යදම් - 1

6.2K 299 9
                                    

     හායි ගයිස් , රහස් පරීක්ෂක කතාවකට කැමති ඔයාල වෙනුවෙන් ලියන අලුත්ම කතාව...මේක තාම ලියල ඉවර නැති හින්ද කොටසින් කොටස දිනපතා ලියල දාන්න බලන්නම්...❤

1 කොටස

      "හේෂාන් , මේක ඔයාගෙ පලවෙනි කේස් එක. හොදට කරන්න.. ගුඩ් ලක්.."

     නලින් සර් කිව්වෙ මට අතට අත දෙන ගමන්. ASP නලින් හේවාවිතාරණ.අපේ අපරාධ විමර්ශන කොට්ඨාසෙ ඉන්චාර්ජ්.

"Thank you sir..definitely I ll do my best."

    "ok..continue your investigations and Ayal will come with you.."

   උදේ දහයට විතර...මං ඩිපාර්ටිමන්ට් එකෙන් එලියට ආවෙ හිතට ලොකු ගැම්මක් එද්දි.... පොඩි ගැස්මක් නැතුව නෙමේ.ඒත් පුංචි කාලෙ ඉදලම අභියෝග බාර ගන්න තියන කැමැත්ත මාව මේ තැනට ගේන්න ගොඩක් උදව් වෙන්න ඇති.

  "හේෂ්...අපි crime area ( අපරාධ  ප්‍රදේශ යට )එකට යන්න ඕනෙ පුලුවන් තරම් ඉක්මනට. මං හිතන්නෙ විනාඩි විස්සකින් විතර ඇදගන්න වෙයි."

අයාල්ගෙ උනන්දුවත් එක්ක මං තව ටිකක් මෝටිවේට් වුණා.

     අපි දෙන්න තව නිලධාරින් දෙන්නෙක් එක්ක පුලුවන් තරම් ඉක්මනට වාහනේට නැග්ගෙ පමාවෙන තරමට සාක්ශි පවා නැතිවෙන්න පුලුවන් හින්ද....වාහනේ වේගෙන් ඇදුණෙ ටිකක් ගැමි පරිසරයක් තියන පැත්තකට.අපේ  කණ්ඩායමේ හැමදේටම රෙඩි වුණ  කීපදෙනෙක් හිටිය...මං ටිකක් දෙගිඩියාවෙන් හිටියෙ පලවෙනි කේස් එක හින්ද සාර්ථකව කරගන්න පුලුවන් වෙයිද කියල..ඒත් අයාල්ට ඒ තරම් ගාණක් නෑ...සමහරවිට මීට කලින් කේස් හතර පහක් ම හැන්ඩ්ල් කරල එක්සිපීරියන්ස් තිබ්බ හින්ද වෙන්න ඇති...

   අහ්.....   මං ගැන තාම ඔයාල දන්නෙ නෑනෙ...මුලින්ම මං කවුද කියල අඳුන්වල දෙන්නම්...

    මං හේෂාන් පතිරණ..කලුතර පැත්තෙ ඉන්න අවුරැදු විසි හයක කොල්ලෙක්..තාත්ත රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. අම්ම නම් මොකුත්.රැකියාවක් කරන්නේ නෑ.අක්ක මැරි කරල කැනඩාවේ ඉන්නෙ..ඒ හින්ද ගෙදර මායි අම්මයි තාත්තයි විතරයි...ආ...තව........ අපේ ගෙදර රැජින... අත්තම්මත් ඉන්නව.එයා අපේ ගෙදර විතරක් නෙමේ අපේ ගේ ලගම ඉන්න  නැන්ද ඒ කියන්නෙ තාත්තගෙ නංගිලගෙ ගෙදරත් රැජින තමයි.

යදම්Where stories live. Discover now