_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.3K 13.8K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

91 වෙනි කොටස 🧪

720 111 97
By NethmaDissanayake

මට රවනා...
මුහුනත් අතරේ....
නුඹ පෙනුනා...
කොනකින් වාගේ.....

කියලා..ලහිරු පෙරේරගේ ලස්සන සිංදුවක් තිබුණා..මීටර්ද උඹලට...අන්න එහෙම ඇහැ කොනින් මට පේනවා පුපුර පුපුර එක්කෙනෙක් මට ඔරවන ගොරවන හැටි...සිරාවට කියන්න මුගේ මේ යකා mode එකෙත් පොඩි මෙව්වා එකක් තියනවා බන්..

ඇඟේ අමාරුව නිසා ඇඩිලා හිටියට මොකද මූ එක්ක බෑනෙ..තරහ ගියාම වෙනම වෙසමුනි line එකක්..තුන්වෙනි පාරට මට ඔන්න එකදිගට හචින් පෝලිමක් යන්න ගත්තා..කොන්දා ටිකට් කඩන්න ආපු ටිකට..තේවි සල්ලි දෙන අස්සෙත් මට ඔරවනවා..හයියෙන් හචින් අරිනවා කියලා...

මෙහෙමයි...මම ඒක නම් හිතලම කරේ..අශීලාචාර කමකට නෙවෙයි බං..humm..මේ ජානුක්‍ය කියන්නේ හොඳ හැදිච්ච කොල්ලෙක් හරි...මේක මේ මගේ නපුරු ආදරවන්තයාගේ අවධානය ලබා ගැනීමට කරපු අහිංසක නොසන්ඩාල වැඩක්...

කඳුළු පැනලා හිටියේ මට අමාරුවට..නහය අග දනවා ..උගුරත් රිදෙනවා හිටු කියලා...අන්තිම හොටු ටික උඩට සූඌස් ගාලා ඇදලා මම හෙව්වේ මගේ ලේන්සුව...ඒත් ඒක කොහේ හරි left වෙලා බන්...

පස්සේ  මං ඉතුරු හොටු ටික මගේ කලිසමේ පස්ස පැත්තේ පිහිදානවා තේවිගේ cctv වලට අහු වෙලා කියපන්කො...ඒක තමා මටත් ඕනෙ වුණේ...කොන්දා යනකන් මූ පාඩුවේ හිටියා...

ඒත්...ගිය ගමන්ම...

"මොකක්ද පෙරේත පැටියා ඔය කරේ...ලේන්සුව කෝ..ආහ්...ඕනෙ නැති වැඩ කරලා මදිවට බලපිය..කරන පෙරේත වැඩ..කෝ ගනින් ලේන්සුව..."

උඹලට ඇඩි ඇඩි හිනා යන seen වෙලා නැද්ද...හිනා වෙන්න එපා...ඉතිං..මට දැන් වෙන්නේ එහෙම..අමාරුවටයි  ගනන් ගන්නෙ නැති එකටයි ඇඩිලා හිටියට මොකද මූ බනින කොට මට හිනා යනවා මලහත්තිලව්වේ...

"ඒක නෑ..."

මම කිව්වේ ගස්සලා ජනේලෙන් එලිය බලලා.. හොදටම එළියේ වැස්ස නිසා ජනෙලේ වහලා තිබ්බේ..ඒත් ඒක මම ආයේ ඇර ගත්තේ මූව තව ටිකක් අවුස්ස ගන්න තිබ්බ ආසාවට..

ජනෙලේ ඇරපු ගමන් පින්න ඇතුළට හෝ ගාල එන්න ගත්තෙ පොඩි කුණාටුවක් වගේ...මෙහේ පින්නත් අයිස් වගේ...

"නෑ කිව්වේ....."?

"නෑ..කිව්වේ..ඒක left වෙලා..."

මං ඇඟිලි පටලවලා ආයේ ජනෙලේ පැත්තට හැරෙන්න යද්දි මගේ හූඩි එකෙන් ඇදලා ගත්ත මූ සරාආස් ගාලා ජනේලේ වහලා දැම්මේ මූණ යකා කරගෙන...

"Left...?? පින්න වැදුනම ඔය සෙම වැඩිවෙලා තෝව තමා left වෙන්නේ..පණ්ඩිතකම නම් තියනවා...ආහ්..පිහිදගන්නවා..."

තේවි සාක්කුවට අත දාල ගත්ත උගේ ලේන්සුව දෙද්දී මම මූණ බුම්මන් ඇට්ටර කමට බලාගෙන හිටියා..

"මටෝන්නෑඈඈ...."

මම දැක්කා එයාගෙ ඇහැ බැමක් ඉස්සිලා තොල් අස්සෙන් ලාවට දත් කූරු කනවා...

"මොකක්ද කිව්වේ..මොකද්ද...ආ...කෝ..මෙහෙ එනවා....ඕනෙ නැති මගුල් කරලා තව ලොකුකම නම් තියනවා..."

මූ මගේ අතින් ඇදලා අරගෙන මාස්ක් එක වේගෙන් ගලවලා නහය තදින්ම ලේන්සුවෙන් පිහිදද්දි නම් මට රිදුනා බන්....තරහටම මූ තද කරලා පිහිදැම්මේ...

"ආආආආව්...රිදෙනවා හුත්###......"

මම තේවිව තල්ලු කරලා දැම්මේ..සිරාවට මට රිදුන නිසා...

"ආ..එහෙනම් පිහිද ගන්නවා..."

මූ මට ලේන්සුව දික් කරද්දි මම වටපිට බැලුවේ අපේ විකාර බහුබූත හැමෝටම පෙනුනද කියලා..හොඳ වෙලාවට bus එකේ සද්දේ එක්කයි, උස සීට් නිසයි,සින්දු සද්දේ නිසයි ලොකුවට අපිව කාටවත් පේන්නේ නෑ...

"මටෝන්නෑඈඈ කිව්වනේ....ලේන්සු මඟුල් දුන්නම තරහ වෙනවලු ...දන්නේ නැද්ද එහෙනම්..."

මං මූණ බෙරි කරගෙන  තරහ ගිහින් කියද්දී නම් confused වෙලා මගේ දිහා බලපු තේවිට ලාවට හිනාවක් යනවා මම දැක්කා..ඒත් මූ ක්ෂණික Mood මාරු කරා ඇමේසන් කටුස්සා..

"ඉතිං පිහිදලා දෙනවා..ආආ...තියා ගන්න කිව්වේ නෑනෙ "

මගේ අත බලෙන්ම අරගෙන ලේන්සුව තියල අත ගන්න ගියත් තවමත් මූ මගේ මූණ හොඳට බලලා නෑ. ඒත් එකපාරටම ආයේ ඒ ලේන්සුව තිබ්බ අතින්ම ඇදලා මාව ළඟට ගත්ත එයා මම අමාරුවෙන් දාගෙන ඉන්න mask එක වේගෙන් පහත් කරලා එයාගෙ සීතල අත කලබලෙන් මගේ නළල උඩ තිබ්බේ ඒ හීතලටම මාව ඇකිලිලා යද්දි...

මොකද බං මගේ ඇඟ ගිනි රස්නෙයි...අර ඇඟ ඇතුළෙ දැනෙන්නේ උණ එද්දි අමුතු රස්නෙ මෙව්වා එකක්..අර බිත්තර තම්බන්න පුළුවන් වගේ ගිනියමක් ..ආආආන් එහෙම...

"ජා... නු ...උබට හොදටම උණ යකූ....මේ ගින්දර වගෙ ඇඟ..."

එයාගෙ සීතල අත මගේ රත් වෙච්ච මූණ පුරා යද්දි මට සනීප හැඟිමක් දැනුනා...දැන් තමා මූ මගේ රතු වෙච්ච නහයයි, සෙමට ටිකක් පිම්බුනු කම්මුලුයි දැක්කේ...

තේවිගේ ටිකකට කලින් තිබ්බ mode එක ඉක්මණට මාරු වුණා..උගේ ඇස් හරි කලබලෙන් මගේ මූණ පුරා යනවා...

