74 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

ඒත් උදේ සිද්ධියෙන් පස්සේ ඔක්කොම ආයේ එළියට ගියාම ආයේ ඒ පොත බැලුවත් ඒක එතන තිබුණේ නෑ..ඒක කොහෙත්ම ජානු දැක්කේ නෑ කියලා දැන් නම් තේවිට හොඳටම sure...මොකද ඒක දැක්ක නම් ජානු උදේ ඔහොම හැසිරෙන්නේ නෑ ..

තමන්ගේ එවෙලේ හැසිරීම තාත්වික වුණත්..හිත අස්සෙන් මිලියන වාරයක් තේවි ඇඩුවා...ඒ බෝල අහිංසක ඇස් දිහා එවෙලේ එක පාරක් වත් කෙලින් තේවි බැලුවේ නැත්තේ ඒකයි...එහෙනම් ඔහුට තම අප්පච්චි වෙනුවෙන් මේ රඟපෑම සාර්ථක ලෙස කරගන්න නොහැකි වේවි..

මොකද තේවි දැනටමත් දන්නවා ඔහුගෙ අප්පච්චිගෙ ඔත්තු කාරයෝ දැනටමත් මේ සිද්ධිය ඔහුගෙ කනේ තියල ඇති බව...ඒ ඔවුන් විරසක බව..එය නොවේද අශ්වින්ට ඕනි වුණේ...

මොකද තේවි වුණත් හරියටම දැනගෙන හිටියේ නෑ ඔහු වටේ ඉන්න කවුරු කොහොම අප්පච්චිට ඔත්තු දෙනවද කියල..ඒ නිසාම ඔහුට මේ රඟපෑම අධි තාත්වික ලෙසම කරන්න කුඩා කැපවීමක් කරන්න වුණා ඔවුන් දෙදෙනාම වෙනුවෙන්...ඒත් ඒක දරුණු වුණා කියල ඔහුට දැන් දැනිලා...

අන්තිම දවසේ තමන්ව Dr දමන්වරගේ ගෙදර නවත්තලා යද්දි අප්පච්චි කිව්ව දේවල් තවමත් තේවිගේ කන් අස්සෙ දෝංකාර දුන්නා...

"ඒ කොල්ලා එක්ක කිසිම ඇයි හොදයියක් ආයේ බෑ පොඩි...ඔයා ඉල්ලපු නිසා මං ඒ පංතියේම ඔයාට ඉන්න දෙනව...හැබැයි..ඔයා ජානු ගාව ඉන්න බෑ..තේරුණානේ..."?

"මං හොඳට ඇහ ගහගෙන ඉන්නෙ...අන්න ඒක ඔය ඔලුවට දාගන්න...ආයේ ඔක්කොම අත් ඇරලා නුවර එන්න ආසයි නම් ඔයා ඕන දෙයක් කරන්න..කිසි ප්‍රශ්නයක් නෑ...හැබැයි එතකොට නීති තවත් වැඩි වෙයි...පුතා ඒකට කැමති නෑනෙ..."?

"ඒ නිසා ස්කොලෙ ගියේ A/L කර ගන්න නම් ඒක හොඳට කරගෙන පාඩුවේ එන්න..."

ඒවා මතක් වෙද්දී ආයේ තේවිගේ ඔලුව රිදෙන්න ගත්ත,මොකද අප්පච්චි තමන්ගේ Phone එක පවා ට්‍රැක් කරලා...ඒ නිසාම ජානුව බ්ලොක් කරන්න පවා උදේ සිද්ධ වුණා..මේ හැමදේම ජානු කොහොම දරා ගනීද කියල ඇත්තටම තේවි හිත ඇතුලෙන් සෑහෙන්න බය වුණා..

"ජානු ගොඩක් ඇඩුවද දන්නේ නෑ යොමාල්....ආආආආ...ෂික්...."

"ඌ strong බන්...හිතන්න එපා..."

_ආදර_සමීකරණ_Where stories live. Discover now