_ආදර_සමීකරණ_

By NethmaDissanayake

89.2K 14K 11.9K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
100 වෙනි කොටස 🧪

99 වෙනි කොටස 🧪

557 89 70
By NethmaDissanayake

22 years ago....

A/N POV


අද දෙසැම්බර් මාසේ එක හීතල වැහි පිරුණු අදුරු දවසක්... ජනාකීර්ණ කොලඹ නගරය දෙදරවන වැස්සක් හවස වරුවේ ඉඳන් කඩාගෙන වැටෙන්නේ... තමන්ගේ සීමාවාසික වෛද්‍ය පුහුණු කාලේ අතරතුර නිවාඩුවක් නිසා හදිසියේ ආයේ කොලඹ ආව තරුණ දමන්වර නම් වැස්ස ගැන ලොකු මනාපයක් නෑ වගේ...

උදේ ඉඳන් ගෙදරට වෙලා ඉඳල කම්මැලි වුණත් මේ වැස්සෙ එළියට බහින්න හිතකුත් ඔහුට තිබුණේ නෑ..දන්නෙම නැතුව රාත්‍රිය උදා වුණත් කියවන්න ගත්ත නව කතා පොත බිම තියන්න කම්මැලි ඔහු අම්මා, තාත්තා තමන් එන බව දැන දැනත් හදිසියේ ගියපු විනෝද ගමනට දෙහි කප කප හිටියේ මූණ දෙහි ලෙල්ලක් කරගෙන..

කවුච් එකෙ හොඳට කකුල් දිග ඇරගෙන හේත්තු වෙලා හිටපු ඔහු විශාල බට්ටා ඔරලෝසුවේ වෙලාව බලද්දි රාත්‍රී 7 ලෙස සටහන් වෙලා තිබුණා...ඒත් පරිසරයේ අදුර රෑ 10,11 වගේ .

රාත්‍රී ආහාරය ගැනීමට පෙර තව පිටු දෙක තුනක් කියවන්න අවධානය ඔහු යොමු කරත් ඉස්සරහට ගේට්ටුවට කවුරු හරි තදින් තඩි බාන සද්දේ එක්ක තිගැස්සිලා ගියේ මේ වෙලාවේ එන කෙනෙක් ඔහුට හිතාගන්න බැරි වෙද්දී...

ටිකකින් ගේට්ටුව ඇරෙන හඩත් ටික වෙලාවක නිහඩ තප්පර දෙක තුනකට පස්සේ වේගෙන් දුවගෙන එන අඩි සද්දේ නම් දමන්වර හොදාකාරවම දන්නවා...

"දාස....මොකද මේ භය වෙලා..හොල්මනක් වත් දැක්කද..."?

හොල්මනක් දැක්ක වගෙ බයවෙලා ඉන්න තමන්ට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ගෙදර වැඩට අත් උදව්වට ඉන්න කොලුවා දැක්කම දමන්වර ඇහුවේ පොත පැත්තක තියලා වේගෙන් කවුච් එකෙන් නැගිටින ගමන්...

"බේබි මහත්තයා....දෙය්යනේ ඉක්කන්ට එන්නකො...කවුද ඇවිත් ඉන්නේ බලන්න..."

"කවුද බං....භය කරන්න එපා.....කියපන් කවුද...."?

ඔහු අහන්න කලින් කඩි මුඩියේ විශාල කුඩයක් හොයාගෙන දිග ඇරපු දාස ඔහු සමගම මේ වැස්සෙ එළි බැස්සේ තවමත් බාගෙට විවෘත ගේට්ටුව ගාවට..ගේට්ටු පියන දෙපැත්තට වෙද්දී එතන හිටගෙන හිටපු පුද්ගලයා දුටු තරුණ දොස්තර මහත්තයා එසැනින් ගල් ගැහුනා කිව්වොත් නිවැරැදි....

තප්පරයක්....දෙකක්....තුනක්....පියවි සිහිය එලඹවා ගන්න බැරුව හිටපු ඔහු නැවත තිගැස්සුනේ දාසගේ කෑ ගැහිල්ලට....

ඔව්....ඔහු පුදුමයෙන් පිරවූ ඒ දසුනට හිමිකම් කිවූ කෙනා එකපාරටම ක්ලාන්ත වුණ නිසා...

"දෙය්යනේ.....දාස ...අල්ලපන්...ඉක්මණට...ගෙ ඇතුලට....යමු...ඔය කුඩේ විසික් කරලා වරෙන්....මනුස්සයෝ.."

තෙත බරිත්තම් වූ සැහැල්ලු තරුණ සිරුරක් ඔසවන්න ඔවුන්ට මහ අමාරුවක් වුණේ නෑ...වැහි වතුර අකාරුණික ලෙස ඔහුව තෙමලා තිබුණා...තෙත පිටින්ම කවුච් එකෙ ආගන්තුකයා හාන්සි කරපු ඔවුන් වේගෙන් හුස්ම ගත්තෙ තවමත් පුදුම වෙලා...

"කන්දේ දේවාලේ හාමුදුරුවනේ.....මේ බේබි මහත්තයගේ කොලඹ ස්කොලේ කාලෙ නුවර යාලුවා බන්ඩාර මහත්තයා නේද..."

"හ්ම්....දාස...අර විස්කි බෝතලයක් අරන් වරෙන්. "
.
"ඒ...ඇ..ඇයි....බේබි මහත්තයා...බන්ඩාර මහත්තයා බොන්නේ නෑනෙ..."

"උබට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ අරගෙන වරෙන්.....ඉක්මණට මගේ ඇදුමකුයි, තුවායකුයිත් එක්ක..."

