යදම් - 32

1.5K 212 15
                                    

"සුද්දා ..උබ ඉන්නෙ හිතේ සතුටින් නෙමේ..මං එක්ක අපේ ගෙට් එකට යමු."

භානු කිව්වෙ මගෙ වෙනසක් තේරිලා වෙන්න ඇති..ඇත්තටම මටත් දැනෙනව මං ඉස්සරට වඩා උදාසීන වෙලා කියල..

"මොන ගෙට් එකද?"

"අපේ බැච් එකේ get together එක තියනව white lion හොටෙල් එකේ..ලඟදිම තියෙයි..තාම දිනයක් නෑ..මං එක්ක යමු."

"මට යන්න බෑ..ඒ ඔක්කොම උබේ යාලුවොනෙ..මාව ගැලපෙන්නෙ නෑ එතෙන්ට. "

"එහෙම එකක් නෑ සුද්දා..උන් මගෙ කසින් කිව්වම උබව දන්නව කොහොමත්"

"අහ්..ඒ කියන්නෙ උන් එක්ක මගෙ චරිතෙ ඝාතනය කරල ඇති "

මං කිව්වෙ භානු දිහා රවල බලන ගමන්.

"හ්ම්..හොදටම නැති කරල තියෙන්නෙ...යමන්කො බලන්න "

   භානු හිනාවෙලා හයියෙන්ම කියාගෙන කාමරේට එද්දි මාත් ඒ පස්සෙන්ම ආවෙ නිදාගන්න.

"සුද්දා මං මගෙ කාමරේට යන්නම් උබට තනියම නිදාගන්න ඕන නම්"

    භානු කිව්වෙ මගෙ ඇද ලඟට ඇවිත්.මෙච්චර දවසක් මං ලග ඉදල ..මට සලකල.. ..මං එක්ක එක ඇදේ නිදාගෙන..මට හොදටම හොද වුණාට පස්සෙ එයා දැන් යන්න හදන්නෙ මං තනියම නිදාගන්න කැමති හින්ද කියල මට තේරෙනව..ඒත් භානු යනව කියල හිතෙද්දි මට අමුතු පාලුවක් දැනෙනව...සමහර විට මං එයා එක්ක එක දිගටම ලගින් නිදාගෙන ඉදල ඒක පුරුද්දකට ගිහින් වෙන්න ඇති.

"කොහෙ යන්නද?..මෙන්න මේකෙ නිදාගනින්"

     මං ගාණකට නොගෙන කිව්වෙ ඇදේ ඇලවෙන ගමන්.භානුත් ඇදට පැන්නෙ මගෙ අවසරය දෙනකම් බලන් හිටිය වගේ....භානුට නින්ද ගියත් මට නින්ද ගියෙ නෑ...එක වෙලාවකට හංසි මතක් වෙනව..තව වෙලාවකට ශේෂාගෙ විකාර මතක් වෙනව..ඒ අතර භානු ත් හිතේ හොල්මන් කරනව..

    භානු ජීවිත කාලෙම වෙන කෙනෙකුට ආදරේ කරන්නෙ නැති වෙයිද..එහෙම හිතද්දි නම් මගෙ හිතට ගොඩක් අවුල්....මං නිකමට බැලුවෙ භානු දිහා.ඌ නිදි..මගෙ පැත්තට හැරිල....මූණ පුරා ඝන රැවුල වැවිල....ගොඩ දවසකින් කපල නෑ..ඔව්නෙ..පහුගිය දවස්වල කපන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති.මං අතින් හෙමීට එයාගෙ කම්මුල අතගෑව....ඒත් මට දැනෙන්නෙ නෑ එයා ආදරවන්තයෙක් විදියට..මං ආයෙත් හෙමීට එයාගෙ මූණට මගෙ මූණ ලං කරා.තොල් දෙක යන්තමට උගෙ තොල්වලින් තිබ්බ....අඩුම තරමෙ කිස් එකක් දෙන්නවත් හිතෙනවද කියල බලන්න..ම්හ්.. මං ආයෙත් ඈත් වුණා...

යදම්Where stories live. Discover now