යදම් - 58

1K 176 15
                                    

යදම් - 58

   "මෙහෙමයි ..මේක නාලක සර් එක්ක සෙට් වෙලා කරන වැඩක්..උබ ගැන අතිශය විශ්වාස කරල තමයි මේක කියන්නෙ ..හැබැයි සල්ලි ඕනෙ නම් ඕනෙම දේකට රෙඩි වෙන්න ඕනෙ ..නිකම් බබා පාර්ට් නම් බෑ.."

"විශ්වාසය රකින එක ගැන කිසිම සැකයක් තියාගන්න එපා බන්...ඕනම දේකට රෙඩි වෙන්න ඕනෙ කිව්වෙ මොකක්ද ?"

     ඌ ඒක කියපු විදියෙන් මට තේරැණේ මෙතන ඉලීගල් සීන් ගොඩක් යනව වගේ.....   ඒත් මට ඕන වුණේ නොදන්නා විදියට බබා පාර්ට් එක දාන්න..

   "ඒ කියන්නෙ මනුස්සයෙක් මරන්න හරි කමක් නෑ රෙඩි වෙන්න ඕනෙ ..නිකම් අඩන දොඩන කෙල්ලො වගේ වෙන්න බෑ.."

  හිත පොඩ්ඩක් ගැස්සුණත් මගෙ චරිතයට මං උපරිම සාධාරණය ක් කරන්න ඕනෙ ..ඒ හින්දම ඇස් දෙකත් ලොකු කරන් බය වෙලා පුදුම වෙලා වගේ සනුකය දිහා බලන් හිටිය තත්පර ගාණක්.

"ඔය?..උබ දැන්මම බය වෙලානෙ?..ඔහොම බෑ බන්.."

"ඒත් කොහොමද මිනිහෙක් මරන්නෙ ?"

"නොදකින්..බලපන් උබේ ඇඟ මටත් වඩා  හැඩි දැඩි උනාට හිත හරියට කෙල්ලක් වගේ..මේව මේ වෙඩි තිය තිය මරණ ඒව නෙමේ...අදාල තැනට අනුව මරණ ක්‍රම තියනව.ඒක පිහි ඇනුමක්, බෙල්ල හිර කිරීමක් තව වෙන දෙයක් වෙන්න පුලුවන්....උබට මං ඒව කියල දෙන්නම්..හැබැයි වැඩේට බැස්සම..අනේ මන්ද බන්,  උබ නම් තුවක්කුවක් දැක්කත් සිහි නැතිවෙලා වැටෙන පොරක් වගේ..එහෙම බෑ.කොල්ලෙක් වුණාම ඕන දේකට රෙඩි වෙලා ඉදපන්"

     සනුක කියද්දි තමයි මට දැනුණෙ මං හරියටම විද්දෙ පදුරට නෙමේ හාවටම කියල.අන්තිමට කියපු වාක්‍ය ටිකට යන්තමට යන්න ආපු හිනාව ආයාසයෙන් නවත්තගත්ත.ඌ දන්නව නම් තුවක්කුව කියන්නෙ මගෙ ඇඟේ කොටසක් කියල මං අහලකවත් ඉන්නෙ නෑ...හිතට අමුතු සතුටක් ආවෙ පාරක් පාද ගන්න පුලුවන් වුණ හින්ද..ඒත් ඌ කියන දෙයක් අහගෙන හරියට ගොනා සේ ඉන්න එකත් දැන් මට පොඩි ආතල් එකක්..

  " එක අතකට මං දැන් ඕනෙම දේකට රෙඩි වෙලා ඉන්නෙ..මට දැන් ඕව කරන්න පුලුවන්ද බැරිද කියල බල බලා ඉන්න කාලයක් නෑ..මට ඕනෙ සල්ලි ....සල්ලි සල්ලි විතරමයි"

යදම්Where stories live. Discover now