_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.3K 13.8K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

34 වෙනි කොටස 🧪

875 137 138
By NethmaDissanayake



අපි ඔන්න දෙය්යනේ කියලා 7 වෙද්දී ස්කොලෙට ආවා...මං ඉතිං පංතියේ උප නායකයා නිසා උදේ ආපු ගමන් කරන්න තියෙන මගේ රාජකාරි වැඩ ටික කරන්න ඕනේ...ඒ තමා බන් office එකට ගිහින් අපෙ පංතියේ රෙජිස්ටර් එකයි, record book එකයි ,චෝක් එහෙම  අරන් එන එක...පන්තිය අතු ගෑවද නැද්ද...පහන තිබ්බද ...ඕවා ඔක්කොම බලන්නේ අපෙ පන්ති නායකයා යොමාල්...

මං ගිය ගමන් සෝසේව බෙල්ලෙන් අල්ලගෙන උගේ තාරා පෙදි ටික ගලවන්න ගියේ අර ringing tone case එකට...ඒත් ඉතිං මූ මටත් එක්ක album එක ඕඩර් කරපු නිසා මං සමාව දුන්නා....

අද උදේම chemistry double period...හැබැයි අද අපි chemistry  lab යනවා....වසුන්දරා මැඩම් එක දිගට උගන්නගෙන ගියා මිසක් තවම අපිට කරේ එක practical එකක් විතරයි...ඒ  මුල් කාලේ පලවෙනි පාඩම යද්දි....කැතෝඩ කිරණ වල ගුණ පරීක්ෂා කරන practical එක....

අද තමා ඉතිං මේ දෙය්යනේ කියල අපි හෙන කාලෙකින් lab යන්නේ...මං ආසයි ඉතිං practical period වලට....ඇයි දන්නවද බං....lab එක අස්සේ එන අර අමුතු ගුප්ත සුවඳට....ඒක නිකන් මට ඇති කරන්නෙ අමුතු මෙව්වා එකක්....

අද ඉතිං practical විතරක් නෙවෙයි...මැඩම් අපිට කියල ලොකු වැඩක් කර ගන්න යන්නේ...ඒක තමා මේ butter ගාගෙන එක්ක ආවෙ....කමක් නෑ ඒකත් මරු....ඔය භාහිර වැඩ වලට ඉතිං මේ මං නම් ආසයි...හැබැයි පොතේ ඇලිලා ඉන්න පොත් ගුල්ලො නම් ඕවට ආස නෑ....

අපි ගිහින් chemistry lab  එකේ උස දුඹුරු පාට ලී පුටු වල වාඩි වුණා....

"කොල්ලනේ...අද පන්තියේ practical එකක් කරමු...වාර විභාගෙට කලින් මේ වාරේට තියෙන practical ටික ඉවර කරගන්න එපැයි....තියරි කොටස් නම් අපි සෑහෙන්න ඉවරයි...ඒ  නැතත් උඹලා class වල අශ්ව වේගෙන් ගිහින් දැන් ඕවා කොහොමත් කෙරිලනේ  තියෙන්නෙ...."

"ඒත් ඉතිං practical හරියට උඹල කරගන්න ඕනේ ස්කොලෙන්....ඒ  නිසා අපි එකදිගට මේ ටික ඉවරයක් කර ගමු....free period හම්බුනාම අතන මෙතන උඩ දාන්න යන්නේ නැතුව chemistry lab එක free ද කියල ඇවිල්ල බලලා මට පණිවිඩයක් දෙන්න ඕනේ...කෝ...යොමාල්...ඉන්නවනේ....??"

"ඔව් මැඩම්...."

"හරි....තව දෙයක්....අද බොහෝ දුරට ශිෂ්‍ය නායකයෝ තෝරන්න පන්ති වලට එන කතාවක් කිව්වා...මේ පාර තෝරලා දෙන්න කියල තියෙන්නෙ පන්ති බාර  අපිට...ඉතිං  දෙන්නෙක් ගන්නවා ලමයි..එක පංතියකින්...මං තෝරලා දීලා ඉවරයි....නම්...එයාලා ආවම ඔයාලාට කියයි...."

අම්මෝ....මැඩම් කාව තේරුවාද මන්ද යකූ....බඩ බොක්කත් දනවා ....අපේ ස්කොලෙ පන්ති නායක පට්ටමක් ගන්නවා කියන්නෙත් ආයේ හෙන ගැම්මක්...එතකොට ශිෂ්‍ය නායක පට්ටමත් එහෙමයි....ලේසියෙන් ඕකට තේරෙන්නෙ නෑ....මුළු පන්තියම ඕක ගැන කසු කුසුව....

