_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.2K 13.8K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

67 වෙනි කොටස 🧪

791 151 110
By NethmaDissanayake

A/N Pov



බාත් රූම් එකේ වතුර වැටෙන සද්දේ අහගෙන තේවි ඒ පැත්ත බලාගෙන phone එක කනේ තියාගෙන හිටියේ  වේගෙන් ගැහෙන පපුවේ  සද්දේ  නිහඬ කාමරේ අස්සේ තමන්ටම ඇහෙද්දි...ජෙනායා වචනෙන් වචනෙ පැහැදිලි කරන ගමන් කියන දේ  අහගෙන හිටිය ඔහු තොල් දෙක සැරින් සැරේට තදින් හපා ගත්තා. 

දිග ඇඟිලි තුඩු දෙතුන් පාරක් නළල දෙපැත්තේ තද කරගෙන හිටපු තේවි..කාමරේ අස්සේ තවත් කතා කරන්න බැරි තැන phone එක කනේ ගහගෙන වේගෙන් එයාගෙ රෑම් එකෙ පොඩි බැල්කනි එකට ආවා..

අක්කා මොනා කියනවද කියල හරි තේරුමක් නැති වුණත් තේවි දිවාකර බය වුණා එයාගෙ අප්පච්චිගෙ කිව්වොත් කිව්වා ප්‍රතිපත්ති වලට  .ඒවා කොච්චර අසාධාරණ වුණත් ඒවා අහන්න එයාලට සිද්ධ වුණා. මොකද ඒ තමන්ගේ අප්පච්චි නිසා..

"දෙය්යනේ අක්කේ මොනාද හලෝ කියන්නේ...එකපාරටම මොන යකෙක් වැහුනද ඕයි අප්පච්චිට..."?

"ශ්ශ්ශ්ශ්....පොඩි කෑ ගහන්න එපා..ජානුට ඇහෙයි.."

"එයා bath room එකේ...අක්කේ..ජානු මේ ගැන දන්නවද හලෝ.."?

"පිස්සුද පොඩි...මං හිතන්නෙ නෑ..ඔයා කීයටවත් එයාට මේක කියන්න එපා..දන්නවනේ එයා පොඩි එකෙක් වගේ...කලබල වෙයි..."

"ඇයි දෙය්යනේ මෙහෙම වුණේ...මොකක්ද අප්පච්චි ඔච්චර ජානුගේ ඩෑඩ්ට වෛර කරන්න හේතුව අක්කේ..ආආආආශ්....මගේ ඔලුව විකාර වෙලා.."

"පොඩි ...පොඩි...please දෙවියනේ කලබල වෙලා මේ ප්‍රශ්න දෙගුණ කරගන්න එපා..හරි..අප්පච්චි ඔයාට call කරලා කියයි..මොකුත් දන්නේ නෑ වගේම අහගෙන ඉඳලා සෙනසුරාදා  එන්න..සමහරවිට මේ මොකුත් ඔයාට call කරලා කියන්නේ නැති වෙයි..ආවම කියයි...හරි..??"

"ඕනි ඕනි වෙලාවට එන්නයි යන්නයි...මට class cut වෙනවා ඕයි...එහෙනම් මොන මගුලක් ද මේ...අනික අනික අක්කේ...අප්පච්චිගෙ පරණ තරහවල් වලට අපි පලි නෑනෙ..මේක අසාධාරනයි..."

"පොඩි...මම දන්නවා ඔයාට තරහ යනවා කියලා..ඒත් ගෙදර එනකම් කලබල කරන්න එපා මල්ලි...please ජානු ගැන හරි හිතලා.."

"අ...අ...ක්කේ ....එයා මං නැතුව ඉන්නේ නෑ.හලො...සතියක් miss වුණා පුංචිලා ගෙදර ගියපු නිසා..මැරිලා වගේ හිටියේ..අද ගෙදර ආවම කොච්චර සතුටකින්ද දන්නවද ඉන්නේ..ආආ...මං..ම...මම...කොහොමද එහෙම කරන්නෙ...අක්කේ...."

බැල්කනි එකේ අත් වැටට එක අතක් තද කරගෙන හිටපු තේවිට කවදාවත් නැතුව කඳුළු ආවා..ඔව්...එයාට ඇඩුනා..මොකක්ද මන්දා ලොකු බයකින් හිත පිරිල යද්දි යටි තොල තදින් හපා ගෙන සද්දේ පිට වෙන්නෙ නැති වෙන්න එයා කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න දුන්නා...

තේවි හොදටම දන්නවා තමන්ගේ අප්පච්චි කවුද කියලා..ඒත් හොඳට හැමදේම වෙද්දී එකපාරටම ඇයි මෙහෙම දෙයක්...ඒ කියන්නේ අප්පච්චි ජානුගේ ඩෑඩ්ව දන්නවද..මොකක්ද එයාලා අතර ඔච්චර තියෙන තරහ...ඕවා හිතලා හිතලා ඇත්තටම තේවි හිටියේ පිස්සෙක් වෙලා..

"පොඩි...අඩන්න එපා මල්ලි...මේ අහන්න...ඔහෙන් ගියා කියලා ඔයාට ජානු miss වෙන්නෙ නෑනෙ..ස්කොලෙ ඉද්දි, class වල ඉද්දි හම්බවෙනවනෙ..අනික අපිට කලබල වෙලා මොකුත් කරන්න බෑ...දන්නවනේ අප්පච්චිට සැක නොහිතෙන්න කරන දෙයක් කරන්න ඕනේ.."

ඒත් ස්කොලෙවත්, class වල වත් ලෝකෙට හොරෙන් ඔවුන්ගේ අසම්මත හැඟිම් බෙදාගන්න නිදහසක් මේ reality ලෝකේ තියනවද...ඔවුන් නිදහසේ ඔවුන්ගේ අත් අස්සේ ගුලි වුණෙ මේ වගේ ගෙදර ඉද්දි විතරයි..ඒක දන්නේ ඔවුන් විතරයි...ඔවුන් විතරක් දන්න අහිංසක පිරිසිදු හැඟිම් පිරුණු රෝමාන්තික හෝරා...

"මොනාද අක්කේ අපි කරන්නෙ..  මට බයයි ඕයි....මට..මට...මට එයා ළඟ නැතුව ඉන්න බෑ.."

"දෙය්යනේ පොඩි...."

"අක්කේ...අනේ මට බෑ..."

"පොඩි...මේ අහන්න සුද්දා...මේ..මං ඉන්නවා..ම්ම්ම්..ඉතිං අපි මේ දේවල් හිමින් විසදගමු...හැබැයි ඔයා ආවම අප්පච්චි එක්ක කට ගහගෙන යන්න බෑ..එහෙම වුණොත් දන්නවනේ නිදහස නැති වෙයි..."

