යදම් - 11

1.4K 212 4
                                    

සදාකල් ම නෑ හැර යන්නේ දිව්රා කියන්නම්
සත්තයි හරි ආදරෙයි මං.....
සත්තයි හරි ආදරෙයි මං....

උදේම භානුගෙ ඒකාංගික ප්‍රසංගය.ඌට ලස්සනට සින්දු කියන්න පුලුවන් හින්ද ඒක කරදරයක් නෑ.අහන් ඉන්න පුලුවන්.ඒත් එහෙම බැරි වුණානම් ඒ දුකත් විදින්න ඕනෙ මං.

"අද කොහෙද සුද්දා ?..සීරියස් කේස් එකක්ද?"

භානු ඇහුවෙ මං ලෑස්ති වෙද්දි මගෙ කාමරේට කිරි එකක් හදාගෙන ඇවිත්.

"හ්ම්..මේ දවස්වල අලුත් කේස් ටිකක් ඇනලයිස් කරනව "

මං කිව්වෙ සපත්තු දෙක දාන ගමන්.

"ඇනලයිස් කර කර ඉදල හරි යන්නෙ නෑ..විසදන්නෙ නැතුව...ඒහ් මටත් ආසයි බන් අපරාධ විමර්ශනය කරන්න"

භානු කිව්වෙ මගෙ ඇද උඩ ඉදගෙන කිරි එක බොන ගමන් මං දිහා බලාගෙන.මං එකපාරටම ඌ දිහා බැලුවෙ හිනාවේගෙන.ම..

"අහ්...පිස්සන් ට මේ ජොබ් එක හරියන්නෙ නෑ...උබට හරියන්නෙ ඕකම තමා.........අන්තිමට විත්තිකාරය පෑමිණිලිකාරය කරල, පැමිණිලිකාරය සැකකාරය කරල , සැකකාරය අපරාධකාරය කරල , අපරාධකාරය නිර්දෝෂී කරල තමා කේස් එක ඉවර වෙන්නෙ."

"ඕකනෙ ඉතින්..උබ හිතාගෙන ඉන්නෙ මං කිසිම වැඩකට නැති , එලොවටත් නැති මෙලොවටත් නැති එකෙක් කියලනෙ...උබලත් එක්ක බෑ..මං යනව"

භානු අමුතු විදියට කියල නැගිටල යද්දි මට හිතුණෙ මං ඌව ගණන් ගන්නෙ නැතුව ඉන්නව වැඩිද කියල..

"භානු?"

"ඇයි?"

"අද වැඩට යන්නෙ නැද්ද?"

"නෑ.."

භානු කුස්සියට ගියෙ හයියෙන් කියාගෙන ...ඒත් ටිකක් අවුලෙන් වගේ..පුංචි කාලෙ ඉඳලම එකට ඉන්න හින්ද භානුගෙ හැසිරීම , කතාවෙ වුණත් පුංචි වෙනසක් මට දැනෙන්න වැඩි වෙලා යන්නෙ නෑ..ඒත් ඌ සීරියස් ගන්නව නම් ගොඩක් අඩුයි.මට හිතාගන්න බෑ මං හැමතිස්සෙම ඌව විහිලුවට ගත්තත් සමහර වෙලාවට ඇයි ඌ ඒව සීරියස් ගන්නෙ කියල.

"භානු?"

මං ලෑස්ති වෙලා කෙලින්ම ගියෙ කුස්සියට.

යදම්Where stories live. Discover now