යදම් - 61

1.2K 184 15
                                    


      ශේෂාගෙ මරණෙන් පස්සෙ පහුවදා ටීවී චැනල් , පත්තර , රේඩියෝ චැනල්වල ප්‍රධාන මාතෘකාව වුණේ ඒක..ශේෂාට වැරදි කීපයකටම චෝදනා තිබුණ.භානුව නිරපරාදේ වරදකරු කිරීමට අනුබල දීම එකක් විතරයි..මොන වැරැද්ද කරත් ශේෂගෙ මරණය මගෙ ඉස්සරහ වුණ හැටි මතක් වෙද්දි දැනෙන්නෙ හරිම අමිහිරි හැඟීමක්...හිතට කම්පනයක් වගේ....සමාජෙ ඉහල තලයක වැජඹුණු කෙනෙක් තත්පර ගාණකින් පහලම තැනට වැටෙන්න කැමති නෑ..ඒ වෙනස් වෙන මානසිකත්වය දරාගන්න එක ලේසියෙන් කෙනෙක්ට කරන්න බෑ..විශේෂයෙන් ශේෂා වගේ කෙනෙක්ට..

       භානු වැඩ කරන කම්පැණි එකේ සෙනුක මරණයට අපරාධකාරය විදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා...සුපර්වයිසර් නාලක මරණයට අනුබල දීමට වැරදිකරු විදියට සිර දඬුවම් නියම වුණා..අපරාධ භාර ගත්ත , ෆයිල් ලග තියන්, CD තැටි ලග තියන් පිලිවෙලට අපරාධ කරගෙන ගිය ලොක්ක..නන්දන එදිරිසිංහ...පාතාල සාමාජිකයෙක්...මිනිහත් සිපිරි ගෙට නියම වුණා..භානුයි මැරැණ ගෑණු ලමයගෙ ආදරවන්තයයි නිදොස් කොට නිදහස් වුණා...මගෙ ඔලුවට සැහැල්ලුවක් දැනුණෙ මෙච්චර කල් ඔලුව උඩ තියන් හිටපු ලොකු බරක් නිදහස් වුණා වගේ..

       නඩු තීන්දු දුන්නට පස්සෙ උසාවියෙන් එලියට ආවෙ මගෙ මැණික ගෙදර එක්ක යන්න..මං හිටියෙ යුනිෆෝම් එක පිටින්ම..අයාලුත් ඇවිත්..අපේ ගෙදර අය, මාම නැන්ද භානු වටකරගෙන..මාත් ඒ ලඟ හිටියෙ බමුණ වගේ රැවුල වැටුණ භානුගෙ මූණ දිහා බලාගෙන..ඒකත් අමුතු ලස්සනක්..ඒත් කොල්ල ඇදිල ගිහින් කියල පෙනෙද්දි පපුවත් හිර වෙනව.

  "සුදු පුතා...අනේ මගෙ කොල්ලව බේරගත්තට ගොඩක් පින්....මගෙ දෙයියො ..."

   හැමෝම භානු වටකරගෙන ඉද්දි නැන්ද මගෙ ලඟට ඇවිත් මගෙ අත අල්ලගත්තෙ ඇස්වල කදුලු පුරවන්..මං හිනාවුණේ නැන්දගෙ අත තද කරල අල්ල ගෙන..

"මං භානුව කොහොමත් බේරගන්න ව නැන්දෙ.."

"මං දන්නව මයෙ පුතේ.."

       නැන්ද මාව අතෑරල ආයෙමත් ගියෙ භානු ලඟට..ගෙදර හැමෝම භානු වටකරගෙන , බදාගෙන...එයාල ඉන්නෙ පුදුමාකාර සතුටකින්.මං ටිකක් ඈතට වෙලා බලන් හිටිය..ලගට යන්න මොකක්ද වගේ..දැන් එයාල හැමෝම අපි දෙන්න ගැන දන්නවනෙ..මගෙ පපුව ගැහෙන්නෙ සතුටටම. එයාල දන්නෙ නෑ මං ඉන්නෙ එයාලට වඩා මොනතරම් සතුටින් ද කියල..

යදම්Where stories live. Discover now