ඉක්මණට ඇදුම් මාරු කරලා අලුත් ඇදුමක් එක්ක කවුච් එකෙ වැතිර ඉන්න ඔහුගෙ දුර්වල ගැහෙන සිරුර තුවායෙන් නැවත තෙත මාත්තු කරපු තරුණ දොස්තර මහත්තයා දාස ගෙනාපු විස්කි වීදුරුව ඔහුගෙ නාසයට ලං කරලා ටිකක් ඔහුගෙ දෙතොල් මත තැවරුවේ ඒ විනාඩියෙන් ඒ මූණ බෙරි වෙලා සිහිය එද්දි ...

"බුවෑඈඈඈක්....."

තමන්ගේ තරුණ දොස්තර මහත්තයගේ දෙතොල් මත යන්තම් හිනාවක් ඇදෙනවා දාස දුටුවා...දාස දන්නවා තමන්ගේ තරුණ දොස්තර මහත්තයගේ ස්වර්ණමය පාසල් කාලෙ විස්තර හොඳටම..

"ආආආආආ.....දමේ.... ....මම බොන්නේ නෑ...මට ඇල්කොහොල් පේන්න බෑ කියලා උබට අමතක වෙලාද "

"I know ..ඒත් පේන්න බෑ කියන්නෙත් ප්‍රේමයක් ආශු...."

"විකාර "

ඒ විඩාබර ඇස් දැක්කම කියන්න පුළුවන් ඔහු ආවේ කලබල ගමනක් බව... ඒත් ඔහු තවමත් සිත් අලවන තරම් අහිංසක රූපයක් තිබුණු කඩවසම් තරුණයෙක්...කුඩා කල ඔහුට තිබුණ ආවේණික හුරතල් ගති තවමත් වෙනසක් වෙලා නැහැ...කියලා දමන්වර දන්නවා...

පොඩි කාලේ ස්කොලෙදි හොඳට තෙල් ගාල පැත්තට නීට් එකට කොන්ඩෙ පීරලා රැල්ලක් නොහිටින්න uniform එක iron කරලා උඩ බොත්තම වෙනකන් shirt බොත්තම් දාගෙන පිලිවෙලට හිටපු ඔහු තමන්ගේ විසේකාර කොලඹ ගැන්සියට කෙසේ පෑහුනාද කියලා තවමත් දමන්වරට පුදුමයි...

ඒ නුවරින් ආපු දුප්පත් කොල්ලගේ සන්සුන්, අහිංසක, බයාදු ,කුළෑටි, හුරතල් ගති වලට තමන්ගේ දඩබ්බර හොඳම යාලුවා කෙසේ වශී වුණාද කියලත් අදටත් දමන්වරට නම් ප්‍රහේලිකාවක්...

පහුගිය මතක ඇවිස්සෙන කොට හදවත ගල් පුරවලා වගේ බර වෙද්දී හුස්මක් පහලට දාපු තරුණ දමන්වර ලාවට තෙත කොන්ඩෙ අතින් පැත්තට පීරන් නැගිටින්න ගියපු ඔහුව නැවතත් වාඩි කරා...

"දාස. ..ඔහොම බයිස්කෝප් එකක් දිහා බලාගෙන ඉන්නෙ මොකද දැන් උඹ ..කලින් අපි දෙන්නව දැකලා නැද්ද...මේ බණ්ඩාර මහත්තයට තේ එකක් හදාගෙන කන්න මොනා හරි අරගෙන වරෙන්..."

"මට කන්න බෑ...දමේ...ම...ට ...ම...ට...උබේ උදව් ඕනෙ....."

සැරින් සැරේ සාලේ එල්ලලා තියෙන ලොකු බට්ටා ඔරලෝසුව දිහාට යන වෙනදට දිළිසෙන ඔහුගෙ නිල් කොළ පාට ඇස් අද ලේ බොර පාට වෙලා ... තරුණ දමන්වර දොස්තර මහත්තයගේ නිගමනයකට අනුව නම් ඒ අධික නිදි මැරීම, මහන්සිය, ඇඩීම කියලා කියන්න පුළුවන්...

තවමත් මොකුත්ම නොකියන ඔහු ඒ මී පැණි පාට කෙට්ටු අතක් උඩ තමන්ගේ අත තද කරා. ඉස්සර පොඩි කාලේ සිනිදු කෙට්ටු දෑත් තවමත් ඒ වගේ...ඉස්සර තමන්ට අල්ලන්න වත් තහනම් මේ කොල්ලව එක්කෙනෙක් සින්නක්කර ලියාගෙන හිටපු දවස් දමන්වරට හොඳට මතකයි..

"දන්නේ කොහොමද...."?

"මං කොහොම හරි දැන ගත්තනේ...please බන්. මේ උදව්ව විතරයි...."

"ආශු යන්නෙ තව රිද්දන් එන්න තේරුමක් නැති ගමනක්...."

"කමක් නෑ ..මාව එක්ක යන්න දමන්වර...අනේ...පින් සිද්ධ වෙනවා ...ම....ම....ට....එයාව..අන්තිම පාරට බලන්න ඕනේ...බන්....."

ආයෙත් ඒ ලස්සන දිගැටි ඇස් තෙමෙන කොට දමන්වර අහක බලා ගත්තෙ පපුව රිදෙන නිසා...

"පරණ තුවාල පාරගන්නේ ඇයි ආශු....මං ආස නෑ උඹ ආයේ රිද්දන් එනවට ...අනික වෙච්ච දේවල් ආයේ හරි ගස්සන්න බෑ කියලා උඹ දන්නවා...හොදටම...තවමත් උඹ ඌ වෙනුවෙන් කඳුළු හලනවද බං...ආහ්.."