"එයා මොනා කියන්න හිතාගෙන ඉන්නවද කවුද දන්නේ අක්කා..හරි මෙහේ ඉන්න එපා වෙන තැනකට යන්න කිව්වා කියමු..ඒක ෂේප්...ඒත්...ඊට වඩා දෙයක්...කිව්වොත්..."

"පොඩි...මේ වෙලාවේ අපි ඉවසන්න ඕනි..ඔයා අප්පච්චි කියන දේ අහන්න ඕනි...නැත්නම් ආයේ නුවර ස්කොලෙට එන්න වෙන්නේ..දන්නවනේ අප්පච්චි කොහොමත් ඔයා කොලඹ යනවට කැමති වුණේ නෑනෙ...මට දැන් හිතෙන්නෙ මේ හේතුව ඒකට බලපෑවද කියලා...අපි බලමුකො...මං මේකට involve වෙලා මේ ගැන හොයනවා...කොහොමත්...හැබැයි ඔයා පරිස්සන් වෙන්න ඕනි...හරි..."?

"ම්ම්ම්...හරි..හරි ..ජානුට මොනා කියලද අක්කේ මං කියලා එන්නේ.."

"අප්පච්චි අසනීප වෙලා කියන්න...අනික වැඩි දවසක් ඉන්නේ නෑනෙ...ඉක්මණට එනවනේ..."

"ම්ම්..බලමුකො..."

ඒත් තේවි දැනගෙන හිටියේ නෑ මේ කතාවෙන් බාගයක් bath room එකෙ ඉඳලා ආපු ජානු අහගෙන හිටියා කියලා...බැල්කනි එකෙ තේවිගේ කට හඩ වේව්ලන ගමන්  සද්දෙන් ඇහෙද්දි  ඇත්තටම ජානු ගොඩක් භය වුණා. මොකද එයා දන්නවා දැන් call එක තේවිගේ අක්කා ජෙනායගෙන් කියලා...

මොකද තේවි ජානුට මේ දේවල් හංගන්න හිතා ගෙන හිටියත්..එයා නොදැන හිටිය දෙයක් තිබුණා...ඒ  ජානු කලින්ම මේ දේ දන්නවා කියලා...ඒ අශ්වින් ඉසිවර බන්ඩාර. .දේවනාරායන ලේ වලට වෛර කරනවා කියලා...ඒක දන්නවා කියලා ජානු හැමෝගෙන්ම හැංගුවේ චන්දුල ඒක රහසක් විදියට කිව්ව නිසා...

අතරින් පතර call කරන දේවල් ලාවට ඇහෙන කොට තවමත් බාගෙට කොන්ඩෙ පිහිදාන ගමන් හිටපු ජානු වෙව්ලලා ගියා..එයාගෙ ඔලුවට මේ වෙලාවේ ආවෙ එක දෙයයි...

"දෙය්යනේ අශ්වින් uncle මාව අදුරගෙනද...නො නො ඒක වෙන්න බෑ...එහෙම වුණොත් ...මං බොරු කිව්වා කියලා අතේ මාට්ටු...ආආආ..fkkk....."

Call එක cut කරලා කඳුළු පිහිදාගෙන බොරු හිනාවක් මූණට අරගෙන ආපස්සට හැරිලා ඇතුලට යන්න හැදුවත් තේවි දිවාකර ගැස්සුනේ බැල්කනි එකට එන්න තියෙන උස ජනෙලේ ගාව ඉන්න ජානු දැකල..

බාගෙට වතුර බේරෙන කොන්ඩෙ..තමන්ගේ  රතු කොට කලිසමකට..දනිහ ගාවට ඇදගෙන ඉන්න ලොකු  කලු පාට බැගි T එක... නොපිට පෙරලුනු වෙව්ලන තොල්....උඩට අදින නහය... කඳුළු පුරෝගෙන වේගෙන් ගැහෙන ලොකු බෝල ඇස්...

"ජා....නු ...."?

හිමින් හිමින් ළඟට ගියත් තේවීව හිත ඇතුලෙන් කට කට ගාලා වේව්ලනවා...ජානුට මේ දේවල් ඇහුනද...දෙය්යනේ...නෑ නෑ...එහෙම නම් වෙන්න එපා...

කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව ලස්සනට හිනා වෙලා තේවි ඇවිත් ඉස්සරහින් හිට ගත්තත්..ඒ බෝල ඇස් එක එල්ලේ තේවි ගාව තිබුණා...

"මැණික...ඇයි මේ....ක...ක....ඳු...ළු......"?

ජානුගේ පිරුණු කම්මුල උඩ එක අතක් තිබ්බත් තමන්වම ඇතුලින් ගැහෙනවා කියලා තේවිට දැනූනා..

"මාව ද ...දාලා යනව..ද ...තේ..තේ......වි .."

"කොහෙද...බන්...කොහේ යන්නද..මං..ම්ම්ම්..."?

හිමින් ඒ බෝල කම්මුල් උඩින් ඔහේ ගලාගෙන යන කඳුළු බිඳුවක් පිහිදාපු තේවි වෙනසක් නොපෙන්වා ඉන්න හැදුවත්... තමන්ගේ හුස්මක වෙනසක් පවා අදුරන ජානුට මේ දේවල් හංගන්න තේවිට පුළුවන් ද..

"උඹ...යනවා...මාව දාලා..."

හයියෙන් ඉකි ගැහෙන කොට..අඩන එක මෙච්චර වෙලා හිරකරගෙන හිටපු  ජානුට තවත් ඒ පපුවේ ගැහෙන වේදනාව හංගන්න බැරි වුණා...

"අනේ නෑ...මගේ චූටි මැණික. ..."

ඒ තප්පරෙන් වේගෙන් ඇදලා ජානුව පපුවේ අස්සේ ගුළි කරගෙන ගොඩක් තදින්ම තුරුල් කර ගත්ත තේවි තමන්ගේ වේගෙන් වේව්ලන දෙතොල් ඒ තෙත කොන්ඩෙ උඩ තද කර ගත්තා...

මේ දැන් තමන්ගේ හා පැටියා කවුරුහරි උදුරගෙන යයි වගේ ගොඩක් ගොඩක් තදින් මිරිකළා අල්ලා ගෙන වේගෙන් හුස්ම ගන්න ගමන් මුළු ඔලුව පුරාම සිප ගත්ත ඔහුට වේගෙන් ගැහෙන හැඟිම් එක්ක ජානු තව තව දැනෙන්න තුරුල් වුණා...

ඔවුන් දෙදෙනා එකිනෙකාට කිව්වේ නැති වුණාට..ඔවුන් දෙදෙනාම දැනගෙන හිටියා ඔවුන්ගේ තාත්තලා තරහකාරයො කියලා...ඊලගට වෙන්නේ මොකක්ද කියන එකට ඔවුන් දෙදෙනාම භය වුණා..මොකද සම්පූර්න දේව් ආශු කතාව ඔවුන් දන්නේ නෑ...ඔවුන් දැනගෙන හිටියේ එහි බාගෙට හදිසියේ කොමාවකින් නතර වුණ එක පරිච්ඡේදයක අවසාන පේලියක් විතරයි...

