_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.2K 13.8K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

39 වෙනි කොටස 🧪

721 138 81
By NethmaDissanayake




ඉතිං ඔන්න දෙය්යනේ කියල පළවෙනි වාර විභාගය පටන් ගත්තා...ol කාලෙ වගේ ඉතිං ලොකු subject ගොඩක් නැති වුණාට බන් ඒ subject 9 ම  එකකට හරියන්න මේ subject 3 තියනවනේ...

අපිට  එක දවසට තිබුනෙ එක විෂයයි... maths paper දෙකත් තිබුනෙ දවස් දෙකක..එතකොට ඔක්කොම දවස් 5 යි...general English paper එකත් එක්කම...මේ සතියේ class තිබුණත් කලින් ඇරියා...අරුන් ඔක්කොම හිටියේ අපේ ගෙදර..පාඩම් කරන්න ඕනි නිසා...copy කරන්න ඉතිං ලොවෙත් බෑ...මොකද අපිට exam ඩියුටි දාල තිබ්බේ හෙන  සැර commerce එකේ sir කෙනෙක්...ආයේ ඉතිං හැරෙන්න වත් බෑ .

කොහොම හරි exam දවස් වලින් තීරණාත්මක අමාරු දවස් 4 ම ඉක්මණට ගෙවිලා ගියා....ඒ  දවස් වල ලොකු විශේෂ දෙයක් වුණේ නෑ...ඉතිං..අපි ස්කොලෙ එනවා...exam ලියනවා...පස්සේ ආයේ හෙට තියෙන එකට පාඩම් කරනවා...class යනවා ගෙදර එනවා...ගෙදර ඇවිල්ල ආයේ පාඩම් කරනවා...ආයේ අනිත් පහුවදා ස්කොලෙ යනවා..ඔහොම තමා මේ දවස් 4 ම ගෙවුනේ....

මොකද බන් කොච්චර කලින් අපි පාඩම් කරලා තිබුනත් exam හෙට කියල දැනෙන ඒ භීතිකාව නම් ආයේ කියල වැඩක් නෑ...මං නම් බං bus එකේ එන මග දිගටත් ෂෝට් නෝට් book එක බඳාගෙන අන්තිම විනාඩියෙත් ඒක බලල තමා වාඩි වුණේ...😅..මොකද මම 75 ට වඩා ගන්න ඕනේ....නැත්නම් මම ගමේ ගිහින් ඉවරයි...

ඉතින් අද ඒ කලබල දවස් ටිකෙන් පස්සේ අන්තිම දවස General English paper එක...ඕක ඉතිං මහ දෙකක් ඇයි කියල මං දඩ බඩ ගාලා ලියලා දැම්මා....අම්මා....තව පැය එක හමාරක් තියනවා...බාගෙට බාගයක් paper එක උඩම නිදි....නැත්නම් ඉතිං මොනා කරන්නද....වටපිට බලන්නත් බෑනෙ...අපි හිටියේ බිත්තිය අයිනෙ පෝලිමේ මම ඩෙස්ක් එක උඩ දිගා වෙලා මට එහා පැත්තෙ පෝලිමේ ඉන්න එයා දිහා බැලුවා....ම්ම්...සුවදායක දර්ශන පථයක්....

තේවි තව ලියනවා....මම එයාගෙ දිහාම බලාගෙන හිටියා එයා  දන්නේනෑ මම බලාගෙන ඉන්නවා  කියලා....පස්සේ මූ ලියලා ඉවර වෙලා sir අරහේ ඉවර අය ඔලුව තියා ගන්න කියන නිසා මගේ පැත්තට හැරිලා ඔලුව තියාගෙන මගේ දිහා බැලුවා...එයා හිතුවෙ නෑ මම බලාගෙන ඉන්නවා කියල.....

අපෙ ඇස් හරි ලස්සනට හම්බඋනා .....එයාට හිනා...ඒත්  මගේ හිතේ නම් බන් සතුටකට වඩා තිබුනෙ ලොකු භයක්...ඒ  නිවාඩුව ලං වෙනවා කියන්නේ එයා දුර යනවා කියන එක නේද කියලා....තවම මං එයාට හරියට kiss එකක් වත් දීලා නෑ...එයා  දෙපාරක් නළල kiss කරා ඇරෙන්න ..අපි අතර මහ ලොකු දෙයක් නොවුනත්..මට දැනුනේ අපි අවුරුදු ගානක් එකට ඉන්නවා වගේ හැගීමක්....