"වැරදි මං....මමයි වැරදිකාරයා.....මමයි කලබල වුණේ...මුරණ්ඩු වුණේ....එ...එයාට...බනින්න එපා දමන්වර.....එයාට බනින්න එපා....."

"අශ්වින්.....දෙයි හාමුදුරුවනේ උඹ තවමත් ඌට ඉස්සර වගේම ආදරෙ කරනවා කියලා නම් මට කියන්න එපා....මෙච්චර දේවල් වුණාට පස්සේ...උබ සොහානිට , අර පොඩි එකී ඉද්දි....මොනාද බන් කරන්නෙ...මේ..."?

ආශු තදින්ම දමන්වරගේ අත අල්ල ගත්තෙ තවමත් හෝ ගාල වැටෙන කඳුළු වලට ඔහේ බේරෙන්න දීලා...

"සෝහට මගේ අතින් නොදැනුවත්වම වැරැද්දක් වුණා කියලා උඹ දන්නවා දමන්වර....ඒ නිසයි මට දරුවට වග කියන්න වුණේ...මට තිබ්බ දරුවා නැති කරන්න ....ඒත් මට එච්චර හයියක් නෑ දමන්වර. ..ඒ කෙල්ල අහින්සකයි....මට පැලෙන්න ආදරෙ කරා,campus කාලෙ මගේ හොඳම යාළුවා වුණා...ඒත් මගේ හිතේ කවදාවත් සෝහා ගැන හැගීමක් තිබිලා නෑ...."

"මගේ පපුව ගැහුනේ කාටද කියලා මම උබට අමුතුවෙන් කියන්න ඕනෙද දමන්වර...."

"මං දන්නවා....හොදටම දන්නවා.....උඹ තවමත් ඌ වෙනුවෙන් නැහෙනවා කියලා....ඒත් ඌ උගේ මහ ලොකු ඩැඩාගේ proposal එකනේ පිළි ගත්තෙ අන්තිමට...හහ්....මගේ කෙල්ල.....ඒ මං love කරපු කෙල්ල අශ්වින්.....මගේ..චායා.....බලාගෙන ගියාම ඌ අපි දෙන්නටම කෙලවලා....."

"දේව්ට ඔහොම කතා කරන්න එපා බං....මම කළබල වුණා..පිස්සුවක් නැටුවා ඔය දේ දැන ගත්ත දවසෙ..ආයේ හදන්න බැරි වැරද්දක් වුණා...ඒත් ඒත්...මගේ හිත කවදාවත් පිළි ගන්නේ නෑ දමේ....මගේ දේව්ට පුළුවන් ද බන් වෙන කෙනෙක්ට ආදරෙ කරන්න....නෑ...නෑ...එයාට බෑ....මටත් බෑ....."

"මිනිස්සු වෙනස් වෙනවා කියලා ඇයි ආශූ තේරුම් නොගන්නේ....උඹ තවමත් ආදරෙන් අන්ධ වෙලා .අනික ආශූ.....උඹ දැන් තාත්තා කෙනෙක් බන්....උබට කසාද ගෑනියෙක් ඉන්නවා....පොඩි දරුවෙක් ඉන්නවා...මට තේරෙන්නෙ නෑ සොහානි මේවා දැන ගත්ත නම්....උඹ මොනා කියලද මේ ගමන ආවේ..."

"මම කිව්වේ නෑ...මම ආවා "

"ආ....ශූ...."

දෑත් දෙකින්ම ඔලුව අල්ලන් අත් දෙක වැලිමිට උඩ තද කරගෙන ඉන්න ඔහුගෙ පීඩනය දමන්වරට නොපෙනෙනවා නෙවෙයි...

"උඹ මාව එක්ක යනවනම් එක්ක පලයන් දමේ...නැත්නම් මම යනවා..."

එහෙම්ම දනිසට අත් දෙක බර කරලා නැගිට්ට ආශූ යන්න ගියත් ආයේ ඔහුව කවුච් එක උඩට වැටුණා...

"උඹ මුරණ්ඩු වෙලා....අරූ හුරතල් කරලා...ඔහොම හිටපන් මේ තේ එක බීලා. මම ඇදුමක් දාගෙන එන්නම් ඉක්මණට Flight එක කීයටද කිව්වේ..."

"11 ගාණක් ලු....දමේ.... මේ මට කොලෙකුයි පෑනකුයි ඕනෙ.."

"දාස ......බන්ඩාර මහත්තය ඉල්ලන දෙයක් දීපන්...අපි කටුනායක ගිහින් එන්නම්...රෑ කන්න අපි එනවා...තව මොනාහරි හදපන්..."

"හරි බේබි මහත්තයා..."

දාස ගෙනත් දුන්න සුදු කොළ එක දෙක වල තීන්ත පෑනේන් පිරිලා යද්දි වේගෙන් මොනාද ලිව්ව ඔහු ඒ ටික නවල කහ පාට තැපැල් කවරයකටත් දැම්මේ දාස කට ඇරගෙන බලාගෙන ඉද්දි....

"මොකෝ දාස...."

අවුරුදු 23 වෙච්ච අශ්වින් තවමත් කුඩා කල පුරුද්දට ලියද්දි යටි තොල හපා ගන්නවා...ඒ වගේම ඔහුගෙ දිග ඇඟිලි තීන්ත පෑන හසුරුවන හැටි බලන්න හරි ලස්සනයි...

