We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 36

7.3K 581 33
                                        

"  මොකද වුණේ භානු?"

" මට ගැහුව සුද්දා"

    භානු හෙමීට කියද්දි මට හිතුණෙ බොරැ කරනවද කියලත්..

  "බොරැ නේද ?...කවුද එහෙම ගහන්න ඉන්නෙ? එකපාරටම?"

"මන් දන්නෙ නෑ සුද්ද..දැන් මං හොස්පිටල් එකේ..ඉන්න බෑ රිදෙනව..ආ...හ්"

     භානු ආයෙම කෙඳිරිගානව..ශිට් ..ඒ පාර මොකක්ද මේ වුණේ..ඒත් භානුට ගහන්න ඉන්නෙ කවුද..ඒත් මට මේ වෙලාවෙ ඒව හිත හිත ඉන්න තරම් කාලයක් නෑ..මං බයික් එක අරන් පැය බාගෙට ගියෙ හොස්පිටල් එකට.පපුව ගැහෙනව වේගෙන්..භානුට මොනව හරි වෙලාද.....වෝඩ් ගානෙ ඇවිදල නෙමේ දුවල ගියෙ යුනිෆෝම් එක පිටින්ම...කොරිඩෝව දිගේ මිනිස්සු යනව කියලත් දැනුණෙ එක මනුස්සයෙක් ඇගේ  හැප්පෙද්දි ..යුනිෆෝම් එක හින්ද බේරුණා..නැත්තම් ඒ වැදුණ විදියට හොදට අහගන්න තිබ්බ.

"සොරි සොරි"

      තුෂ්නිම්භූත වෙලා බලන් හිටිය හැප්පුණ මනුස්සය දිහා බලන්නෙ බලන්නෙවත් නැතුව මං කිව්වෙ ආයෙත් වේගෙන් දුවන ගමන්.......භානු කියපු වාට්ටුවේ patients ල පිරිල..කෝ භානු..මගෙ ඇස් වාට්ටුව පුරාම රස්තියාදු ගැහුවෙ හැමදේම බොද වෙලා පෙනෙන්නදි..

    භානු ඉන්නව..දෙයියනේ ..භානුගෙ කකුලක් දණහිසට පහලින් වෙලල..අතත් වෙලල..ඔලුව වටේටත් බැන්ඩේජ් කරල..මට භානුව ඒ විදියට දැක්කම කකුල් දෙකත් පණ නැති වුණා..ඒත් භානුව වටකරගෙන ඩොක්ටර් කෙනෙකුයි , නර්ස් ල දෙතුන් දෙනෙකුයි..මං ටිකක් ඈතින් බලන් ඉදල භානු ලගට ලං වුණේ ඩොක්ටර් ආපහු හැරෙද්දිම.

   "excuse me doctor..මේ patient ට කොහොමද කියල දැනගන්න පුළුවන්ද ?"

  මට ඇහුවෙ ඩොක්ටර් ලෙඩ්ඩු බලල ආපහු හැරෙද්දිම..

   "අහ්..ඔයා කවුද මෙයාගෙ?..කට උත්තර ගන්න ද ආවෙ? ..නැත්තම් බලන්නද?"

ඩොක්ට ඇහුවෙ නලලත් රැලි කරන්.

" මගෙ කසින්, මං බලන්න ආවෙ ඩොක්ට "

  "ම් patient ට බරපතල දෙයක් නෑ. tissue damage වෙලා හැමතැනම තුවාල එක්ක තැල්ම තියනව..ඒවට හොද වෙන්න ටිකක් කල් යයි.."

"ඩොක්ට ඔලුවට මොනවත් වෙලා නෑ නේද ?"

"නෑ නෑ ..CT scan normal..x Ray වලත් ගැටලු නෑ..අස්ථි කැඩිල මොකුත් වෙලා නෑ."

යදම්Stories to obsess over. Discover now