"ඉතිං...උඹ දැන්ද දන්නේ...ඉස්සෙල්ලා ඉඳන් තිබුණා..."

මට ඕනෙ එයාගෙ අත් මගේ කම්මුල උඩ තද කරගෙන ඉන්න..ඒත් එකපාරටම යාලු වෙන්නත් බෑනෙ..මූ මාව ගනන් ගත්තෙ නෑනෙ ඉස්සෙල්ලා...huh...ඒ නිසා මම එයාගෙ අත් දෙක අයින් කරලා ආයේ ජනෙලේ අයිනට ගිහින් ෂටර් එකේ ඔලුව තියා ගත්තේ ආයේ mask එකත් දාගෙන...

"පැනඩෝල් දෙකක් බීලද ආවෙ..."?

"නෑ...ඕනෙ නෑ.."

ඕනෙ නෑ කියලා බෑනෙ...ෂික්..ආයේ එහෙට යනකම් bus එක නවත්තන්නේ නෑනෙ...ඉස්සෙල්ලා නවා අයියා දුන්න වෙලේ බිව්වේ නැද්ද ජානු...

"නෑ..එතකොට ලොකු අවුලක් තිබුණේ නෑ...අවුලක් නෑ ඔහොම යං.."

මම කිව්වේ ගහ ගන්න වගේ...පස්සේ මම අත් දෙක බැඳගෙන එලිය බලාගෙන හිටියේ...අපි ඉන්නේ පිටිපස්සෙ සීට් එකෙ නිසා දොර පැත්තෙන් එන හුලං එක්ක හෙන අමාරුයි බන්...මං හූඩි එකෙ තොප්පිය දාගෙන නෑ..ඒක දාගත්තම මට හොරෙන් මූ දිහා බලන්න බෑනෙ...මගුල..

ඒත් තේවි bag එකක් අවුස්ස අවුස්ස මොනාද හොයනවා...මොකද මට ලාවට උගුර රිදීගෙන එන්නේ මේ..මං මේ හිටියට ඉන්නේ ඔලුව උස්සන් ඉන්න බැරි තරම් අමාරුවක...අර බන් ඔලුව බර ගතිය එන්නේ...අන්න එහෙම...

"ආ..මේක කනවා..හොඳ වෙලාවට දෙකක් තිබුණේ..නැත්නම් සීතලට උගුර රිදෙන එක වැඩි වෙනවා..."

තේවි ගත්තෙ bag එක ඇදලා srepcill දෙකක්...අර උගුර රිදෙනවට කන්නේ toffee එකක් දන්නවනේ...උබලා අන්න ඒකේ රතු පාට එකක්...මම ඒත් බැලුවේ වත් නෑ...පස්සේ මූ වටපිට බලලා ටිකක් මගේ ගාවටම ලිස්සලා ඇවිත් සීට් එකේ ටිකක් පහලට වෙලා හේත්තු වුණා..පස්සේ ආයේ මාව ඇදලා අර ගෙන මාස්ක් එක අයින් කරේ මගේ ඇස් ලොකු වෙද්දි...

මට ඕනෙත් ඇත්තටම හිත අස්සෙන් එයාගෙ ගාව ඉන්න නිසා මම අකමැති වගෙ බොරුවට ටිකක් දගලලා පස්සේ පාඩුවේ හිටියේ තේවි අර srepcill එක මගේ කට අස්සට බලෙන්ම දැම්මට පස්සේ...

"මොක#$%^^...කරනනනනන්නෙ..යකෝඕඕඕ...."

"කනවා ඕක මගෙන් ගුටි නොකා...පුදුම ඇට්ටරකමක් නේ  මේක..මම කිව්වා ඇයි ලෙඩ හදාගන්න කියලා..."

ආයේ කොහේ යනවද...මූ මට  බැන බැන මගේ mask එක අයින් කරලා..ආයේ bag එක අස්සට එබිලා කන් දෙක හොදට වැහෙන බැනි එකක් අරගෙන ඒකත් මට දාලා..ආයේ හූඩි එකෙ තොප්පියත් දාලා මාව එහෙම්මම ඉණ වටේ අත දාගෙන තදට ලං කර ගත්තෙ මගේ ගිනියම් කම්මුලක් එයාගෙ රස්නෙ පපුවට තද වෙද්දී..m

මාව  කන්ද උඩරට වටපිටාවේ වැහි බර හීතල එක්ක උණ එන කොට දැනෙන හීතල නිසා double වෙලා වේව්ලනවා ..තේවි ගාව දැනෙන්නේ මාරම සනීප හැඟිමක්..එයා මාව තදින් අල්ලන් ඉන්නෙ..මං තවමත් එයාව අල්ලන් නෑ...ඒත් මට මෙහෙම ඉන්න ඕනේ බන් දැන්...

මගේ සද්දේ නැති නිසා එයා මගේ මූණ පස්සට කරලා මූණට පහත් වුන...අපි දෙන්නව කාටවත් පේන්නේ නෑ මෙහෙම තුරුල් වෙලා යද්දි...මගේ ඇස් ඇඟේ අමාරුව නිසා මලානික වෙලා ඇත්තේ...

"අමාරුද  සුදු බබා"?

"ම්ම්ම්ම්....ටි....ක..ක්...අඩු වෙයි බන්..."

"කොහේ අඩු වෙන්නද...ගිය ගමන් බෙහෙත් ගමු..හොඳද..එතකන් නිදාගෙන යමන්...මේ..උඹ වේව්ලනවා ජානු..එක්කෝ මම කොන්දට කියන්නද ටිකක් කඩයක් ගාව නතර කරන්න කියලා..පැනඩෝල් දෙකක් අරගෙන එන්න..."

"එ..එපා...තේවි.. මේ bus එහෙම නවත්තන් නෑ...මට අල්ලන් යන්න පුළුවන්...මෙහෙම මාව ලං කරගෙන ඉඳලා උබට බෝවෙයි සුද්දා...මම ඈතින් යන්නද...."?

මම අමාරුවෙන්ම තේවි ගාවින් ඈතට යන්න යද්දි ආයේ එයා මාව ඇදලා අරගෙන තුරුල් කර ගත්තා..

"පිස්සුද යකූ...විකාර කියවන්නේ..බෝ වෙද්දෙන් ඉතිං...හිටගෙන ඉන්න පණ නෑ..යනවා මගුලේ ඔහොම ඉන්නවා..."

තේවි ආයේ අපේ bag එක ඇදලා සීට් එකක් අර ගත්තා. ඒ අපි camping කරද්දි පොරවපු සීට් එකක්. ඌ ඒක නවල මගේ ඇඟ උඩින් දාගෙන මාව ආයේ තුරුල් කරගෙන හේත්තු වෙලා හිටියා...එහෙම ඉද්දි මං කොල්ලෙක් කියලා හොයා ගන්නත් බෑ බං  .කෙල්ලෙක් කියල දකින කෙනෙක් හිතන්නෙ...මොකද මං දැන් ඉන්නෙ එහෙම මුගේ අස්සේ වෙලිලා...

අනික මගේ හූඩි එක නිසා මගේ මූණ වැහිලා තියෙන්නෙ...මට පට්ටම අමාරුයි මෙහෙම හිටියට...තොල් දෙක වේවලනවා...මං තදින් මුගේ ඇදුම අල්ල අස්සේ ගුලි  කරගෙන අල්ලන් හිටියා..

එහෙන් මග දිගට අපෙ එවුන් call ගන්නවා..මට උණ කියලා මෙයා කිවුවට පස්සේ...මූටම ඕවට  උත්තර බැඳ ගන්න දීලා මම නිදා ගත්තා...

සැරින් සැරේ එයා මගේ ඔලුව උඩ නිකට තද කරගෙන මාව තදින්ම තුරුල් කරගෙන ඉන්නවා..නැත්නම් සිය පාරක් මගේ බෙල්ල ගාව මූණ ගාව අත තිය තිය උණ බලනවා..මට පව් හිතුනා...ඒත් මට කතා කරන්න වත් පනක් නෑ..ඇස් පිහාටු ඇලෙනවා...අමාරුවට නින්ද යන්නෙත් නෑ  .