"බන්ඩාර පොඩි මහත්තයා හරි වේගෙන් අකුරු ලියනවනේ....බලාගෙන ඉන්න ආසයි...අච්චු අකුරු වගේ ලස්සනයි "

"මට පුරුදු වෙලා දාස...ස්කොලෙ කාලේ ඉඳන් වේගෙන් ලියනවනේ මම. ..දාස දන්නේ නෑ ඔයාලගෙ බේබි මහත්තයා හරි කම්මැලි notes ලියන්න...ඉස්සර මැඩම්ලගෙන් ගුටි කන්නේ අකුරු හකුරු වගේ කියලා "

"මං මොකද නොදන්නේ බන්ඩාර මහත්තයෝ....අපේ බේබ් මහත්තයයි, දේවනාරායන මහත්තයයි හෙන අමාරු කාරයෝ නෙව ඒ දවස්වල ඉඳන්...දෙන්නගෙම පොත් වල ලියලා දෙන්නේ මහත්තයනේ..."

"ඒ දවස් හරි ලස්සනයි දාස ...."

ඔහුගෙ මුවින් ලොකු සුසුමක් පිට වෙනවා දාස වුණත් දැක්කා.

"අපේ බේබි මහත්තයා පහු ගිය කාලේම හෙන හිතේ අමාරුවෙන් හිටියේ කියලා ලොකු නෝනලත් කතා වුණා.....දේවනාරායන දොස්තර මහත්තයගේ කසාදේ නිසා...කසාද බැඳලා මහ කාලෙකුත් නෙවෙයිනේ මෙච්චර ඉක්මණට නෝනා දාල රට රාජ්‍ය වල යන්නේ කියලා ගම්මු කියනවලු....ඒත් ඉතිං දේවනාරායන මහත්තයා නම් ඕවා ගණන් ගන් නෑ..."

"ම්ම්ම්....ඉගෙන ගන්න යනවා කියලා ආරංචි...."

ආශුගේ පපුව වේගෙන් ගැහිලා යනවා ඔහුව මතක් වුණත්....දැනුත් ඒ නම ඇහුනත් ඇති ඇස් වලට කඳුළු පිරෙන්න.

"කවුද කවුද ඉගෙන ගන්න යන්නේ ආශු...."

ඇහි බැමක් උස්සන් දෙන්නගෙ කතාවට ලාවට කන දාගෙන ආපු දමන්වර ඇහුවේ shirt අත් උඩට නවන ගමන්. ..ඒත් ඉක්මන් වෙලා මූණ හංගපු තමන්ගේ පරණ මිතුරගේ කඳුළු දමන්වර දැක්කේ නෑ...

"ආආආ. ..මේ දාසට ඉංග්‍රීසී ඉගෙන ගන්න ඕනේ කිව්වේ...."

ආශු කිව්වේ කෙළිලොල් හිනාවක් එක්ක දාසට ඇහැකින් ඉඟි මරල...

"ආආ...පර සුද්දන්ගේ භාෂාවට බනින දාසම එහෙම කිව්වද...හාකෝ හාකෝ....යං පරක්කු වෙනවා. ..:"

මහ වැසි වැටෙන රාත්‍රී වෙලාවක ඔවුන් දෙදෙනා වාහනේකින් පිට වුණේ කටුනායක ගුවන් තොටුපළට මහ දුරක් නැති නිසා හෙමින්...මොකද තරුණ දමන්වර දොස්තර මහත්තයගේ අම්මලා මහ ගෙදර තිබුණේ ජනාකීර්ණ කොලඹ තදාසන්න ප්‍රදේශයකම වෙච්ච නිසා...

"ආශූ...."

"ම්ම්.."

"මොනාද ඔය ලිව්වේ...."

"ඒක රහසක්...."

"දැන් ඕක දෙන්නම ඕනෙද....ඌට. ."

"ඔව්..."

"මං හිතුවේ අපි හොරෙන් බලලා එනවා කියලා...අපි දෙන්නම තරහ කර ගත්තෙ නැත්නම් අද මෙහෙම වෙන්නේ නෑනෙ.."

"මම තරහ නෑ දමේ....මට එයාගෙ ආදරෙ විශ්වාසයයි....දේව්, චායව බැන්දේ එයාගෙ ඩැඩ් නිසා...වෙන්න ඇති.."

"රෙද්ද....දේව්ට බැරි වුණා උඹ වෙනුවෙන් කෙලින් තීරණයක් ගන්න...මොකද...ඌට ලොකු උන්ගේ පවුල...නම්බුව. .."

තමන්ට මූණ ඇද කරගෙන ඉන්න දමන්වර දිහාට මුදු හිනාවක් දුන්න ආශු ආයේ තමන්ගේ අතේ තියෙන ලියුම දිහා බලාගෙන හිටියා...

"අපි ලෝක සම්මතෙන් පිට ගියාට හැමෝම ඒක දිහා විවෘත වෙලා බලන්නේ නෑ දමේ....ලෝකෙ හරි නපුරු තැනක්....දේව්ගේ පැත්තෙ කතාව අහන්න ඔයාවත්, මමවත් මෙච්චර කල් උත්සහ කරේ නෑනෙ...අනික එයා මගේ පැත්තෙ කතාව වත් හරියට දන්නේ නැතුව ඇති ....අපි අපිට දොස් කියාගෙන පිස්සෝ වගේ හැසිරුනා මිසක් "

"මම එන්න හිටියේ. ..wedding එක ආරංචි වුණාම ආයේ මාව ෂොක් වුණා. ..ඒ හැම පීඩනේම පිට වුණේ සොහානිගෙන්...."

"ම්ම්....පොඩි එකීට වයස කීයද. ..ආශු දැන්. කෙල්ල දැන් ලොකු ඇති..."?