මං එයාගෙ දිහාම බලාගෙන හිටියත් මගේ මූණේ තිබුනෙ බරපතල හැගීමක්...එයා ඔලුව හිමිට හොලවලා ඇහුවේ මොකෝ..කියලා...මම මොකුත් නෑ කියල ඔලුව වැනුවා...

අපි ගොඩක් වෙලා එහෙම බලාගෙන ඉන්න ඇති ඒත් මගේ ඇස් ටික ටික පියවිලා ගියේ දරුණු නිදි මතක් loard වෙද්දී....ඒක බන් අර පොඩි තප්පර ගානකට එන්නේ මහ දරුණු ගණයේ නිදි මතක් අන්න ඒක....

කොහොම හරි paper එක ඉවර වෙලා ඒක ගන්න sir ඇවිල්ල කතා කරනකම් මං හිටියේ මගේ සුව නින්දේ...එයා ගාව....උඹල හිනාවෙන්න එපා මේ ගිනි දවල් මට මගුල් විසෙ කියලා..ඒත් මේ ලෝකෙ මං ඉන්න ආසම තැන එයාගෙ තුරුල...ඒක කියන්න තේරෙන්නෙ නැති මාරම හැඟිමක්....

දෙය්යනේ කියල පළවෙනි වාර විභාගේ ඉවර වුණා කියල අද අපිට කලින් ගෙදර යන්න නම් ලැබුනේ නෑ පුතේ....ඉස්සෙල්ලා තිබ්බ වගේම පංතිය හදාගන්න වුණා..පස්සේ අපි කෑම එහෙම කාලා canteen එක පැත්තේ එහෙම ගිහින් රවුමක් එහෙම දාල කරලා ආවෙ සදුදා basketball මැච් එක නිසා අරුන්ට අද හවස practice . ඒ නිසා ඇදුම් මාරු කර ගන්න...

ඒත් ඉතිං ඒක බලාගෙන නිදහස් සුවයෙන් ground එකේ ඉඳන් සෝසේ එක්ක ඕප දූපයක් කියවගෙන ඉන්න ගිය මගේ ලෝකෙ සම්පූර්ණයෙන්ම කඩා බිඳිලා ගියේ  අපේ section එකෙ අනිත් බෝම්බ prefect  සුලක්කන අයියා කඩා බිඳ ගෙන මේ පැත්තට එද්දි....

"ජානු  අපිව ඩියුටි දාල...උඹලට exam ඉවරයි නේ...පලයන්....මං එනකම්..."

"කොහේද  අයියේ..."?

"ප්‍රයිමරි එකට...ලොකු එවුන් දෙන්නෙක් දාන්න කිව්වේ...9 10 එවුන්ට ඔය පොඩි එවුන් මෙල්ල කර ගන්න බෑනෙ....පොඩ්ඩක් ගිහින් බලපන් ජානු.."

අප්පා....පොඩි එවුන් ..මට බැරිම වැඩේ...ඒත් ඉතිං හා හා පුරා කියලා ශිෂ්‍ය නායක පට්ටම ගත්තා වගෙ නෙවෙයි..ඒක කරන්න එපැයි...අපිට බන් තව තනි වැඩ දෙන්නේ නෑ...12 වසරේ හැම junior prefect කෙනෙක්ටම වැඩ හවුලේ කරන්න senior prefect කෙනෙක්  දිලා තියෙන්නෙ...ඉතිං මගේ partner තමා 13 වසරේ maths එකේ සුලක්කන අයියා...පොර ටිකක් සැරයි...හැබැයි ලොකුවට නෑ...friendly ඒ නිසා ලොකු අවුලක් නෑ...

අරුන් ඇදුම් මාරු කරන අතරේ මම ඉතිං ආවා..සෝසේ එතන තනියම දාලා...ප්‍රයිමරි section එක තියෙන්නෙ වෙනම...අපිව දාල තිබුණේ 1 වසරේ අලුත් ලමයි ආව පංතියකට...සුලා අයිය එනකම් මම ඉතිං ගියා...අම්මෝ බන් පොඩි පොඩි බටු ඇට කොල්ලො 50 ක් විතර ඉන්නවා....