පැය එක හමාරක් වගේ මං කිසිම සද්දයක් නැතුව යන්න ඇති...එයා ඒත් නිදි නෑ...

"ජා...නු ...අමාරුද..."?

"ම්ම්ම්ම්...උඹත් ටිකක් නිදා ගනින්...මම හොඳින් බන්..."

"උබේ බොරු.. උඹ වේව්ලනවා  ජානු.  ..අයියෝ මේ මගුල ඉක්මණට යන්නෙත් නෑ රෙද්ද..."

මාව සිරාවට ගැහෙනවා...එයාට දැනෙනවා ඇති...

"ඒක උපරිම වේගෙන් යන්නේ තේවි.  තව ටිකයිනේ...අපි බැස්ස ගමන් weel එකක් අරගෙන අපේ ගෙදර යන්...හොඳද..ගෙදර බෙහෙත් තියනවා...අපෙ එවුන් call කරාද..."?

"ම්ම්ම්..ඔව් උනුත් ගත්ත දැන් ගොඩක් පාරක්..උනුත් පිටත් වෙලා..ඒත් උන් එද්දි රෑ වෙයි...සෝසේ බනිනවා පැනඩෝල් දෙකක් වත් අරගෙන ගියේ නෑ කියලා ..උඹ අර හදපු සමහන් එකත් බීලා නෑනෙ ජානු...බලපන්කො...එහෙනම්..."

"ශ්ශ්....කෑ ගහන්න එපා....අනේ....අපි ගිහින් බොමු...."

මං එයාගෙ තොල් දෙක උඩ ඇඟිල්ල තියල ඒ කලබල දුඹුරු ඇස් දිහා බැලුවා...

"තේ...වි..."?

"ම්ම් "

"ඇ...යි ඉස්සෙල්ලා තරහ වුණේ..."?

"ඒකද දැන් ඕනෙ අයියෝ...ඒක වැඩක් නෑ..."

"බෑ...කියන්නකෝ....සුද්දා...ඔච්චර තරහ ගත්තෙ මං දමන්වර uncle එක්ක කතා කරන්න යනවා කිව්ව එකටද...."?

"නෑ..."

"එහෙනම්...චන්දු එක්ක කතා කර කර ආව එකටද..."?

"නෑ..නෑ......අනේ...."

"එහෙනම්..."?

එයා කට උල් කරගෙන අහක බලාගෙන ඉන්නේ..වෙලාවකට මගේ ගාව විතරම පෙන්නන මේ cute වැඩ නම් උණ මරගාතේ හිටියත් ජානුට ඉවසන්න බෑ බන්...

මම ටිකක් ඉස්සිලා එයාගෙ නිකට ගාව තොල් තද කරලා චූටි kiss එකක් තියල තේවිගෙ ලාවට  රැවුල් කොට වැවීගෙන එන කටු කටු කම්මුල අත ගෑවා....ඒවා ටිකක් වැවිලා දැන්...මං ආසයි...මූට එහෙම හෙන ගති....දවස් දෙකට ශේව් කරේ නැති වුණාම මේ...

එයා එක පාරක් මගේ දිහා බලලා අනිත් අත සාක්කුවට දාගෙන එයාගෙ phone එක අරගෙන මට පෙන්නුවේ Photo එකක්...ආආආආ අර යකාගෙ පඩිපෙළ ගාව වතුර වලේ නාන කොට සෝසේ ගැහුවේ මගේ photos...ඒත් ලස්සනටම sexy Photo එකක් වැදිලා තිබුණේ චන්දු ගහපු photos වල....ඒ photo එකෙ මං හෙන වල් පාටයි...

"ඒකයි මේ සුදු මහත්තයට ජෙලි යකා වැහිලා තිබුණේ...යසයි. යකූ ඒක random එකක් බොල....."

"ඒ වුණාට...බලපන් පැණි බේරෙන හැටි..මූණේ..ewww....වනචර බැල්මක් ඒක ..."

මූ මූණ දෙල් කරගෙන කියවනවා....මම හරි ආදරෙයි බං මූට...සමහර වෙලාවට ඒක දරාගන්න බෑ...මං මොන මගුලක හිටියත් ...මූණ එල්ලගෙන කියවන තේවිව එහෙම්මම ඔලුවෙන් අල්ලන් පහත් කර ගත්ත මං වේගෙන් මගේ ගිනියම් වෙච්ච තොල් දෙක එහෙම්මම එයාගෙ සීතල තොල් වල තද කර ගත්තෙ එයා පුදුම වෙද්දී...

ඒත් බන් දැන් මට ඒක ඕනෙමයි  ..

අපිට එහා පැත්තෙ ඉන්න couple එක උන්ගේ පාඩුවේ ඉන්නෙ...උන් තනිකරම උන්ගේ ලෝකෙ නිසා අපිව උන්ට ගානක් නෑ...ඔන්න උඹලා වගේ මගේ බනානා කියුබෙක් ඔතන හිටියා නම් බලන්න තිබ්බා උඹලගේ cctv වලට අපි දෙන්නා අහු වෙන හැටි...

ඒත් ඉතිං මම දන්නවා උඹලා අනිවා ඕක හොරෙන් Video කරගෙන එනවා උඹලා එවුන් එක්ක බෙදා ගන්න... ඒකට  කමක් නෑ....බෙදා ගන්න එක හොදටම තියනවනේ අපිට නේද....ඒකනේ ඉතිං මගේ කතාව උඹලා එක්ක මම මේ බෙදා ගන්නේ....නේද බං..

ඒත් ඉතිං personal දේවල් එහෙම හොරෙන් Video කරන්න එපා....අපිත් පව්නේ....මොකද උඹලා අපිට ආදරේ වුණාට හැමෝම එහෙම නෑනෙ බං....අපේ රටේ බහුතරයට තවමත් මේවා මැජික්...

මෙහෙමයි මම ඕවට භය නෑ..මං කොලු කාරයෙක් කියල මොකා කිවුවත්...ඒත් බන් අපිත් ආසයි උඹලා වගෙ නිදහසේ ආදරෙ කරන්න...එහෙම රටක් වත් සමාජයක් වත් අපිට නෑ...කෙල්ලෙක්, කොල්ලෙක් kiss කරන එකක් social media වල ගියා කියලා ඒක ලොකු දෙයක් නෙවෙයි....ඒකට කුණු comments වැටෙන්නේ නෑ...අන්න සැබෑ ආදරෙ කියයි....ඒත් කොල්ලො දෙනෙක්ගෙ එකක් එහෙම ගියාම....මුන්ගේ අසහනේ,කොලු කාරයෝ ගගා කියන්න ඕනෙ ඔක්කොම තිරිසන් කතා ටික කියයි...

එතකොට එතන ආදරෙ නැද්ද බන්....මිනිස්සු මොනාද දන්නේ...ගොඩක් එවුන් සිරාවට දන්න පම්#ක් නෑ....ආදරෙ මනින්නේ,දකින්නේ, පිළිගන්නේ මුන් අර සම්මත රාමුවේ ගිලිලා...ඒත් එයාලා දන්නව නම් සමහර අසම්මත බැදීම් අස්සේ තියෙන ගැඹුර....නෑ උන් දන්නේ නෑ....උන් හිතන්නෙ මේක පවක්, කුණු හරපයක් කියලා විතරයි...සීයට 98 ක් ලංකාවේ මිනිස්සු හිතෙන්නෙ එහෙම...

ඒ නිසා අර ඉතිරි  සීයට 2 ඉන්න උඹලගෙන් හරි ආදරෙන් මම දෙයක් ඉල්ලනවා...අපි වගෙ අසම්මත බැදීම් වලට ආදරෙ කරන,හදවතින්ම support කරන උඹලට අපි දෙන්නා නෙවෙයි,වෙන එහෙම අසම්මත බැදීමක් දැක්කොත් උන්ට පාඩුවේ ඉන්න දීපන්...ඇස් වළින් රස විඳපන් ඒක හරි...ඒත් අපේ රට ගැන උඹල දන්නවනේ...අපෙ රටේ මිනිස්සු වෙනස් කරන්න දෙවියෝ පොලවට ගොඩ බැස්සුවත් බෑ...ඒ තරම් මුල් බැහැලා ඉන්නෙ රාමු අස්සේ...

