යදම් - 26

1.2K 186 14
                                    

යදම් - 26

"භානු...?"

   මගෙ කටහඬට භානු ගැස්සිලා බැලුව..මං එකපාරටම දැක්කෙ එයාගෙ ඇස්වල කදුලු වගේ ..දිලිසෙනව..ඒ බැලමත් ටිකක් අවුල් සහගත බැල්මක්.....ඒත් භානු ඉක්මනට අහක බලාගත්තෙ අතින් මට ලස්සන මල් ගහක් පෙන්නන ගමන්..

"සුද්දා අර...ඒ මල් ගොඩක් ලස්සනයි නේහ්?"

     මට හොදට තේරෙනව භානු මගෙ අවධානෙ වෙන අතකට යවන්න හදන්නෙ මොනව හරි හංගන්න කියල..ඒ හින්ද මට ඒ මල් දිහා බලන්න ඕන වුණේ නෑ.මං ලඟටම ගිහින් භානුගෙ සීතල වුණ අත අල්ලගත්තෙ එයා අහක බලන් ගහට හේත්තු වෙලා ඉද්දිම.

"භානු...?"

    මං කතා කරද්දි ඌ මගෙ අත බලෙන්ම අතෑරල ගියෙ මල් ගහ පැත්තට.

   "ඔහොම ඉන්නව ..මං මල් අත්තක් කඩල දෙන්න.."

"භානු ..මට මල් එපා...මෙහෙ වරෙන් කෝලම් නොකර"

"නෑ නෑ ඉදපන් පොඩ්ඩක්. "

    මට තේරැණේ භානු මොනවම හරි මගෙන් හංගනව වගේ..මාව වෙන පැත්තකට යවන්න හදනව කියල.මං එතනම ගහ යට ඉදගෙන ගහට හේත්තු වුණේ ලොකු හුස්මක් ගන්න ගමන්.වටේ ම උස ගස් ..කොළපාටට..දවල් වුණත් ගොඩක් අඳුරැයි වගේ...

      භානු ලස්සන මල් අත්තක් කඩන් ඇවිත් මං ලඟින්ම ඉදගත්තෙ ඒක මට දික් කරන ගමන්.මං බැලුවෙ එයාගෙ මූණ දිහා.දැන් ඇස්වල කදුලු නෑ...ඒත් දෙයියනේ ඇයි මට හිතෙන්නෙ භානු ඉන්නෙ අවුලෙන් කියල..ඒක මං හිතන විදියෙ වැරැද්දක්ද..මට හිතාගන්න බෑ.....නැත්තම් මම වැඩිපුර හිතනව.

    මං මල් අත්ත අතට අරන් එහෙ මෙහෙ කරල බැලුව..ඒක ගොඩක් ලස්සන කහපාට මල් අත්තක්..පොඩි පොඩි මල් ගොඩයි........ඉස්සරත් භානු මට ඕන දේවල් ගෙනත් දෙන්න දුවන්නෙ පැනල.....දැන් කියලත් වෙනසක් නෑ..

"භානු..උබ ඉන්නෙ මොකක් හරි අවුලක ?"

   මං කිව්වෙ ගහට හේත්තු වෙලා ඈත බලන් ඉන්න භානු දිහාට හැරිල. එයාගෙ මේ අමුතු හැඟීම්බර ගතිය මට ලගදි ඉදන් දැනෙන දෙයක්.

"නෑ සුද්දා..ඒ උබට හිතෙන විදිය..එහෙම දෙයක් නෑ..වටපිටාවෙ ලස්සන ටිකක් බලන්න ආවා..වෙනස් පැත්තක් නෙ "

යදම්Where stories live. Discover now