මේ අත් අතර දැනෙන උණුහුම නැතිව ඔවුන් ඉන්නේ කොහොමද කියලා හිතන්න පවා ඔවුන් භය වෙලා..ඒ තරම්. .ඒ නව යෞවන හැඟිම් එකිනෙකාට ඇබ්බැහි වෙලා...පිස්සුවෙන්...වචන වලින් තවමත් නොකිව්වත්...

"තේ....වි ..."

"ම්ම්ම්ම්..."

"යන්න එපා..."

"යන්නේ නෑ චූටි මැණික...."

"යන්නේ නෑ නේද...ආහ් ."?

"න්...නෑ...මගේ වස්තුව. .."

"අහ්ම්ම්....උඹ නැතුව මට ඉන්න බෑ බන්...දන්නව නේද...ආආ...කියපන්..."

ඒ තුරුලින්  මිදෙන්න ජානු හැදුවත් එතනම බැල්කනි එකේ බිම දණ ගහ ගත්ත තේවි තව තව  ජානු තුරුල් කර ගත්තෙ ගොඩක් තදින්...

"මං දන්නවා...බං...මම දන්නවා...මටත් ඒක කරන්න බෑ.."

"එහෙනම් ගෙදර යන්න එපා...Uncle ආයේ එන්න දුන්නෙ නැත්නම්..."

"මැණික...මේ බලන්න...එහෙම වෙන්නේ නැහැ...මං ගිහින් ඉක්මණට එනවා...ම්ම්ම්..නැත්නම් අප්පච්චි මෙහෙට ඇවිත් මාව එක්ක ගියොත් හරි නෑනෙ...මං ගිහින් බලලා එන්නම්..."

"බෑඈඈ...බෑඈඈ..උඹ යන්නේ නෑ....උඹ යන්නේ නෑ..."

තව තදින් ඒ තෙත කොන්ඩෙ උඩ තොල් තද කරගෙන හිටපු තේවි ටිකක් ජානුව පස්සට කරලා හොදටම රතු වෙලා තියෙන ඒ නහය උඩ තොල් තද කරලා...ඒ  තප්පරෙන්...ඒ රතු වුණ මුළු මූණම වේගෙන් සිප ගත්තෙ...අඟලක් ගානේ මුදු ආදරණීය හාදු වලින් නාවලා..ජානු ගොඩක් සුදුයි..ඇත්තටම කිව්වොත් ඒක කිරි පාට..කිරි ක්‍රීම් පාට...ඒ  නිසා හරි ඉක්මණට ඒ මූණ රතු වෙන එක කැපිලා පේනවා...









"මගේ..සුදු බෝලේ....අහන්න...උඹ අහනව නේද මං කියන දේ.. ම්ම්ම්....මං ගිහින් ඉක්මණට එන්නම් ජානු..."

"එහෙනම් මමත් එන්නම්..."

"මාව තේරුම් ගන්න ජානු...මට ඕනි නෑ මගේ කොල්ලට දුකක් දෙන්න...ම්ම්ම්...ඒ නිසා මම ගිහින් එනකම් ඔයා පරිස්සමට ඉන්න ඕනේ එච්චරයි..."

" උඹලගේ අ...අ...ප්පච්චි...අප්පච්චි....ආආ...මට බයයි බන්...."

"ජා...නු.....මාව විශ්වාස කරන්න..එච්චරයි මං ඉල්ලන්නේ...මොනා වුණත්...මාව විශ්වාස කරන්න..මගේ මැණිකට  මාව කවදාවත් නැති වෙන්නේ නෑ...හොඳද.."?

"අනේ ඔහොම දේවල් කියන්න එපා...යකූ...භය වෙනවනේ..මගුල...හැබැයි...හැබැයි...මතක තියා ගනින්..මං මෙහෙම ඉන්නෙ උඹ ගාව විතරයි...ජානුක්‍ය දේවනාරායන කවුද කියලා උඹ දන්නවා තේවි...මාව අව්ස්ස ගන්න නම් එපා ඔන්න...ඊට පස්සේ මේ හුරතල් නම් සුම්මා..හරි...උඹ ගාව විතරයි...මං මෙහෙම ඉන්නෙ..අන්න  ඒක අමතක කරන්න එපා..."

"බබා.. දැන් සන්සුන් වෙන්න...ම්ම්ම්...දැන්..හුස්මක් ගන්න..කෝ..එන්න..අපි ගිහින් කාල එමු.අය්යා..නිදිද මන්දා...කෝ එන්නකෝ ..."

ඇත්තටම තේවි දිවාකර දන්නවා...තමන්ගේ ගාව මෙහෙම  හුරතල් වෙන ජානු නෙවෙයි ඇත්ත ලෝකෙ ඉන්නෙ කියල...ගොඩක් වෙලාවට තමන් නිසාම සාමන්‍ය ජානුක්‍ය දේවනාරායන හැංගිලාම ගිහින්...ඉස්සර කොලඹ ආපු මුල් කාලෙ bus එකක යද්දී පවා තමන්ව පරිස්සන් කරපු දඟකාර දඩබ්බර කොල්ලා තමන්ගේ ගාව විතරක් හුරතල් වෙලා ඉද්දි  ඒක තේවිට ගොඩක්  අමුතුවට දැනුනා...

මොකද ජානු කියන්නේ girlish කොල්ලෙක් නෙවෙයි...සම්පූර්ණයෙන්ම අමු පිරිමියෙක්....තමන්ගේ ගාව විතරක් හුරතල් වුණ...ලොකය ඉස්සරහ ඔහු දඩබ්බර ඉලන්දාරියෙක්...නාහෙට අහන්නේ නැති...ඒත් තමන් නිසාම  ඒ දඩබ්බරකාරයා මේ ටික දවසට අතුරුදහන් වෙලා නැද්ද...

බලෙන්ම ජානුගේ මූණේ කඳුළු පැල්ලම් ඔක්කොම පිහිදාලා.. ආයේ  තදින් නළල උඩ තද හාදුවක් තියල දෙන්නම ආවෙ මේ වෙද්දිත් ශනූර් කුස්සියේ  රෑට හදපු කෑම රත් කර කර ඉද්දි..

"ආආ...බඩගිනි වෙලා තියෙන්නේ මහත්තුරු දෙන්නට .."

"අය්යා කෑම ආයේ රත් කරාද.."?

"ඔව් බන්..මම ගිහින් එක්ක එන්න ගියේ දෙන්නා  .නැති පාර..වරෙන් කාලා නිදාගන්න...මං උදේම යන්න එපැයි..."

