We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 5

6.7K 616 19
                                        


     කොල්ලගෙ තිබ්බෙ සාමාන්‍ය හැසිරීමක්. සාමාන්‍ය කතා බහක්..අපිට සැක හිතන්න තරම් බැල්මක්වත් හොයාගන්න බැරි වුණා.

    "දැන් ඉතින් අර කෙල්ල තනියම දුක් විදි.හොද වෙලාවට දරුවෙක් මල්ලෙක් නැත්තෙ.ඒ හිටියනම් තවත් විදවනව "

    මහලු මනුස්සය කිව්වෙ කොල්ල දිහා බලල.අපි දෙන්න සාමාන්‍ය විදියට හිටියට ඇස් දෙකයි කන් දෙකයි තිබුණෙ කොල්ල ලග.

  "ඔව් මාමෙ.ශානක අයිය කියන්නෙ ඉතින් ගමට නැතුවම බැරි කෙනෙක්.."

"ඔය අත මොනව වෙලා ද?"

    මහලු මනුස්සය කොල්ලගෙන් අහද්දි මගෙ කන් දෙකයි ඇස් දෙකයි දෙකම මොහොතකට ගියෙ කොල්ල ලගට.

"වත්ත පාහින්න ගිහින් පිහියට කැපුණ"

"හ්ම්.."

"මාමෙ මං අර පැත්තට යන්නම්."

         කොල්ල නැගිටල ගිහින් විනාඩි ගාණකින් අපි මහලු මනුස්සයගෙන් ශේප් එකේ කොල්ල ගැන තොරතුරැ ඇහුව...ගමේ කොල්ලෙක්..සැක හිතන්න තරම් දෙයක් ඒ විස්තර ඇතුලෙ තිබ්බෙ නෑ..ඒත් මට තිබුණ සැකය හින්දම මං කොල්ල ගැන ටිකක් අවධානයෙන් හිටියෙ ඉදගෙන හිටපු තැන ඉදන්ම.කොල්ල ගෙ හැසිරීමෙත් අසාමාන්‍ය බවක් තිබ්බෙ නෑ..ඒත් මං පොඩ්ඩක් නැගිටල සමුගන්න යන විදියට ගේ ඇතුලට යන්න යද්දි දොර ලගින් කොල්ල දොර අයිනේ හිටගෙන තව කෙනෙක් එක්ක කතාවක්.මං හිටියෙ හමේ පාට දුඹුරු මේස් දෙකක් දාගෙන..මං මගෙ සාක්කුවෙ තිබ්බ පර්ස් එක අදින ගමන් ඒකෙ තිබුණ කාඩ් එකක් කොල්ලගෙ කකුල් දෙක මුලට වැටෙන්න සැලැස්සුවෙ  හිතලම.

   "අහ් සොරි මල්ලි ..මේක පොඩ්ඩක් අරන් දෙනවද ?"

     මං කොල්ලට කිව්වෙ ටිකක් බිමට නැමෙන ගමන් .කොල්ල කාඩ් එක අරන් අතට දෙද්දි මං හිනාවෙලා ඒක අරගෙන මගක් ඇවිත් කාටවත් නොපෙනෙන්න අරගෙන ආවෙ පරිස්සමට..ඇගිලි සලකුණු ටික සිද්ධිය වුණ තැන ඇගිලි සලකුණු වලට සමාන වුණොත් අපට යම් සැකයක් ඇති කරගන්න පුලුවන් අපරාධකාරය හෝ සිද්ධියට යන්තමින් හරි සම්බන්ධ පුද්ගලයෙක් කියල.

    අයාලුයි මමයි මධ්‍යස්ථානෙට ඇවිත් කාඩ් එක ඇඟිලි සලකුණු පරීක්ෂාවට ඉක්මනින් යැව්වෙ ඒ වගේ පෘෂ්ඨ මත තියන ඇගිලි සලකුණු ඉක්මනින් නැතිවෙන්න පුලුවන් හින්ද..

යදම්Stories to obsess over. Discover now