92 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

ඔව් uncle අශ්වින්ව. ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ photos දැක්කම මට කියවන්න පුළුවන් අශ්වින් Uncle පොඩි කාලේ තිබුණු personality එක ගැන...maybe තේවිටත් වඩා ගොඩක් සොෆ්ට් කෙනෙක් වගේ මට Uncle පේන්නේ...ඒ හිනාව හරිම අහිංසක පාටයි...හරිම ආදරණීයයි....ලස්සනයි...cute

කොච්චර ලස්සන හිනාවක්ද ඒක...අපේ ඩෑඩ් වශී වෙන්න ඇති...නේද බං...තේවිගේ වුණත් ඉඳලා හිටලා මේ cute mode එක තප්පර ගානකට on වෙනවා.ඒත් මේ තරම් නෑ...

මට හිතාගන්න බැරි කවුද වැරදි කියලා...මොකද අපේ ඩෑඩ් අපේ එක්ක family bond එකක් හරියට තියාගෙන, අම්මා එක්ක ආදරෙන් හිටියා නම් මට වැරද්ද ඩෑඩ්ට දාන්න තිබුණා...

ඒත්...දැන් මොකද වෙලා තියෙන්නෙ කියලා උඹලා දන්නවා...ඩෑඩ් ඉතාලි ගිහින් තනියෙන් ඉන්නෙ මේ හේතුව නිසා කියලා මගේ හිත කියන්නේ...මම දන්නවා ඩෑඩ් අම්මා එක්ක ලොකු lovely bond එකක නෑ කියලා...සල්ලි එවනවා අපිට ඒක හරි  ..ඒත් ලොකු කාලෙක අම්මා, ඩෑඩ්,ලොකු, මම එකට එක මේසෙක කෑම කාලා වත් නෑ....අඩුම ගානේ සිංහල අලුත් අවුරුද්දකටවත්.....

පොඩි කාලේ මම ඕවට රණ්ඩු කරලා තියනවා...මම ඩෑඩ්ට වෛර කරපු දවස් තිබුණා...එයා අපිට,අම්මට ආදරෙ නෑ කියලා...ලොකු වුණත් ලොකුවට ඩෑඩ්ට close නෑ...ලොකු ආදරේම අම්මට...ඒත් බන් මං හිතන්නෙ නෑ ලොකූ වත් හීනෙන් වත් මෙහෙම දෙයක් හිතයි කියලා...

එහෙම වුණොත් අපේ ලොකු ඩෑඩ්ට වෛර කරයිද බං...මට තේරෙන්නෙ නෑ..ඒත්..මම ඉන්නවා ඩෑඩ්ට. ..කවුරු නැති වුණත්. මං අම්මට ආදරෙයි..ඒත්...අම්මට අයියයි, මමයි දෙන්නම ළඟ හිටියා..ඩෑඩ්ට කවුද හිටියේ...සයිමන් uncle එක්ක ඇල්කොහොල් විතරයි....

බලාගෙන යද්දී මේ දේවල් මගේ පොඩි ඔලුවට ඕනවට වඩා බරයි...මෙව්වා  සංකීර්ණ physics  ගාණක් හදනවටත් වඩා අමාරුයි බන් ...හෙට අනිද්දා Al ලියන්න ඉන්න මට මෙව්වා ඔලුවට ඇත්තටම බරයි...

_ආදර_සමීකරණ_Where stories live. Discover now