"අවුරුදු 3 යි..ජෙනායට තියෙන්නෙ මගේ ඇස්..ඒත් කෙල්ල සොහානි වගේමයි..පොඩි එකී මට හරි ආදරෙයි බං...ඒත් දරුවා දැක්කම මට මාවම එපා වෙනවා...."

" අයියෝ.....අඩන්න ඔට්ටු නෑ ....දවසක එන්නම්කෝ මං කෙල්ල බලන්න...ඔන්න අපි ආවා. ...බහිමු. "

ආශුගේ පිටට තට්ටුවක් දාගෙන වාහනේ පැත්තක නතර කරපු දමන්වර වාහනෙන් බැස්සේ වටපිට ගැන හොඳ අවධානයකින්. Airport එක ඇතුලට දෙන්නම ගියේ ඉක්මණට...

"ඇතුලට ගිහින් නැතුව ඇති නේද දමේ...ගොඩක් වෙලා තියනවනේ....":

Departure එකෙන් ඇතුලට යන ගමන් ආශුගේ ඇස් වටේම හෙව්වේ නෙක නෙක මිනිස්සු අතරේ එකම එක රුවක්...

"බලමු. ...අපි මේ අයිනක ඉමු. ...ආවොත් පේනවනේ. ..වරෙන්. .."

වෙලාව ටික ටික ගෙවෙන කොට Airport departure එකෙන් ඇතුලට ආපු සුපුරුදු රුව හරියටම අවුරුදු 3 කට පස්සේ ඇස් දෙකට දකිද්දී එහෙම්මම ඉඳගෙන හිටපු තැනින් ආශුව නැගිට්ටුවා....ඔහුගෙ දඩබ්බර කොල්ල තවත් කඩවසම් වෙලා. ..අලුත්ම කොන්ඩ විලාසිතවකින් ඔහුව මෙහෙම දකින පළවෙනි පාර මෙය නොවුණත් ආශු දන්නවා දේව් කොන්ඩෙ ගැන සැලකිලිමත් වෙන හැටි...

"අනේ දෙය්යනේ.....දමේ. ... ඒ...දේව් නේද......එයා වෙනස් වෙලා....දැන් ඉතිං දොස්තර මහත්තයෙක්නේ...."


හුරුපුරුදු රුවක් දැක්කම තිබුණු හැම තරහක්ම ,ඉන්නෙ කොහෙද කියලා අමතක වෙලා ඒ වෙලාවේ ඒ තප්පරේ අතරමං වෙනවා වගෙ. ..ආශුගේ කකුල් ඒ පැත්තට දුවන්න ගියත්...ඊට ටිකක් පිටිපස්සෙන් ආපු කාන්තා රුව දුටු සැනින් ඔහු ඉද්ද ගැහුවා වගේ නතර වුණේ පිටිපස්සෙ පුටුවක වාඩි වෙලා හිටපු දමන්වරටත් නැගිටෙද්දි.....

ඒ. ..චායා රන්දිමා රඹුක්වැල්ල. ....තරුණ දේවනාරායන දොස්තර මහත්තයගේ සුරූපී බිරිඳ....ඇය වෘත්තියෙන් හෙදියක්...

මේ වෙලාවේ දුටු අනපේක්ෂිත දෙයක් නිසාම දුරින් ඉඳන් මෙතෙක් වෙලා බලාගෙන හිටපු සම වයස් තරුණ මිතුරන් දෙන්නෙක් තක් බීර් වෙලා බලාගෙන හිටියේ ගැහෙන හදවතකින්....

"ද.....මේ......ඒ ...ක...කව්ද. ...ඒ. ...ද..
..රුවා. ..දේ.....ව්ගෙද.....නෑ. ...නෑ......නෑ කියපන් ...එයා...නෑ. .නෑ....."

දේව් බැන්දා කියලා දන්නවා වුණත්...දරුවෙක්.....මෙච්චර ඉක්මණට....හදන්න ...ආශුට දැනුනෙ ලෝකෙ කැරකෙනවා වගෙ හැගීමක්...

"ආ.....ශු.....සන්සුන් වෙයන්. ...මේ. ..මගේ දිහා බලපන්. ...සුද්දා. ..මේ. .."

ඒත් බෙල්ල හරවලා දමන්වර ඇදගෙන යන්න යද්දි ඒ පැත්තම ඇස් ලොකු කරගෙන පිස්සෙක් වගේ බලාගෙන ඉන්න ආශුව control කර ගන්න දමන්වරට අමාරු වුණා...දරුවා මහ ලොකු දෙයක් නෙවෙයි කියමුකො....ඒත් ආශූට රිදෙන්නේ ඒ caring එක එක්ක ඔහු පෙන්නන ආදරේට....ඉරිසියාව....පුපුර පුපුර වාන් දානවා...

චායගේ අතේ ඉන්න අවුරුද්දක් වගේ වයසක් කියලා හිතන්න පුලුවන් පොඩි බෝල කොලු පැංචෙක් තමන්ගේ කඩවසම් තාත්තගේ පැත්තට අත දික් කර කර හෝ ගාල අඩනවා....

ගමන් මලු lagage ගොඩක් එක්ක දේව් කළබලයෙන් ඇතුලට යන්න කලින් කුඩා කොලු පැංචව ටික වෙලාවක් වඩාගෙන හුරතල් කරන්න ගත්තෙ හුස්ම ගන්න වත් මතක නැතුව ඔහු දිහා දුර ඉඳන් බලාගෙන ඉන්න ආත්මයක් වියරු වැටෙද්දී.....

