We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 10

6.6K 569 20
                                        

       තව දවස් දෙකකින් විතර මං බෝඩිමට ආවෙ භානු ගෙදර නවතිද්දි. මටත් හිතුණෙ භානු තව ටිකක් හිත නිදහස් කරගෙන එනව නම් හොදයි කියල.මොනව වුණත් බූට් එකක් කෑවම අවුල් වුණ හිත හැදෙන්න කාලයක් ගන්න ඕන ඇති..එක අතකට ඌ ගැන මං හිතපු විදිය වැරදී...භානුට සිරාවටත් ලව් කරන්න පුළුවන්..

    පහුවදා ඔෆිස් එකේදි මගෙ ප්‍රධාන ම රාජකාරිය වුණේ සෙට්ල් නොවුණ කේස් ටික ස්ටඩි කරන එක. පුද්ගල අතුරැදන්වීම් තුනකුයි, අතුරැදන් වුණ  පැමිණිලි ලැබිල පස්සෙ හම්බුණ මරණ දෙකකුයි.....

1 වෙනි කේස් එක

පැමිණිල්ල - සීතා දිසානායක ( අතුරුදන් වූ පුද්ගල යාගේ මව)
         අවුරැදු විසි අටක සංඛ ප්‍රියන්ත නම් තරුණයාගේ අතුරැදන්වීම , 2014. 07.10

2 වෙනි කේස් එක

පැමිණිල්ල - 119
     කැලණි ගඟේ ඉවුරට නාඳුනන මළසිරුර ක් ගොඩගැසීම , 2015.01.20

3 වෙනි කේස් එක
 
පැමිණිල්ල - 119
     වයස අවුරැදු තිහක චිරන්ත සම්පත් නම් තරුණයාගේ අතුරුදන් වීම, 2015.08.25

4 වෙනි කේස් එක

පැමිණිල්ල - ඒ.ඒ සුමනදාස (පියා)
    අවුරැදු තිස් තුනක අවිවාහක තරැණයකුගේ අතුරුදන් වීම., 2016.01.12

5 වෙනි කේස් එක

පැමිණිල්ල - 119
   අවුරැදු විසි නමයක සහන් කුමාර නමැති අවිවාහක තරුණයා නිවසේදී මිය යාම.2016.09.05

      මේ හැම සිද්ධියක් ම මීට අවුරුද්දකට කලින් ඉදන් මාස හයෙන් හතෙන් වගේ සිද්ධ වෙලා තියන එකිනෙකට වෙනස් සිදුවීම්...මං ඒ හැම කේස් එකක්ම ඇනලයිස් කරේ ලැබිල තියන සාක්ෂි සටහන් එක්කම.ඒත් අතුරැදහන් වුණ කේස් තුනටවත්,  මරණ තුනට වත් සැලකිය යුතු තරම් සාක්ෂි ලැබිල නෑ.මේ වගේ සිද්ධි ආයෙත් උඩට අරන් විමර්ශනය කරන්නෙ ගොඩක් වෙලාවට ඒ ගැන අලුත් පැමිණිල්ල ක් හරි සාක්ෂියක් හරි ලැබුණම.

   දවස් දෙකක් තිස්සෙම මගෙයි අයාල්ගෙයි ප්‍රධාන ඩියුටි එක වුණේ මේ කේස් පහ ඇනලයිස් කරන එක.. අපිට අලුත් කේස් එකක් ආවෙ නැති හින්ද ඒකට කාලෙ වෙන් කරන්න පුලුවන් වුණත් ඒක හරියට පැටළුණු නූල් බෝලයක් ලෙහනව වගේ..

යදම්Stories to obsess over. Discover now