".bag ලෑස්ති කරාද  නූර් අයියේ.."?

"ඔව්.  තේවි ඒ ඔක්කොම හරි  ..ආආ මට උඹලා දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ උදවු ඕනි..තව assignment දෙක තුනක් තියනවා physics වල type කර ගන්න..."

"මං කරලා දෙන්නම් අයියේ.."

"මොකෝ බන් මේ මූ මූණ එල්ල ගෙන ආආ.. චූටි...සනීප නැද්ද.."?

ලිපේ රත් වෙන්න තියපු noodles එක දිහා එක එල්ලේ බලාගෙන ලොකු කල්පනාවක ගිලිලා හිටපු ජානුට දැන් මෙතන කතා වුණ කිසිම දෙයක් ඇහුනේ නෑ..ඒත් ශනූර් ඇඟිල්ලෙන් ඇනලම කිව්ව නිසා ජානු ගැස්සුනා...

"මොකුත් නෑ..ලොකු...මට නිදි මතයි..."

"එහෙනම් ඉක්මණට කාලා නිදාගන්න...අද කාලෙකින් practice කරපු නිසා ඒ..මොකටත් පැනඩෝල් දෙකක් බොන්න..නිදා ගන්න කලින්..."

"ම්ම්.."

3 දෙනාම කතා මැද්දෙන් කෑම කෑවත් ජානුගේ කතා පෙට්ටිය වැහිලා තිබුණේ.එක දිගට මතක් වෙන චන්දු කිව්ව දේවල්, තමන් තේවිගේ තාත්තට කිවුව බොරු...දැන් තේවි හදිසියේ ගෙදර යන එක එක්ක ඇත්තටම ජානු හිටියේ හොදටම නොසන්සුන් වෙලා...මොකද සෙනසුරාදා කියන්නේ අනිද්දා..

ගෙදර ගිහින් එන එක ලොකු දෙයක් වුණේ නැතත් මේ පාර ඒක සැහෙන්න බයානක වුණා..මොකද අශ්වින්  මොකක්ද කරන්න ඉන්නේ කියලා එයාලට හිතාගන්න බැරි නිසා..

ඉක්මණට කෑම කාලා ඔක්කොම අස් කරලා අයියගෙ  assignment වැඩ වලට හෙල්ප් කරන්න ඕනි නිසා තේවි පහල  නතර වෙද්දී...ආයේ උඩට ගියපු ජානු එදා පුස්තකාලෙන් අරන් ආපු ගුරු ගීතය පොත උස්සන් ඇවිත් sofa එකට පැන්නේ... ශනූර් එක්ක ලැප් ඔක්කොම දිග ඇරගෙන තේවි busy වෙද්දී...

හිත කොච්චර කලබල වුණත් පොත් කියවන mood එකක් ලොවෙත් නැති වුණත්  ශනූර් ඉස්සරහ සාමන්‍ය වෙන්න ඕනි නිසා ජානු පුළුවන් තරම් noraml හිටියේ...පොතේ පිටුවක් පෙරලලා බලාගෙන හිටියත් ජානුගේ මනස නම් තිබ්බේ අතරමං වෙලා...

කෑම මේසෙ ගාවට ජානු ඉන්න sofa එක හොඳට පේනවා...තේවිගේ ඇස් සැරින් සැරේ ලැප් ටොප් එකට උඩින් ගිහින් එයාලට පිටු පාල sofa එකෙ පෙරලිලා ජානු ගාව නතර වුණත් ආයේ වැඩේට අවධානේ දුන්න තේවි ඇඟිලි ඉක්මන් කරලා ඉක්මණට type කරේ මේක ඉවර කරලා ඉක්මණට ජානු ගාවට යන්න....මොකද වෙනදට වඩා එයාල දෙන්නට දෙන්නා ඕනි වෙලා...තිබ්බා..

"මොකක්ද චූටි කියවන පොත..."?

විනාඩි ගානක නිහඩතාව බිදලා ශනූර් කතා කරේ වැඩක් කරද්දි කොහොමත් තමන් වගේම තේවිත් සද්ද නැතුව ඒකටම අවධානය දෙනව කියල දන්නව වුණත් මෙතන වෙනදට සද්ද පුජා තියන එකාගෙ අද කට වැහිලා නිසා...

"ආආ..මේක..library එකෙ මැඩම් මට තියා ගන්න දුන්නෙ..."

"ඒ මොකෝ..."?

කූලින් ග්ලාස් දෙක දාගෙන එයාගෙ ලැප් ටොප් එකට අවධානය දීගෙන හිටපු ශනූර් ආයේ ඔලුව උස්සල ජානු දිහා බැලුවේ පොත මොකක්ද කියලා ජානු උස්සල පෙන්නන නිසා..

"මේක ගොඩක් පරණ වෙලා...ඉතිං අයින් කරන පොත් ගොඩේ තිබුණේ..මට අහම්බෙන් හම්බුනේ...ලොකු...ඇයිද මන්දා මට මේකට ආස හිතුනා..කලින් ඔයා ගාව තිබුණු එකක් කියවලා තිබුණට අපි ගාව මේ  පොත නෑනෙ....ගුරු ගීතය....මේ..."

ලැප් ටොප් එකෙන් ආයෙත් ඇස් උස්සපු ශනූර් ජානු කියවන පරණ පොත දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා...ඒත් එකපාර දැක්ක දෙයක් එක්ක ශනූර් ඇත්තටම කලබල වුණා.

"Oh..god...චූටි....කෝ ඕක අරගෙන වරෙන්..."

"ඇයි ලොකු..."?

ආයේ sofa එක උඩ කෙලින් වෙලා වාඩිවුන ජානු වගේම තේවිත් ශනූර් දිහා පුදුම වෙලා බලාගෙන ඉද්දි  ජානු ගිහින් ඒ පොත මේසේ උඩ තිබ්බා...

"ආආආ....මේක ආයේ එහෙනම් ගෙදර ඇවිල්ලා.."

"මොකක්..."!!!

"ම්ම්ම් ඔව් චූටි මේ පොත ගෙදර තිබුණේ..පරණ  පොත් ගොඩක් එක්ක මං පොඩි කාලේ  ඒ ඔක්කොම  ස්කොලෙ library එකට ගිහින්  දුන්නා...ඕක කාගෙද දන්නවද චූටි..."?

"න්...නෑ...කාගෙද...?"

ජානු ඇහුවේ කුතුහලය එක්ක ලොකු වුණ බෝල ඇස් වළින්...ආයේ ඒ පොත දිහා බලලා...

"ඩෑඩ්ගේ...මේ තියෙන්නෙ නම මුල් පිටුවේ කෙළවර..DD කියලා.."

"මො...ක...ක් ...."!!!