දේව්ගේ නෑයෝ ගොඩක් ඉන්නේ ඉතාලි නගරයේ කියලා කුඩා කාලේ ඉඳන් ඔහුගේ මිතුරන් දන්නවා...අදත් ගුවන් තොටුපොළට පවා වැඩිපුර ඇවිත් තිබුණේ චායගේ හිතවතුන්...

ටිකකින් දරුවා බිරිඳගේ අතට දුන්න කඩවසම් තරුණ දේවනාරායන දොස්තර මහත්තයා තමන්ගේ ළඟම දැවටෙන ඇයගේ නළල මත හාදුවක් තැබුවේ ඇතුලට යන්න තප්පර දෙක තුනකට කලින්...

ඒත්....සලාන්.........හදවත් දෙකක්ම කුඩු වෙලා ගියේ ඒ දර්ශනය එක්කම චායා ඔහුව ආයෙත් ඇදලා මූණ පුරා සිපගෙන සිපගෙන යද්දි ...දරු පැටියත් ඔවුන් තුරුලෙම ආසාවෙන් ගුලි වෙලා.....තමන්ගේ පියා හැරදාලා යන්න බෑ වගේ හයියෙන් ඔහුව පුංචි බෝල අත් වලින් අල්ලන්....

දුරින් බලන කෙනෙක්ට එය පුංචි පවුල රත්තරන් වගේ ලස්සන දර්ශනයක්....!

හුස්ම ගන්න අමාරු වෙද්දී....ආශු ඉන්නෙ හොද සිහියෙන් නෙවෙයි කියලා දමන්වරට දැනුනෙ තමන්ගේ ලඟින්ම ඉන්න ඒ ඇග ගැහෙන නිසා....ඒ දිගු ඇඟිලි අස්සේ ලියුම් කවරයක් පොඩි වෙද්දී දමන්වරව තල්ලු කරලා ඒ පැත්තට යන්න ගියත් ඔහුගෙ ශක්තිමත් අත් බාහු ආශුව තද කරලා අල්ල ගත්තෙ Airport එකෙන් එලියට වේගෙන් ඔහුව ඇදගෙන යද්දි ...

"උබට මෙච්චර රිදෙන්නේ ඇයි.. උබටත් නෝනා කෙනෙක් ඉන්නවා දරුවෙක් ඉන්නවා...ඉතිං උබලා දෙන්නා සමාන නැද්ද...."

ඒත් ආශුගේ අහිංසක කොළ නිල් ඇස් වියරුවෙන් දමන්වර දෙසට හැරුණේ කවදාවත් දැකල නැති ඒ ඇස් දෙකේ පෙනුමට ඔහු පවා තිගැස්සෙද්දි ...තප්පරේකට.......ආශූ මැරුනා.....ඒ අශ්වින් ඉසිවර බන්ඩාර......

"ගෑනියෙක් දරුවෙක් හිටියා කියලා ඌයි මමයි සමානයි....හහ්....බලපන් ඉබින හැටි තුරුල් කරගෙන...උඹ විශ්වාස කරයිද දන්නේ නෑ...ඒත් සොහානිට දරුවෙක් දෙද්දීවත් මං ඒකිව kiss කරේ වත් නෑ.....අද වෙනකන් එකට නිදාගෙන නෑ....එදා විතරයි එකට අපි හිටියේ...ඒකත් මං එයාව තුරුල් කරගෙන වත් නෑ....අවුරුදු 3 ක් ගිහින් මම මගේ දරුවා ඉබලා හුරතල් කරලා නෑ....මොකද කෙල්ල සොහානි වගේ නිසා..."

"මම නරක අප්පච්චි කෙනෙක් වෙන්න ඇති දමන්වර...ඒත් මට ආදරෙ කරන්න පුළුවන් වෙලා තිබ්බේ අන්න අරූට විතරයි....ඌට මම පැලෙන්න ආදරෙයි....ම....ගේ ....දේව්.....ඒත්....ඌ...කසාද බැඳලා හොඳට ඉන්නවා..මාව මතක වත් නෑ....නෑ...නෑ.....නෑ ..බොරුකාරයා...බොරුකාරයා...."

"වෛර කරනවා....උන්ගේ ලේ වලට...උන්ට...උන්ගේ ඔක්කොම එවුන්ට...මගේ දේව් ආයේ මගේ ළඟට එන්නේ නෑ දමන්වර. .....එන්නේ...නෑ...."

දමන්වරව කවදාවත් නැති ශක්තියකින් තල්ලු කරලා Airport departure එකෙන් එලියට ආශූ වැටී වැටී වේගෙන් දුවලා යද්දි එතන එකම කලබැගෑනියක් වුණා..

වටේම අයගේ අවධානෙ ඒ පැත්තට යද්දී ඇහුනු සද්දේ එක්ක දේවනාරායන ඒ පැත්තට හැරෙන්න ගියත් පොඩි එකා අඩල අවධානෙ එයාට ගත්තෙ ආයේ කාලෙකින් ඩෑඩ්ගේ රස්නෙ තියා හුලගක්වත් වැදෙන් නෑ කියලා ඉවෙන් වගේද නැත්නම් දෙවියෝ බලලා වගේ අනාගතය වෙනුවෙන්ද කියලා දන්නේ උඩ ඉන්න කෙනාම තමා...

දරුවා නිසා දේව්ට එතන වෙච්ච දේවල් මග ඇරිලා ගියා...ආශු පස්සෙන්ම දිව්ව දමන්වර හති දාගෙන එළියට දිව්වත් ඒ වෙද්දිත් ආශූ වාහන එන පාර පැත්තට පිස්සෙක් වගේ දුවලා තිබුණේ අතේ තිබුණ ලියුමත් ගුලි කරගෙන...