මං ඉන්නෙ එයා ගාව නෙවෙයි...මොකද ඉතිං එයා ගාව ස්කොලෙ ඉඳන් වැඩිය ඉන්න හොඳ නැහැ...මොකද මට මාව control නෑනෙ...ඊටත් වඩා එයා නොකිව්වට එයාට වුණත් එහෙම අමාරු ඇති....මගේ කොල්ලගේ අයින්ස්ටයින් mod එක නැති කරන්න ඕනේ නෑනෙ...ඒ  නිසා මං එයාට දුරින් ඉදගත්තෙ....

"මේ බල්ලො....කාව මැඩම් තෝරලා ඇද්ද...."??

සෝසේ ඇහුවේ මගේ අතේ කොනක බලි රූපයක් අඳින ගමන්...මුගේ ගාව ඉන්න බෑ...මූ හිතන් ඉන්නේ මං කැටපත් පවුරක් කියලා......

"අනිවා යොමාල් ඇති...ඌ තමා හොඳම..."

"ඒත් ඉතිං බං ඕකට දෙකම කරන්න පුළුවන්ද ...අනික උඹ දන්නවනේ ඌ...ඉගෙන ගන්න පැත්තට හෙන බර පොරක් කියලා...."

"ම්ම්ම් අනේ මන්දා බං...බලමුකො..."

"මේ ඒක නෙවෙයි....ජානු..."

"ආහ්??"

මූ මගේ මූණ කොනක ඉඳන් scan කරනවා.....ඒ පාර....

"උබේ මූණේ හෙන පෙම් පාටක් තියනවා යකූ....මොනා හරි වුණාද...."?


පෙම් පාට....හරිනේ...මුගේ scan එකෙන් බේරෙන්න සෑහෙන්න අමාරුයි...මොකද ඉතිං මූ මාව දන්නේ චු කොල්ලා කාලේ ඉඳලනේ...

"පෙම් පාට...?? පිස්සුද උට්ටෝ....එහෙම මොකුත් වූණේ නෑ..."

"ජානුඌඌඌඌ......කෝ මෙහේ බලපන්...ආආආ අර උබේ ඇස් නටනවා....ඒ කියන්නේ තෝ බොරු කියන්නේ....මං දැක්කා උඹලා දෙන්නා හොරෙන් හොරෙන් ඉඟි බිගි පානවා.....මගේ ඇස් වලින් රිංගන්න බෑ මහත්තයෝ......."



මට හිනා...ඉඟි බිගි පෑවලූ......

"එහෙම මගුලක් නෑ. .බං...හි..හි...ඒ.....ත් "

"ඒත් මොකක්ද....අනේ කියපන්  දැන්මම මගේ බඩේ සමනල්ලු පියාබනවා..."

"ඒ ඇයි..."?

"ඇයි  අහන්නේ ....යකූ...මං උබලා දෙන්නව නැව් ගත කරන top fan කෙනෙක්...."

"Eww...මෙන්න මෙහෙ වැඩක් බලාගනින්.....ඒව ප්‍රසිද්ධියේ කියන්න බෑ...ඇස් වහ වැදෙනවා...."

"අප්පා....මුගේ ගණකම.....හරි තෝ කියන්න එපා...හැබැයි ජානු මහත්තයා....මං උඹලා ගෙදර කොණක් කොණක් ගානේ නැනෝ cctv camera උබට  හොරෙන් හයි කරලා බලාගෙන ඉන්නවා හරි...දන්නෙ නෑ මේ සෝසෙගේ හැටි...huh...."

"Eww...ewww...අසහනකාරයා.....කඩනවා උබේ නෙළුම් කුළුණ එහෙම නම් මම..."

"පව් වැඩ කරන්න එපා ගොන් බල්ලා...ඕච්චරමයි තියෙන්නෙ...වටින දේකට..."

"ඇයි වකුගඩු දෙක..උඹ කිව්වේ...උඹේ වකුගඩුකුයි මගේ වකුගඩුවකුයි විකුනලා BTS concert එකක් බලන්න යමු කියලා...."

"ආආආ...ඔව්නෙ....එහෙම බැලුවම නේ බන්...මිනිස් අවයව ජාවාරම් කරන එවුන් හෙනට සල්ලි හොයනවා ඇති..."