ජානු ඇත්තටම ගොඩක් පුදුම වුණා...හිතාගන්න බැරි තරම්...

"ම්ම්ම්...ඩෑඩ් පොත් කියවන්න ආසයි...ඒත් එයා ඉතාලි යද්දි ඒවා අරගෙන ගිහින් නෑ...එකක් වත්. පරණ පොත් පෙට්ටියක් තිබුණා..එතකොට ඒවා අලුත්...මං ගොඩක් පොඩි..ඔය පොත් කියවන්න තේරුමක් තිබුණේ නෑ..ඒ  කාලෙ..පස්සේ මං අම්මගෙන් අහල ඔය පොත් ඔක්කොම ස්කොලෙ library එකට ගිහින් දුන්නා..."

"ඉතිං අවුරුදු ගානකට පස්සේ ආයේ එක පොතක් ගෙදර ඇවිත් හරි පුදුමයි...චූටි...ඕක ඩෑඩ් ආසම පොතක් ...මං හිතන්නෙ ඒක gift එකක්..එයාට ඒක දෙන්න වෙලා නෑ..ඕක තිබුණේ ලස්සනට කොලේක ඔතලා එහෙම..මට ලාවට මතකයි..."

"Gift එකක්...??"

"ම්ම්ම්ම්..."

"අහ්ම්...ලොකු මේක කියෙව්වද....ඉතිං..."?

"නෑ...චූටි...ඕවා ගිහින් දෙනකුට මම පොඩි...අනික එතකොට මං පොත් කියවන්න ලොකු interest එකක් තිබුණේ නෑ..එහෙනම් මං ඕවා දෙන්නේ නෑනෙ.."

ඒ කියන්නේ...අය්යා ඒක දැකල නැද්ද.. ජානුට එකපාරටම මතක් වුණේ පොතේ ලියලා තිබුණු poem එක...gift එකක්...මේ හැමදේම ඔලුව අස්සේ පිස්සු නටන කොට ආයේ පොත හොඳට බලන්න ඕනි කියලා ජානුට හිතුනා...මොකද මේ වෙද්දි අයියගෙ වගේම තේවිගේ ඇසුත් තිබුණේ තමන්ගේ ගාව නිසා...හොර වැඩක් කරපු හොර පූසා වගේ ෂේප් එකේ එතනින් මාරු වෙන්න ජානු හිතුවේ මොකක්ද මන්දා හේතුවක් නිසා හිත ආයේ කලබල වෙද්දී...

"ඔයාලා ඔය වැඩේ ඉක්මනට කරල නිදාගන්න එන්න...මං නිදාගන්න යනවා...මට මහන්සි...අනේ..."

පුදුම වෙලා වගේ   ජානු දිහා බලාගෙන ඉන්න තේවිට ඇහින් ඉඟි කරලා ඉක්මණට එන්න කියලා වේගෙන් ජානු උඩට දිව්වා ...

ඒත් මෙච්චර වෙලා ජානුගෙ හැසිරීමේ වෙනසක් ශනූර්ට දැනිලා තිබුණු නිසා වැඩේ අතරින්ම ඔහු කට හඩ අවදි  කරා..

"තේවි මල්ලී..අපෙ ජානු මොකක් හරි අවුලකද..."?

"ඇ..ඇයි..නූර් අය්යා එහෙම අහන්නේ..."?

"කොල්ලගේ mood අවුල් ඒකයි..මට ඒක දැනුණා..."

"ම්ම්...මට සෙනසුරාදා ගෙදර යන්න වෙනවා නූර් අයියේ..ඒකට ඔය ජානු මූණ එල්ලගෙන ඉන්නෙ.."

"යකූ..ඒක යසයි... මට වෙලාවකට හිනත් යනවා මේ අපේ අර තක්කඩියද කියලා.. උඹ ගාව ඉද්දි මාර soft personality එකක්නේ අපේ චූටිට තියෙන්නෙ..."

ලැප් ටොප් එකෙන් ඇස් උස්සල බලලා ලස්සන හිනාවක්  දැම්ම කඩවසම් තේවි දිහා නූර් බලාගෙන හිටියා..ඇත්තටම තේවි ඕනවටත් වඩා කඩවසම්.. නළලට වැටෙන කොන්ඩෙ උඩට කරලා හදල.  කලු පාට ලොකු reading glasses දෙකට ඔහුට තිබුණේ තනිකර වයසට වඩා පරිනත හැබැයි දග පෙනුමක්..ඉතිං ජානු ඇබ්බැහි වෙන එක පුදුමයක් නෙවෙයි...

"මගේ ගාව විතරයි අය්යා...නැත්නම් එයා පරණ ජානුක්‍යම තමයි..."

"මොකද මම නොදන්නේ බන්....ඕකා දේවනාරායන නෙවෙයි වලි සිංහ හරිස්චන්ද්‍ර පාරම්පරාවෙන් වගේනේ ඉන්නෙ...හි. .හි..ඒත් හදිසියේ ඇයි ආයේ නුවර යන්නේ මල්ලි..."?

"ආආආහ් ඒක මේ...අප්පච්චිට මොකක්ද වැදගත් දෙයක් කියන්න තියනවලු අයියේ ඒකයි.."

"ම්ම් එහෙමද...ගිහින් වරෙන් එහෙනම්  පරිස්සමට..."

ආයේ දෙන්නම වැඩේට අවධානය දුන්නත් මේ වෙද්දි ආයේ තමන්ගේ කාමරේට ගිහින් දොර වහ ගත්ත ජානුට රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් වැහිලා...


දම් පාට ටේබල් lamp එක on කර ගත්ත ජානු සූක්ෂ්ම විඳියට ඒ පොත අත් දෙකට අරගෙන පිටුවෙන් පිටුව හොඳට බැලුවේ මොකක්ද මන්දා අමුතු හැඟිමක් දැනෙන කොට...gift එකක්...gift එකක්...ඒ වචන ඇත්තටම ගැඹුරින් හිතපු ජානුගේ ඇග හිරි වැටිලා ගියේ ලෝකෙ නැති විකාර ඔලුවට එද්දි...

කොල්ලො පොත් gift වලට දෙන්නේ ගෑනු ළමයිටනේ සාමන්‍යයෙන්.....මේක ඩෑඩ් අම්මට දෙන්න ගත්ත එකක් ද...එහෙම වෙන්න බෑනෙ...එහෙනම් මේක library ගෙනියන්න අම්මා දෙයිද...

තමන්ගේ සිතුවිලි අස්සේ ජානු අතරමං වෙලා  ..ජානු දිගටම හිතුවා...දිගටම...ආයේ අර quote එක ලියලා තිබුණු පිටුව ජානු පෙරළ ගත්තෙ ආයේ අලුතින් කුතුහලය පිරෙන කොට..මොකද gift එකක් දෙනව නම් ඔහොම ලියලා දෙන්නේ ඒ කෙනාටනේ....එදා නොදැනුන අමුතු හැඟිමක් අද ආයේ ඒ වචන කියවන කොට ජානුට දැනුනා...