ඒත් තදාසන්න පාරේ පිස්සෙක් වගේ දුවන ආශූට හැම පිරිමියම පෙනුනේ දේව් වගෙ...car අස්සේ එකට යන කපල් පවා පෙනුනේ චායයි, දේව්යි එයාට ඔච්චම් කරනවා වගෙ...ඔක්කොම විකාර වෙලා ලොකේම කැරකෙන කොට දමන්වරට අල්ලන්න වත් බැරි තරම් දුර අර මහ රෑ පාරේ ඔහු දුවලා තිබුණා...හොඳ වෙලාවට වැස්ස තිබුණේ පායලා...

ඔලුවට උඩින් ගුවන් යානා ගොඩක් එයාගෙ දේව් අරගෙන යනවා ආශූට මැවී මැවී පෙනුනා...ආශූ ඔලුව අත් දෙකින්ම බදාගෙන කෑ ගැහුවා පිස්සෙක් වගේ....මිනිසුන් හැරී හැරී බලාගෙන ගියා...පාර මැද්දෑවෙම හිටපු නිසා පිටිපස්සෙන් කලබලෙන්ම Airport යන්න ආපු සුඛෝපභෝගී වාහනේක horn සද්දේ එක්ක කහ පාට එලිය නතර වෙද්දී ආශූට අයින් වෙන්න ඕනෙ තරම් කාලයක් තිබුණත් ඔහුගෙ මනස විකාර රූප වලින් ඔහුව පාලනය කරන්න අරගෙන...

ඈතින් වේගෙන් එන කහ පාට එලියට අස්සේ වාහනේ ඇතුළෙ ඔහු දැක්කෙත් චායාව තුරුල් කරගෙන සිඹින දේව්ව...ඔහුගෙ දෑස් ආයේ ආයේ තෙත් වේවි නිලංකාර වුනා....

"ඇයි....රත්තරන් අපිට මෙහෙම වුණේ.... "

එච්චරයි.....ඔහුගෙ මුවින් පිට වුණේ විශාල ගෝසාවක් එක්ක අන්තිමට ඔහුට ඇහුනේ දමන්වරගේ කන් බිහිරි කරවන විලාපයක්....

"දෙයියන්නේ......අශ්වින්........"!!!!!!

හැම දේම ඇසිල්ලකින් වුණා ලේ වළින් පෙඟුණ තමන්ගේ ආදරණීය පාසල් මිතුරා වටේ පිටේ හැමෝගෙම උදව් එක්ක පුළුවන් තරම් ඉක්මණට තමන්ගේ වාහනේටම දා ගත්ත දමන්වරට drive කරන්න වත් සිහියක් තිබුණේ නැති නිසා එතන හැප්පුණ වාහනේම හිටපු දෙන්නෙක්ම උදව්වට වාහනේ drive කරගෙන යන්න ආවා...

ආශුගේ ඔලුව පිටිපස්ස තදින් වැදිලා පැලිලා හෝ ගාල ලේ ගලනවා...වෛද්‍යවරයෙක් වුණත් දමන්වරට මේ වෙලාවේ ඔලුව පිස්සුවක් වෙලා තියෙන්නෙ...බාගෙට සිහිය තිබුණ ආශූ නොනවත්වා මුමුණනන්නේ දේව්ගෙ නම කියලා ඔහුට නොඇසෙනවා නෙවෙයි...

නොනවත්වා තමන්ගේ ඇස්වල කඳුළු කඩාගෙන ගලාගෙන යද්දි වෙව්ලන ලේ වලින් පෙඟුණ අශ්වින්ව ඔහු තදින් අල්ලන් හිටියේ ඔහුගෙ shirt එක ගලවලා ඔලුවට ලේ නොගලන්න තද කරගෙන ඉද්දි...

"ද......මේ......ද....දමේ....."

"ම්ම්....."

"ම....මම....මැ..රෙ..යිද...."?

"නෑ....පිස්සුද...මෝ..ඩ..යෝ... තව ටිකකින් අපි hospital එකේ....ම්ම්ම්....අල්ලන් හිටපන්..මගේ හොඳ එකානේ...."

"එ....එයා.....ට...මේ..ක....උඹ....දෙ...න්න...ඕ....නෙ....ක...වදා...හරි.."

අතේ තවමත් මිරිකිලා තියෙන කහ පාට ලියුම් කවරේ ලේ වලින් පෙඟුණ ඔහු ලිව්ව ලියමන දමන්වරට දෙද්දී...ඔහු එය රැගෙන ඔලුව වැනුවේ කඳුළු සට සට ගාලා වැටෙන කොට...

"දේ....ව්ට....ම..... ම....ම.....හ ......ගො.....ඩ.....ක් ආදරෙයි කි....යප....න් "

"මගේ....දේ...ව්...."

"එයා..මගේ....නේද...ද......මේ...."

"දේ...ව්. ....."

පිස්සෙක් වගෙ මුමුණන ඔහුගෙ එකම වචනය දේව්....

"උඹලට කාගෙ ඇ..ස්...වහද වැදුනේ....ආ..ශූ... "

ඔලුවට ලොකු damage එකක් වෙලා තියනවා කියලා දමන්වර දන්නවා..ආශුගේ සිහිය නැති වෙන්න දෙන්නේ නැති වෙන්න hospital එකට යනකම්ම දමන්වර ඔහු එක්ක කතා කරන එක නතර කරේ නෑ....ඔහුට හොදටම දැනෙනවා ආශූගේ සිහිය මනසින් ගිලිහෙනවා කියලා....ඒත් ඔහු දිගටම ඔහුට පොසිටිව් දේවල් කිව්වා....අන්තිම මොහොතේ දැඩිසත්කාර ඒකකයට දාද්දි ඔහුට සිහිය නැති වෙනකම්ම......