ඕවා Video කරගෙන ප්‍රසිද්ධ මාධ්‍ය වල අමු අමුවේ දාන්න එපා බන්...ඕවා share වෙනවා..පස්සේ කුණු ගොඩවල් අහන්න වෙන්නේ...මොකද මේ රට හදන්න බෑ...මං නම් ඕවට භය නෑ..ඒත් ගොඩක් එහෙම වෙච්ච අය ජීවිත පවා නැති කරගෙන තියනවා...පිට රටවල් වගේ නෙවෙයිනෙ අපේ රටේ...පුදුම අවුල්..

එහෙම දෙන්නෙක් දැක්ක ගමන් මැජික් එකක් වගේ Photo ගහ ගහ හැමතැනම දාන්න එපා...ඒක පව්...එයාලට පාඩුවේ ඉන්න දෙන්න...ඒක තමා හොඳම respect එක..මම හරි ආදරෙයි  අසම්මතයට respect කරන උඹලට...ඒකයි නිකන් කියන්න හිතුනෙ...

තව පොඩි දෙයක් කියන්නද...උණ විකාර නෙවෙයි හරි..හෙහ්..හෙහ්...සිරාවට කියන්නේ මේ. ..දැන් ඔය gay හරි les හරි couple එකක් ඔයාගෙ යාළුවෝ කියලා හිතමුකෝ...නැත්නම් social media වල එහෙම ප්‍රසිද්ධ අය ඇති ඔයාලා ආස...එහෙම දෙන්නෙක් ගෙන් කවදාවත් මේ ලැජ්ජ නැති ප්‍රශ්නෙ අහන්න එපා...

මොකක්ද දන්නවද...gay නම් අහනවා මචං දැන් උඹලා දෙන්නගෙන් කෙල්ල කවුද...les couple එකක් නම් ඔයාලා දෙන්නගෙන් කොල්ලා කවුද...කියලා...ඕක හරිම පහත් බන්...please එහෙම අහන්න එපා..ඒක කැතයි.

සමහරු හිතාගෙන ඉන්නේ gay couple එකක bottom රෝල් එක play කරන කෙනා කෙල්ලෙක් වගෙ වෙන්න ඕනේ කියලා...එහෙම මගුලක් නෑ බන්..කොල්ලො දෙන්නෙක් love  කරද්දි එතන කොහේද කෙල්ලෙක්...එතන ඉන්නේ අමු පිරිමි දෙන්නෙක්...මම කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් අය ගැන නෙවෙයි මේ..පටලව ගන්න එපා...

මං කියන්නේ අමු පිරිමි දෙන්නෙක් ගැන...එතන ගෑනියෙක් නෑ...එහෙම නම් උන් කෙල්ලෝ එක්ක යාලු වෙනවනේ ... එක්කෙනෙක් කෙල්ලෙක් වගෙ අඳින්න ඕනෙ, ඉඳගන්න ඕනෙ, සංවර වෙන්න ඕනේ, ඇවිදින්න ඕනෙ කියල එකක් නෑ...

සමහර  boys ලා එහෙම අය ඉන්නවා cute.. ඇවිදින්නේ, fashion කරන්නෙ soft එකට. අපි කියන්නේ ගෑනු ළමයෙක් වගෙ එයා කියලා...ඒක එයාලගෙ අනන්‍යතාවය. ..ඒත් හැමෝම එහෙම නෑ...එහෙම හැමෝම gay අයත් නෙවෙයි...

අනික ඔය top ,bottom කියන්නේ personality එකෙ ඉඳලා bed position එක දක්වා විහිදෙන සංකීර්ණ topic එකක්නේ...ඒක බන් මෙහෙමයි කියලා ලේබල් ගහන්න බෑ...ඒක couple වෙන කෙනා අනුව ,අපි එයාලා එක්ක ඇති  කර ගන්න chemistry එක අනුව වෙනස් වෙනවා...

උදාහරණයක් විදිහට මාව ගනින්කෝ ...දැන් ජානු කියන්නේ noraml bottom character එකක් නෙවෙයි....උඹලා දන්නවා....but මම තේවි එක්ක chemistry එකක් ඇති කර ගන්න කොට එයාගෙ top personality එක එක්ක bottom වෙන්න කැමති....

ඒක bed position එකම නෙවෙයි....එයා මාව care කරන විඳිය, එයා ගාව මට දැනෙන safety එක එක්ක  ,ඌට මාව control කර ගන්න පුළුවන්, අන්න ඒ දේවල් එක්ක මං එයාගෙ ගාව bottom වෙනවා...හැබැයි ඒ කියන්නේ මම ගෑනු කෙනෙක් වෙනවා කියන එක නෙවෙයි...ok..

දැන් ඕකම අනිත් පැත්තට ගත්තොත් මම වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා නම් ඕක අනිත් පැත්ත වෙන්න පුළුවන්...අනික බං ටොප් ම තමා care කරන්න ඕනෙ, නීති දාන්න ඕනෙ,ගැම්මට ඉන්න ඕනෙ, තීරන ගන්න ඕනෙ කියල එකක් නෑ..bottom රෝල් එකටත් ඒක අයිති...

එතන වෙන්න ඕනේ දෙන්නට දෙන්නා බලාගෙන, ආදරෙන් ඉන්න එක...ඕක අපි සාමන්‍ය relationship එකක් එක්ක සංසන්දනය කරන්න එපා ..

ඒ කියන්නේ අම්මා, තාත්තා ඉන්නවනේ...norml bond එකක..එතකොට ගොඩක් දුරට ඔතන පිරිමියා වැඩිමල්නේ..එතකොට කොහොමත් respect කරන්න ඕනෙ. .ඒත් ඔතන කාන්තාව පිරිමි කෙනාව බලා ගන්නේ නැද්ද, තීරන ගන්නේ නැද්ද, අම්මා තමා ගොඩක් වෙලාවට ගෙදරක ඇතුළෙ සේරම balance කරන්නෙ...

පිරිමි කෙනා උදව් කරනවා...හම්බ කරනවා..මූල්‍ය තත්වය ගොඩ නගනවා...ලමයි හදන්න උදව් කරනවා...ඔන්න ඕවා...එයාලා එකිනෙකාට උදව් කරගෙන පවුල් ජීවිතේ අරගෙන යනවා....

පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර නම් මම එහෙම දැකලා නෑ..මට එහෙම experience එකකුත් නෑ..මොකද අපේ ඩෑඩ් ගොඩක් හිටියේ පිට රට නිසා...පොඩි කාලේ මට ඒකට තරහ ගියත් මට දැන් හිතෙනවා ඒකට මොකක් හරි හේතුවක් ඇති කියලා...

ඉතිං බන් කොල්ලො දෙන්නෙක් එකට සම්බන්ධයක ඉද්දි...එයාලත් එහෙම...අනිත් කෙනාව බලාගෙන,ආදරෙන් ඉස්සරහට යන්න ඕනෙ...අනිත් කෙනාට ගරු කරන්න ඕනෙ. .වැඩිමල් නම්..විශේෂයෙන්..

අපි දෙන්නා එක වයස වුණත් තේවි මට වඩා caring වලදි expert. මං ටිකක් කලබලයි...ඒත් එයා පරිණතයි, දක්ෂයි ඒ  නිසා ගොඩක් වෙලාවට එයා කියන දේවල් මං අහනවා...ඌට කියන්න එපා හරි...උඩ යයි ...

මම පටන් ගත්ත kiss එක එයා ගැඹුරට ගැඹුරට අරගෙන ගියේ හරි හිමින්...මට දැනුනෙ ලොකු සැහැල්ලුවක් බස්..srepcill එකෙ රහ අපෙ තොල් අස්සේ එහා මෙහා යනවා...ඒ kiss එක ඇත්තටම රතු පාට srepcill රහයි....මගේ මහන්සි ඇස් ටික ටික පිය වෙන්න ගත්තෙ ඒ සනීප හැඟිම නිසා...