පන්ති බාර ගුරුවරුන්ට රැස්වීමක්...ඒ නිසා පන්ති බලාගන්න ශිෂ්‍ය නායකයෝ දාලා...teacher යන්න කලින් මොකක්ද වැඩක් දීලා...කට්ටිය බරටම වැඩ...මොනාද මොනාද පාට කරනවා...

මාව ආයේ අවුරුදු ගානක් ආපස්සට ගියා...මම හිටියේ නෙළුම් පන්තියේ...ඉතිං මේ 1 වසර නෙළුම් පන්තිය....ඒ කාලෙ මම පුදුම දගයි...අනිවාර්යයෙන්ම දවසට කාගෙ එක්ක හරි රණ්ඩු වෙනවා...එක්කෝ කාව හරි හපලා, නැත්නම්  ලමයිගෙ පොත් වල කොළ ඉරලා රොකට් හදලා, නැත්නම් කාගෙ හරි නහය කොනිත්තලා....නැත්නම් සෙල්ලම් උයනේ ඔන්චිල්ලවෙන් කවුරු හරි බිමට තල්ලු කරලා..

ඔය වගේ නඩු දාහයි....teacher ට මාව එපාම වෙලා හිටියේ බන්...අම්මා කියනවා teacher කිව්වලු දවසක් ඔයාගෙ පුතා පුදුම තක්කඩි කියල...අම්මා ඕවා වෙලාවකට කිය කිය මාව ලැජ්ජ කරනවා....

මට ඒ කාලෙ ගැන එහෙම ලොකු මතකයක් නෑ...ඒත් සමහර තැන් මට හොඳට මතකයි...එකපාරක් අපි සෙල්ලම් කර කර ඉද්දි මං හැදුවා නිදිකුම්බා සුප් එකක්  ..හොඳද...ඒ කාලෙ 1 වසර කියන්නේ ඉතිං හෙන පොඩිනේ බන්..ගෑනු පිරිමි වෙනසක් නෑ ඔය උයන සෙල්ලං ඔක්කොම කරනවනේ...

ඉතිං ස්කොලෙ ටැප් එකෙන් පොල් කටුවකට වතුර අරගෙන...ගස් වල කොළ ගෙඩි මල් තලලා දාලා...නිදිකුම්බා මල් ගොඩක්  දාලා මං හැදුවා සුප්...පස්සේ බාගෙට බාගයකට පෙව්වා පන්තියේ කොල්ලන්ට...මං doctor..එයාල ලෙඩ්ඩු......උන් ඉතිං ඇත්තටම බිව්වා...teacher දැක්කේ නැත්නම් ඒ සුප් කෝප්පෙම එදා ඔක්කොම බොනවා...🙂ඉතිං එයාල කිව්වා ඒවා රසයි කියල....අත් ගුණේ දැක්කනේ මගේ...පොඩ්ඩක් රස වෙන්න office එක ඉස්සරහ අරලිය ගහ වටේ තියල තිබ්බ රතු ගඩොල් කැට කෑල්ලක් කුඩු කරල දාපු මිරිස් ටිකකුත් දාල තිබුනෙ....😁

ඕවා මතක් වෙලා මට තනියම හිනා...මං ඉතිං ටිකක් සැර බැල්මක් හදාගෙන පන්තිය අස්සේ  රවුමක් දැම්මා..මගේ බන් noraml look එක දැක්ක කෙනෙක් හිතන්නෙ මං හෙන යකා වගෙ පොරක් කියලා...ඉතිං පොඩි එවුන් එහෙම ඉද්දි කරේ නගින්න කොහෙත්ම එන්නේ නෑ..හි..හි...

පන්තිය කෙළවර ඉන්න පොඩි ඩබලක් වලියක් වගෙ...මං ෂේප් එකේ එතනට  ගියා..දැනටම එක්කෙනෙක් ඔලුව තියාගෙන...එහා පැත්තෙ ඉන්න කොන්ඩෙ ටිකක් කර්ලි හුරතල් පාට පොඩි එකා ගාවට මම පහත් වුණා...

"මොකෝ මේ...මෙයාට ඔයා බැන්නා නේද..."?

කොල්ල භය වුණා...මම කිව්වේ උඹලට මට එකපාර පොඩි එවුන් එක්ක ගනුදෙනු කරන්න බෑ කියල....කොල්ලා තොල පෙරළ පෙරලා මොනාද කියන්න කට හදනවා...

"එයා මගේ ලාලුවෙක් වෙන්න ඌනි කීනවා...."

"ඉතිං...ඔයාට බැරිද එයාගෙ යාලුවා වෙන්න ම්ම්ම්....මොකක්ද නම කෝ බලන්න..."?

මම ඒ පොඩි කොලර් කෙලවර තිබුණ නම බැලුවා...ශාලු..

"ඉතිං කියන්න...ශාලුට බෑද...."?

කොල්ල ඔලුව දෙපැත්තට වනලා බෑ කියනවා...කටත් බෙරි වෙලා...

"ඒ මුකු??"

"ටයිෂු නපුලුයි......"

"ටයිෂු....??? මෙයාද ???"

මම ඇහුවෙ තවම ඩෙස්ක් එකේ ඔලුව ගහගෙන බිත්තිය පැත්ත බලාගෙන ඉන්න පොඩි කොල්ල පෙන්නලා....

"ඕඕඕ...."

"කෝ බලන්න....ඔලුව උස්සන්න ටයිෂු බබා..."?

කොල්ල ඔලුව උස්සන් නෑ...මුගේ ගනකම....

මම බිත්තිය පැත්තෙන් ඒ මූණට එබුනා....උඹල දන්නවද මගේ පපුවත් ගැහෙනවා...දෙය්යනේ ඒ මූණ.....ඒ..එයාමයි ...ඒ  නපුරු බැල්ම...ඒ..කැරමල් දුඹුරු ඇස්....කොල්ලා හොරා වගෙ අඩනවා...රෝස පාට කම්මුල් රතු ගැහිලා...


මම එහෙම්මම අරන් එයාව කෙලින් කරා....මෙච්චර ලමයි 50 ක් ඉන්න පන්තියක මගේ හිත හොරකම් කරපු එකම පොඩි එකා....ටයිෂු....අනේ බන් ඒ තේවිමයි.....🥺...මම පුදුම වෙලා බලාගෙන ඉන්නේ..කොල්ලා ඉකි ගහනවා  .ඒත් හිරකරගෙන...

"ඇයි...අඩන්නේ ටයිෂු...මෙයා යාලු වෙන්න බෑ කිවුව නිසාද..."?

කොල්ලා හිමින් ඔලුව වනනවා...අත් පොඩි කලිසම උඩ ගුලි කරගෙන...

"ටයිෂු බබාට ලුකු යාලුවෙක් හොයලා දෙන්නම් මම....කැමතිද..."?

කොල්ලා මගේ දිහා බලාගෙන ඉන්නවා...ඇස් පිය ගහන් නැතුවම....

"උයා වගෙ...ලුකු අයියා කෙනෙක්ද.....?

"ම්ම්ම් ඔව්.....මම...වගෙ..."

කොල්ලා ටිකක් මගේ දිහා බැලුවා...පස්සේ ඉස්සරහට නැමිලා මගේ prefect බැජ් එකේ යටින් එල්ලෙන රිදී පාට දම් වැල හෙන කුතුහලය එක්ක බලනවා...

"උයා හුදයි....."

කොල්ලා එකපාර මගේ දිහා බලලා හිනා වුණා...අනේ...බන්...චුටි පෙට්ටි හිනාවක්...එයා වගේම....


"එහෙනම්  friends..."?

මගේ දික් කරපු අත උඩ ඒ පොඩි අත තියල high five එකක් දාල කොල්ල ආයේ හිනා වෙනවා ..

ටික වේලාවක් මම පංතියේ පොඩි එවුන් එක්ක කෝලම් කර කර හිටියා....ලේසියෙන් පොඩි එවුන් යාලු කර ගාන්න බෑනෙ බන්..දැන් ඉන්න Z+ generation එක පොඩ්ඩක් එක line එකක්නේ  උන්ට English එහෙම පුළුවන් අපිට වඩා...හැබැයි මම එයාලව අල්ල ගත්තෙ චිත්‍ර අඳින්න කියලා දීලා...

