46 වෙනි කොටස 🧪

Start from the beginning
                                    




මං ඇන්දේ  සරමේ නිල් පාටට වඩා තද අර බන්..කළු නිල් තියෙන්නෙ අන්න ඒ පාට අත් කොට shirt එකක්...අයියත් කිව්වේ මට අත් කොට අඳින්න කියලා...එතකොට මගේ අතේ උඩ මස්ල් එහෙම ගාණට cut වෙලා පේනවා ඉතිං...

එතකොට මගේ අතේ උඩ මස්ල් එහෙම ගාණට cut වෙලා පේනවා ඉතිං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




සෝසේටත් ලස්සන අත් කොට...ඌ කොට නිසා එහෙම ඇන්දම හෙන cute...ඌ ඇන්දේ ඇත් දල පාට අත් කොට shirt එකක්...ලස්සනයි කොල්ල ඉතිං...ඌත් කිරි බත් කෑල්ල වගෙ හිටියට ලස්සනට අත් වල මස්ල් එහෙම හදාගෙන ඉන්නෙ...athletic කරද්දි  තියෙන fit ඇගක් තියෙන්නෙ සෝසේට...

අපි 3 දෙනා ලෑස්ති වෙලා කොන්ඩෙ එහෙම ලස්සනට හදා ගෙන එද්දී ඉතිං වෙලාව හරි..සුලකන්න අයියා 7 වෙනි පාරටත් මට call ගන්නවා...ආවද ආවද කියල...මම තව මෙහේ හැඩ වෙනවා  ..😅..ලස්සනට ඉන්න එපැයි...මං ඉතිං සංවිධායක කමිටුවේ එව්වා මෙව්වා සංවිධානය කරන්න ඉන්නවා...ඒකයි මූ මේ බෙරිහන් දෙන්නේ...අද ඉතිං අපිට Phone එහෙම අරගෙන යන්න පුළුවන් ස්කොලෙට...

තවමත් උදේ වෙලාව 6 45 වගෙ...මං bag එක ඔක්කොම හදාගෙන ඕනි කරන ඒවා දාගත්තද  බැලුවා...කොහොමත් අද ඉතිං රෑ වෙනවා...අපි අද රෑ ගෙදර එන්නේ නෑ බන්...අය්යලත් නෑනෙ එක්ක එන්න .

එයාලා දැන් අපිව ස්කොලෙට දාල  ආයේ campus එකට යයි...DJ එක එහෙම කීයට ඉවර වෙයිද... මන්දා...අම්මට ඔය වෙලාවට එක්ක එන්න ආයේ එන්න  බෑනෙ...

පුන්චිලා ගෙදර යන්න කියලා අම්මා නම් කිව්වේ...ඒත් ඔය රෑ  පුන්චිට වද දෙන්න බෑ..  අපිට ඊලගට ලගම ටියාන්ලා ගෙදර...ඒ නිසා අපි ඔක්කොම එහෙ යන්න  permission ගත්තා...

Section එකෙ කට්ටියට එක එක කැවිලි බාරගන්න වුණානෙ...ඉතිං අපෙ අම්මට ඕවා හදන්න වේලාවක් නැති නිසා අපි ලේසිම දෙයක් බාර අරගෙන ආවා...පොල් ටොපි...ඕක හදන්න ඉතිං අපිටත් පුළුවන්නේ....

_ආදර_සමීකරණ_Where stories live. Discover now