යදම් - 50

1.1K 171 20
                                    

අපේ  ඔක්කොම හීන බොද වෙලා යද්දි පොඩි නැන්දයි මාමයි ජය කණුවට ලං වුණේ භානුට නේහාව බදින්න කියල බල කරන ගමන්..භානු අපේ සම්බන්ධෙ එයාලගෙ ගෙදරට කියන්න කොයිතරම් ට්‍රයි කරත් ඒ හැම වෙලාවෙම මං ඒකට ඉඩ දුන්නෙ නැත්තෙ ඒකෙන් එන ප්‍රතිඵලය දීර්ඝකාලීන එකක් වෙනව කියල දන්න හින්දම... ඒත් භානු ඉවසන කෙනෙක් නෙමේ.. මාම කියන්නෙත් ඕනම දෙයක් ලේසියෙන් අතාරින කෙනෙකුත් නෙමේ...අපේ සම්බන්ධය දැනගත්තොත් මොනව කරයිද කියලවත් හිතාගන්න බෑ..

   "මට බෑ සුද්දා නේහාව බඳින්න...ඇයි උබට තේරෙන්නෙ නැත්තෙ?..මං ඒකිට කතා කරන්නෙ නෑ"

   භානු කිව්වෙ හිතුවක්කාර විදියට..මේ දවස්වල අපි දෙන්න අතර යන ප්‍රධානම ප්‍රශ්නෙ  මේක.සමහර වෙලාවට භානු මූණ එල්ලන් ඉද්දි මං ඉවසනව..මං ඉද්දි ඌ ඉවසනව...

  "..වෙන මොනවද කරන්නෙ? ඔයාම කියන්න මොකක්ද කරන්නෙ කියල?..මට තේරෙන්නෙ නෑ"

"එතකොට..මං ඒකිව බැදල උබ ගැන හිත හිත ඉන්නද කියන්නෙ?"

   "මට තේරෙන්නෙ නෑ මැණික..ඒත් ඒ වගේ ලොකු තීරණයක් ගන්න වෙනව ඔයාට.."

     මේ වගේ සංවාදය අවසානයේ හැමදාම භානු මං එක්ක තරහ වෙනව..මටත් දුකයි ගොඩක් ...ඒත් දෙමව්පියො නෑදෑයෝ සහෝදරයො නැතුව අපි විතරක් නම් ඉන්නෙ අපිට පුලුවන් අපිට ඕන විදියට වැඩ කරන්න..

   දවස් ගාණක් ගෙවිල ගියා...නේහා රෑපසිංහ...ඒ කියන්නෙ භානු බදින්න ඉන්න ගෑණු ලමය..එයා ටීචර් කෙනෙක්..භානුට වඩා අවුරුද්දක් බාලයි..නේහායි එයාලගෙ ගෙදර අයයි නැන්දලගෙ ගෙදර විතරක් නෙමේ.අපේ ගෙදරත් දැන් යන්නෙ එන්නෙ දැනටම නෑදෑයෝ වගේ..භානු නේහාට කතා කරන්නෙ නැන්දයි මාමයි එක්ක පුලුවන් තරම් රණ්ඩු වෙලා අවසානෙ  කරන්න දෙයක් නැති කමට..

    එදා මං බෝඩිමේ හිටපු දවසක්..භානු වැඩට ගිහින්..උදේ දහයට විතර මං දොර ඇරියෙ ඉස්සරහ බෙල් එක වදින සද්දෙට..දොර අරිද්දිම දොර ලඟ හිටපු කෙනා දැක්කම මට පුදුම හිතුණ....නේහා ඇවිත්... .ඒ මූණෙ ලොකු ප්‍රහේලිකාව ක් තියනව කියල බැලූ බැල්මට මට හිතුණා.

"එන්න නංගි..මේ වෙලාවෙ භානු නම් නෑ"

    මං නේහාට ඇතුලට කතා කරද්දි එයා ඇවිත් සෝපා එකෙන් ඉදගත්තෙ මොකුත්ම නොකිය.ඒ හැසිරීම මගෙ කුතුහලය දෙගුණ තෙගුණ කරා... ටිකක් වෙලා මං දිහා බලන් ඉදල නේහා කටහඬ අවදි කරේ වැදගත් කතාවක් කියන්න වගේ ..

යදම්Where stories live. Discover now