සංකීර්ණ ඇති...ඒ වුණාට විද්‍යාතමිකව ඔන්න මම කිව්වා....උබලට...ඕක තමා දැන් වූණේ..ලොකුවට හිතන්න එපා..😁
මම ඉන්නේ උණු කිරි තේ එකක පොඟවලා තියෙන බිස්කට් එකක් වගෙ ටික ටික දිය වෙලා යන ගමන්...හැරිලා බලන්න එපා...හැරිල බලන්න නම් හිතන්න වත් එපා ජානු...මූ මේ උදේ පාන්දර මාව seduce කර කර ආච්චිගේ රෙද්දක් කරනවද...මූ මගේ කියලා crush කරගෙන හිටියට මෙහෙම නොසිතූ මොහොතකට මූණ දෙන්න මං දන්නේ නෑ බං...
ඒ වුණාට මට ඉතින් බැලුනා....එයාගෙ මූණ දිහා...පස්සේ එකපාර මං යටි තොල හපාගෙන ජනෙලෙන් එළිය බලලා තේවිට පේන්නේ නැති වෙන්න ලොකු හුස්මක් අරන් පිට කරා...මොකද එයා මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා...දරාගන්න බැහැ යකූ...
පස්සේ එයා අමුතු හිනාවක් එක්ක සෝසේ එක්ක කතාවට වැටුණා...මං ආයේ ඒ පැත්ත පලාත වත් නොබලා එළිය බලාගෙනම ගියා..ඒත් මගේ පපුව අස්සේ කොනිත්තන හැගිම් නිසා ඒක වේගෙන් ගැහෙන එක නම් අඩු වෙන්නේ නෑ ලොවෙත්...හොඳ වෙලාවට ඒ වෙද්දී අපි ස්කොලෙට ඇවිල්ලා මොකද අපි ආවෙ high way එකේ නිසා වේගෙන් එන්න පුළුවන් වුණා...
අද උදේ chemistry period එක free මොකද අපේ වසුන්දරා මැඩම් කට්ටිය එකතු කරගෙන මල ගෙදර යන්න ලෑස්තිය..මොකද මං උඹලට කලින් කිව්වා හිමංශු අයියා අපේ ස්කොලෙ හිටපු කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් කියල..හෙට මරණේ දවන නිසා අද ස්කොලෙ කට්ටිය ගොඩක් මළ ගෙදර යයි...මැඩම් යන්න කලින් වැඩ දීලා තමා යන්නේ ඉතින්.. ..එද්දි කරලා තියෙන්න ඕනි...ආයේ කට්ටි පනින්න බැහැ...
අපේ monitor උතුමාණන් board එකේ වැඩ ටික දානකන් මම ඩෙස්ක් එකේ පත බෑවිලා හිටියා...අද මං තේවි ගාව වාඩි වූණේ නෑ..එයා බිත්තිය අයිනෙ...මම එහා කෙලවර...ඊයේ රෑ වුණ දේවල්...අද එද්දි වුණ දේවල් එක්ක මගේ පපුව තියෙන්නෙ සාමාන්‍ය තත්වයේ නෙවෙයි...ගින්දර පුළුන් ළඟ තියන්න බෑ කියල කියන්නේ කට කහනවට නෙවෙයි නේ...එන්න එන්න මගේ හිතේ එයා ගැන තියෙන දේවල් සංකීර්ණ වෙනවා...අපි යාළුවෝ නම් එයා ඇයි එහෙම කරන්නෙ...සමහර විට උගේ හිතේ එහෙම අදහසක් නැතුව ඇති...මම ඔක්කොම වැරදියට තේරුම් ගත්තට...
9 වෙනි කොටස 🧪
Start from the beginning