"ශික් පව්කාර වැඩ..."

අපි දෙන්නා කඩේ දාගෙන ඉන්න අස්සේ  කොහේද ඉඳල ආපු වසුන්දරා මැඩම් ආයේ කතාව පටන් ගත්තා...

"අද තියෙන්නෙ 2 වෙනි practical එක...ලමයි...විද්‍යාගාර උපකරණ හදුනා ගැනීම...."

"අපි practical එක පටන් ගමු...ඒ  අතරේ අද තව වැඩක් තියනවා  ..ළමයි අපේ අර කෙමිකල් බොට්ල්ස් මේවා තියෙන  පොඩි room එක අස් කර ගන්න ඕනේ...බෝතල් වල ලේබල් ඔක්කොම ගැලවිලා...ඒ  ටික ප්‍රින්ට් කරලා තියෙන්නෙ  මං..ඒ ටික අලවල කරලා..ඔය room එක  අස් කරලා ගන්න ඕනේ...."

මට හිතුනා මැඩම් උදේම  බටර් ගාද්දි...ඕක බං තනිකර දූවිලි ගුහාවක් වගේ...කාලෙකින් අස් කරලා නෑ...තනිකර ලොකු උස රාක්කයක් පුරවලා තියෙන්නෙ  කෙමිකල්  බොට්ල්ස්....ආයෙ බීකර, ප්ලාස්කු, පරික්ෂන නල ...එව්වා මෙව්වා ගොඩයි...ඒ  අස්සේ ඔතන ලොකුවට එලිය වැටෙන්නේ නැති නිසා අදුරුයි...

මොකද සමහර කෙමිකල් වර්ග වැඩිය ආලෝකේ වැටෙන තැන් වල තියන්නේ නෑනෙ...ඒ  නිසා ඔතන මකුළු ගුහාවක්.....

වසුන්දරා මැඩම් ගිහින් බෝඩ් එකේ ටොපික් එක ලොකුවට ලිව්වා...විද්‍යාගාර උපකරණ හදුනා ගැනීම.....කියලා...ඒ යටතේ අනු මාතෘකාව ලිව්වා බීකර කියලා....

"හරි ලමයි...ඔයාල දන්නව රසායන විද්‍යාවෙදි...සුලබව භාවිතා කරන උපකරණ සාමාන්‍යයෙන් මොනාද කියල...ඒ   අතරින් අපිට නැතුවම බැරි උපකරණයක් තමා බීකරය කියන්නේ..."

"ඉතිං මේවා එක එක ප්‍රමාණ වලින් එක එක පරික්ෂන වැඩ වලට යොදා ගන්නවා.....ඔය පිටිපස්සෙ ළමයෙක්  මට ඔය බීකර ටික ගෙනැල්ලා දෙන්න පුතා...."

"ආආ...හරි...පරිස්සමට....තියෙන්න...ඉස්සෙල්ලා ලමයි...මේවා පාවිච්චි කරන කොට පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ...මොකද ඉස්සර වගේ නෙවෙයි...දැන් විද්‍යාගාර උපකරණ වල මිල ගණන් හරි වැඩි...."

'අපි පංතියේ මේ ගැන තියරි පාට් එකක් කතා කරා...කට්ටියට මතකද බලමු නේ අපි.....දැන් වාර විභාගේට පාඩම් කරනවා ඇතිනේ අනික...ඕවා මතක තියෙන්න ඕනේ...."

හොඳ වෙලාවට chemistry ෂෝට් නෝට් book එක හදන්න ගත්තෙ...ඊයේ  ..මේ ටික බැලුවා විතරයි...

"හරි පළවෙනි ප්‍රශ්නේ...අපි මේ විදියටම පොතට ගමු...ඉස්සෙල්ල මේ ටොපික් ටික ලියාගෙන...බීකර එකක්  අඳින්න ඉඩ තියල ලියන්න ගන්න..."

පන්තියම මීක් නෑ...වැඩ ඉතිං...වසුන්දරා මැඩම්ට  මොනා වුණත් අපෙ පන්තියේ එවුන් බයයි...

මං පැන්සල වටේ රවුම් කර කර බීකරයක් ඇද ගත්තා ගානට...නිකමට මං එබුනේ ටෝටොගේ පොතට ..හප්පා...මූ ඇදලා තියෙන්නෙ බැරල් එකක්...මට  බකස් ගාලා හිනා ගියා...

"මොකද යකූ..."?

