We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 40

6.2K 494 20
                                        

  "මුන් අහන්නෙ නෑ සුද්ද මං වැරදි නෑ කිව්වට...ශිට්..මුන්ට බැරිද ඒක විමර්ශනය කරල හොයන්න..?"

    භානු කිව්වෙ තරහෙන් යකඩ කූරැවලට ගගහ.

    "පොඩ්ඩක් ඉදපන් මැණික..මං කතා කරල එන්නම්"

"සුද්දා?"

     භානු දුකෙන් වගේ කතා කරේ මං ආපහු එන්න හැරෙද්දිම..

"ඇයි?"

"උබත් හිතනවද මං ඒව තියාගත්ත කියල..?"

     භානු මගෙන් අහද්දිම මට ඇත්තටම ආවෙ තරහක්..මං ඔලුව ගිනි අරන් ඉද්දි මූ විකාර අහනව..මට භානුගෙ මූණට ලං වුණා..

    "මගෙන් කුණුහරප අහගන්නෙ නැතුව ඉදපන්..උබ මාව විශ්වාස කරන හැටිද ඔය?"

    මං තරහෙන්ම කියල ආවෙ අදුරන එස් අයි කෙනෙක් හොයාගෙන..

     ක්ෂිතිජ..පැමිණිලි අංශෙ ඉන්චාර්ජ් ..අපිත් එක්ක එකට ට්‍රේන් වුණ කෙනෙක්.

   "හලෝ...හේෂ්..කොහොමද?..මොකෝ මේ පැත්තෙ?"

"අවුලක් නෑ....ඒක නෙමේ..ඔයාල අර ඇරෙස්ට් කරල ඉන්නෙ මගෙ කසින්...මොකක්ද  ඒ කේස් එක?...ඌ ඉන්ජිනියර් කෙනෙක්..ඔය වගේ දේවල් කරන්නෙ නෑ කියල සීයට දාහක් ශුවර්..පොඩ්ඩක් බලපන් ඌ වැරැද්දක් නැතුව ඇතුලට අරන්නෙ "

"අප්පා..ඒ උබේ කසින්ද?..ඒත් ඒක ඉහලින් ම ආපු ඕඩර් එකක්..එයා නිදහස් කරන එක තියෙන්නෙ අපේ අතේ නෙමේ.".

"මොකක්?"

     ක්ෂිතිජ කියද්දි මට උන්හිටි තැන් අමතක වුණා.

"හ්ම්..ඉහලින්ම දැනුම් දීල තියනව මේ සතියෙ drug සීන් වලට කිසිම සමාවක් නෑ කියල.තරාතිරම නොබලා දඬුවම්....නැත්තම් මට ඕක ශේප් කරන්න ඕනතරම් පුලුවන්..උබ දන්නවනෙ..ඒත් ඕක අපේ traffic OIC සම්බන්ධ වෙලා කරපු ඇරෙස්ට් එකක්.."

"ඒ මොන විකාරයක්ද?"

    "ඔව් බන්..පුලුවන්නම් සර් එකක කතා කරල බලපන්...දන්නවනෙ ඕවට අත ගැහුවම අපිටත් කේස්.."

     මට දැනුණෙ මගෙ ඇග තරහටම වෙව්ලනව ...මුන්ට දේශපාලන බලයට නිදහස් කරන්න පුලුවන්..ස්ටාෆ් එකේ කෙනක් වෙලත් උදව් කරන්න බෑ....මං ඊලඟට ගියෙ OIC ලගට..IP සමරසිංහ...මිනිහගෙ උත්තරේ වුණෙත් ඒකමයි..

යදම්Stories to obsess over. Discover now