29 වෙනි කොටස 🧪

Začať od začiatku
                                    

"අඩේ නෑනෙ බං...මං ඒක දාල ඇවිල්ලා..පන්තියේ first add box එකේ තියනවා නේ හිටපන් මම අරගෙන එන්න..."

"සෝසේ එපා....දැන් හරි වගෙ...වැඩි වුණොත් ගාමු ..."

මූ මගේ දිහා අමුතු විඳියට බලල ආයේ වාඩි වුණා ...එතකොටම අරුන් දෙන්නා ඔන්න foot ball practice ඉවර වෙලා දාඩිය නාඟෙන දුවගෙන ආවා....

"අම්මෝ මහන්සි.....වතුර එකක් දීපල්ලා...."

ටෝටො මගේ වතුර බෝතලේ අරගෙන බීගෙන බීගෙන ගියේ ආයේ මාස ගානක් වතුර බීලා නෑ වගෙ...

"මේ..තේවි...අවුරුද්දට නිවාඩු දෙන්න කලින් basketball ball මැච් එකක් තියනවලු...දැන් එද්දි ජනිත් sir කිව්වේ...අපිට එකදිගට after school ටික දවසක් ඉන්න වෙයි වගෙ..."

"අඩේ ...බන්...class නම් cut කරගන්න බෑ ඔන්න...උඹලා දන්නවනේ chemistry class එක කොහෙත්ම cut කර ගන්න බෑ...පස්සේ ස්කොලෙ ඒවත් නෑ...class එකේ ඒවත් නෑ....එක්කෝ උදේට දාගන්න බැරිද බන් sir ට කියල...."

"ම්ම්...ඒක කතා කරලා විසදගන්න නම් පුළුවන්...බලමුකො...වාර විභාගෙත් ළඟ එනවනේ බං...ඒක ඉස්සෙල්ලා කර ගන්න එපැයි..."

"ඔව්..ටෝටො...තව සතියයි ඒකට...උඹලා දෙන්න ෂෝට් නෝට් book හැදුවනේ...."

"ඔව්..chemistry හැදුවා....උබත් හැදුවනේ ...අඩේ අඩේ....මොකද බන් අද නිකන් වැස්සක් පායලා වගෙ.....කතා පෙට්ටිය වැහිලා...මොකෝ..ජානු...."?

මං ඉන්නෙ බන්...හෙන අමාරුවෙන්...මුන් දන්නවා ඇයි රෙද්ද ඒක...මම මූන්ගේ කතා අහගෙන ඉන්න ගමන් board එකේ තියන පැවැරුම ලියනවා....

ඒත් මම නිකමට බලද්දි යුවාන් ඉන්නෙ හෙනම කල්පනාවක...දාඩිය දාල ඌව හොඳට රතු වෙලා...ඌ තමා අපේ එවුන්ගෙන් සුදුම...සුදු කියන්නේ ආයේ ලිලී පාට...අව්වේ ගියාම ආයේ නිකන් තක්කාලි සෝස් වෙනවා....

"මේ...මොකෝ අරූ..."??

මම ටෝටොට අතින් ඇනලා ඇහුවේ ඇහෙන් යැගියව පෙන්නලා...

"ඌට මල පැනලා ඉන්නෙ ඔය..පාඩුවේ ඉන්න දීපන්...දන්වන්නේ...හැටි..."

"ඇයි යකූ මොකක්ද වූණේ..."?

සෝසෙත් එහෙන් හොම්බ දාගෙන ආවා...අපිටත් ඉතිං ඕපයක් කිවුවම...ආයේ ඉතිං....දන්නේ නැද්ද....

_ආදර_සමීකරණ_Where stories live. Discover now