91 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

"ඉතිං පිහිදලා දෙනවා..ආආ...තියා ගන්න කිව්වේ නෑනෙ "

මගේ අත බලෙන්ම අරගෙන ලේන්සුව තියල අත ගන්න ගියත් තවමත් මූ මගේ මූණ හොඳට බලලා නෑ. ඒත් එකපාරටම ආයේ ඒ ලේන්සුව තිබ්බ අතින්ම ඇදලා මාව ළඟට ගත්ත එයා මම අමාරුවෙන් දාගෙන ඉන්න mask එක වේගෙන් පහත් කරලා එයාගෙ සීතල අත කලබලෙන් මගේ නළල උඩ තිබ්බේ ඒ හීතලටම මාව ඇකිලිලා යද්දි...

මොකද බං මගේ ඇඟ ගිනි රස්නෙයි...අර ඇඟ ඇතුළෙ දැනෙන්නේ උණ එද්දි අමුතු රස්නෙ මෙව්වා එකක්..අර බිත්තර තම්බන්න පුළුවන් වගේ ගිනියමක් ..ආආආන් එහෙම...

"ජා... නු ...උබට හොදටම උණ යකූ....මේ ගින්දර වගෙ ඇඟ..."

එයාගෙ සීතල අත මගේ රත් වෙච්ච මූණ පුරා යද්දි මට සනීප හැඟිමක් දැනුනා...දැන් තමා මූ මගේ රතු වෙච්ච නහයයි, සෙමට ටිකක් පිම්බුනු කම්මුලුයි දැක්කේ...

තේවිගේ ටිකකට කලින් තිබ්බ mode එක ඉක්මණට මාරු වුණා..උගේ ඇස් හරි කලබලෙන් මගේ මූණ පුරා යනවා...

"ඉතිං...උඹ දැන්ද දන්නේ...ඉස්සෙල්ලා ඉඳන් තිබුණා..."

මට ඕනෙ එයාගෙ අත් මගේ කම්මුල උඩ තද කරගෙන ඉන්න..ඒත් එකපාරටම යාලු වෙන්නත් බෑනෙ..මූ මාව ගනන් ගත්තෙ නෑනෙ ඉස්සෙල්ලා...huh...ඒ නිසා මම එයාගෙ අත් දෙක අයින් කරලා ආයේ ජනෙලේ අයිනට ගිහින් ෂටර් එකේ ඔලුව තියා ගත්තේ ආයේ mask එකත් දාගෙන...

"පැනඩෝල් දෙකක් බීලද ආවෙ..."?

"නෑ...ඕනෙ නෑ.."

ඕනෙ නෑ කියලා බෑනෙ...ෂික්..ආයේ එහෙට යනකම් bus එක නවත්තන්නේ නෑනෙ...ඉස්සෙල්ලා නවා අයියා දුන්න වෙලේ බිව්වේ නැද්ද ජානු...

"නෑ..එතකොට ලොකු අවුලක් තිබුණේ නෑ...අවුලක් නෑ ඔහොම යං.."

මම කිව්වේ ගහ ගන්න වගේ...පස්සේ මම අත් දෙක බැඳගෙන එලිය බලාගෙන හිටියේ...අපි ඉන්නේ පිටිපස්සෙ සීට් එකෙ නිසා දොර පැත්තෙන් එන හුලං එක්ක හෙන අමාරුයි බන්...මං හූඩි එකෙ තොප්පිය දාගෙන නෑ..ඒක දාගත්තම මට හොරෙන් මූ දිහා බලන්න බෑනෙ...මගුල..

ඒත් තේවි bag එකක් අවුස්ස අවුස්ස මොනාද හොයනවා...මොකද මට ලාවට උගුර රිදීගෙන එන්නේ මේ..මං මේ හිටියට ඉන්නේ ඔලුව උස්සන් ඉන්න බැරි තරම් අමාරුවක...අර බන් ඔලුව බර ගතිය එන්නේ...අන්න එහෙම...

_ආදර_සමීකරණ_Where stories live. Discover now