යදම් - 33

6.8K 539 29
                                        

   ශේෂා දොර අරිද්දිම කඩාගෙන බිඳගෙන ඇතුලට ආපු කෙනා දැක්කම මාව එකපාරටම ඇදේ ඉන්දවුණා......භානු.....ඌ කොහෙද මෙහෙ..ඌත් පාර්ටි එකට ආවද..ශිට්.... මගෙ ඔලුවත් කැරකෙනව වගේ... ඒ කියන්නෙ භානුයි ශේෂයි සෙට් වෙලාද..මං ආයෙත් හොදට ඇස් ඇරල බැලුව...නෑ නෑ ශේෂයි භානුයි රණ්ඩු වෙනව වගේ..

"තමුසෙ කවුද?..මොන එකකටද මේ මහ රෑ අනුන්ගෙ කාමරවලට කඩා පනින්නෙ ආ..?"

   ශේෂාගෙ ටකරන් වොයිස් එකෙන් භානුට දමල ගහද්දි භානු අනෙක් අතට පෙරලා පහර දෙනව වචන වලින්ම..ඇත්තටම  මට දැන් පේන්නෙ මේක ඔලිම්පික් තරගයක් වගේ.ඒත් විනිශ්චය කරගන්නවත් මට එතෙන්ට යන්න බෑ..

   "මං අහන්න ඕන තමුසෙ මොන වගේ ලැජ්ජ නැති ගෑනියෙක් ද කියල?...මේ වගේ කොල්ලෙක් ට පොවල කාමර අස්සෙ දාගෙන ..මොනවද උබ කරන්නෙ? "

    අම්මෝ..භානු සැර වැඩියි..ඌ දන්නෙ නැතුව ඇති ඒ අපේ ASP කියල..හත්වලාමෙ..වසල හමාරයි..

    මං අමාරැවෙන් නැගිට ගන්න හැදුවෙ භානුට පැහැදිලි කරන්න.... ඒ ත් බෑනෙ ..ඇදටම වැටෙනව.

"භා...නු..ඔය අපේ ඕ අයි සී  මැඩම් "

     මං හයියෙන් කිව්වට උන් දෙන්නට එක වචනයක් ඇහෙන්න නෑ..එක යමතෙට බැන ගන්නව..මට තේරෙන්නෙ නෑ මේක කොහොම නවත්තන්නද කියල..

  "හහ් ..අනුන්ගෙ රෑම් එකකට කඩාපනින්න තමුසෙ සී අයි ඩී ද ආ.?.බලෙන් ඇවිත් මගෙන්ම ප්‍රශ්න කරන්න?..දන්නවද මං කවුද කියල ? මට පුලුවන් තමුසෙව දැන්නම කුදලල එලියට දාන්න..හොදින් කියන්නෙ...වහාම එලියට යනව.."

    ආ..හ්...මේ ගෑනි..මගෙ කොල්ලට ගැහුව නේද.....ශේෂා අත උස්සල භානුට කම්මුලට ප්‍රාහාරයක් එල්ල කරද්දි භානු ආපිට ගෑනිගෙ බෙල්ලෙන් අල්ලල බිත්තියට තද කරගෙන..

  "වාහ් නියමයි භානු ..ඒත් උබ පරිස්සම් වෙයන්..ඔය ඉන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙමේ.."

    මං ආයෙත් හයියෙන් කෑ ගැහුවට උන්ට ඇහෙන්නෙ නෑ..ශිට් මට උන් දෙන්න ඉන්න තැනට යා ගන්න බැරි හැටි.උන් දෙන්න ගුටි කෙලගන්නව..මට නැගිටින්න බෑ..කවුරැහරි මාව ඇදට තියල බැදල වගේ....

    භානුගෙ ප්‍රහාර වලින් පැරදුණ ශේෂ අතුරැ දහන් වෙලා.....දෙයියනේ ...භානුව මැඩම්ට ගහල එලෙව්වද..ඒක වෙන්න බෑ..එයාට තියන බලේ එක්ක භානුට හැප්පෙන්න බෑ..මොනව වුණත් තත්වය සාමකාමී අතට හැරිල...හරියට ලොකු වැස්සක් වැහැල පෑව්ව වගේ...

යදම්Stories to obsess over. Discover now