යදම් - 18

1.3K 208 9
                                    

     භානුගෙන් කට උත්තර අරන් ඌට බෝඩිමට යන්න කිව්වට ගියෙ නෑ..පොලිසියට වෙලා තනියම උද්ඝෝෂණය කරේ ටනාෂව නිදහස් කරන්න කියල.ස්ටාෆ් එකේ කවුරැවත්ම භානු ට මොකුත් කිව්වෙ නැත්තෙ එයා මගෙ කසින් කියල දන්න හින්ද.

"අයාල් , ටනාශව අටේ කාමරේට ගමු"

      මං කියද්දි අයාල් පුදුම වුණා..සාමාන්‍යයෙන් අටේ කාමරේට දාන්නෙ ඇත්ත කියන්න දවසක්ම චාන්ස් එක දීල පහුවදාට. ඒත් මට ඕන වුණේ නෑ ටනාෂාට මොහොතකට වත් කිසිම සමාවක් දෙන්න.මගෙ හිතේ තරහ තිබ්බෙ අහිංසක කොල්ලො රවට්ටන එකට..

"ඒත් හේෂ් ..අපිට ප්‍රශ්න යක් වෙයිද?"

"නෑ බන්..ලේඩීස් ල දෙන්නෙක් එක්ක දාමු."

     දවල් දෙක විතර වෙද්දි අපි ටනාශව කූඩුවෙන් එලියට ගත්තෙ අටේ කාමරේට දාන්න..ඒත් ටනාෂාගෙ කෑ ගැහිමත් එක්ක ආයෙත් භානු දුවගෙන ආවෙ මං ලගට..

    "උබ මනුස්සයෙක්ද සුද්දා.?..ඒකි ගෑණියෙක්..අහිංසක ගෑණියෙක් උබ කොහොමද මේව කරන්නෙ හිතක් පපුවක් නැතුව වගේ? ..ඒකි නිදහස් කරපන් "

     මං මොකුත් නොකිය ගියෙ භානුගෙ අත ගසා දාල..කරන්න දෙයක් නෑ ඌට ඉවසන්න වෙනව.භානු උභතෝකෝටික මූණක් එක්ක මං දිහා බලාගෙන..මං පාඩුවෙ වැඩ කරේ භානුව තඹ සතයකට ගණන් ගන්නෙ නැතුව...එයාව ගණන් ගන්න ගියොත් මට හරියට වැඩේ කරන්න වෙන්නෙ නෑ..

     පැයක් විතර පිසිකලි දඩුවම් කරත් ටනාෂගෙ කට ඇරැණෙ නෑ .ඒත් අපේ ලේඩීස්ල උත්සාහය අතෑරියෙත් නෑ..ටනාෂා කියන්නෙ හිත හයිය ගෑණියෙක්. නැත්තම් මේ කාමරේට එද්දිම වෙන ගෑණියෙක් නම් පාපොච්චාරණය කරල ඉවරයි.ඔව්..යකඩ හිතක් තියෙන්න එපැයි මිනී මරනනත්.

    හවස හය විතර වෙද්දි ටනාෂා පාපොච්චාරණය කරන්න එකඟ වෙලා තිබ්බ..මං අවසරය ඇතුව කට උත්තර දෙන තැනට භානුවත් අරගෙන ආව..ඒත් ඒක නීතියෙන් තහනම් දෙයක්.සාමාන්‍යයෙන් සැකකාරයෙක්ගෙ පාපොච්චාරණය යක් ලඟ පිට අය ඉන්න බෑ.ඒත් මට ඕන වුණා භානුව ගෙන්න ගන්න.

ටනාශා හිටියෙ පුටුවෙ ඉදගෙන මේසෙට අත් දෙක තියන්..අතට දාල තිබ්බ මාංචු ඇදගෙන වෙන්න ඇති අත් දෙකේම මැණික්කටුව ලඟ තුවාල වෙලා..මූණ තැන් තැන්වල වගේම අත්වලත් තැලීම් පාරවල් වලින් කියවුණේ ටනාශා මොන තරම් මුරණ්ඩු ද කියන එක..ඒ වෙහෙසකර ඇස්වල තිබ්බෙ මුලු ලෝකෙම එපා වුණ ගතියක්..ඒත් ඒ පෙනුම අපේ කිසිම හදවතක් උණු කරන්න තරම් ශක්තිමත් වුණේ නෑ..

යදම්Where stories live. Discover now