යදම් - 39 (බෝනස්)

1.6K 212 13
                                    

     භානු නැගිටල යද්දිම මං බැලුවෙ මාම දිහා..මාමගෙ මූණ තරහෙන් පුපුරනව.අබ දැම්මොත් පුපුරන තරම්....නැන්ද භානු පස්සෙන් එලියට යන්න හදද්දිම මාම ආයෙත් කෑ ගැහුවෙ නැන්ද දිහා බලන්..

  "කොහෙද යන්නෙ?..මෙන්න මෙහෙ එනව..යන දිල්ලියක යයි..පේනවනෙ එකා කියල හුරතල් කරාම උඩ ගිහින් තියන තරම.දැන් අපි කියන දේ අහන්නෙත් නෑ..එකට එක කියාගෙන එනව..හිතන් ඉන්නෙ රස්සාව අතට ගත්තම හැමදේම හරි කියල...දැක්කනෙ අයියට එකට එක කියපු හැටි..යන්න නෑ හොයන්න..යන දිහාක ගිහින් එන වෙලාවක එයි.."

     මාම තරහෙන් කියාගෙන යද්දි නැන්ද ආයෙත් ඇතුලට ආවෙ පූස් පැටියෙක් වගේ...

    "මේ සුදු පුතා අපූරුවට ඉන්නෙ..කවදාවත් එකට එක කියාගෙන ඔය වගේ එනවද?...අපි එකා කියල හැමදේම දුන්නම මුන් උඩ යනව"

     මාම ආයෙත් මං දිහා බලල කියද්දි මං එකපාරටම බිම බලාගත්තෙ මේවට මාත් වගකියන්න ඕන කියල හිතේ මතුවුණ හැඟීමත් එක්ක..අපේ අම්මයි තාත්තයි තාම මට ඔය වගේ දේවල්වලට බල කරල නැති හින්ද හොදයි..නැත්තම් මටත් වෙන්නෙ ඔය විදියට සටන් කරන්න..මොනව වුණත් මාමා මේකට මේ විදියට කෑ ගහනව නම් අපි දෙන්නගෙ සම්බන්ධෙ ඇහුවම මොනව කියයිද...එහෙම හිතද්දි නම් මගෙ පපුව සීතල වෙලා යනව..අනික මේ සම්බන්ධ කම් සහෝදර කම් නැති වුණොත්...මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල....මට දැනුණෙ එතන ඉන්න එකම වැරදිකාරය මං වගේ..ඒ හින්දම නැගිටල එලියට ආවෙ ගෙදර එන්න..

   මං එද්දි භානු අත්තම්ම ලඟ බිම ඉදගෙන ...අත්තම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් කන්කෙදිරි ගානව....අත්තම්ම ඔලුව අතගානව..පොඩි කාලෙ ඉදන්ම අපිව හැම චෝදනාවකින් ම බේරගෙන හිත හදන එකම කෙනා අත්තම්ම..ඕනම වෙලාවක හොයන් ආවම ඒ හිතේ අසීමාන්තික ඉඩක් අපි වෙනුවෙන්ම තියනව..මං හෙමීට ගිහින් අත්තම්මගෙ අනික් පැත්තෙන් බිම ඉඳගත්ත.

   "බලපන් සුදු පුතේ..උබවත් දෝණි ලාට පැහැදිලි කරල දීපන් හිච්චිට අකමැති දේවල් ඇඟ ගහන්න එපා කියල..කොල්ලගෙ හිත හොදටම රිදිල..මට කතා කරන්න යා ගන්න නෑනෙ..බලෙන් බන්දල ජීවිතේම අපායක් කර ගන්නවට වඩා හොදයි නොබැද ඉන්න එක.."

යදම්Where stories live. Discover now