34 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

"ඒත් ඉතිං practical හරියට උඹල කරගන්න ඕනේ ස්කොලෙන්....ඒ  නිසා අපි එකදිගට මේ ටික ඉවරයක් කර ගමු....free period හම්බුනාම අතන මෙතන උඩ දාන්න යන්නේ නැතුව chemistry lab එක free ද කියල ඇවිල්ල බලලා මට පණිවිඩයක් දෙන්න ඕනේ...කෝ...යොමාල්...ඉන්නවනේ....??"

"ඔව් මැඩම්...."

"හරි....තව දෙයක්....අද බොහෝ දුරට ශිෂ්‍ය නායකයෝ තෝරන්න පන්ති වලට එන කතාවක් කිව්වා...මේ පාර තෝරලා දෙන්න කියල තියෙන්නෙ පන්ති බාර  අපිට...ඉතිං  දෙන්නෙක් ගන්නවා ලමයි..එක පංතියකින්...මං තෝරලා දීලා ඉවරයි....නම්...එයාලා ආවම ඔයාලාට කියයි...."

අම්මෝ....මැඩම් කාව තේරුවාද මන්ද යකූ....බඩ බොක්කත් දනවා ....අපේ ස්කොලෙ පන්ති නායක පට්ටමක් ගන්නවා කියන්නෙත් ආයේ හෙන ගැම්මක්...එතකොට ශිෂ්‍ය නායක පට්ටමත් එහෙමයි....ලේසියෙන් ඕකට තේරෙන්නෙ නෑ....මුළු පන්තියම ඕක ගැන කසු කුසුව....

මං ඉන්නෙ එයා ගාව නෙවෙයි...මොකද ඉතිං එයා ගාව ස්කොලෙ ඉඳන් වැඩිය ඉන්න හොඳ නැහැ...මොකද මට මාව control නෑනෙ...ඊටත් වඩා එයා නොකිව්වට එයාට වුණත් එහෙම අමාරු ඇති....මගේ කොල්ලගේ අයින්ස්ටයින් mod එක නැති කරන්න ඕනේ නෑනෙ...ඒ  නිසා මං එයාට දුරින් ඉදගත්තෙ....

"මේ බල්ලො....කාව මැඩම් තෝරලා ඇද්ද...."??

සෝසේ ඇහුවේ මගේ අතේ කොනක බලි රූපයක් අඳින ගමන්...මුගේ ගාව ඉන්න බෑ...මූ හිතන් ඉන්නේ මං කැටපත් පවුරක් කියලා......

"අනිවා යොමාල් ඇති...ඌ තමා හොඳම..."

"ඒත් ඉතිං බං ඕකට දෙකම කරන්න පුළුවන්ද ...අනික උඹ දන්නවනේ ඌ...ඉගෙන ගන්න පැත්තට හෙන බර පොරක් කියලා...."

"ම්ම්ම් අනේ මන්දා බං...බලමුකො..."

"මේ ඒක නෙවෙයි....ජානු..."

"ආහ්??"

මූ මගේ මූණ කොනක ඉඳන් scan කරනවා.....ඒ පාර....

"උබේ මූණේ හෙන පෙම් පාටක් තියනවා යකූ....මොනා හරි වුණාද...."?

"?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ආදර_සමීකරණ_Where stories live. Discover now