91 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

"ඒක නෑ..."

මම කිව්වේ ගස්සලා ජනේලෙන් එලිය බලලා.. හොදටම එළියේ වැස්ස නිසා ජනෙලේ වහලා තිබ්බේ..ඒත් ඒක මම ආයේ ඇර ගත්තේ මූව තව ටිකක් අවුස්ස ගන්න තිබ්බ ආසාවට..

ජනෙලේ ඇරපු ගමන් පින්න ඇතුළට හෝ ගාල එන්න ගත්තෙ පොඩි කුණාටුවක් වගේ...මෙහේ පින්නත් අයිස් වගේ...

"නෑ කිව්වේ....."?

"නෑ..කිව්වේ..ඒක left වෙලා..."

මං ඇඟිලි පටලවලා ආයේ ජනෙලේ පැත්තට හැරෙන්න යද්දි මගේ හූඩි එකෙන් ඇදලා ගත්ත මූ සරාආස් ගාලා ජනේලේ වහලා දැම්මේ මූණ යකා කරගෙන...

"Left...?? පින්න වැදුනම ඔය සෙම වැඩිවෙලා තෝව තමා left වෙන්නේ..පණ්ඩිතකම නම් තියනවා...ආහ්..පිහිදගන්නවා..."

තේවි සාක්කුවට අත දාල ගත්ත උගේ ලේන්සුව දෙද්දී මම මූණ බුම්මන් ඇට්ටර කමට බලාගෙන හිටියා..

"මටෝන්නෑඈඈ...."

මම දැක්කා එයාගෙ ඇහැ බැමක් ඉස්සිලා තොල් අස්සෙන් ලාවට දත් කූරු කනවා...

"මොකක්ද කිව්වේ..මොකද්ද...ආ...කෝ..මෙහෙ එනවා....ඕනෙ නැති මගුල් කරලා තව ලොකුකම නම් තියනවා..."

මූ මගේ අතින් ඇදලා අරගෙන මාස්ක් එක වේගෙන් ගලවලා නහය තදින්ම ලේන්සුවෙන් පිහිදද්දි නම් මට රිදුනා බන්....තරහටම මූ තද කරලා පිහිදැම්මේ...

"ආආආආව්...රිදෙනවා හුත්###......"

මම තේවිව තල්ලු කරලා දැම්මේ..සිරාවට මට රිදුන නිසා...

"ආ..එහෙනම් පිහිද ගන්නවා..."

මූ මට ලේන්සුව දික් කරද්දි මම වටපිට බැලුවේ අපේ විකාර බහුබූත හැමෝටම පෙනුනද කියලා..හොඳ වෙලාවට bus එකේ සද්දේ එක්කයි, උස සීට් නිසයි,සින්දු සද්දේ නිසයි ලොකුවට අපිව කාටවත් පේන්නේ නෑ...

"මටෝන්නෑඈඈ කිව්වනේ....ලේන්සු මඟුල් දුන්නම තරහ වෙනවලු ...දන්නේ නැද්ද එහෙනම්..."

මං මූණ බෙරි කරගෙන  තරහ ගිහින් කියද්දී නම් confused වෙලා මගේ දිහා බලපු තේවිට ලාවට හිනාවක් යනවා මම දැක්කා..ඒත් මූ ක්ෂණික Mood මාරු කරා ඇමේසන් කටුස්සා..

_ආදර_සමීකරණ_Where stories live. Discover now