යදම් - 4

1.7K 225 21
                                    

     "ඒක ලේ බින්දුවක් නම් මැරැණ ශානකගෙ වෙන්න පුලුවන්ද ?"

    "බෑ නෙහ්?..මට තේරෙන විදියට ඒක අපරාධකාරය ගෙ.මොකද බොඩි එකේ තිබුණෙ මොට අවි පාරක් විතරයි.ඒකත් ලේ ඇවිත් තිබුණෙ යන්තමට.අනික බොඩි එකේ කිසිම තැනක ලේ ගලන තුවාලයක් නෑ.හැබැයි ඒ විදියට ලේ බිංදුවක් වැටෙන්නෙ ලේ එන්න තරම් ලොකු තුවාලයකින් "

     මං පැහැදිලි කරගෙන යද්දි අයාල් මං දිහා බලන් හිටියෙ නලලත් රැලි කරගෙන.

   "ඔයා කියන්නෙ එතකොට ඒක අපරාධකාරයගෙ කියලද?"

"ඔව් "

"එතකොට එච්චර ලොකු තුවාලයක් නම් තව ලේ බිම තියෙන්න ඕනනෙ?"

    "හ්ම්.......හැබැයි ටයිල් උඩ කැලලක් නොවෙන්න පිහින්නත් පුලුවන්.එතකොට හදිස්සියට ඒ පුංචි ලේ බිංදුව දකින්න නැතුව ඇති".

"ඔව්...එතකොට ඔයා හිතන්නෙ මෙතන මොකක් වුණා කියලද?".

"මට හිතෙන විදිය මේ..ඒත් හරියටම කියන්න බෑ...ශානක අපරාධකාරය එක්ක මොනව හරි හේතුවකට රණ්ඩු වෙන්න ඇති .එතනදි කණ්ණාඩිය බිදිල තියනව.ශානක කණ්ණාඩි කෑල්ලක් අරන් අපරාධකාරය ට අනින්න හරි කපන්න හරි ඇති.ඒත් අපරාධකාරය මුලින් ප්ලෑන් කරල ආපු හින්ද ගෙනාපු පොල්ලකින් හරි මොකකින් හරි ඔලුවට ගහන්න ඇති."

"එතකොට කණ්ණාඩි කෑල්ල කොහෙ ඇතිද?"

"ඒක තමයි .මේක සූක්ෂම විදියට සාක්ෂි මකල ගහපු ගේමක්."

"ඔව් ..ඔය විදියට හිතන එකත් සාධාරණයි..ඒත් සැක පිට අත්අඩංගුවට ගන්න කෙනෙක් නැති එක අපිට ලොකු අවාසියක්."

   අයාල් කිව්වෙ බලාපොරොත්තු විරහිත හඬකින්. මේ වගේ වෙලාවට සැකකාරයෙක් නැති හින්ද අපිට වැඩේ තවත් සංකීර්ණ වෙනව..

     මං හවස් වෙලා බෝඩිමට ආවෙ නොවිසදුණ ප්‍රශ්නෙ හිතේ හොල්මන් කරද්දි.

      ගේ හරි පිලිවෙලයි.භානු පේන්න නෑ.මං කාමරේට එබිල බැලුවෙ භානු ඉන්නවද කියල බලන්න.කාමරේ නෑ..එහෙනම් තාම ඇවිත් නැතුව ඇති.මං ටවල් එකත් ඇදගෙන බාත්රෑම් එක ලගට යද්දි කුස්සියෙ උරැවන් බාන හඩක් ඇහෙනව..මං කුස්සියට එබිල බැලුව....ලෝක පුදුමයක් ...භානු උයනව.

යදම්Where stories live. Discover now