"මල්ටි බැරල් ද..."?

"අපහාස කරන්න එපා බල්ලෝ...උඹට වගෙ අපිට නූලට චිත්‍ර අඳින්න බෑ...එහෙනම්..."

"කෝ දෙනව...මං ඇදලා දෙන්න..."

මං එහෙම්මම ටෝටො පැත්තට නැමිලා උගේ පොතේ බීකරයක් අඳිනවා...සිරාවට මං ඉන්නෙ උගේ ඇඟේ ඇලිලා වගේ..මූත් ඒක අස්සේ ඔලුව ගහගෙන මං අඳින එක බලනවා..





"දැක්කනේ..ලේසි විදිය  ..එහෙම අඳින්න ආයේ..."

"අඩේ එහෙම මරු ...උඹ කොහෙන්ද ඔය ලේසි විඳි හොයාගන්නේ...."?

"Yt video බලලා...ඕවා බන් art  මැජික් ට්‍රික්...අල්ලගත්තම ඕන කෙනෙක්ට චිත්‍ර අඳින්න පුළුවන්..."

"මරු ආආ...මේ...අරූ මොකෝ මෙහේ බලාගෙන ඔරවන්නේ...."

"කෝ කවුද..."

තේවි...

හප්පා....දැන් තමා යකූ මම  ඒක දැක්කෙ...එයාගෙ ඇස් මෙච්චර වෙලා තිබිලා තියෙන්නෙ මෙහේ...මටත් ඉතිං ගානක් නෑනෙ....ඇලිලා ගැලිලා ඉන්න ගියාම....හැබැයි  ඒකත් මරු...ඉරිසියා හිතිලා වගෙ....ම්ම්ම් දෙන්නම් ජම්බු....

"ආආ...ඌව ගනන් ගන්න එපා....මේ ටෝටො...මං ආයේ work out පටන් ගන්න ඕනේ බං..කාලෙකින් කරේ නෑ...තයිකොන්ඩෝ මැච් එකක් වත් ආවේ නෑනෙ...."?

"ඒ වුණාට ජානු..උබේ මස්ල් perfect...මේ බලපන්...අපි ඔක්කෝටම වඩා...උබේ තමා හොඳම මස්ල්ස්  තියෙන්නෙ..."

එහෙම කියල මූ මගේ ස්කොලෙ shirt එකෙන් ලාවට එළියට ඇවිල්ල තියෙන අතේ බාහුව මිරිකනවා...මං ෂේප් එකේ තේවි දිහා බැලුවා....එයාව රතු වෙලා...ඉරිසියාව දොරේ ගලනවා....

ටෝටො ඒ අස්සේ මගේ shirt එකේ  අත ගාවින් තව උස්ස උස්සා මස්ල්ස් බලනවා...ඕක මදැයි සෝසේට ඌත් ඒකටම පොහොර දාන්න ආවෙ නැතැයි....හරි දැන් ඉරිසියාව ඩබල් වුණා....

හොඳ වෙලාවට මැඩම් ප්‍රශ්න අහන්න පටන් ගත්තෙ නැත්නම් මෙතන ලොකු පිපුරුමක් ඇති වෙන්න තිබ්බා...😁..එයාව රතු වුණා....එයාට තරහ ගියා....ඒ තරම් සතුටක්....

"ඔය  ඇති ඇන්දා....පළවෙනි ප්‍රශ්නෙ....ම්ම්ම්...යුවාන්ට...වැරදි උත්තර දෙන අයට punishment එක මකුළු ගුහාව  අස් කරන එක....හරිනේ...."?

මකුළුවෝ කියද්දි මගේ දෙපැත්තේ ඉන්න දෙන්නා...සෝසේ, ටෝටෝ මූණු අකුලගෙන ඇඹරිලා ඉවරයි....

"බීකර වලින් මනින්න පුළුවන් අවම වගේම උපරිම පරිමාණ කොච්චරක් ද..."?

"අවම...200 ml ,උපරිම 1000ml "

"Good .... යුවාන්.....ඔය ගමන් ඔයාලා පොතේ ඕවා ලියාගන්න...ඔයාල යාළුවෝ දෙන උත්තර..කෙටි කරගෙන පොතට ගන්න...එතකොට  මතක හිටිනවා..."

"ඊලග ප්‍රශ්නෙ රූමල්ට.....සමහර බීකර වල උෂ්ණත්වය සටහන් කරලා තියනවා...සමහර ඒවගෙ නෑ...මොකක්ද මේ උෂ්ණත්වය සටහන් කරන එකේ වැදගත්කම..."?

