩ..මට නිවාඩු යන්න ඕන වුණත් භානුව දාල යන්න බෑ..බයයි මොනව හරි වෙයි කියල...

"සුද්ද උබ ගිහින් වරෙන්..මං ඉන්නම්..වැඩ වැඩි..නිවාඩු ගන්න අමාරැයි මැණික "

භානු කිවවෙ මං එයාටත් ගෙදර යමු කියල යෝජනා කරද්දි ..

"එහෙනම් මටත් බෑ...මං ඉන්නම්"

"ඒ මොන පිස්සුවක් ද?..උබ හිතන් ඉන්නෙ මං කෙල්ලක් කියලද බෝඩිමේ තනියම ඉනන බැරි?...ම්හ්..... නැත්තම් මගෙ ආදරණීය පෙම්වතාට මාව මොහොතකට වත් දාල යන්න බෑද ?"

භානු අහන්නෙ මනමාල හිනාවක් දාගෙන....ඌට හැමදේම විහිලු...මං නෙ දන්නෙ ඌට දැන් මොන තරම් ආරක්ෂාවක් ඕනද කියල..

"ඒත් භානු දැන් දෙපාරක් සිද්ධි දෙකක් වුණා...එක පාරක් ගැහුව, අනික් පාර කුඩුවලට අහු කරල හිරේ දාන්න හැදුව...ආ තුන් පාරයි....ඇයි අයිස් පැකැට් එක ...මේව අම්මල නැන්දල දන්නවනම් මොනව වෙයිද?...ඒක ත් කමක් නෑ...ඊලගට මොන හෙනයක් පාත්වෙයිද කියල කවුද දන්නෙ?...මං ඉන්නම් ඊලඟ
පාර දෙන්නම යමු."

"පිස්සුද මැට්ට?...ඕව ගණන් ගන්න එපා..කාටවත් මට මොකුත් කරන්න බෑ."

භානු හිනාවෙවි කිව්වෙ මගෙ කරේ එල්ලුණේ අලිය වගේ...මං හිටියෙ ඇද ලග වේලුණු ඇදුම් නවන ගමන්..එල්ලුණ පාරට අපි දෙන්නම "දඩහ්' ගාල ඇදට වැටුණ...

"මොනවද කරන්නෙ ? පුදුම දාංගලයක්නෙ තියෙන්නෙ.."

මං කෑ ගැහුවෙ මාවත් යට කරන් හිනාවෙවී දගලන භානුව නවත්තන්න හදන ගමන් ..පිලිවෙලකට ඉන්නෙත් නෑ..මට පිලිවෙල කරන්න දෙන්නෙත් නෑ.මාත් භානුව යට කරන් ඔට්ටු වුණේ ඌ හිනාවෙවි කිති කවපු හින්ද...තාම ලමා මානසිකත්වෙන් මිදිල නෑ..

"අම්මෝහ්...ඇති සුද්ද..ඇද කැඩෙයි.."

භානු මගෙ බෙල්ල බදන් කෑ ගැහුවෙ හති දාන ගමන්..මං සන්සුන් වුණේ මටත් මහන්සි හින්දා..භානු එක්ක ඉන්නව කියන්නෙ ප්‍රශ්න හැමදේම අමතක වෙලා යනව..මං කොයිතරම් සීරියස් වෙන්න හැදුවත් ඌ එක්ක ඒව බෑ..

යදම්Stories to obsess over. Discover now