යදම් - 49

1.2K 170 17
                                    

   "මැඩම්..මං කැමතියි VEGUS කම්පැණි කේස් එක අපිට ගන්න "

    මං ශේෂා ලගට ගිහින් කියද්දි ශේෂා මං දිහා බැලුවෙ අමුතු හිනාවක් දාගෙන...ඒ හිනාවෙ මවාගත්ත ලෙංගතුකම එක්ක පොඩි ආඩම්බර ගතියකුත් පිරිල ..ශේෂා ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටල මේසෙට හේත්තු වුණේ හෙන ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන..

    "වා...ව්...අපේ එස් අයි මහත්තය දැන් හුඟක් ෆෝවර්ඩ් වෙලානෙ.මේ තරම් උනන්දු ආදර්ශමත් පොලිස් නිලධාරීන් ලංකාව පුරාම ඉන්නවනම් පොලිසිය තමයි ලංකාවෙ හොදම සේවය..."

   ශේෂා එහෙම කියල හිනාවුණේ මොන අරමුණකින් ද කියල හිතන්නවත් මට ඕන වුණේ නෑ..ඒත් එකපාරටම හිනාව නවත්තල සීරියස් මූඩ් එකක් මවන් මං දිහා හොදට බැලුව..හරියට කන්න වගේ..

."..ඒත් අපිට බාර නොදුන්න ඒව අපි කරන්න ඕනෙ නෑ..ඒ ගොල්ලොම ඕව කරපුවාවෙ..ඔයා බය වෙන්න එපා ඔයාගෙ මස්සිනා ඒකෙ වැඩ කරා කියල ...දැන් ඒ කම්පැණිය තියෙන්නෙ සම්පූර්ණ ආරක්ෂාව යටතේ..හරි?...ඒ හින්ද හිත නිදහසේ ඉන්න..අනුන්ගෙ කේස් ඉල්ලගෙන කරල ප්‍රශ්න දා ගන්නෙ නැතුව"

"නෑ මැඩම් ..ඒත් ඒ කේස් එක ටිකක් සංකීර්ණ යි..මට හිතෙන්නෙ deeply ඉන්වෙස්ටිගේශන් යන්න වෙයි.."

"සංකීර්ණ තියා සරල වුණත්, deeply තියා superficial වුණත් එයාල ඒක කර ගනී ..මං දැන් කිව්වනෙ..ඔයා බය වෙන්න එපා..ඔයාගෙ කසින්ට මොනවත් වෙන්නෙ නෑ..මං හැමදේකටම සහතික වෙනව... මේ තරම් හිතවත් අපි ගැන වගක් නෑ ..අනුන්ගෙ කේස් විසඳන්න යනව....මොකද මං ඔයාට පිණ්සෙණ්ඩු වෙන්න ඕන කෙනෙක් නෙමේනෙ.?.ඔයා SI මං? ...මං කවුද ?.. ASP...ඒත් මං ඔයාල එක්ක වැඩ කරන්නෙ මගෙ පෝස්ට් එක ගැනවත් නොබල හරියට යාලුවෙක් වගේ.."

    ශේෂා කියවන් යනව..ඒ වචන ටික ටික ආවේගශීලි වෙනව වගේ මට දැනෙනව..මේ මොන අටමගලයක් ද වෙන්න යන්නෙ ..ගෑනි දැන් හදන්නෙ මාව emotionally death කරන්නද...මට තේරෙන්නෙ නෑ..මං ඔහේ බලන් හිටියෙ ශේෂාගෙ හතරැස් වුණ මූණ දිහා..ඒ ඇස් හැම පැත්තටම නටනව..

"හේෂ්...මෙතනින් ඇවිත් පොඩ්ඩක් ඉඳගන්න..."

  අන්තිමට ශේෂා සන්සුන් විදියට කිව්වෙ මට එයාගෙ මේසෙ ඉස්සරහ පුටුව පෙන්නනන ගමන්..මං අකමැති වුණත් හෙමීට ගිහින් ඉඳගත්ත.. සීනියර් කෙනෙක්ගෙ කීමකට මඟ ඇරල එන්න බෑ..ඒත් දැන් මට ඕන මෙතනින් අයින් වෙන්න..මං දන්නව වුණත් ශේෂා එන්නෙ මොන මාතෘකා වටද කියල , මට ඕනෙ නොදන්න ව වගේ ඉදල ඉක්මනට යන්න..

යදම්Where stories live. Discover now