"ම්ම්ම්...ඒ  ඒ උෂ්ණත්වය වලට ගැලපෙන නියමිත ද්‍රව්‍ය රත් කරගන්න....මොකද ඝන ,ද්‍රව, වායු වලදී ඕක වෙනස් වෙන නිසා...."

"හොඳයි පුතා....next....දිස්න....බීකරයේ දාරයක් ඉවතට යන්න නෙරලා තියෙන්නෙ ඇයි..."?

"බීකරයෙන් ද්‍රාවණ වෙන බීකරයකට  හරි පරීක්ෂණ නලයකට හරි දමා ගන්න පහසු වෙන්න...."

"Good...next ....තේවි.....බීකරයකට දාපු ද්‍රාවණයක් රත් කරන්නෙ කොහොමද හරිම විදියට "?

"බීකරය තෙපාව මත තියල රත් කරනවා...."

"උත්තරේ බාගයයි ළමයෝ....ඉතුරු ටික....කෝ"?

හැමෝම බැලුවේ තේවිගේ පැත්ත...ඒත් එයා ඇයි ඉතුරු බාගෙ කියන්නේ නැත්තෙ....එයා දන්නවා...පාඩම් කරා එයා...

"මතක නෑ...මැඩම්..."

"What....ඔය ළමයා....විශ්වාස කරන්නත් බෑ.  පාඩම් කරේ නැද්ද...මේවා සාමාන්‍ය දැනීම....යන්න කෙමිකල් room එක අස් කරන්න....මේ වගෙ පොඩි දේවල් කොහොමද අමතක කරන්නේ දිවාකර.....යන්න...යන්න...."

හැමෝම පුදුම වෙලා...අපෙ එවුන් ඊට වඩා...මොකද එයාට අමතක වෙන්නේ නෑ...ලොවෙත්.....ඒත් ඇයි....තේවි...එහෙමම නැගිටලා කෙලවර තිබ්බ කෙමිකල් room එක අස්සට ගියා....මූට මොකක් වෙලාද....

"ජානුක්‍ය....මොනාද එබී එබී බලන්නේ...සම්පූර්ණ කරමු බලන්න ඉතුරු බාගේ ඒ උත්තරේ...."?

මං උත්තරේ දන්නවා.... බීකරය  තෙපාව උඩ තියන්න කලින් ඇස්බැස්ටෝස්  ආලේප කරපු කම්බි දැලක් තියන්න ඕනේ.....එයා තනියම මකුළු ගුහාවේ යවන්න මට බෑ....ඒ  නිසා මම දන්නවා නෑ කිව්වේ මැඩම් ට යකා මාරයා ඇවිස්සෙන කොට....

"යනවා....යනවා......ගිහින් අරක අස් කරනවා....මෙච්චර පොඩි දේවල් අමතක වෙන්න පුළුවන් ද ලමයි....විහිළු කරන්න කාළයක් නෑ.."


මං ලැබුණු අවසරය එක්ක දුවලා කෙමිකල් room එක අස්සට දිව්වා...බුදු අම්මෝ යකූ....ලා කහ පාට එළියක් තියෙන්නෙ ඒකත් හෙන අදුරුයි...මකුළු දැල් අහස උසට...මේක අස්සේ තියෙන්නෙ නිතරම පාවිච්චියට ගන්න ඒවා  නෙවෙයි..ඒවගෙ ප්‍රධාන මූලාශ්‍ර ටික...ඕවාගේ සාම්පල් තමා පොඩි පොඩි ලස්සන වීදුරු බෝතල් වල දාල lab එකේ ඉස්සරහ වීදුරු කබඩ් අස්සේ තියෙන්නෙ....


මං හෙමින් හෙමින් කෙමිකල්  room එකේ උස cupboard මැද්දෙන් ඇතුළට ගියා....


"තේ....වී ....තේ.....වි ....."


ඒත් බන් මෙලොව සද්දයක් නෑ...මූ කොහොමත් මේක අස්සේ ඉන්න එපැයි...මම තව තව ඇතුලටම ගියා...පස්සේ කෙලවර තියන ලොකු රාක්කේ පිටිපස්සෙන් යන්න ගියත් එකපාර මාව එයා ඇදලා ගත්තෙ මට ආයේ හිතන්න වත් ඉඩක් නොදී....අපි ඉන්නෙ  එක ලොකු රාක්කෙකුයි එතන බිත්තියටයි මැදි වෙලා...

