50 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

මොනා වුණත් Dj අය්යා තෝරලා තිබුනෙ මරු සින්දු ටිකක්...කොත්තමල්ලි පැනි කොමඩු වගෙ...සමහර ඒවා මෙලොව ගැලපීමක් නෑ. ඒත් ඉඳල ඉඳල ලස්සන පැණි කොමඩු මේ වගෙ සින්දු එක්ක ඉතිං බීපු බියර් වල power එක වානා දානවා...

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනෙ බලා....//

තුරුළු වෙලා යං පාවෙලාආආආආආ....
දුර ඈත කඳු පිරුණු සිහිනෙ බලා...//





නිවී නිවී පත්තු වෙන පාට පාට light එළි එක්ක ළඟ ඉන්න එවුන්ගේ මූණු වත් පේන්නේ නැති කොට මගේ අත් එයාගෙ බෙල්ල දෙපැත්තේ දිගට වැටිලා තිබුනෙ...

සිංදුව එක්කම ටික ටික මගේ ඉණ වටේ එයාගෙ අත් ඇවිල්ලා සැරින් සැරේ පැටලෙන කොට..ටිකක් තදට මත් වෙලා ඉන්න මට මහ අමුතු හැඟිමක් දැනුනෙ...වටේම කන් අඩි පැලෙන්න සද්දේ නිසා මං තව අඩි දෙකක් ඉස්සරහට ලං වුණා...

"තේවි...."

"ම්ම්ම් ...මොකෝ..."?

"මට wash room යන්න ඕනනේ...ඉස්සෙල්ල ඉඳන් හිරකරගෙන ඉන්නෙ...අනේ මොකද කරන්නෙ..."?

සිරාවට බන් මම කටේ ගහගෙන අර බියර් බීලා..මට සැරටම චූ බරයි..ඒත් ඉතිං මේ රෑ කළුවරේ අර කොණක තියෙන wash room යන්නේ මොකාද ...අනික තව ටිකකින් මේක ඉවරත් වෙයි...

"ටිකක් ඉවසන් ඉන්න බැරිද ජානු .තව ටිකකින් ගෙදර යනවනේ..."

"අනේඒඒඒඒඒ...බෑ....මට යන්න වගේ...අපි යමුකො..තේවියා..."

"උබට හොදටම වෙරි බන්...මේ බලනවා...ඇස් දෙකත් රතු වෙලා ගිහින්...කොච්චර බිව්වද ආහ්..."?

"සූඌඌඌඌඌට්ටයි....baby....ඔයා එනෝ නේද යන්න..මගෙත් එක්ක...නැත්නම් මම තනියම යන්නම්..."

"තනියම...මේ රෑ...හොඳට තියෙයි...මෙලොව සිහියක් නැතුව ..වරෙන් යන්න..."

අපි දෙන්නා අර නටන කොල්ලො ගොඩ අස්සෙන් තෙරපිලා තෙරපිලා...එලියට ආවා..හැබැයි පුතේ මට කෙලින් යන්න පුළුවන් තත්වයක්.....??? නො.....😁

_ආදර_සමීකරණ_Where stories live. Discover now