74 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

"ඒත්...ඒත්...කොහොමද මං එහෙම කරේ...දෙය්යනේ..."?

ඇග ඇතුළෙ විතරක් නෙවෙයි පපුවේ දැනෙන වේදනාව එක්ක තේවි දිවාකර ගොඩක් අසරණ වෙලා...ජානුට ගහපු දකුණු අත දිහා බලාගෙන හිටපු තේවිට එයාවම එපා වෙලා...

"අපි බලමුකො බන්...සමහරවිට ජානු හවස class එකට එයිනේ "

"Sure නෑ බන්...ඔහොම වුණාම එයා බලන්නේ තනියම ඉන්න"

නළල දෙපැත්ත තදින් මිරික ගත්ත තේවි පන්තිය ඇතුළෙ full noraml ඉන්න උත්සහ කරේ ඔවුන්ගේ පංතියේ වුණත් ඔත්තු බලන්න මොක්කු ඉන්නවද කියලා විශ්වාස නැති නිසා...






12 E පංතියේ ඔහොම දේවල් සිද්ධ වෙද්දී පාසලේ තවත් පැත්තක ඔවුන් නොසිතූ දේවල් සිදු වෙමින් තිබුණා..

අතේ නියපොතු 10 ම හප හපා හිටපු ගණිත අංශයෙම පිරිමි ලමයෙක් හිටගෙන හිටියේ ස්කොලෙ කාර්යාල කාමරේ ගාව ළඟ එළියේ..ටිකකින් දුවගෙන ආපු තවත් පිරිමි ලමයෙක් ඔහුට එකතු වුණා...

" මේකලා Miss ආවද බං..."?

"තව නෑ..."

"අන්න අන්න එනවා..."

ටිකකින් ආපු office staff එකෙ වැඩ බලන miss මේකලා සාමාන්‍ය ලෙස හිනා වෙමින් ඔවුන් දෙදෙන අසලට ආවා..miss මේකලා කියන නම මතකද....ජානු ගෙ නම හොයාගන්න අශ්වින්ට උදව් කරේ..අන්න එයා..

"මොනාද ආරංචි...උදේ සිද්ධියෙන් පස්සේ..."?

"ජානු ගෙදර ගිහින්..."

"ම්ම්...එතකොට තේවි...??"

"ඌ නම් පංතියේ...ඒත් Miss...අපි මේකට මොකද කරන්නෙ..."?

එක් පිරිමි ලමයෙක් අතේ තිබුණේ නිල් පාට ස්ටිකි නෝට් එකක තුනට හතරට නවපු චිට් එකක්...

"ඕක ජානු දැක්කේ නෑ කියල Sure නේ..."??

"ඔව්..Miss .."

"ම්ම්ම් එහෙනම් විසික් කරලා දාන්න.."

"අපි චිට් එක ගැන කියන්න ඕනි නැද්ද..."?

"එපා..ඕක ජානු දැක්කේ නැති නිසා කියන්න ඕනි නෑ.. අනික ඕකේ මහ ලොකු දෙයක් ලියල නෑනෙ...ඒ නිසා වැඩක් නෑ මොකද දැන් වෙන්න ඕනි දේ ඔක්කොම ඉස්සරහ වුණානේ...ඕක විසික් කරලා ඔය ළමයි දෙන්න යන්න...තේවි ගැන search එකෙ ඉන්න..."

_ආදර_සමීකරණ_Where stories live. Discover now