"ඇයි එහෙම කරේ යකූ...උඹ උත්තරේ දන්නවා...ඇයි බොරු කිව්වේ...."?

......................

"තේවි....මම කතා කරන්නේ උබට..."

එයාගෙ සද්දයක් නෑ...ඒත් ඒ හුස්ම සද්දේ මට ලඟම දැනෙනවා...ලා කළුවර නිසා මට හරියටම එයාව පේන්නේ නෑ...මොකද මේ පැත්තේ තියෙන්නෙ ගොඩක් අදුරේ තියන අම්ල වර්ග  .. ඒ  නිසා ඉස්සරහට වඩා අදුරුයි ...හෙන ගුප්තයි...

ආයේ මං කතා කරන්න කට ඇරියත් ඊට කලින් මූ නැවිලා මගේ අතේ අර ඉස්සෙල්ලා අරුන් දෙන්නා අල්ල අල්ලා හිටපු මස්ල් එක තදින් හැපුවේ මට කෑ ගැහෙන කොට ඒත් එයාගෙ එක අතකින් මගේ කට වැහුනා....

තප්පර දෙක තුනක් තදින් එතන හපාගෙන ඉඳලා එයා අත් ඇරියේ  ...යකූ  .බල්ලො වත් එහෙම හපන්නේ නෑ...මේ  උට්ටා කෑල්ලක් ගත්තද කොහේද....

"ආආආආව් ...මොකක්ද යකූ කරන්නෙ....මට රි...දෙ...න....වා....ආආආආ....සොම්බියා.."

"රිදෙනවා"?

"ඔව්...මේවා මස් යකූ....ගල් නෙවෙයි...."

"හහ්....මටත් එහෙනම් ඔය වගේම රිදුනා...."

"තේ....වි ...."

එයාගෙ අත එකපාර දැවටුනේ මගේ ඉණේ...ඒ  එක්කම මාව එකපාර අංශක 180 ක් ම භ්‍රමණය වෙලා රාක්කේ පැත්තෙන් බිත්තියට තද වුණා...

"තේ.....වි ....."

අපි අතර තියෙන්නෙ අඟල් දෙක තුනක පරතරයක්...එයාගෙ වේග හුස්මවල තියෙන්නෙ තරහ...මෙච්චර තරහ යන්න තරම්......දෙය්යනේ මොකද කරන්නෙ මම....





මගේ අත නොදැනුවත්වම ගිහින් එයාගෙ ඔලුවේ පිටි පස්සේ නතර වුණා ...පස්සේ මං ගොඩක් හිමින් එයාගෙ කොන්ඩෙ අස්සෙන් ඇඟිලි යැව්වා....එයා මාව ගොඩක් තදින් අල්ලාගෙන ඉන්නෙ මට රිදෙනවා...ඒත් මං එයාව සන්සුන් කරා....

"තේවි....ආයේ මම එහෙම කරන්නෙ නෑ....මට සමාවෙන්න ම්ම්ම්....."

..........

"මේ බලන්න මගේ දිහා...."

............

"බලන්නකෝ මැණික......"


මට එහෙමම කියවුණේ මගේ පපුව රිදෙන නිසා....මං එයාව තරහ ගැස්සුවේ හිතාමතාම නිසා...ඒ  නිසා මෙච්චර කල් කිසිම බැනුමක් අහන්නේ නැතුව පංතියේ හිටපු මගේ කොල්ලට බැනුම් අහන්න වුණා.....නිකරුණේ....

ලා එළිය එක්ක වුණාට ඒ දුඹුරු වීදුරු ඇස් දිළිසෙනවා මට පේනවා...දැන් එයා සන්සුන්....කේන්ති නිවිලා....


එයා මොකුත් නොකියාම මගේ උරහිස උඩ ඔලුව තද කරගෙන ඉන්නවා....

"මං ඔයාට රිද්දුවා ආයේම ජානු..."

"නෑ ඒක අවුලක් නෑ...ඒක දඬුවමක්....කෝ ඉතිං....කවුරු හරි එයි...."

"මට මෙහෙම ඉන්න ඕන....මට ඉරිසියයි ජානු....මං දන්නේ නෑ....මාව control කර ගන්න මට බැරි වුණා....කෝ බලන්න අත තුවාල වුණාද..."?

මගේ අත වේවලනවා...සිරාවට ලොකු රතු පැල්ලමක් එක්ක එතන දත් පාර හිටලා....

