යදම් - 64

1.1K 192 11
                                    

"සොරි සර්...ඒ මහත්තය කියනව මාම ඇවිත් කියන්නලු "

"මාමා ?"

    මං ඉබේම පුටුවෙන් නැගිට්ට නෙමේ නැගිට්ටවුණා.

"ඔව් සර්.."

"අහ් හරි යන්න..මං එන්නම්.."

    මං එහෙමම නැගිටල එලියට එද්දි මාම පුටවක ඉදගෙන ඉන්නව..ඒ දර්ශනේ දැක්කමත් මගෙ හිත ගැස්සුණා..

"සුදු පුතා..?"

"මාමෙ ..ඇයි මේ ?..හදිස්සියක්ද ?"

"අහ් නෑ ..මට පුතා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..දැන් බිසී නම් කමක් නෑ "

"ඒකට කමක් නෑ මාමෙ..කියන්න"

"නෑ නෑ පුතා වැඩ ඉවර වෙලා කියන්න.මං ඉදගෙන ඉන්නම් "

"එහෙනම් මාම ක්වාටස් එකට යන්න..මං එන්නම් පැය බාගෙන් ."

"මං ක්වාටස් එකට ගිහින් ආවෙ "

"මොකක් ?"

"ඔව් ...පුතා ඉන්නව..මට ඕනෙ ඔයා එක්ක ටිකක් කතා කරන්න "

     දෙයියනේ..ඒකට නම් මගෙ පපුව ගැහෙන්න ගත්ත වේගෙන්ම..මොනව කතා කරන්නද මං එක්ක..භානු මොනවහරි කියල රණ්ඩු වෙලා ඇත්ද ..මට හිතාගන්න ම බෑ..

"හරි මං ක්වාටස් එකට යන්නම් ..ඔයා වැඩ ටික කරල එන්න.."

    මාම මගෙ උරහිසට ගහල ගියෙ මං මොකුත් නොකිය එයා දිහා බලන් ඉද්දි..ආයෙත් ප්‍රශ්නෙ විසඳන්න ආවට මගෙ හිත එක තැනක නෑ..ඒත් පෞද්ගලික ජීවිතයයි රාජකාරියයි පටලවගන්න බෑ...එහෙම පටලවගත්තම හිතේ තියෙන පීඩනය බාහිර දේවල්වලින් පිට වෙන්න පුලුවන්..ඒ හින්දම ආයාසයෙන් ඒ මොහොත අමතක කරල වැඩේ ඉවර කරා..

    උදේ තිබ්බ වැඩ ටිකක් ඉවර කරල ක්වාටස් එක පැත්තට ගියෙ මාමව හම්බවෙන්න...මොන දේකට බය නැතුව ගියත් භානු සම්බන්ධ දේකදි මගෙ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගන්නෙ අමුතුම බයක් එක්ක..මම බය එකම දේ..එයා අතාරින්න වෙයිද කියන සිතුවිල්ල එක්ක ලොකු දෙගිඩියාවෙන් මං ක්වාටස් එකට එද්දි මාම එලියෙ පුටුවක ඉදගෙන ලොකු කල්පනාවක්..

"මාමෙ යමු ඇතුලට "

"එපා මෙහෙම හොඳයි "

     ඒ කියපු විදියට මගෙ සැකේ දෙගුණ තෙගුණ වුණා..හාර්ට් එක ඇතුලෙන් කොත්තු ගහනව.මං පුටුවක් ඇදල මාම ලගින් ඉඳගත්තෙ ඕන දේකට මූණ දෙන්න ගට්ස් අරන්..

යදම්Where stories live. Discover now