67 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

"ඕනි ඕනි වෙලාවට එන්නයි යන්නයි...මට class cut වෙනවා ඕයි...එහෙනම් මොන මගුලක් ද මේ...අනික අනික අක්කේ...අප්පච්චිගෙ පරණ තරහවල් වලට අපි පලි නෑනෙ..මේක අසාධාරනයි..."

"පොඩි...මම දන්නවා ඔයාට තරහ යනවා කියලා..ඒත් ගෙදර එනකම් කලබල කරන්න එපා මල්ලි...please ජානු ගැන හරි හිතලා.."

"අ...අ...ක්කේ ....එයා මං නැතුව ඉන්නේ නෑ.හලො...සතියක් miss වුණා පුංචිලා ගෙදර ගියපු නිසා..මැරිලා වගේ හිටියේ..අද ගෙදර ආවම කොච්චර සතුටකින්ද දන්නවද ඉන්නේ..ආආ...මං..ම...මම...කොහොමද එහෙම කරන්නෙ...අක්කේ...."

බැල්කනි එකේ අත් වැටට එක අතක් තද කරගෙන හිටපු තේවිට කවදාවත් නැතුව කඳුළු ආවා..ඔව්...එයාට ඇඩුනා..මොකක්ද මන්දා ලොකු බයකින් හිත පිරිල යද්දි යටි තොල තදින් හපා ගෙන සද්දේ පිට වෙන්නෙ නැති වෙන්න එයා කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න දුන්නා...

තේවි හොදටම දන්නවා තමන්ගේ අප්පච්චි කවුද කියලා..ඒත් හොඳට හැමදේම වෙද්දී එකපාරටම ඇයි මෙහෙම දෙයක්...ඒ කියන්නේ අප්පච්චි ජානුගේ ඩෑඩ්ව දන්නවද..මොකක්ද එයාලා අතර ඔච්චර තියෙන තරහ...ඕවා හිතලා හිතලා ඇත්තටම තේවි හිටියේ පිස්සෙක් වෙලා..

"පොඩි...අඩන්න එපා මල්ලි...මේ අහන්න...ඔහෙන් ගියා කියලා ඔයාට ජානු miss වෙන්නෙ නෑනෙ..ස්කොලෙ ඉද්දි, class වල ඉද්දි හම්බවෙනවනෙ..අනික අපිට කලබල වෙලා මොකුත් කරන්න බෑ...දන්නවනේ අප්පච්චිට සැක නොහිතෙන්න කරන දෙයක් කරන්න ඕනේ.."

ඒත් ස්කොලෙවත්, class වල වත් ලෝකෙට හොරෙන් ඔවුන්ගේ අසම්මත හැඟිම් බෙදාගන්න නිදහසක් මේ reality ලෝකේ තියනවද...ඔවුන් නිදහසේ ඔවුන්ගේ අත් අස්සේ ගුලි වුණෙ මේ වගේ ගෙදර ඉද්දි විතරයි..ඒක දන්නේ ඔවුන් විතරයි...ඔවුන් විතරක් දන්න අහිංසක පිරිසිදු හැඟිම් පිරුණු රෝමාන්තික හෝරා...

"මොනාද අක්කේ අපි කරන්නෙ..  මට බයයි ඕයි....මට..මට...මට එයා ළඟ නැතුව ඉන්න බෑ.."

"දෙය්යනේ පොඩි...."

"අක්කේ...අනේ මට බෑ..."

"පොඩි...මේ අහන්න සුද්දා...මේ..මං ඉන්නවා..ම්ම්ම්..ඉතිං අපි මේ දේවල් හිමින් විසදගමු...හැබැයි ඔයා ආවම අප්පච්චි එක්ක කට ගහගෙන යන්න බෑ..එහෙම වුණොත් දන්නවනේ නිදහස නැති වෙයි..."

_ආදර_සමීකරණ_Where stories live. Discover now