"කමක් නෑ...ඒකට මම ආසයි...."

මං කිව්වේ ඒක දිහා බලාගෙන....ඒක....ලව් බයිට් එකක් වගේ බන්...රිදෙනවා....ඒත්....මට ඒකට ආස හිතුනා....ඉරිසියාවේ සංකේතේ එයාගෙ...අනේ....

"Sorry....බ....බා "

"ම්ම්ම්...."

එයාගෙ අත් වලින් තව මාව එයාට ලං වෙද්දී....මගේ වේගෙන් ගැහෙන පපුව දඩ බඩ ගාලා සද්ද පුජා තියනවා......

"කෝ පෙන්නන්න අත....."

මගේ අත ආයේ උස්සල ගත්ත එයා හපපු තැන ගොඩක් හිමින් කිස් කරේ මගේ ඇග දිගෙ විදුලි කොටන කොට.....

"ගෙදර ගිහින් බෙහෙත් දාමූ ....ම්ම්ම්ම්...එතකන් ඕක පේන්න තියා ගන්න එපා...."

"ම්ම්ම්...."

"දැන් යන්....ඉස්සරහ අස් කරමු...."




එතන තව හිටියනම් අපිට අපිව control නැති වෙනවා...ඒ  නිසා අපි ඒ අදුරු මුල්ලෙන් එළියට ආවා....මොකද මේක ස්කොලෙ....ගෙදර වගෙ නෙවෙයි....

හොඳ වෙලාවට ඉස්සරහට ගියේ ටිකකින් තව ලමයි එකා දෙන්නා එද්දි අපි ඔක්කොම එකතු වෙලා ඕක බාගයක් අස් කර කර ඉද්දි මැඩම් ආයේ අපිව ගෙන්න ගත්තෙ පාඩම මග ඇරෙන නිසා....ආයේ free වෙලාවක් ආවම අස් කරගමු කියලා...

Chemistry double period ඉවර වෙලා ඉතුරු period ඔක්කොම උගන්නව්වා.... කොටි පැටියෙක් මගේ අත හපා කාපු නිසා සැරින් සැරේ එතන නිකන් මදුරුවෝ 1000 ඇවිල්ලා විඳිනවා වගෙ කකියනවා....අම්මප ඉඳලා ඉඳලා මූ   මාවම කෑවනේ ....සොම්බියා වගෙ....

හවස 7 වෙනි period එක pt period එක...අරුන් 3 දෙනා basketball practice ගියපු නිසා මමයි, සෝසේ වල් පල් කියව කියව හිටියේ  අද ගිනි අව්වේ ground යන්න mood එකක් නැති නිසා...ඊටත් වඩා සචින් අයියගෙ operation එක මොකක්ද වුණේ කියල මං මේ බං දහ අතේ හිතන්නෙ....කොහේ සෙල්ලං කරන්න යන්නද...

"මොකක්ද සුද්දා අවුල...මූණ දෙල් වෙලා මොකෝ...."?

මං ඩෙස්ක් එකේ පෙරලිලා මූණ එල්ලගෙන කටත්  බෙරි කරගෙන ඉද්දි සෝසේ ඇහුවේ උගේ ෂෝට් නෝට් book එක හදන ගමන්.....

"උඹලා 3 දෙනාට කියන්න බැරි වුණ කතාවක් තියනවා...මං 3 දෙනාම ඉද්දි කියන්නම්....බං..."

"අඩේ  ඒ මොකක්ද යකූ...කවුරු ගැනද...?"

"අපෙ අයිය සම්බන්ධ දෙයක්...."

"අපෙ ශනූර් අයියා...???'"

"ම්ම්ම්......"

"ජානු...උඹ දන්නවා මගේ ඉවසීම ගැන...ඉඟියක් දීපන්කෝ...."??

"අපේ ලොකු ගෙ ආදර කතාව...."

"ට#කන්න.....අම්මප කියපන් ....කවුද බන් ඒ වාසනාවන්ති..."???

ඒත් මං  කට ඇරලා ඊලග වචනෙ කියන්න කලින් අපෙ පන්තියට ආවෙ ස්කොලෙ  ප්‍රධාන ශිෂ්‍ය නායකයා....නිසල් අයියා...ඒ එක්කම තව 13 වසරේ ශිෂ්‍ය නායකයෝ දෙන්නෙක් ආවා....නිසල් අයියා බන් හෙන උස, කළු හැඩි දැඩි ඩයල් එකක්...මූ හෙන සැරයි...මූණේ හිනාවක් නෑ....තනිකර කළු කුමාරයා වගෙ ...

