We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 56 (බෝනස්)

5.1K 413 61
                                        

මං එලියට දිව්වෙ එක පිම්මට..දෙයියනේ..පොලිස් ජිප් එකක් ඇවිත්... භානුට මාංචු දාල PCල දෙන්නෙක් දෙපැත්තෙන් අරගෙන යනව..හැමෝම එකට කෑ ගහනව.නෑදෑයො තැන් තැන්වල පුදුම වෙලා බලාගෙන...තාත්තයි මාමයි එක පැත්තක IP එක්ක ලොකු වාදයක්..කලින් භානු ඇරෙස්ට් කරපු OIC..මට තත්පර ගාණක් ගියා මේක හීනයක් නෙමේ කියල තේරෙන්න...මං දුවපු ගමන් අල්ලගත්තෙ භානුගෙ මාංචු දාපු අත්දෙක..මගෙ අහිංසක කොල්ල බයවෙලා..තරහත් ගිහින්..ඒ ඇස්වල කදුලු පිරිල..

"මොකක්ද මෙතන වෙලා තියෙන්නෙ?..ඇයි මෙයාව ඇරෙස්ට් කරේ.?".

     මං හයියෙන් ඇහුවෙ භානුව දෙපැත්තෙන් අල්ලගෙන ඉන්න PC ල දෙනනගෙන්. මාව වෙව්ලනව තරහටම.

   "මෙයාව ඇරෙස්ට් කරන්න අපිට නියෝගයක් ලැබිල තියනව..ඔයා කවුද?"

    මං මගෙ අයඩින්ටි එක පෙන්නද්දි PC ල දෙන්න මං දිහා බැලුවෙ පෙන්නපු ආඩම්බරයක් ඔක්කොම පැත්තකට දාල හෙන අහිංසක බැල්මක්..ඒත් මගෙ පපුව වේගෙන් ගැහෙනව තරහටම.

    "තමුසෙලා කොහොමද ඕයි මේ වගේ අහිංසක යෙක් ඇරෙස්ට් කරන්නෙ?..කවුද කිව්වෙ?"

    "සොරි සර්..මේක අපිට ඉහලින් ආපු නියෝගයක් .මෙයා මිනී මැරැමකට සැකකාරයෙක් විදියට සාක්ෂි ලැබිල තියනව"

"මොකක් ?..මිනිමැරැමක්? තමුසෙලට පිස්සුද අයිසෙ?"

.".ඔව් සර්. මිනීමැරුමක් ..ඒකට මෙයා සැකකාරයෙක් විදියට සාක්ෂි ඇවිත් හින්ද තමයි අපි මෙයාව ඇරෙස්ට් කරේ..අර ඉන්නෙ IP සර්..අපේ ඉන්චාර්ජ්..එයාගෙන් අහන්න සර්..අපි කරන්නෙ  අපිට කියන ඩියුටි එකනෙ"

    එකෙක් කිව්වෙ දෙකට තුනට නැමිල..ශිට්..පිස්සු වගේ..මේ මොන විකාරයක්ද..වෙන කෙනෙක් කියල භානුට රැවටිලද.

"සුද්ද... මං කාවවත් මැරැවෙ නෑ..මං එහෙම ..."

"කට වහන් ඉදපන් භානු..උබ මට ඔප්පු කරන්න හදන්න එපා.මං දන්නව උබ මොනවත් කරල නෑ කියල.."

   මං භානුටත් හයියෙන් කියල ඉක්මනට ආවෙ ටිකක් ඈතින් මාමයි තාත්තයි එක්ක වාද කර කර හිටිය IP ලඟට. මං කතා කරේ මගෙ අයි ඩී එකත් පෙන්නල.කොහොමත් මිනිහට මාව මතකයි.කලින් සිද්ධියත් එක්ක..

යදම්Stories to obsess over. Discover now