යදම් - 65

1.2K 177 7
                                    

භානු කියවද්දි මට තව තව ඉකිගැහුණ...නවත්තගන්න බැරිවම..

"අඩන්න එපා මැණික..ඔයා ඔහොම බබෙක් වගේ අඩද්දි මගෙ පපුවත් රිදෙනව.."

   භානු කොඳුරල කිව්වෙ මගෙ ඔලුව ඉබින ගමන්...

   "ඔය ඉතින් නවත්තන්නකො..දැන් අඩන්න තහනම්...පොලිසියෙ වැඩ කරන සෙට් එක දැක්ක නම් ඕ අයි සී මහත්තය පොඩි එකෙක් වගේ අඩන හැටි හෙටම කිරි බෝතලයක් ගෙනත් දෙනව.."

     භානු හිනාවෙවී කිව්වෙ මගෙ මූණෙ කදුලු පිහින ගමන්. දුක තුනී වුණත් මං මොකුත් නොකිය ඇස් පියාගත්තෙ එයාගෙ පපුවෙ උණුසුමට තව ටිකක් තුරුල් වෙලා..

"සුද්දා...කෝ නිදිද ? තරහ ද මං එක්ක? කතා කරන්නකො"

     භානුගෙ කටහඬට උත්තර දෙනවට වඩා මට දැන් ඕනෙ ඒ උණුසුමට තුරුල් වෙලා ඉන්න..මං මොකුත් නොකියම එයාගෙ පපුව අස්සෙ මූණ තියන් හිටිය...එයා තනියම කියවනව..මගෙ හිත හදන්න වගේ...ඒත් මොහොතකට කලින් තිබ්බ දුක හිතෙන හැඟීම්වලට මං සමු දීල ඉවරයි..

   මගෙ ඔලුව අත ගගා ඉදල එයා එකපාරටම මාව උඩුබැලි අතට හැරෙව්වෙ අමුතු හිනාවක් දාල. හුරැපුරැදු දඟකාර හිනාව..මට පුලුවන් දැන් ඊලඟ මොහොත ගැන පේන කියන්න... මං ටිකක් වෙලා ඒ හිනාවෙන ඇස් දිහා බලන් හිටිය..එයාගෙ මූණෙ හැඟීම් දැක්කම මාමගෙ දේශනේ අමතක කරන්න ලොකු වෙහෙසක් ගන්න ඕන නෑ..මං එහෙමම ඇස්  පියාගත්ත..

   භානුගෙ දෙතොල් හෙමින් හෙමින්. මගෙ නලල පුරා යද්දි මගෙ අත් දෙක එයාගෙ නිරැවත් පිට දිගේ එහෙමෙහ ගියෙ ඉබේම වගේ..පාන්දර යාමෙ  වුණාට අපි දෙන්නට ඒක තවත් නිදාගන්න වෙලාවක් නෙමේ..මගෙ දුක්ඛිත මූඩ් එක වෙනස් කරන්න එයාට මහ ලොකු වෙලාවක් ගියෙ නෑ...නලලෙන් පටන් අරන් ඒ තොල් දෙක මගෙ බෙල්ල පුරාම ගියෙ මගෙ ඇඟත් හිරිවට්ටගෙන..මගෙ අත එයාගෙ පිට දිගේ පහලට ම ගිහින් නැවතුණේ ශෝට ඇතුලෙ...

    එකපාරටම පෝන් එක රින් වෙන සද්දෙට අපි දෙන්නගෙම අවධානෙ වෙනස් වුණා..ඔහ් ..ශිට්..මොකක් හරි උදැල්ලක්..

"සුද්ද ...හදිසි එකක්ද දන්නෙ නෑ ..ආන්සර් කරන්න"

"හ්ම්.."

යදම්Where stories live. Discover now