"කොල්ලනේ. ..කෝ ඔක්කොම ඉන්නවද පන්තියේ...කවුද පන්ති නායකයා...."?

"මං අය්යේ...නෑ...අයියේ basketball practice වලට 3 දෙනෙක් ගියා...."

"ආආආ...it's ok....ම්ම්ම් ඔයාලා දැනටම දන්නවා අපි ආව කාරනාව ...අපි තවමත් අලුත් 12 වසරින් ශිෂ්‍ය නායකයෝ අර ගෙන නෑ...ඒත් දැන් පලවෙනි වාරේ ඉවර වෙන්නත් ළඟයි..ඉස්සරහට ගොඩක් වැඩ තියනවා ස්කොලෙ..ඉතිං ප්‍රින්සිපල් sir කිව්ව විදියට වැඩි කල් ගන්නේ නැතුව අලුත් ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කර ගන්නවා...."

"එක පන්තියකින් දෙන්නා ගානේ....section ඔක්කොගෙන්ම.....ඔයාල පන්ති බාර ගුරුවරු දැනටමත් අපිට දෙන්නෙක් තෝරලා දීලා ඉවරයි...අපි ආවේ ඒක දැනුම් දෙන්න....තව පැය භාගයකින් main hall එකේ අපි අලුතින් තෝරගත්ත ශිෂ්‍ය නායකයන්ට meeting එකක් තියනවා...."

"Soo...මේ පන්තියෙ පන්තිබාර  වසුන්දරා මැඩම් අපිට තෝරලා දිලා තියෙන්නෙ......යොමාල්.....එතකොට අනිත් කෙනා ජානුක්‍ය...."

මං පුදුම වෙලා කටත් ඇරගෙන හිටියේ මොකක්ද  ඒ  වුණේ කියල හිතාගන්න බැරුව....අඩේ අම්මප අපෙ වසුන්දරා මැඩම් ගෙ ඔලුව වත් කොහේ හරි වැදූනද.....මේ  මාව.....හත්තික්කේ....ස්කොලෙට අබ සරණයි....

යොමාල් කොහොමත් මේකට සුදුසුයි....ඒත් යකූ මං....අනේඒඒඒඒඒ  මට බැහැ.....

"කෝ ජානුක්‍ය.....?"

සෝසේ මාව බලෙන්ම තල්ලු කරලා ඉස්සරහට යැව්වා....

"ආආ. ....හරි තව පැය භාගෙකින් වගෙ main hall එකට එන්න එහෙනම්...."

"මේ අයියේ. ..."

"ඔව්...කියන්න ජානුක්‍ය. "?

"මේ....මං හිතන්නෙ අපෙ මැඩම් ට  වැරදීමක් වෙලා....මොකද මේක වෙන්න බැරි දෙයක්...."

"ඒ මොකද..."...??

"අයියට කියන්න මගේ හදවතේ සිදුරක් තියනවා...ඉතිං මට බෑ  ඕවට එන්න......මැඩම් ට වැරදිලා වෙන්න ඇති..."

මුළු පන්තියම හිනාවෙනවා...සෝසේ මගේ දිහා බලලා කිව්වේ යකූ කට වහගෙන ඉන්න කියල...

'ම්ම්...හදවතේ සිදුරක්???.......නෙවෙයි ඔලුව හිල් වෙන්න සිදුරක් මම හදන්න කලින් දෙන්න එක්ක වරෙල්ලා...."

එහෙම කියල නිසල් අයියා ගියේ මට ඔරවලා...

"මොකක්ද ගස් බල්ලෝ ඒ කරේ...ප්‍රධාන ශිෂ්‍ය නායකයා කෝප කරගන්නවා කියන්නේ...කතරගම ගිහින් මොණරු මරනවා වගෙ වැඩක්..."

"අනේ...කළු දොදොලට මං බය නෑ....අලි පුප....ඕකගෙ..."


"අනේ මයේ අම්මා යන මගුලක ගිහින් ඔය කට පරිස්සම් කර ගනින්...නැත්නම් අපිට උබේ ඔය හා පොල් දත් සෙට් එක ආයේ දකින්න වෙන්නේ නෑ...."


"මළ පනිනවනේ බන්....මැඩම් මොකද  මාව දැම්මේ...මෙච්චර හොඳ එවුන් ