යදම් - 55

1.1K 174 31
                                    

පහුවදා උදේ වෙද්දි ඇඟට ගොඩක්ම අමාරැයි.නැගිට ගන්නත් බෑ වගේ..තැලුම් පාරවල් රිදෙනව හොදටම.අපි දෙන්න දවල් වෙනකම්ම හිටියෙ ඇදේ..මං බලාගෙන හිටියෙ මට පිටුපාල තාමත් හොදටම නිදා ගෙන ඉන්න අයිතියි කියල හිතන් හිටියට අයිති නැති මගෙ වස්තුව දිහා..ඊයෙ උදේ ඉදන් වුණ හැම සිදුවීමක් ම චිත්‍රපටයක් වගේ ආයෙ ආයෙ මැවි මැවී පේනව.උදේ වරැව මතක් වෙද්දි හිනා ගියත් හවස් වරැව මතක් වෙද්දි ඒ හිනාව අතුරැදහන් වුණේ හිතට ආපු ලොකු බයක් එක්ක..මං එයාට ලං වෙලා ඔලුවට කිස් එකක් දුන්න..මගෙ හිතුවක්කාර බෝම්බෙ..ඒත් මගෙ නෙමේනෙ..යන්තමට ඇස් දෙකට කදුලු මතුවුණේ හැම සිතිවිල්ලක්ම හිතේ පොරබදද්දි..ආදරේ, සතුට, දුක ,බය, කලකිරීම, පසුතැවීම ..මේ ඔක්කොම බැඳීමක් එක්ක එකට ඇමිණුණු දේවල්..ඒවගෙන් තොර බැඳීමක් නෑ..

    මගෙ මනෝ ලෝකෙ විසිරැණේ පෝන් එක රින්ග් වෙන සද්දෙට......අයාල් ...

   "කොහොමද අයාල්? ..අරැන් ගැන හොයාගත්තද ?"

"හ්ම්...උන් කුලියට අපරාධ කරන සෙට් එකක්"

"අහ්..මට හිතුණ..කොහෙද මුල?"

"ඒක තමයි ගන්න අමාරැ..උන්ට ඕඩර් එක දෙන එකා දැකල තිබ්බට උන් දන්නෙ නෑ ලොක්ක ඉන්නෙ කොහෙද කියල.."

"උන්ගෙ බොරැ බන්..තව ටිකක් තග දාල අහපන් "

"ඇහුව බන්..උන් හෙම්බත් වෙනකම් ඇහුව..ඒත් උන් ට වැදගත් සල්ලි විතරක් හින්ද ඇඩ්වාන්ස් දුන්න ගමන් ඌ ගැන හොයන්නෙ නැතුව වැඩේට බැහැල"

"එහෙමද..?"

"ඔව් ..හැබැයි අපි ඒ විස්තරවල විදියට මූණ චිත්‍රයක් ඇන්ද..කියන විදියට වයස අවුරැදු හතලිහක් හතළිස් පහක වගේ පිරිමි කෙනෙක්..උඩු රැවුල තියෙන , කොණ්ඩෙ පැත්තට පීරල .."

"අයාල්, ඕක මට පොටෝ එකක් ගහල වට්ස් ඇප් එවන්න..දැන් මොකද කරන්නෙ ?"

"මේ හතර දෙනා හෙට උසාවි ඉදිරිපත් කරනව..ඔය දෙන්නට එන්න වෙනව  පැමිණිල්ල දාල සාක්ෂි දීල යන්න.අනිද්ද වෙඩිම නේහ් ?"

    අයාල් වෙඩිම මතක් කරද්දි පපුව කීරි ගැහිල ගියා..මෙච්චර වෙලා අමතක වෙලා ,අමතක කරල හිටපු එක..

යදම්Wo Geschichten leben. Entdecke jetzt