ලා නින්දෙන් මට එයාගෙ තොල් miss වෙද්දී  දැනුනා එයාගෙ තොල් මගේ එහාට මෙහාට කරපු අවුල් වෙච්ච කොන්ඩෙ අයින් කරලා නළල උඩ තද වෙලා තියනවා...මං තේවිගේ එක අතක ඇඟිලි අස්සේ ඇඟිලි තද කරගෙන එහෙම්මම ඒ රස්නෙ පපුවේ මූණ ඔබාගෙන නිදා ගත්තා..

.

ඉක්මණට මට ගෙදර යන්න ඕනෙ....





අපි බහින්න halt දෙකකට වගෙ කළින් තේවි මාව කූද්දන කොට තමා මෙච්චර වෙලා සැපට එයාගෙ තුරුලේ නින්දක හිටපු මාව ඇහැරුනේ...ඒත් බන් ඇඟේ අමාරුව නිසා මගේ ඇස් පිහාටු අරින්න එකපාරටම ලොවෙත් අරින්න බෑ...

"ජානු...තව ටිකයි ..අපි බහිනවා...කෝ. .නැගිටපන්..."

"ම්ම්ම්ම්...."

මං එයාගෙ අස්සේ තව ගිලුණා...මට ඒ සනීප රස්නෙන් මිදෙන්න බෑ බං...

"මේ..බං අපි weel එකක් අල්ල ගන්නත් ඕනෙ...කෝ...ඉතිං..නැගිටින්නකෝ බබා....අපි බහින්න එපැයි.. මේ ගින්දර වගෙ ඇග..ගිය ගමන් බෙහෙත් ගමු.."

මාව බලෙන්ම කෙලින් කරපු තේවි තවමත් ඇස් දෙක වහගෙන ඉන්න මාව සීට් එකට හේත්තු කරල අවුල් වෙච්ච මගේ කොන්ඩෙ අතින් හැදුවා..පස්සේ මගේ mask එකත් දාල..ආයේ බැනි එක නළල වැහෙන්න දාල හූඩි එකෙ තොප්පියත් දැම්මා...ඒ වෙනකොටත් මං හිටියේ ඇස් වහගෙන මගේ ඇස් අස්සෙන් ගිනි පිට වෙනවා වගේ බන්...

මගේ bag එකත් ඌම එල්ලන් මාවත් ඇදගෙන අපි දෙන්නා බත්තරමුල්ල  town එකෙන් බහින කොට හොදටම හවස් වෙලා..වෙලාව හවස  6 පහු වෙලා වගේ....එහෙට විතරක් නෙවෙයි බන් මෙහෙත් වැස්ස...වැහි මන්දාරම නිසා හවස 6 ට වඩා කළුවර වෙලා වටේම...අපිට කුඩේකුත් නෑ...

අපි දෙන්නා  තොප්පි දාගෙන ඉන්න නිසා සැර පින්නෙන් ටිකක් බේරිලා කඩේක ඉස්සරහට ගියා...මට මෙහෙම හිටියට හෙන අමාරුයි බන්...මූ මාව ඇදගෙන යනවා මිසක්  මට දැන් ඇවිදින්න ඕනෙත් නෑ...ඔලුව පුපුරන්න වගෙ...ඒත් මං කාගෙන කකුල් දෙකෙන් හිටගෙන හිටියා...

තේවි මාව කඩේක ඉස්සරහ තියල weel එකක් කතා කරගෙන එන්න ගිය ටිකට මම එහෙම්මම එතන කණුවකට හේත්තු වෙලා ඇස් දෙක පියාගෙනම හිටියේ මගේ ඇස් දැවිල්ල නිසා...ඒත් එක පාර ඇහුන හෝන් සද්දේ එක්ක මගේ නම කියද්දී මම ගැස්සිලා ඇස් ඇරලා ඉස්සරහ පාර බැලුවා....

Wtf....දමන්වර uncle......හුටා...... 

දෙය්යනේ තේවි නම් දැන්මම මෙතනට එන්න එපා....මම ලාවට හිනා වෙලා car එක ගාවට ගියේ තේවි ගිය පැත්ත බල බල......

"පුතා...මොකද වැස්සෙ මෙතැන කරන්නෙ...කොහෙද ගියේ...."?

"ආආආ..මේ uncle...අද මට extra class එකක් තිබ්බනේ...මං මේ දැන් ගෙදර යන්නෙ...ටිකක් Town එකට ආවා..."

ඒත් මගේ voice එක නම් ජරාවක් වෙලා...ඒක doctor කෙනෙක්ට දැනෙන්නේ නැද්ද බං...මම ඉවරයි....

"පුතාට සනීප නැද්ද...ඇසුත් ඉදිමිලා....කෝ...."?

අත උස්සපු දමන්වර uncle මගේ නළල උඩ අත තියල මූණ වෙනස් කර ගද්දි  බන් මගේ උණ භයටම වැඩි වෙලාද කොහෙද..සිරාවට මං ඉන්නෙ හිටගෙන වත් ඉන්න බැරි situation එකක..මට doctor කෙනෙක්ට ඒක හංගන්න බෑ බං. ..

"Oh.god...හොදටම උණ පුතා..ඔයාට ...අනික මේ වැස්සෙ තෙමෙන්නේ...බෙහෙත් ගත්තෙ නැද්ද...අම්මට හරි call එකක් දීලා hospital එකට හරි යන්න එපැයි ළමයෝ  ..නැත්නම් ඉක්මණට ගෙදර යන්න එපැයි...අනේ මන්දා මේ වයසේ ඔක්කොම එක අච්චුවේ ඇයි කියලා..."

"අද uncle මේ....මම ගිහින් ගන්න හිටියේ.......අම්මට කියන්න  ඕනෙ නෑ..ගෙදර බෙහෙත් තියනවා...."

මම කිව්වේ වට පිට බල බල...තේවි හොඳ වෙලාවට තවමත් නෑ...

"ගෙදර බෙහෙත් තිබ්බට ඔය ළමයා දොස්තර ඇයි...කෝ එන්න මම මගේ medical center එකට යන්නෙ..මං බෙහෙත් දෙන්නම්..කොහොමත් මට ජානු පුතා එක්ක කතා කරන්න දෙයක් තියනවා...අපෙ චන්දුත් මග එනවා කියලා call කරා..කොහෙද ට්‍රිප් එකක් ගියානේ....මං ඒත් හිතුවා ඔය ළමයත් ගියා කියලා..."

මට දෙලො රත් වුණා...මට බෑ කියන්න බෑ. ...අනික හොඳටම වැස්ස....ඒ අස්සේ මට හෙන අමාරුයි...මං ඇඟිලි පටවල පටලව වටපිට බල බල ඉද්දි මේ මනුස්සයට සැක හිතුනොත් විනාසයක් වෙන්නේ...

එහෙන් මගේ කොල්ල තෙමි තෙමි weel හොයන්න ගිහින්..ඌ දැන්  ඇවිල්ල අපි දෙන්නව  දැක්කොත් අපේ ප්ලෑන් සේරම විනාස වෙනවා...

ඒ නිසා මම කරන්න දෙයක් නැති පාර car එකෙ පිටිපස්සට නැග්ගා..පස්සේ ඉක්මණට phone එක අරගෙන තේවිට Message එකක් දැම්මා...මං දන්නවා එයාට මල පනී...ඒත් දැන් මට මේ දේ  කරන්නම වෙනවා...

📩"තේවි..මලකෙලියක් වුණේ..චන්දුලා තාත්තා මාව මෙතන ඉන්නවා දැක්ක..එයාට මට උණ කියලා මීටර් මට බෙහෙත් ගන්න යන්ලු එයාගෙ මෙඩිකල් center එකට.  මෙහේ බත්තරමුල්ලේ එකක් තියනවනේ...මට යන්න වෙනවා..උඹ අපේ ගෙදර පලයන්...මම ඉක්මණට එන්නම්...දැන්මම මේ පැත්තට එන්න එපා..car එක තාම මෙතන ..."

