We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 60

4.8K 437 46
                                        

යදම් - 60

   උදේම සැලුන් එකට ගිහින් සාමාන්‍ය විදියට කොණ්ඩෙ හදාගෙන පොලිසියට ගියෙ ෆයිල් එකයි CD ටිකයි අරන් ..ගිය ගමන් එක පිම්මට භානු ලඟට ගියා නෙමේ යැව්න..ක්ශිතිජ එක්ක කතා කරන්නත් කලින් මට ඕන වුණේ කොල්ලව ඇහැට දකින්න...මේ දවස් දෙක කල්පයක් වගේ.. .දෙයියනේ... කොල්ල දකිද්දි පපුව පිච්චිලා ගියා..මේ දවස් දෙක තුනට වැහැරිල ගිහින් තියෙන්නෙ සෑහෙන කාලයක් බඩගින්නෙ හිටිය වගේ..

"භානු..."

    එයා මං ලඟට ආවෙ ඇස්වල කදුලු පුරවන් ..ඒ ඇස්වල බලාපොරොත්තු මාත්‍රයක් නෑ..

"සුද්දා "

   භානු කොඳුරල මගෙ අත අල්ලද්දි ම එයාට හයියෙන් ඉකි ගැහුණ..

   " හොයාගන්න බැරි වුණා නේද සුද්ද?..හෙට අවසන් නඩු වාරෙ වෙයි.අනිත් කොල්ල නිදහස්  .මං වැරදිකාරය වෙනව..මට මරණ දඬුවම දෙයි නේද?"

    අම්මෝ ..මට මැරෙන්න හිතෙනව..මං එහෙමම භානුව  අතෑරල දුවගෙන ආවෙ ක්ශිතිජ ලඟට..පපුව ගැහෙනව වේගෙන් ..ඒ තරම් ඉක්මනට කොහොමද නඩුව ඉවර කරන්නෙ..

    "ඔව් බන් ..හෙට අවසන් කැඳවීම වෙයි ..මට කරන්න දෙයක් නෑ..කෝ සාක්ෂි?"

    මං ෆයිල් ටිකයි , රෙකෝඩින් ටිකයි, මගෙ පෝන් එකේ රෙකෝඩ් හැමදෙයක්ම ක්ශිතිජට පෙන්නල විස්තර කරද්දි ඌ හැසිරුණේ අලුතෙන් පණක් ආව වගේ..

  "නියමයි බන්.උබ මේක බැහැලම කරලනෙ. ..හෙට වෙන්න කලින් හොයාගන්න ඕනෙ මේක රෙකෝඩ් කරල  තියෙන කටහඬ කාගෙද කියල..මේක යවමු දැන්මම කටහඬ පරීක්ෂා කරන්න.."

     අපරාධ විද්‍යාව අනුව කටහඬ පරීක්ෂාවෙන් අදාල අපරාධකාරයගෙ අනන්‍යතාවය අඳුනගන්න පුලුවන්..කටහඬත් ඇඟිලි සලකුණු වගේම එකිනෙකාට අනන්‍ය විදියට පිහිටන දෙයක්..කතා කරන විලාසය, ස්වර පරාස, සංඛ්‍යාත,  මේ හැම දෙයක්ම එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස්..ඒ වගේම වොයිස් සාම්පල් එකකින් අපරාධකාරය ඉන්න පලාත, මට්ටම, වයස , භේදය මේ හැමදෙයක්ම පරීක්ෂණවලට එකතු කරගන්න පුලුවන් සාර්ථක විදියට..

      ක්ශිතිජට ඒ රාජකාරිය පවරල මං ආයෙමත් දුවගෙන ආවෙ භානු ලගට..

යදම්Stories to obsess over. Discover now