80 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

"මොකක්ද යකූ කරන්නෙ..කෝ දීපිය. .."

මං රතු වෙලා...තේවිගේ අතින් මී පැණි බෝතලේ උදුරලා ගද්දි එයා මූණ ඇල කරගෙන බලාගෙන හයියෙන් හිනා වෙනවා...

"මොකෝ කොල්ලට ලැජ්ජ හිතිලා මේ...කරන්න හොඳයි..කියද්දී තමා ලැජ්ජ නේද..."?

"අනේ පලයන් යන්න....ආආ..මේක..බීපන්...නිවිලා ටිකක් හැබැයි..."

මං දුන්න කෝපි එක මූ මෙන්න උගුරට දෙකට බීලා...එයා මගේ රෑ ගලවලා දැම්ම ඔක්කොම ඇදුම් නවලා චන්දුගේ කාමරේ අස්සෙන් හොයා ගත්ත තිලකවර්ධන එකෙ bag එකකට දාල...

"කොහෙන්ද මේ bag එකක්...හි..හි..."?

"මුගේ මෙට්ටේ අස්සේ තිබ්බා..."

කෝපි කෝප්පේ පැත්තක තිබ්බ එයාගේ ඇස් තිබුණේ මගේ අතේ තිබුණු cream එක ගාව...මොකද මම ඒක දිහා දැන් බලාගෙන ඉඳලා හෙනම වෙලාවක් මමවත් දන්නේ නෑ...

"ජානු මොකක්ද බන් ඔය..."?

එයා ළඟටම එනකම් මම හිටියේ වෙනම කල්පනාවක බන්...

"Foundation cream එකක්...චන්දු දුන්නෙ...."

තේවි පුදුම වෙලා ඇහි බැම අකුලලා මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක් එක්ක..

"අ....ර ....මාර්ක් එක උදේ ඌ දැකලා...තේවි..පස්සේ ඌ දුන්නා මේක ගාගෙන යන්න පේන්නේ නෑ කියල..ගෙදර යද්දි..."

"අත්දැකීම් ඇති...එහෙනම්...ඌට..."

"ම්ම්ම්...ඌ club යනවනේ..."

එකපාරටම එයා මගේ අතේ තිබ්බ cream එක අරගෙන හරවා හරවා බලනව ඒ පාර...

"දැන් ගානවද...."?

"ම්ම්...ගාලා බලමුද ...:?

"කෝ දෙනව මං ගාන්නම්..."

ආයේ මට හෙල්ලෙන්නවත් නොදී තේවි මගේ අතින් ගත්ත foundation cream එකින් ටිකක් ඇඟිලි දෙකකට ගත්තෙ මගේ ඇස් දිහාම බලාගෙන...එයා නෑවට පස්සේ තවමත් කොන්ඩෙ තෙතයි...මේ මහ පාන්දර තවමත් සීතල වතුරින් නාලා ඉන්න මාව මුගේ ඔලුවෙන් ලාවට වැටෙන වතුර බිංදුවක් දෙකක් එක්ක ආයේ ගල් ගැහිලා...

"තේ...වි...අරූ..එයි. .අපි යන්න ඕනෙ..."

ඒත් කොහෙ යන්නද...එකපාර මාව බිත්තියට තද වුණේ එයා මගේ ගාවට හිමින් හිමින් එද්දි..ආයේ මට පස්සට යන්න ඉඩක් නැති වෙද්දී...

_ආදර_සමීකරණ_Where stories live. Discover now