මට කාට හරි කියන්න ඕනෙ...ඒත් කාටද...අයියා, තේවි...ඒ දෙන්නට කිවුවොත් එයාලා කලබල වෙනවා...මට ඕනෙ නෑ මගේ කොල්ලාගේ ඔලුව විකාර කරන්න...exam එකට තව වාරයයි..
අනික මම මෙව්වා කියලා ඉතාලි ගිහින් එන ටිකට තේවි මෙහේ මොනා කරගයිද...ඌට කේන්තිත් යනවා...අප්පච්චි එක්කත් හිත හොඳ නෑ....
එහෙනම් ජෙනා අක්කට කියනවද ....බෑ බෑ...අක්කා කලබල වෙයි.. චන්දුට කිව්වොත් තේවි එකට ඉද්දි උගේ Mood වෙනස් වෙද්දී දැනෙයි..ඒක හරියන්නෙ නෑ..යුවාන්ලා මේවගේ අග මුල දන්නේ නැති නිසා උන් දෙන්නට මුල ඉඳන් කියන්න දැන් වෙලාවක් නෙවෙයි....
හොඳම කෙනා සෝසේ....ඔව්...ඌට ෂේප් රෑ වෙලා කියනවා...මෝඩ මගේ යාලුවා...
《》
ලාවට වැටි වැටී තිබුණු වැස්ස එකපාරටම වැඩි වෙලා දැන් විනාඩි ගානක් ගිහින්.. දිග කල්පනාව එක්කම ආපු මම අපේ ගෙවල් ගාව උඩ පාර ගාව weel එක නවත්තන කොට පියවි ලෝකෙට ආවා....රතු පාට ලොකු කුඩේ අරගෙන පොඩි ෂෝට් එක පිටින් පාර ගාවට ඇවිල්ල හිටපු තේවිව මට තද වැස්ස අස්සෙන් පේනවා...
රෑ වෙද්දි බං මෙතන බත්තරමුල්ල Main road එක හෙන කාර්යබහුල වෙනවා..හදිසියකට පාර පැන ගන්න බෑ..ඒත් weel එක අපෙ ගෙවල් වලට පහලට යන්න තියෙන පාර පැත්තට වෙන්න නවත්තන කොට තේවි weel එක ගාවට ඉක්මණට ආවා.. දමන්වර Uncle සල්ලි ගෙවලම මාව දාලා එව්ව නිසා මං ඉක්මණට බැහැලා කුඩේ අස්සට ගියා...
පාරේ ඉඳන්ම මගේ bag එකත් එයාම අරගෙන.. මගේ කරට අතත් දාගෙන වැස්සෙන් මාව පරිස්සං කර ගෙන ආපු එයා කාර්යබහුල Main road එකෙන් පහලට වැටිලා තිබ්බ අපෙ කොන්ක්‍රීට් පාරට ඉක්මණට අඩි තියල ආවා...
අපෙ ගෙවල් වලට පහලට යන පාර ලාවට අදුරුයි..අපි දෙන්නා විතරයි පාරටම..දෙපැත්තෙ උස තට්ටු ගෙවල් වල light එළි වලින් සැරින් සැරේ පාර එළි වෙනවා...
මගේ මූණ දිහා සැරින් සැරේ බල බල යන එයාගෙන් මං තවමත් ඇස් වල කඳුළු පිරුණු ඉදිමුනු ඇස් හංගන්න ලොකු ගේමක් දුන්නෙ බං...ඒත් පුලුවන් ද එයා එක්ක...
"ජානු...."
"ම්ම්ම්ම්...."
"මොකද වුණේ බං..."?
92 වෙනි කොටස 🧪
Comenzar desde el principio