ගුරු ගීතය ♥️

අප්‍රකාශිත ප්‍රේමය තුල ඇති
"ප්‍රේමණීය හිස් බව" ගැන
දුයිශෙන් තරම් දන්න
වෙන කෙනෙක් නැතුව ඇති..

ප්‍රේමය තිබුනේම
සෙනෙහසින් දරාගත්
වගකීම් කන්දක බව..
පොප්ලර් ගස් තරම් දන්න
වෙන කෙනෙක් නැතුව ඇති..

එහෙව් ප්‍රේමයක් ලබන්නට
නුඹ හරිම වාසනාවන්තයි..
නමුත් අල්තිනායි..

"හමුවීම් සියල්ල
එක්වීම් නොවන බව"
නුඹත් දැනගත යුතුමයි..🦋✨️

DD...
2002/4/12...

ඒක....පණිවිඩයක්වත්ද ....ඕනවට වඩා drama බැලුවම එහෙම හිතෙනව තමා..ඉතිං...ඒත් ඇත්තටම drama වල වුණත් සමහර දේවල් reality ලෝකෙට හොදටම ගැලපුනා...මොකද හැම drama එකක්ම fantasy නෙවෙයිනේ. ..

ඒත් මේ පොතම ඇයි. ..මේ පොතේ සාරාංශේ ගැන ජානු කල්පනා කරා...

අප්‍රකාශිත ප්‍රේමය...!!!!

යටි තොල තදින් හපා ගෙන හිටපු ජානු එහෙම්ම ඇවිත් එයාගෙ ඇදේ  හාන්සි වෙලා සිවිලිමේ පැත්තක අලවල තිබුණු රෑ  අහසේ චිත්‍රේ දිහා බලාගෙන හිටියා..

ජානු ගෙ  කාමරේ උඩ සිවිලිම පුරා design කරලා තිබුණේ තනිකර අහසේ ලස්සන තැන්...ඒ මැද්දෙන් මැද්දට පහලට පොඩි කොකු වළින් එල්ලලා තිබුණු පාට පාට දිලිසෙන තරු,එක එක  size ග්‍රහලෝක, side එකක අලවල තිබුණු ලොකු පුළුන් වලාකුළු කුට්ටි වගෙ එව මැද්දෙන් පත්තු වෙන dark blue පාට light...ඇත්තටම ඒක බලාගෙන ඉන්න ආස දර්ශනයක්..

ඕක ලස්සනට design කරලා දුන්නෙ ශනූර්ගේ campus එකෙ යාලුවෙක්...සාමන්‍යයෙන් මේ කාමර වල බිත්ති හෙන උසයි....බිත්ති වල සුදු පාට තීන්ත ගාල තිබුණේ.  ..ගොඩක් වෙලාවට ජානු අදුරේ ඉන්න ආස නිසා බැල්කනි එක පැත්තේ තිබ්බ උස විදුරු ජනෙල් වලට දාලා තිබුණේ කලු පාට කර්ට්න්ස්...

ඇත්තටම කාමරේ ආස හිතෙන විදියට ජානු හදාගෙන තිබුණා.  එයාගෙ යාළුවෝ වුණත් මෙහේ ආවම වෙන කාමර තිබුනත් වැඩිපුර ඉන්න ආස ජානුගේ කාමරේ. .

ඒත් තවමත් ජානු තේවි එක්ක තනියම මේ කාමරේ ඉඳලා නෑ...කල්පනාව අස්සෙන් දුර ගිහින් හිටපු ජානු එකපාර තේවි මතක් වුණ නිසා message එකක් දැම්මා.

✉️"ඉවර නැද්ද...."?

ඒ තප්පරෙන්  rply එකක් එද්දි පොත එක්කම ඇදේ අනිත් පැත්තට හැරිලා මූණේ ඇදුණු ලස්සන හිනාව එක්ක ජානු ඒ message එක කියෙව්වා...

✉️"නෑ බබා. තව ටිකක් වෙලා යයි..ඔයා නිදාගන්න..."

✉️"බෑ..ඔයා ඕනි. ."

✉️"මං ඇවිත් ඇහරවන්නම්...එතකන් නිදාගන්න..."

✉️"නිදි නෑ මං...පොත කියවනවා ..ඉවර වෙලා මගේ කාමරේට එන්න...අද රෑ මෙහේ ඉමු..."

මොකක්ද මන්දා හේතුවක් නිසා ජානුට හිතුනා අද රෑ තේවිගේ කාමරේ ඉන්නෙ නැතුව එයාගෙ කාමරේ ඉන්න...පලවෙනි පාරට...තනියම...අමුතු හැඟිමක් එක්ක හිරි වැටිලා යද්දී කොට්ටයක් බදාගෙන ආයේ පොත දිහා බලාගෙන හිටපු ජානු ජේදයක් high light කරලා තිබුණු පිටුව පෙරළ ගත්ත..

ශීත කාලය පැමිනේවි..
තද ශීත කුණාටු හමාවි...
හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි..
එහෙත් වසන්තය එනවා සත්තයි...!!

"ම්ම්ම්ම්....ඩෑඩ්ට..වෙන ආස කෙනෙක් වත් හිටියද මන්දා ඒ  කාලේ...කොල්ලා කාලෙනේ...අම්මා නොදන්න ආස කෙනෙක් වත්....ම්ම්ම්. ..අප්‍රකාශිත ආදරයක්....ඒත්...ඒත්.."

එකපාර කල්පනා ලෝකෙ හිටපු ජානුක්‍ය කරන්ට් එකක් වැදුනා වගෙ ඇදේ වාඩි වූණේ එකපාර මතක් වුණ දෙයක් නිසා...ඒ එයාගෙ ඩෑඩ් ජානු බලන්න එයාට අවුරුදු 8 වගෙ වෙද්දී ලංකාවට ඇවිත් ආයේ යද්දී Airport එකෙ ඉඳන් කියපු කතාවක්...


"චුටි පුතා....දේවනාරායන ලේ හදවතින්ම  කෙනෙක්ට ආදරේ කරන්නෙ එක පාරයි....ඉතිං ඒ  බැදීම වෙනුවෙන් ඕනි දෙයක් කරන්න දෙපාරක් නොහිතන කෙනෙක් වෙන්න. .හැබැයි...ඒ  වටිනාකමක් තියෙන ඔයාට ගොඩක්  විශේෂ හැඟිමක් දුන්න කෙනෙක් වෙනුවෙන් විතරයි..."

