We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 25

5.9K 504 29
                                        

    "හේෂ්..මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ?..ඇයි ආන්ස්වර් කරන්නෙ නැත්තෙ?..මං දන්නව... ඔයාට වැඩ විතරමයි ජීවිතේ.... මාව මතක නෑ..හෙට එන්නෙත් නැද්ද දැන් ?"

    හංසිගෙ කටහඬ පෝන් එකෙන් ඇහෙද්දි මං පෝන් එක කනෙන් ටිකක් ඈත් කරගත්තෙ කණ හිරිවැටිල ගිය හින්ද...

    "අම්මෝහ්..කණ කීං ගානව..මොකද මැඩම්ට තරහ ගිහින්?..මං බෝඩිමට ගිහින් ගන්නම්.දැන් පොඩ්ඩක් බිසී මැණික"

    "බිසී බිසී බිසී..මේ දවස් ටිකේම ඔයාට අඩුම තරමෙ මැසේජ් එකක් රිප්ලයි එකක් දාන්නවත් මතක් වුණාද?..ආ?...මං කරන්නෙ ඔයාට වඩා බිසී රස්සාවක්..ඔයා හිතන් ඉන්නෙ ඔය රස්සාව විතරයි බිසී කියල."

"හෝව්..හෝව් පොඩ්ඩක් නතර වෙන්නකො වස්තු..මං අර්ජන්ට් වැඩක ඉන්නෙ.."

   "ඔව් ඔයාට මං ඇරෙන්න වෙන හැමදෙයක්ම අර්ජන්ට් "

     මං පෝන් එක කට් කරේ ඩොක්ටර් ඩිල්ෂාන්ගෙ කේස් එක ෆයිල් කරන්න..හංසි හිතන් හිටපු තරම්ම අහිංසක නෑ..ඒත් හැම ගෑණු කෙනෙක්ම ආදරේ කරන්න ගියාම ඔහොම වෙන්න ඇති.කොහොමත් එයාලට ප්‍රයෝරිටි දෙනවට කැමතියි. ගොඩක් බලාපොරොත්තු වෙනව..හංසිත් එහෙමයි..

     මං බෝඩිමට එද්දි ටිකක් රෑ වෙලා.ආපු ගමන් කරේ හංසිට කෝල් එකක් ගත්ත එක..ඒත් නෝ ආන්ස්වර්..මටත් අවුල්..මං ආයෙත් විසිපාරක් විතර ගත්තත් මැසේජ් කරන් නෝ රිප්ලයි...

[හිතුවක්කාර කෙල්ල]

   මං අන්තිමට මැසේජ් එකක් දැම්මෙ එහෙම කියල.

    භානු කුස්සියෙ මොනවද හදනව..මං කුස්සියෙ තිබ්බ පුටුවෙන් ඉදගෙන ගෑස් ලිප දිහා ඔහේ බලන් හිටියෙ හංසි ගැන හිතේ මැවෙද්දි..

"සුද්ද?..මොකද අවුලෙන් වගේ?..හංසි රණ්ඩු වුණාද..?"

   භානු ඇහුවෙ අල වගයක් කපන ගමන්.

  "හ්ම් "

"ඕව ඔහොම තමා..හෙට වෙද්දි සෙට් "

   "උබම නිකන් හිතපන්..හංසි කියන්නෙ මං එයාට කෝල් කරේ නැත්තෙ උවමනාවෙන්මලු. එයාට ඕනෙ හැම තිස්සෙම කෝල් කරන්න..ඒත් මං කරන්නෙත් රස්සාවක්නෙ..ඇයි එයාට පොඩ්ඩක් හිතන්න බැරි? එයා විතරද රස්සාව කරන්නෙ?.....දැන් ඉතින් කෝල් ගන්න පුලුවන්..ඒත් උස්සන්නෙ නෑ "

යදම්Stories to obsess over. Discover now