We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 41

5.9K 480 14
                                        

   දවස් ගාණක් ගියා ...ඒ හැම දවසෙම මං භානුව ෆලෝ කරා. මට ඒක අමතර නෙමේ දැන් ප්‍රධාන ඩියුටි එකේම කොටසක්.

    මේ දවස්වල අපට එන කේස් ටිකක් අමුතු , මිනී මැරුම් වුණත් හිතාගන්න බැරි විදියට කරල තියන සිද්ධි..ඒ හින්දම ද මන්ද රැයක් දවාගත් නැතුව මහන්සි වෙන්න වෙනව..ඒ මොනදේ වුණත් භානුට දෙන අවධානෙ පොඩ්ඩක් වත් වෙනස් කරන්න බෑ..

           *               *              *                *

      අපේ කණ්ඩායම මිනිස්සු අඩුවෙන් ගැවසෙන ගෙවල් තියන පැත්තකට ආවෙ මිනීමැරුමක් වෙලා තියනව කියල ආපු තොරතුරකට..ඒක ටිකක් ලොකු ගෙයක්..මං අයාල් එක්ක ඇතුලට යද්දිත් එතන හිටියෙ මිනිස්සු තුන් හතර දෙනෙක්..ගෑණු ලමයෙක් ඉකි ගගහ අඩනව..අපි ගේ ඇතුලට ගිහින් නතර වුණේ මිනිය තියන තැන.

    කොල්ලෙක්..බිම උඩුබැලි අතට වැටිල..පපුවෙ හාර්ට් එක පැත්තට පිහි ඇනුමක් තියනව ඇදගෙන හිටපු ශර්ට් එකට උඩින්...එතනින් සෑහෙන ලේ ගොඩක් ගලාගෙන ගිහින් ටයිල් එක පුරා පැතිරිලා..ශර්ට් එක රතුම රතු පාට වෙලා....අපි ඒ අවට හොදට හෝදිසි කරා..ඇනපු පිහිය ගලවල පැත්තකට දාල..පිහිය ගලවපු නිසා තමයි ලේ ගොඩක් ගිහින් තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් පිහි ඇනුමක් හරි වෙන ඕනම ආයුධයක් ඇනුණ කෙනෙක්ගෙ ඒ ඇනුණ එක ගලවන එක ලොකු අවදානමක්.හොස්පිටල් එකට අරන් යන්න ඕන ඇනිල තියන ආයුධ එක්කම..ආයුධය ගැලෙව්වොත් ලේ ගලන එක වැඩි වීමත් එක්ක මැරෙන්න තියන සම්භාවිතාව ගොඩක් වැඩී.මෙතනත් බැලූ බැල්මට කියන්න පුලුවන් මිනිහගෙ පිහි පාර  ආයෙ ගැලවුණ හින්ද ලොකු ලේ ප්‍රමාණය ක් ගිහින් තමයි මරණය වෙලා තියෙන්නෙ..ඊටත් හාර්ට් එකට ඇනල තියන එක ත් ප්‍රධාන හේතුවක් .

    බොඩි එක අවට ලොකු දෙයක් හොයාගන්න නැති වුණත් පිහිය හොදම සාක්ෂිය ක්..මං තව ටිකක් ලංවෙලා කොල්ල ඇදල හිටිය ශර්ට් එක පොඩ්ඩක් ඈත් කරල තුවාලය බැලුව....ඒ එක්කම ශර්ට් එක ඇතුලෙ තිබ්බ.පොඩි රතුපාට ලේ දාපු පැකැට් එකක් බිම වැටුණෙ බලාපොරොත්තු නොවුණ විදියට.

"මොකක්ද ඒ?"

   අයාල් ඇහුවෙ මං පැකැට් එක අතට අරන් එහෙ මෙහෙ කරල බලද්දි..

යදම්Stories to obsess over. Discover now