ටිකකින් ඒ පංතියේ ටීචර් ආවා.1 වසරේ පොඩි එවුන්ට 1 වෙද්දී ස්කොලෙ අරිනවා ...ඉතිං දැන් ස්කොලෙ අරින වෙලාව.....පන්තිභාර මිස් එද්දිත් මම ටයිෂු එක්ක කෝළම් කර කර හිටියේ....මිස් අපි ඉන්න තැනටම ආවෙ මූණ පුදුම කරන්...

"Prefect අයියා ලොකු මැජික් එකක් කරලා වගෙ..අපෙ ලේසියෙන් හිනා වෙන්නේ නැති ටයිෂු හිනා වෙන්නේ...."

"මෙයා මගේ ලුකු ලාලුවා ටීචර්...."

"ඕඕඕ...ඔයාට බෙස්ට් frend කෙනෙක් හම්බවුණාද ?"

කොල්ල වේගෙන් ඔලුව වනනවා...

"දැන් ස්කොලෙ අරිනවනේ ඔක්කොම ලෑස්ති වෙන්න...ගෙදර යන්න....."

"මේ පුතාගෙ නම....??"

"මම ජානුක්‍ය මිස් ...12 E එකේ..."

"පුතා කොහොම මේක කරාද දන්නේ නෑ..ඒත් කාලෙකින් මේ ළමයා ඔහොම හිනාවෙලා සතුටින් ඉන්නේ..."

"ඒත් ඇයි මිස්..."?

"ටයිෂු බබාගෙ  තාත්තා නැති වෙලා දැන් මාසයක් වගේ...එයාට ඒක ලොකුවට බලපෑවා පුතා...."

"Omg...මිස්...එහෙමද...එතකොට අම්මා?"

"අම්මා ඉන්නවා...එයා මම හිතන්නෙ teacher කෙනෙක් මේ අවට ස්කොලෙක...අනිත් ළමයි ගොඩක් 1 ට යද්දි...මෙය 2 වෙනකම් වගේ ස්කොලෙ ඉන්නවා...අම්මා එනකම්...සෙල්ලම් කර කර...එයා ලේසියෙන් යාළුවෝ ඇති කර ගන්නේ නෑ..පුදුමයි පුතා එක්ක යාලු උනා..."

මට මාර දුකක් දැනුනෙ...මේ පොඩි වයසට ලොකු දුකක් ඒ පොඩි හිත අස්සෙ ගුලි වෙලා ඇති.... 1 වසරට  1 වෙද්දී ස්කොලේ ස්කොලෙ අරින නිසා පොඩි එවුන් කඩා බිඳ ගෙන ගියා...ඒත් මං යන්න යද්දිම පොඩි බෙයාර් bag එකත් එල්ලගෙන ටයිෂු මගේ ගාවට දුවන් ආවා...

"ජානු අයියා යනෝද..."?

"ඔව්නේ.....ඔයා අම්මා එනකම් කොහේද ඉන්නේ..."?

"සෙල්ලම් උයනේ...."

"තනියම??"

"ටයිෂු බබා දැන් ලුකුයි....තනි නෑ.....ඒ වුණාට...."

කොල්ලා පොඩි මගේ දනහිස ගාවින් අඟල් දෙකක් උඩට වගෙ උස ඇති....මගේ දිහා බලන්නේ අපි අර උස light කණු දිහා බලන්නේ අන්න ඒ වගේ...මගේ කලිසමේ කොනක එල්ලිලා ඉන්නෙ කොල්ලා...දුකේ බෑ...

"ඒ වුණාට මුකු...."?

"උයා දැන් ගියාම...මට miss වෙයිද...."?

"නො....මං බලන්න එනවනේ...හොඳද..."?

කොල්ලගේ කටත් බෙරි වෙනවා...මම යන්න ගියත් මගේ මුලු කකුලක් කොල්ල බදාගෙන...ටීචර්ත් හෙන imosonal වෙලා...පස්සේ මං ටිකක් කල්පනා කරා...

