17 වෙනි කොටස 🧪

Start from the beginning
                                    

"යකූ...ඔච්චර මිරිකන්න එපා ඕකව මැරිලා යයි ....."

මොනා වුණත් මරන්න ඕනෙ නෑනෙ...

"ඌ උඹව kiss කරානේ ....ඉතිං...."

සිරාවට එයාට එහෙම කියවුනා....පස්සේ හිනා වෙලා ගෙම්බා මිරිකළා අල්ලගෙන ඌව එළියට දාන්න අරන් ගියා...

ඒත් මොකක්ද ඒ කිව්ව කතාව....ඌ උඹව kiss කරානේ ????????යාආආආආආ...මොකක්ද දෙය්යනේ ඒ  මූ කිව්වේ.....නො නො....over හිතන්න එපා පුතේ උඹ පිස්සෙක් වෙයි....

මං ඒක හිතන එක ටිකකට පැත්තක තියල තේවි ගෙ  සුවඳ body wash එක හොඳට ගාලා ගෙම්බා ගෑවුනු තැන් තදින් උලලා උලලා  හේදුවා රතු වෙනකම්....ගෙම්බෝ ගෑවුනාම කබර දාන කතාවක් මම අහලා තියනවා...ඉතිං භය වෙනවනේ  ...

ඇඟ සෝදගෙන සුවඳ බෝලේ වගෙ එද්දි...එයා නෑ..පහලට යන්න ඇති...මං ඇදුමක් දාගෙනම ආවේ...මං යන්න ගියත් මගේ ඇහ ගියේ එයා බදාගෙන හිටිය කෝට්ටේ ගාවට...ඒක බදාගෙන ඉඳලම පොඩි වෙලා...

මට නොදැනුවත්ම මගේ තාම තෙත කකුල් එතැනට මාව ඇරගෙන ගියා...මං එහෙමම ඒ ලොකු කෝට්ටේ ගත්තෙ අවසිහියෙන් වගෙ...සිරාවට මට පිස්සු නේද බං...ඒත් මට ඕනි වුණා ඒක තුරුල් කරන් එයා ඔච්චර විඳින හැගිම කොහොමද බලන්න....

ඒක ලොකු සුදු පාට පුළුන් කොට්ටයක්....එයාගෙ මුළු සුවඳම ඒකට කා වැදිලා....ඒත් මට එකපාර දැනුනේ හරි පුරුදු සුවඳක්....ඒ.....ඒ....මගේ ඕඩිකොලොන්ග් ...සුවඳ.....ඒත්...ඒක මේකේ.....කොහොමද.....?😳

මෙහෙමයි ඕක සාමාන්‍ය වෙන්න තිබුණා ඒක normal ලංකාවේ ඕඩිකොලොන්ග් එකක් නම්.....එයා ගාව ඒක තියෙන්න පුළුවන්...කෝට්ට වලට දාන්න පුළුවන්...That's normal  ....but.....

මේක මගේ ඕඩිකොලොන්ග් සුවඳ.....ඒක තමා....ඩැඩා මට ඉතාලි ඉඳන් එව්ව සමන් පිච්ච, ගාඩ්නියා ලොකු කොලොන්ග් එක.....ඒක වෙනම සුවඳක්...මම හෙනම ආසයි ....හරි අහිංසක සුවඳක් ඒක....

ඩැඩා ඕක මටම එවලා තිබුනෙ...මං බබා වගෙ නිසා....බබා වගේ කියන්නේ එහෙම තොත්ත බබා වගේ නෙවෙයි හොදේ...අම්මට, තාත්තට මං ඉතිං තාම හුරතල් කොල්ලෙක්...මේ පණ්ඩිතයා වගෙ කියෙව්වට....

ඒත් ඒක මේ කෝට්ටේ....ඇයි????

මගේ මුළු පපුවම ආයේ ගැහෙනවා..මට හොඳටම sure එදා මම මේ room  එකේ ඉද්දි නිදාගත්තේ මේකේ නෙවෙයි කියල...එතකොට....???

_ආදර_සමීකරණ_Where stories live. Discover now