"ඒ බැදීම පරිස්සන් කර ගන්න....කවදාවත් දුර්වල වෙලා ඒක නැති කරගන්න එපා..."❗️

(Chapter 47)


දුර්වල වෙලා ඒක නැති කර ගන්න එපා...ආදරෙ කරන්නෙ එක පාරක් නම්.....මොකක්ද ඩෑඩ් ඒ කිව්වේ....අප්‍රකාශිත ප්‍රේමය......

ජානු දිගටම හිතුවා...දිගටම කල්පනා කරා... ඇත්තටම මේ පොත කාට දෙන්න හිටිය එකක්ද කියල...ඒ පොත පපුව උඩ තද කරගෙන දිගටම ජානු කල්පනා කරා...

ලාවට නින්ද යාගෙන එද්දි පවා  ජානු දිගටම  ඒ  ගැන හිතුවා...හැමදේම පැත්තක තියල ඒ ගැන හිතුවා...

"Miss you soo much ඩෑඩ්...මට ඔයාව බලන්න ඕනේ...."

ජානු pov

ටිකක් වෙලා ඇදේ එහාට මෙහාට පෙරළී පෙරළී හිටියත් මට නින්ද ගියේ නම් නෑ බන්. .ප්‍රශ්න ගොඩක් ඔලුවේ පිරිල නිසා නිදහසේ පොතක් කියවන්න තියා පාඩම් කරන්න වත් මට හිතක් තිබුණේ නම් නෑ. .තේවි එනකම් ඇහරිලා ඉන්නවා කියලා මම කල්පනා ලෝකෙ ගිලිලා හිටියේ ear pod එක කනේ ගහගෙන. ..

ඔලුව සැහැල්ලු වෙන්න මම ආසම Kim  Taehyung ගෙ clam  play list එකක් play කරපු මම ටිකක් ඇස් වහගෙන හිටියත් තේවි යන එක ආයේ ආයේ මතක් වෙද්දී මාව ගැස්සිලා ඇහරුනා..

ඒ එක්කම මගේ phone එකට message එකක් ආවා...ලොකු. ..

✉️ Sea or sky ??

උඹල බලනව  ඇති  මේ  මොකක්ද  කියලා ඒක අපි දෙන්නගෙ රහස් භාෂාවක්. .පොඩි කාලෙ ඉඳන් අයියයි මමයි ගෙදර අය ඉස්සරහ,නෑදෑයො, යාලුවො ඉස්සරහ රහස් මාරු කර ගත්ත රහස් භාෂා ශබ්ද කෝෂයක්ම තිබුණා  බන් .ඉතිං ඒ අතරින් ප්‍රසිද්ධ එක code එකක් තමා sea or sky කියන්නේ.  

ඒ කියන්නේ අහසින් ද, මුහුදින්ද කියලා...හි හි උඹලට ට්‍රැක් වගෙ ඇති මූ මොනා කියනවද කියලා. හිටපන් මේ කියනවා. ..

මම මොකක් හරි අවුලක ඉද්දි තමා ඕක අය්යා ඉස්සෙල්ලා අහන්න පුරුදු වුණේ. ඒ කියන්නේ මට එයාගෙන් උපදෙසක් ඕනි නම් මට ඒ දෙකින් එකක් තෝරාගන්න පුළුවන්...අහසින් කියන්නේ සරල කෙටි විසදුමක්, මුහුදින් කියන්නේ advance වටින දෙයක්. ..ගොඩක් වෙලාවට මම තෝරාගත්තේ මුහුද. ..

මොකද අපෙ ලොකු advance ලස්සන විසදුම් දෙන්න පොඩි කාලේ ඉදන්ම දන්නවා...සමහර කතා අදහස් එයාට කොහොම එනවද මං වත් දන්නේ නෑ. ..බං. .ඒවා පොඩි කාලේ ඉදන් හරි සරල විඳියට එයා මගේ ඔලුවට දැම්මා.  .ඒ  දේ එක්ක අපෙ සහෝදර බැදීම් තව වැඩි වෙන්න ඇති. .මොකද දඩබ්බර දග ජානුට හිටියේ genius සහෝදරයෙක්. ..

මම මූණට ලාවට හිනාවක් එක්ක ලොකූට rply එකක් දැම්මා. .ඉස්සෙල්ලා මගේ mood එක එක්ක මම ඉන්නේ ප්‍රශ්න ගොඩක කියලා අයියට දැනෙන්න ඇති.

✉️  Sea...

විනාඩි 10 ක් වගෙ යද්දි මං දොර දිහා බලාගෙන හිටියේ මුහුදින් එන උත්තරේ බලාපොරොත්තුවෙන්....ටිකක් වෙලා යද්දි මගේ දොර යටින් සුදු පාට කොලයක් ඇතුලට ආවා...ඒක බෝට්ටුවක හැඩේට නවපු අයියගෙ මුහුදින් එන උපදෙස .පොඩි කාලෙ වගේම...මං හෙන ආසයි මේකට.

මං ඇදෙන් බැහැලා ගිහින් ඒ බෝට්ටුව අරගෙන ඇවිත් හිමින් දිග ඇරියා..හැමදාම වගෙ තවත් ලස්සන කතාවක්...

චූටි...ජීවිතේ ඔයාට ලෙමන් ගෙඩියක් දුන්නොත්..??

අම්මෝ ඇඹුල්...උඹ කියයි දොඩම් තිබ්බ නම් මරු කියලා  කන්නත් පුළුවන්නේ...ඒත් මේ වෙලාවෙ ඔයාට ලැබෙන්නේ ඇඹුල් ලෙමන් ගෙඩියක්...විතරයි..ඉතිං එතකොට මොකද කරන්නෙ...

අපිට පුළුවන් ඒක අරගෙන හොඳට මිරිකළා යුෂ ගන්න. පස්සේ සීනි,ලුණු, වතුර දාලා ඕනි නම් අයිස් කැටත් දාල රස ලෙමන් ජූස් එකක් හදන්න...

දැන් ඒක රසයි  එහෙම නේ..?? හැබැයි අමතක කරන්න එපා ඔයා ඇඹුල් කිව්ව ලෙමන් ගෙඩියෙන්ම  තමා අපි රස ජූස් හැදුවේ...

චූටි...ජීවිතය ඔයාට ලෙමන් ගෙඩියක් දුන්නොත් ඔයා ඒකෙන් ජූස් එකක් හදන්න පුරුදු වෙන්න. මොකද අපිට එන ප්‍රශ්නය,කරදර, අභියෝග ගොඩක් වෙලාවට ලෙමන් වගෙ ගොඩක් ඇඹුල් ,සමහර විට ඊටත් වඩා තිත්තයි..ඉතිං ජීවිතේට එන කටුක දේවල් මිහිරි කර ගන්න අපි දැනගන්න ඕනි එකපාර නෙවෙයි ..පියවරෙන් පියවර..හරියට..සීනි, ලුනු,වතුර, අයිස් දාල හදන ජූස් එකක් වගෙ...