"මිස් මෙයාගෙ අම්මා 2 ට නේ එන්නේ....අපිත් අද හවස් වෙනකම් ස්කොලෙ ඉන්නවා...මගේ යාළුවෝ basketball practice...මම මෙයාව අරගෙන ගිහින් 2 වෙද්දී Gate එක ගාවට එක්ක එන්නද....miss භය වෙන්න එපා මම වගකීම ගන්නවා..."

මිස් හරි පුදුම වෙලා මගේ දිහා බැලුවා...

"භය නෑ පුතා...මට පුදුම ඔයාගෙ වයසේ ළමයි හැමෝම ඔහොම නෑනෙ...පුතාගෙ හිත හොඳයි. ..ඒකයි ටයිෂු ඔයාට ලං වෙලා තියෙන්නෙ...මොකද එයා ටිකක් ආඩම්බර කොල්ලෙක්....ම්ම්ම් එක්ක යන්න මට ජානුක්‍යව sure...ඒත්  ඔයාගෙ නම section එක, පන්තිය මට දීලා යන්න...එහෙම හොඳයිනේ ..."

මං මිස් දුන්න කොලේ මගේ විස්තර ටික ලියල දීලා ටයිෂුව එක්ක ගෙන  ආවා....

"අපි කොයිද යල්ලේ....."?

"මගේ ලාලුවෝ පෙන්නන්න......ආසද..."?

කොල්ල ඔලුව වන වන හෙනම happy එකේ...උඩ පැන පැන එන්නේ මගේ එක්ක..ඒත් ඉතිං මගේ වේගෙට එයාට යන්න බෑනෙ...මම ටික දුරක් ගිහින් එහෙමම කොල්ලව වඩා ගත්තා....

"උයාගේ ඇඟේ මඩ ගෑවෙයි....මගේ ශූ වල මඩ "

"නො...it's ok....නැත්නම් අපිට ගොඩක් වෙලා යයි ලුකු ඉක්කෝලේ පැත්තට යන්න..."

මං පොඩි එකෙක් වඩාගෙන එද්දි අපෙ section එකෙ එවුන් කන්න වගෙ බලනවා...මගේ මෙහෙම හැසිරීමක් ලොවෙත් උන් බලාපොරොත්තු වෙන්නේ නෑ  ..මොකද බන් ගොඩක් වෙලාවට මමත් පොඩි එකා වගේනේ....

අනික ටයිෂු ඉන්නෙ මගේ කර වටේම අත් දෙක දාගෙන බෙල්ල බදාගෙන...ඒ සූටි දිගටි දුඹුරු ඇස් වලින් කන්න වගේ බලාගෙන....

"මුකද ඕම බලන්නේ...."?

"උයා....බනී කෙනෙක් වගේ....සෝයි...."

"Hee...බනී කෙනෙක්..."?

"ඕඕඕඕ....ජානු අයියගෙ කම්මුල් ගොඩක් බෝලයි....soo cute...."



කොල්ල චුට් අත් වලින් මගේ කම්මුල් මිරිකනවා....එයාට ඒකට ආස හිතිලා වගේ....

මං කෙලින්ම ආවෙ basketball code එක ගාවට ඔක්කොම අව්වේ ground එකේ...ඒ  ළඟ තියෙන හෙවණ අරලිය ගස් යාය යට තන බිස්සේ සෝසේ ඉන්නවා බිම හාන්සි වෙලා....මගේ කෑ ගැහිල්ල එක්ක මූ ඇඹරිලා මගේ පැත්ත බැලුවා...ඒ තප්පරෙන් කරන්ට් වැදුණු රිලවා වගේ කෙලින් වෙලා හිටගෙන දුවගෙන ආවා....

"හත්තික්කේ....මේ ටිකට පොඩි එකෙකුත් හදා ගත්තද  මයේ අම්මා...කිව්වෙත් නෑ...."

"අනේ හිටපන්..හි..හි..මේ පොඩි එකා ඉස්සරහ උබේ ඔය එල්ල නැති කට පරිස්සම් කරගෙන ඉඳපන්..."

"හරි හරි අනේ කවුද ජානු මේ..."?

මං සෝසේට වෙච්ච දේ ඔක්කොම කෙටියෙන් කිව්වා...පස්සේ මූ පොඩි එකාව හුරතල් කරනවා...කතා කරනවා, අල්ලනවා ඒත් මූ නෙවෙයි බැලුවේ වත්....