මම නියපොතු ගැලවෙන්න හප හප ෂටර් එකෙන් එලියට ඇස් දාගෙන හිටියේ..මුගෙන් reply එකක් නැති නිසා..ඒ  නිසා මම විස්තරේ දාල අපේ එවුන්ට Message දැම්මා.  උන් දැන් ඇවිත් ඇත්තේ....

ඒත් තේවි reply නෑ...මගේ බඩ බොක්කත් දනවා..පස්සේ දෙයියෝ බලලා වගෙ සෝසො reply කරලා තිබ්බ ඌත් අද අපේ ගෙදර එනවා උගේ අම්මත් ගෙදර නෑ කියලා..ඒ නිසා චන්දුලා යුවාන්ලා දාල ආයේ මෙහේ එන ගමන් කියලා..ඊට පස්සේ තමා මට ලේ ටිකක් ඇගට ඉනුවේ...

Medical center එකට ලොකු දුරක් තිබුණේ නෑ..ඒ යනකන් මම සීට් එක පිටිපස්සට ඔලුව තද කරගෙන ගියේ මට හෙන අමාරු නිසා...

ඊටත් වඩා මට මූ reply නැති පාර පපුව දනවා...තරහ වෙලාද කොහෙද..ඒත් දැන් මගේ හිත කිව්වේම දමන්වර uncle එක්ක අරක කතා කරන්න කියලා බන්..

Medical center එකෙ ලොකු සෙනගක් හිටියේ නෑ...මම uncle එක්ක කෙලින්ම ඇතුලට ගියාට පස්සේ ඉස්සෙල්ලම මට උනු වතුර එකක් බෙහෙත් දෙන තැන ඉන්න අක්කට කියලා uncle ගෙනල්ලා දුන්නා. පස්සේ painkillers වගයක් ඉස්සෙල්ලා දීලා මගේ උණ බලලා බෙහෙත් දුන්නා..uncle කොහොමත් සල්ලි ගන්නෙ නෑ බන් අපෙන්..

"බෙහෙත් ටික  ගිහින් කාල එහෙම ඉවර වෙලා බොන්න ජානු පුතා...දැනට ඕක බිව්ව නිසා ඔලුව බර ගතිය අඩු වෙයි...වැස්සෙ තෙමෙන්න එපා මම weel එකක් කතා කරලා දෙන්නම් ගෙදර යන්න..."

"Thank you uncle...uncle අම්මට කියන්නේ නෑනෙ....නැත්නම් අම්මා මාව හම ගහයි...හෙහ් හෙහ්..."

"නෑ නෑ බන්....මම විහිලුවක් කරේ..මම දන්නේ නැද්ද උඹලා අම්මගෙ සැර..."

මොනා උනත් අපෙ අම්මනේ ඒ කාලෙ දමන්වර uncle ගෙ love එක...පව් අප්පා..ඒක බදින්න වෙලා නෑනෙ...

මං හිනාවෙලා ආයේ phone එක බැලුවේ චන්දු Message එකක් දාලා නිසා...අම්මෝ  ඇති යන්තම් උන් ඇවිත් බං... චන්දු සෝසේව අපේ ගෙදරට දාලා, තේවි weel එකක ගෙදරට ගිහින්ලු උන් යද්දි....ඌ  මෙහේ ආවොත් සැක හිතෙන නිසා මම මෙහෙට එන්න එපා කිව්වා...නැත්නම් පොර මෙහෙ එන්න හදනවා...

"Uncle ට මගේ එක්ක කතා කරන්න ඕනේ කියලා චන්දු කිව්වා...මොකක්ද uncle.."?

"ආආ..ඔව් පුතා..ඒත් ඔයාට අමාරු නම් අපි පස්සේ කතා කරමු...දැන් ජානු ගෙදර ගිහින් බෙහෙත් බීලා rest කරන්න ඕනෙ..නැත්නම් flight එක තියෙන දවසට නැගිටින්න බැරි වෙයි...මේ සතියේ අන්තිම නේද පුතා ඉතාලි යන්නේ..."?

"ඔව්...uncle...සෙනසුරාදා තියෙන්නෙ flight එක...අවුලක් නෑ ෂේප්...මට කතා කරන්න පුළුවන්..."

"මට පුතාට දෙන්න දෙයක් තියනවා...මං මේක සෑහෙන්න කල් ඉඳන් යවන්න ඉන්නෙ..ඒත් ඒකට හරි වෙලාවක් එනකම් මං බලාගෙන හිටියා..ඒක පුතාම අතේ යවන්න හිතුවේ ඒකයි මම..."

දමන්වර uncle එයාගෙ bag එක ඇදලා එළියට ගත්තෙ ටිකක් ලොකු diary එකක් වගෙ පොතක්..ඒක අස්සෙන් ගත්ත  දිග දුඹුරු පාට ලියුම් කවරයක් අස්සේ  සීල් කරලා තිබුණු  ලියුමක් එයා එළියට ගන්න දිහා මම බලාගෙන හිටියා...

"ජානු පුතා...මේක ඔයාගෙ ඩෑඩ්ට දෙන්න ..එයා ඒක කඩලා කියවනවද නැද්ද කියලා තීරණය කරයි..."

මම ටිකක් පරණ පාට වෙච්ච ලියුම දිහා බලාගෙන හිටියා.. ඒක අද ඊයේ එකක් වෙන්න බෑ....ගොඩක් පරණ පාටයි...

"මං හිතන්නෙ පුතාට මගෙන් මොනා හරි අහන්න තියනවා...:

මම ඇස් උස්සලා ඔලුව වනලා ලියුම මගේ පොඩි bag pack එකට දා ගත්තා...පින්නේ ඉඳලා ඒක ටිකක් තෙමිලා. .

"මොකක්ද uncle අපේ ඩෑඩ් එක්ක අශ්වින් uncle ට තියෙන තරහ...එයාල කලින් ඉඳන් අදුරනවද.."?

මගේ ප්‍රශ්නෙ එක්ක මෙච්චර වෙලා සන්සුන් වෙලා තිබුණු දමන්වර uncle ගෙ මූණ ටිකක් වෙනස් වුණා බං..ඒත් මං කෙලින්ම uncle දිහා බලාගෙන හිටියා...Uncle හෙන ලස්සනයි..චන්දුට වගේම දිග මුණක් තියෙන්නෙ.

"ඇයි ජානු පුතා එකපාරටම එහෙම අහන්න හිතුවේ...??"

"ඒක මට මානසික වදයක් uncle.. please මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් ද...මොකද ඔයා තමා මගේ ඩෑඩ්ව පොඩි කාලේ ඉඳන් දන්නේ  .."?

"හු....ම්...පුතාට අශ්වින්ව හම්බුනාද...."?

"ඔව්..එකපාරක්...ස්කොලෙ ඉඳන්..ඊට පස්සේ තමා මේ සේරම විකාර පටන් ගත්තෙ.."?

ඒ තියුණු ඇස් මගේ වචනයක් ගානේ මාව අහගෙන ඉන්නවා...අනික මම ඉන්නෙ උණ අමාරුවේ වුණත් දැන් නම් මට මේක අහන්නම ඕනෙ බං...ආයේ වෙලාවක් එන්නේ නෑ..මොකද මම සෙනසුරාදා යනවා...තව දවස් තුන හතරයි තියෙන්නෙ.

ලොකු හුස්මක් පිට කරපු දමන්වර  uncle ඇඟිලි තුඩු වළින් නළල තදින් මිරිකලා බෙහෙත් බෝතල් පිරුණු උස රාක්කේ දිහා බලාගෙන හිටියා...

"ජානු....ඒක දිග කතාවක් son ..ඒත් ඒක ඔයා ඔයාගෙ ඩෑඩ්ගෙන්ම අහන්න ඕනේ...මට පුතා වෙනුවෙන් පොඩි දෙයක් කරන්න පුළුවන්..wait one minute..."