අන්න එහෙම ප්‍රශ්නය මිරිකළා ඒකට අත්දැකීම්, දැනුම, ඉවසීම තව දේවල් එකතු කරාම ඔයාගෙ ප්‍රශ්නෙ ලෙමන් ජූස් එකක් වෙනවා. ප්‍රශ්න ආවම අපිට ඒවගෙන් පැනල යන්න වත් ඒවා මග අරින්න වත් බෑ බන්...මොකද වතුර අස්සේ දාපු බෝලේ වගෙ ඒ ප්‍රශ්න ආයේ ආයේ උඩට එනවා  

ඒ නිසා ඒවා මඟ අරින්නේ නැතුව ඒකෙන් එන වේදනාව එක්ක ඒක වෙන දෙයක් බවට වෙනස් කරන්න අපි දැනගන්න ඕන...කොහොමද දන්නවද...අවුරුදු දහස් ගානක්  අව්වට, වැස්සට දැඩි පිඩන වලට මුණ දුන්න ගල් පතුරු කෑලි තමයි දවසක වටින මැණික් වෙන්නේ...තේරුණා නේද ...

ඒ නිසා ඇඹුල් ප්‍රශ්න රස ලෙමන් යුෂ පානයක් කරගන්න...එතකොට ඉස්සරහ දවස් ලස්සන වෙයි චූටි...got it ...

SKD...

මගේ තොල් උඩ පොඩි හිනාවක් ඇදුනේ ඒ කතාව දැනුන නිසා ..

✉️"Yess I got it..Thank you ලොකු  ..."

මං අයියට message එකක් දාල පොත අස්සට බෝට්ටුව ආයේ නවලා දාල ඇස් පියා ගත්තෙ..ඒ කතාව ඔලුවේ වගේම හිතේ ලියා ගන්න ගමන්..

නහයට පුරුදු ඒ සුවඳ ලඟින්ම දැනෙන කොට මං එකපාර කලබලෙන් ඇස් ඇරියා..තවමත් බොද වෙලා තියෙන ඇස් දෙක අත් දෙකින්ම පිහිදලා පිහිදලා කාමරේ දම් පාට අදුරට ඇස් හුරු කර ගත්ත මං එහා පැත්තෙ නිදාගෙන ඉන්න එයාගෙ දිහා බැලුවා...දෙය්යනේ මට නින්ද ගිහින් බන්...කොච්චර වෙලා මං නිදාගෙනද...මම පපුව උඩ තියාගෙන හිටපු පොත තවත් තිබුණේ මගේ ගාව නෙවෙයි..මගෙ පොත් මේසෙ උඩ...මගේ ඇග උඩින් වගේම තේවිගේ ඇග උඩින් මගෙ ලොකු බූල් ශීට් එක දාලා...

අත පත ගාල phone එක හොයාගෙන මං වෙලාව බැලුවේ මගෙ නිදි මත සම්පූර්ණයෙන්ම නැති වෙද්දී..ආආආ...තවම 11 15 වෙලාව...ඇත්තටම මට තේවි එනවා දැනුනෙ නෑ..ඒත් එයා මාව තුරුල් කර ගත්තෙ නැද්ද...එහෙනම් මට දැනෙනවා...දන්නෙම නැතුව මගේ කට බෙරි වෙලා ගියේ මූ මාව තුරුල් කර ගෙන නැති නිසා මගේ පැත්තට හැරිලා ඉන්න තේවි දිහා මම ලා අදුරු දම් පාට light එලිය මැද්දෙන් බලාගෙන හිටියා...

ඒ මූණ වෙනදා වගේ නම් නෑ බන්...කලින් සිද්ධිය එක්ක අපි දෙන්නම තවමත් ඉන්නේ අවුලෙන්...ඒත් ටිකක් ඒක ලාවට ෂේප් වෙලා තිබුණේ..ඒත් ආයේ එයාගෙ මූණ ගන්න දෙයක් නෑ...මම නිදා ගත්ත ටිකට ආයේ මොකක් වත් වුණාද...

මං හිමින් ඇඟිල්ල දික් කරලා එයාගෙ මූණ මට හරියට පේන්නෙ නැති වෙන්න නළල පුරා වැටිලා තියෙන කොන්ඩෙ පරිස්සමට මම අයින් කරත් එක පාර එයාගේ මූණ වෙනස් වුණේ ටිකින් ටික මං බලාගෙන ඉද්දි...

තේවි එහාට මෙහාට ටිකක් දඟලන කොට ඒ මූණේ අපහසු බැල්මක් මැවෙන කොට ඇත්තටම මං ගොඩක් භය වුණා...එයා හීනෙන් භය වෙනවා.. දෙය්යනේ..


"තේ...වි...."










මම ජානුක්‍ය (jk)

✍️Shadow 🐰🍓

Hii....👉👈

මුන් දෙන්නා අඩන කොට මටත් දරාගන්න බෑ 🤧😭

ඒත් දුක ටිකක් තියෙන්න ඕනි ලස්සන කතා ශක්තිමත් වෙන්න...⚘️

හොදින් නේද....solly solly.....සූඌඌඌට්ටක් පරක්කුයි..උපරිම දවසක් දෙකක් පරක්කු වුණාට සති ගනන් මාස ගනන් පරක්කු වෙන්නේ නෑ කියලා ඔයාලා දන්නවා...ඒ නිසා solly හොඳද..මම දන්නවා බලාගෙන ඉන්නවා කියලා 🥺❤️

මේ කොටස කොහොමද බූටියෝ...

ඔයාලට ඩව්ට් තැන් තියනවා නම් inbox අහන්න මම කියලා දෙන්නම්...හොදේ...😘

කතාව ටිකක් සංකීර්ණ වෙලා...ඉන්නකෝ මේ ප්‍රශ්න ටික අපි විසදගමු ....ඉක්මණට..

ඔයාලා ඉල්ලලා තිබ්බ දේව් ආශු romantic part...හි..හි..අනිවා දෙන්නම්...සිරාවට මට ඒ දෙන්නගෙන් තමා නියම taekook feeling එකක් එන්නෙ...අනේ මන්දා ඒ එයාලගෙ ලොකු කාලෙ නිසාද මන්දා..🙂😁....ඒත් ඉතිං ඕතරි ටොප් tae බැතිමතෙක්...ඒත් මම Kook ටොප් side එකටත් හෙනම ආසයි...මගේ bias නිසාද මන්දා...

Soo...මම විඳි 3 ම ඒවා කියවනවා...👉👈😬💥

ඉක්මණට එනවා මේ පාර නම් 👉👈😁

ආදරෙයි උම්මා...😘❤️


























Continue Reading

You'll Also Like

19.2K 2.9K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
1.7M 128K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
19.6K 3.6K 45
I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Shar...
104K 13.6K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...