"මේ ජානු....ටයිෂු දැක්කම නිකන් හුරු ගතියක් තියනවා ...කවුද වගෙ...."?

"Gess කරපන්...."

සෝසේ මගේ වටේ ඇවිල්ල මගේ බෙල්ල බදාගෙන පිටි පස්ස බලාගෙන ඉන්න ටයිෂුගේ මූණට එබිකම් කරා...පස්සේ පුදුම වෙලා වගේ ආයේ මගේ ඉස්සරහට ආවා....

"අඩේ...තේවිමයි.....ඒක තමා මේ උඹට මෙච්චර හිතට දැනුනෙ..."

Ground එකේ අරුන් සෙල්ලම් කරන අස්සේ මම අත වනලා තේවිට ටිකකට එන්න කිව්වා...කවදහරි මාවයි ,සෝසේ දෙන්නම ජනිත් sir එලවලා දානවා practice කරන්න එන එවුන්ට පාඩුවේ ඒක කරන්න දෙන්නේ නෑ කියලා....

එයා දාඩිය පිහිද පිහිදා දුවගෙන ආවා...ගිනි අව්ව නිසා මගේ බෝල බූටියා රතු පාට වෙලා...ඒත් ටයිෂු තවම ඉස්සරහ බලන්නේ නෑ...

"අනේ...කාගෙද ජානු මේ කොල්ලා..."?

මං තේවිටත් කෙටියෙන් වෙච්ච දේ කිව්වා..මීට කලින් මං එයාගෙ මෙ පැත්ත ඇත්තටම දැනගෙන හිටියේ නෑ ..හැබැයි අපි දෙන්නා එක වයස වුණත් ගොඩක් වෙලාවට එයා මාව බලාගන්නේ පොඩි බබෙක් බලාගන්නවා වගේ වෙලාවකට....

"ටයිෂු බබා මේ බලන්න තව යාලුවෙක් ...මේ.."

මං බලෙන්ම ටයිෂුව ඉස්සරහ පැත්තට හරවලා තේවිව පෙන්නුවා...එයා ගොඩක් වෙලා තේවි දිහා බලාගෙන ඉන්නවා...ඇස් පිල්ලම් වත් ගහන් නෑ...

"කෝමද...."?

තේවි කොල්ලගේ නහයට චුටි තට්ටුවක් දැම්මා...ඒත් ටයිෂු බලාගෙනම ඉන්නවා....පස්සේ තේවි අත් දෙක දික් කරා විතරයි...මාවත් අමතක කරලා පැන්නා නේද තේවි ලගට....

"අඩේ අඩේ  මට තමා වෙනස්‌කම්...."

සෝසේ එහෙන් මූණ එල්ලගෙන....

තේවි ගෙ අතේ ඉඳන් වුණත් බලාගෙන ඉන්නේ තේවිගේ මූණ දිහා...

"ඇයි ඔහොම බලන්නේ සූටියෝ...."?

"උයා....ගුඩක් ලත්තනයි........මගෙ ඩැඩී වගෙ..."

"ම්ම්ම්...එයා මං වගේද...."?

කොල්ල ආයේ මුණ ඇල කරලා තේවි දිහා බලලා නෑ කියන්න ඔලුව වැනුවා....

"උයා දන්නෝද එයා අහසේ තරුවක් වුණා....ලත්තන තරුවක්....එයා හැමදාම එනො බබාව බලන්න...."

"ශෝයිනේ...."

ඒත් ඒ මූණ බෙරි වෙලා...

"ශෝයි නෑ....ටයිෂුට ගුඩක් පාලුයි ....දැන් පාළු නෑ...ලුකු ලාලුවො ඉන්නෝනේ...."

කොහොම හරි 2 විතර වෙනකම් කොල්ලා හිටියේ අපේ ගාව...2 වෙද්දී මම Gate එක ගාවට සෝසේ එක්ක එයාව එක්ක ගියා...ටයිෂුගේ අම්මා හරි ලස්සනයි...අපෙ අනුරාධි මිස් වගේ...වයස තිස් ගාණක් වගේ ඇති...