අර ඉස්සෙල්ලා ඇද්ද bag එකෙ තිබුණු ලොකු කළු පාට diary එකක් වගෙ පොත පෙරළලා තව පොඩි කවරයක් අතට ගත්ත uncle ඒක මගේ ළඟට අරගෙන ආවා...ඒක මගේ ඉස්සරහ මේසෙ උඩ තිබ්බ එයා ඇස් වළින් කිව්වේ මට ඒක බලන්න කියලා...

මම තප්පර දෙක තුනක් uncle දිහා බලාගෙන ඉඳලා ඒක ඕපන් කරලා ඇතුලට එබුනේ පුදුම කුතුහලයක් එක්ක බං...

ඒ Photos..වගයක්....ගොඩක් නෑ...3 ක් තිබුණා...පොඩි අගල් 3×4 වගේ size photos...බන්...ආආආආහ් පිස්සු වගේ...

මම වෙව්ලන ඇඟිලි ඇතුළට දාල උඩම තිබුණු photo එක එළියට ගත්තා...මගේ මූණේ වෙනස් වෙන reaction දිහා uncle බලාගෙන ඉන්නෙ...

"Uncle....මේ...මේ....."?

ඒකේ හිටියේ හොඳට හුරු පුරුදු මූණු  තියෙන 3 දෙනෙක්...ගොඩක් කාලෙකට කලින්...හැබැයි...මං ඇස් ලොකු කරගෙන uncle දිහා බැලුවා...මගේ ඇස් පුදුමයෙන් පිරිලා තිබුණේ..මං මේක gess කරා

"ඔව්...son....අපි 3 දෙනා යාළුවෝ...නිකන් යාළුවෝ නෙවෙයි..හොඳම යාළුවෝ...grade 6 ඉඳන් අපි ගියේ එකම ස්කොලෙ...ඒ කියන්නේ ඔයාලගේ දැන් ස්කොලෙම තමා..."

"ඒ...ත් ....Uncle.....මම දන්න ඩෑඩ්ගේ එකම හොඳම යාලුවා ඔයානේ...."

"අනිත් photos බලන්න...son "

මම වේවලනවා...බං...දැනටමත් මාව විකාර වෙලා...මම වේගෙන් අත දාල ඉතුරු photo එක ගත්තා...damn මොකක්ද දෙය්යනේ මේ....මොනාද මට මේ දකින්න තියෙන්නෙ...ඒක දැක්ක ගමන් ඉබේම මගේ ඇස් වලට හෝ ගාල කඳුළු පිරුණා...ඒත් මම කාගෙන හිටියා....

"අතීතේ ලස්සන පොතක ගොඩක් පරිච්ඡේද ගිනි අරන් පුතා....ඒ නිසා ඒවා කොහොමද ඔයාලා දැනගන්නේ...ඔය පුංචි සාක්ෂියක් ....ඔය photo එක ගත්තෙ මං...අපේ ගෙදර ඉඳන්...අදුර ගන්න පුළුවන් ද...ඒ දෙන්නව...දැන් තරහ කාරයෝ වගෙ හිටියට ඉස්සර දෙන්නට දෙන්නා නැතුවම බැරි වෙලා හිටපු දෙන්නෙක් ඔය....දේව්, ආශු...."

මම හිතන්නෙ බං ඒ අවුරුදු ගාණක් පරණ photo එකක්....ඒත් ඒක දකින කොට මට දැනෙන පපුව රිදෙන හැඟිම් කියන්නේ වෙනම කතාවක්....මට දැන් ගෙදර යන්න ඕනෙ...මට තේවි ඕනෙ...සිරාවට දැන් මම පට්ට අවුල් වෙලා ඉන්නේ....

මං කලබෙන් අත දාල ඉතුරු photo එක එළියට ගත්තා...ඒ නම් ගොඩක් පරණ එකක් නෙවෙයි....මගේ අත් වේවලනවා...

"ඕක තමා ජානු...එයාලා අන්තිමට ගහපු photo එක...ඒකත් ගත්තෙ මම...ඔය අපි campus යන කාලෙ..second year වගේ...හම්බුන වෙලාවක ගත්තෙ මං....මගේ ගාව ඒ කාලෙ කැමරාවක් තිබුණා..."

මට වචන ගැට ගහ ගන්න තප්පර දෙක තුනක් ගියා බං...මොනාද මං කියන්නේ...ඒ නිසා uncle ම මගේ හිත කියවලා...

"මමයි, දේව් ගියේ එක campus එකකට...ජයවර්ධන පුර මෙඩිකල් faculty...ඒත් අශ්වින් ගියේ පේරාදෙනියේ...එයාට doctor කෙනෙක් වෙන්න හොඳ result එකක් තිබ්බත් ගෙදර තිබ්බ ආර්ථික ප්‍රශ්න එක්ක එයා doctor කෙනෙක් වෙන හීනෙ අත් ඇරියා...පුතා..මොකද අශ්වින් කියන්නේ හරිම දුප්පත් අම්මා තාත්තා හිටපු කෙනෙක්..පස්සේ තාත්තා අසනීප වුණා එකපාරටම..ඒ එක්ක ආශුට නුවර යන්න වුණා.."

"අශ්වින් තමා අපි 3 දෙනාගෙන්ම හොදටම chemistry පුළුවන් කෙනා..පුදුම ආස හිතෙන විඳියට එයා උගන්නනවා..පස්සේ...class ඉඳන් කරා campus යන කාලෙ සල්ලි හොයා ගන්න...හෙන දුකක් වින්දේ...දැන් වගේ නෙවෙයි ..ඉස්සර අශ්වින් කියන්නේ හරිම අහිංසක කොල්ලෙක්..."

මං තවමත් photo අස්සේ ගිලිලා...මට දැනෙන දේ ඇත්තටම මට දැන් uncle එක්ක කියන්න හයියක් නෑ බන්...තවමත් මට අග මුල තේරෙන්නෙ නෑ...ඒත් මට එක දෙයක් තහවුරු කර ගන්න ඕනේ...පස්සේ ඉතුරු ඒවා මම හොයා ගන්නකන්....

"ද..ද...මන්වර uncle....."

මගේ වෙව්ලන කට හඩ එක්ක ඇස්වල පිරුණු කඳුළු...උණ අමාරුව එක්ක ඉන්න මගේ මැලවෙච්ච මූණ දිහා එයා බැලුවා...

"අහන්න ජානු...."?

"ඒ....ඒ....ක ...යා....ළු...කමක්  නෙ....නෙ...වෙයි ද...?"

ඒ මූණ බැරෑරුම්....

"පුතා හිතන්නෙ කොහොමද....යාළුකම් ඉතිහාස පිටු වලින් හංගන්න හේතුවක් නෑනෙ...අද කාලෙ වගේ නෙවෙයි පුතා දැනට අවුරුදු 25 කට වගේ ඉස්සර සමාජෙ...එතකොට....ඒක...යාළුකම කියලා කියන්න බෑ නේද..."?

මං තොල් දෙක තදින් හපා ගත්තා....මට ඇඩෙනවා.....ගොඩක් හේතු නිසා....

"එ...එ....හෙනම් .."?

"ඒ.....ක .....අසම්මත ආදරණීය බැදීමක් my son...වැරදි කාලෙක ඇති වෙච්ච...ඉතිං ඒක බිදිලා ගියා..."

මං වේව්ලනවා...මගේ කඳුළු නතර කරන්න මට ඕනෙ වුණේ නෑ බං...දැන් මට කෑ ගහලා අඩන්න ඕනේ....මට ඩෑඩ්ව මතක් වෙලා පපුව පිච්චිලා යනවා....

"ඇ....ඇ....යි...."?

"දෛවය....ජානු......ඒ  සිද්ධ වෙන්න තිබුණු දේ...ඒකට හේතුවක් ඇති...."

"ඉතිං එයාලා තරහ මොකද.."?