සමහර විට මේ තත්වේ එක්ක ඔහුගෙ මතකේ සමහර කොටස් නැති වෙන්න වුණත් පුළුවන් කියලා ලොකු දොස්තර කෙනෙක් ඔහුට කියද්දී hospital එකෙ දැඩිසත්කාර ඒකකය ගාව එළියේ බිත්තියට දමන්වර ඔලුව තද කරේ අත් දෙක මිට මොලවන් බිත්තියට අත තුවාල වෙනකම් ගහන ගමන්...

ආශුව ඇතුලට ගද්දි හෙදියක් ගලවා දුන් ඔහුගෙ බෙල්ලේ තිබුණ ලේ තැවරුන කුඩා golden චේන් පට දමන්වරගේ අතේ ගුලි වෙලා තිබුණා.....එහි තිබුණ කුඩා බෙන්සීන් වලයක් හැඩැති ලොකට් එක ඔහුගෙ ඇඟිලි අතර සිර වුණේ හෝ ගාල දෑසින් කඳුළු ගලාගෙන යද්දි....

"උඹ නිසා.....උඹ....නිසා....අපේ අහිංසක ආශූ පිස්සෙක්... වෙලා. ...දේව්......උබට මේවට විඳවන්න වෙයි......ආයේ උබට ඌව මෙහෙම හම්බ වෙන්නේ නැති වෙයි...මට විශ්වාසයයි.....එදාට...එදාට......ඌ උබට වෛර කරයි.....ඌ...වෛර කරයි......"

|

Airport එකට ටිකක් යාබද පාරේ වෙච්ච accident එක ගැන කතා බහ ඒ ක්ෂණික Airport එක ඇතුළටත් ගිහින්...දේව්ට කනින් කොනින් ඒවා ගැන ඇහුනත් ඇතුළෙ වැඩ එක්ක busy වෙච්ච ඔහු හිටියේ කලබල වෙලා...මොකක්ද මන්දා දේකට ඔහුගෙ පපුව පවා ඇදුම් දෙනව...ඒ කතා ඇහෙද්දි...

Flight එක පිට වෙන්න තියෙන්නෙ තව පොඩි කාලයක්....දේව් ඉන්නෙත් මේ waiting area එකේ...ලංකාවෙන් යන්න ඔහුට තිබුණේ පුදුම හදිසියක්. ...මොකද මේ හුළඟ පවා ඔහුව අද වෙනදටත් වඩා තදින් රිද්දනවා. ...

සැරින් සැරේ බෙල්ලේ තියෙන golden චේන් පටේ pendent එක ඔහු දෙතොල් අතර තියාගෙන සුසුම් හෙළනවා...හැමදේම හරි ඉක්මණට වුණේ කොහොමද කියලා ඔහුට තවමත් හරි අදහසක් නෑ...ඔහු පිටින් හොඳට හිටියට අතරමං වෙච්ච හදවත සුසානයක් වගේ.....ලොකු හිස්තැනක් ඔහුගෙ හදවතින් ගැලවිලා ගිහින්...ඒ හිස් ඇස් වල තිබුණේ මොකක්ද ලොකු වේදනාවක්...

ඒත් ඔහු කෙසේ දැන ගන්නද....නැත්නම් ඔහුගෙ දෛවය කෙසේ මේ කතාව ලියනවද.....මීට තප්පර ගානකට කලින් ඔහුම ඒ හිස්තැන පිරෙන්න තිබුණු අන්තිම අවස්ථාවත් මරල දැම්මා කියලා.....!
















✍️shadow 🐰🍓

Hi......බූටියෝ 😚

දැනුනද මේ කොටස....අඩන්න ඔට්ටු නෑ....

අතීතෙත් turning point seen එකක් වෙච්ච airport chapter එකක් වෙලා....ඔන්න...😪

හින්ට් ගොඩක් තියෙ...හොයාගන්නකෝ....

පපුවත් එක්ක රිදෙනවා මේ කොටසට නම්.....
🥺💔 සින්දු එක්ක අහන්නකෝ...

ඔයාලාට දැන් තේරෙන්න ඕනෙ දැන් ඉන්න අශ්වින් ඉසිවර බන්ඩාර එහෙම වුණේ ඇයි කියලා....! අශ්වින්ගේ පැත්තෙන් ලොකු ගැටයක් ලිහීගෙන එන්නේ ඔන්න....

Continue Reading

You'll Also Like

1M 71.8K 92
LGBTဖခင်နှစ်ယောက်မှမွေးဖွားခဲ့တဲ့လွမ်းသွေးငယ်ဟာမတော်တဆတစ်ခုမှsystemနဲ့ချိတ်ဆက်မိတဲ့အခါ.... LGBTဖခင္ႏွစ္ေယာက္မွေမြးဖြားခဲ့တဲ့လြမ္းေသြးငယ္ဟာမေတာ္တဆတစ္ခ...
1.4M 49.6K 31
Ella never expected to steal the spotlight when she joined her famous brother's band on tour - or for Max, her childhood crush, to finally see her as...
6M 197K 38
The only thing Mia Hope has in common with Jake Carpenter, Artwood High's most popular quarterback, is a love for the coffee served at The Coffee Pod...
4.6K 530 21
" ආකාශ් දෙනුවන් විජේවර්ධන " එලඹෙන 24 වන සදු දින තම පෙම්වතිය ඝාතනය කිරීමේ වරද හේතු කොට ගෙන එල්ලා මැරීමට නියෝග කරමි...." " ආදම්ටත් තහනම් ගහෙ ගෙඩි කන්න...