අද ටිකක් එයා කලින් ඇවිල්ල ටයිෂු පේන්න නැති නිසා පන්ති බාර ටීචර්ට call කරාම එයා විස්තරේ කියල...

"හනේ....යාළුවෝ හම්බවෙලා නේද අද බබාට....ලොකු අය්යලා...චුට් බාප්පි වගේම අය නේද ටයිෂු..."

ඒත් කොල්ලා කතා නෑ මගේ බෙල්ල අස්සේ හැංගිලා...

"ටයිෂු එන්නේ නැද්ද අම්මා එක්ක යන්න...ටීචර් කිව්වා මට ඔයාට ෂෝක් යාලුවෙක් හම්බුනා කියලා...කෝ මට අදුන්වලා දෙන්නේ නැද්ද...."

"මේ ජානු අයියා.....එතෝට මේ සූසේ අයියා...."

"ෂෝක්නේ...දැන් අයියලාට ලොකු ස්කොලෙ වැඩ තියනවනේ පුතේ...කෝ එන්න අම්මා ගාවට....අපි ගෙදර යන්න එපැයි...අද චුටි බාප්පිත් ගෙදර එනවනේ...."

"අනේඒඒඒඒ....බෑ...මට ජානු අයියා එක්ක ඉන්න ඕලේ........"

"මෙයා හරි එකතුයි ලොකු අය එක්ක....මගේ මල්ලිත් ඔයාලා වගේ ටිකක් වැඩිමල් ඇති...ඒත් එයා පහුගිය කාලෙ අසනීප වෙලා හිටියේ...ඉතිං ටයිෂුට එයාව ගොඩක් මිස් වුණා....ඒ  අස්සේ අපිට කරදරයක් වුණා....ඒ හැමදේම එක්ක ටයිෂු හිනාවුනේ වත් නෑ...එයා පිට අය ළඟට යන්නේ වත් නෑ...ඒත් මට පුදුම හිතුණා....පුතා ඔයාල එක්ක එකතු වෙලා කිව්වම..."

ඒ ඇස් වල උතුරන කඳුළු...හරි ඉක්මණට හංග ගන්න ඒ ශක්තිමත් ගෑනු හිත හයියයි....

"මගේ දරුවා ඉස්සරහ  මං අඩන්නෙ වත් නෑ පුතේ....ඔයාල එයාගෙ මුනට හිනාවක් ගෙනල්ලා...ගොඩක් පින්..."

"අනේ...miss... ඕක මොකක්ද අපි ඔක්කොම  මිනිස්සු...."

ටයිෂුව බලන්න අපි ආයේ සදුදා එනවා කියල පොරොන්දු කරගෙන තමා බලෙන්ම කොල්ලව යැව්වේ...ඒත් මග දිගට හැරී හැරී අපි දිහා බලන් ගියේ..මගේ හිතට හරිත් නෑ....සංසාර හමුවීම් හරි පුදුමයි බන්.....හුරුපුරුදු ළෙන්ගතු බැදීම් හොයාගෙන එනවා...

ටයිෂු....අන්න ඒ වගෙ.....අපිව හොයාගෙන ආව හුරුපුරුදු සංසාර හමුවීමක්....

මං ජානුක්‍ය (jk)


✍️Shadow🐰🍓




Hi....මගේ බබල්  බූටියෝ ටික......හොඳින් නේද...

ආදර සමීකරන  කියවන්න අලුතින් එකතු වුණ බනානා කියුබ් බබාලා ටිකත් ආදරෙන් පිළිගන්නවා....🫂❤️

ඔන්න පළවෙනි වාර විභාගේ ඉවරයි...

ටයිෂු බබා ගැන මොකද හිතෙන්නේ.....??

අදහස් කියාගෙන යන්න...පොඩි ළමයි ගැන ලියන්න මට තේරෙන් නෑ....හොඳද මන්දා...😐

ඉක්මණට එන්නම් 😘

Lv you...😘❤️














































Continue Reading

You'll Also Like

19.3K 2.9K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
104K 13.6K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
32.4K 4.4K 45
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
227K 1.7K 9
အတုယူစရာမရှိပါ။ အသုံးအနှုန်းများမှာ 18+သာဖြစ်သည့်အတွက်အသက်ပြည့်မှဖတ်ရှုပေးပါရန်။