"ඒකට හේතුව ඔයා ඩෑඩ්ගෙන් අහන්න ඕනේ පුතා....එයා කියයි....ඒක ඇහුවට පස්සේ  ඔය ලියුම එයාට දෙන්න...හොඳද...තවමත් එයා නොදන්න දෙයක් තියනවා...."

පුදුම වෙලා...විකාර වෙලා ඉන්න මගේ ඔලුව උඩ අත තිබ්බ දමන්වර uncle එහෙම කියලා මගේ කඳුළු පිහිදලා දැම්මා....

"ඩෑඩ් වගේම රූපේ තිබුණට ජානු හරි soft personality එකක් ඇතුළෙ තියෙන කෙනෙක්...ඒත් දන්නවද පුතා...සදේවන් දේවනාරායන කියන්නේ හරි තද මනුස්සයෙක්...එයා ලේසියෙන් කඳුළු වට්ටන්නෑ....මට විශ්වාසයයි දේව් ඉතාලි ඉන්න ලොකු හේතුවක් ඇති...පුතාට මේවා ඔලුවට බර වැඩි...හිමින් තේරුම් යයි...."

"යමු දැන්...ඔයාට අමාරුයි...weel ඕනේ නෑ මම පුතාව ගෙදර ගාවට දාල  එන්නම්...ඔය photos පරිස්සං කරනවා නම් පුතා ගන්න....හැබැයි...ඔයාගෙ ගෙදර අයට ඕවා අහු කර ගන්න බෑ...පොරොන්දු වෙන්න...ඔයාගෙ අම්මා අදටත් මේවා දන්නේ නෑ...."

ඒ කියන්නේ අම්මා මේ මොකුත් දන්නේ නැද්ද.....මට අම්මා ගැන දැනුනෙ ලොකු වේදනාවක්...ඒත් උබලා හිතනවද මට ඊට වඩා වේදනාවක් දැනුනෙ ඩෑඩ් ගැන...

"නෑ..uncle ආයේ ඔයා එන්න ඕනේ නෑ...මම weel එකක යන්නම්...පොඩි දුරයිනේ ...uncle ඉඳලා එන්න patient ලත් ඇවිල්ල...ඉන්නෙ  එළියේ.."

මම  ඔක්කොම photos bag එකට  දාගෙන ගිහින් uncle කතා කරලා දුන්න weel එකට නැග්ගා...මට දැන් ඉක්මණට ගෙදර යන්න ඕනෙ..බං..දැන් රෑ 8 ට විතර ඇති...

මට ඉක්මණට ඩෑඩ් ළඟට යන්න තිබ්බ නම් කියලා හිතුනා....එයා එහෙනම් අපෙන් ඈත් වෙලා ඉන්නේ මේ නිසාද...ඩෑඩ් තාමත් අශ්වින් uncle ට ආදරෙයි ද....එතකොට....අර පොත.....ඩෑඩ් වැරදිලාවත් අශ්වින් uncle ට දෙන්න ගත්ත එකක්ද.....

මගේ ඔලුවේ විකාර වෙන දේවල් එක්ක මම එහෙම්මම weel  එකෙ පිටි පස්සට හේත්තු වුණා...කළුවර නිසා මගේ ඇස් වලින් ඉවරයක් නැතුව ගලන කඳුළු පේන්නේ නෑ..මම ඉන්නෙ බං පට්ටම stress වෙලා...

ඒ අස්සේ මට සහලෝලා උණ...අර ඔලුව බර සෙම ගතිය නම් ටිකක් ෂේප් වෙලා තිබුණේ..දැන් ආයේ ඒක වැඩි...මම phone එක අරගෙන තේවිට call එකක් ගත්තා...Message එකට reply කරේ නැති වුණාට එයා මම call ගන්න කොට ignore කරන්නෙ නෑ...දැන් මට දැනෙන දේ ඇත්තටම මට කියන්නේ තේරෙන්නෙ නෑ බන්....

"හෙ....ලෝ....තේවි....අනේ..බං.. "

මට ඉකි ගැහෙනවා....weel එකේ ඉස්සරහට ඇහෙන් නැති වෙන්න මම හිමින් කතා කරේ...

"ජානු...මොකද වුණේ බං...උඹ අඩනවද....කොහේද ඉන්නෙ...භය කරන්න එපා යකූ..."?

"ම්ම්ම්ම්....එන ගමන්...weel එකෙ....ඇවිත් කියන්නම්...මට පිස්සු වගෙ තේවි....uncle එක්ක මම කතා කරා...."

"මොනාද එයා කිව්වේ බන්....එක්කෝ දැන්මම එපා...ඉස්සෙල්ලා ගෙදර එන්න බබා..මම පාරට එන්නම්...බෙහෙත් දුන්නද uncle..."

"ම්ම්ම්ම්...බෙහෙත් දුන්නා...ඇවිත් කියන්නම්...පාර ගාවට වරෙන්...සෝසේ ආවද..."?

"ඔව්..ඔව්...ඌත් කලබල වෙලා මේ...ඉක්මණට පරිස්සමට එන්න.."

"හරි..."

මම call එක cut කරලා එහෙම්මම ආයේ ඔලුව තද කරගෙන ගියේ...වැහිබර හීතල හුළං නිසා හෙන සීතලයි බං...ඊට වඩා උණ ඇග නිසා මාරම තෙහෙට්ටුයි...

bus එකෙ ඇවිත් අමාරුවයි,ට්‍රිප් ගිහින් අමාරුවයි සේරම එක්ක දැන් මට ඕනෙ සේරම විකාර අමතක කරලා දිග නින්දක් නිදා ගන්න....හැබැයි මට තේවිව ඕනෙ.....

මම මගේ තේවිට කොච්චර ආදරෙයිද...ඒ වගේම ඩෑඩ් අශ්වින් Uncle ට ආදරෙ කරන්න ඇතිද...මගේ පපුව රිදෙනවා...මට අශ්වින් uncle ගෙ නපුරු කොළ නිල් පාට ඇස් මතක් වුණා...bag එකට අත දාල ගත්ත දමන්වර uncle දුන්න ඒ photo එකෙ ඉන්න  හිනා වෙලා ඉන්න අශ්වින් uncle ට වඩා දැන් ඉන්නෙ කොච්චර වෙනස් කෙනෙක්ද....

තේවිට කොහොමද මේ දේවල් මම කියන්නේ...එයා කොහොම ඒවා පිළිගනීද....බං

මගේ අම්මා ජීවිතේ වැඩිම කාලයක් තනියම මෙහෙ හිටියේ මේ නිසාද...එතකොට තේවිගේ අප්පච්චි, Aunty මැරුණට පස්සේ වත් කසාදයක් බැන්දේ නැත්තේ මේ නිසාද....එතකොට දමන්වර uncle අපෙ අම්මට කැමති කියලා දැන දැනත් ඩෑඩ් අපේ අම්මව බැන්දේ ඇයි... අශ්වින් uncle  බඳින්න කලින්ම දරුවෙක් දීලා  තේවිගේ අම්මව   බඳින්න ඉස්සර වුණේ ඇයි....කවුද වැරදි...කවුද හරි....

මොනාද දෙය්යනේ එයාලගෙ  කතාවට වුණේ???

අපි විසදගමු ....ඉක්මණට එන්නම් ...

මම ජානුක්‍ය.....

                                     Doctor දමන්වර


✍️Shadow 🐰🍓

Hii...මගෙ බනානා කියුබ් හොඳින් ඉන්නවා නේද...

Miss you soo much 🥺❤️

50000 පැනලා ඔන්න....අද...

කොහොමද මේ කොටස...

දමන්වර uncle අදුරනවද බලන්න.....👉👈

ඔන්න ජානු දැන ගන්නවා එයාලා තාත්තලා බැදීම ගැන ටිකාආආක් ....

තේවි ඒකට කොහොම react කරයිද....

අපි බලමු.....

සංකීර්ණයි....!





















































Continue Reading

You'll Also Like

458 61 5
ගබුරුම ආදරේ... සොදුරුම තෑග්ග.... උමතුවයි....
32.6K 4.4K 45
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
19.4K 2.9K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
11.4K 2.2K 8
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !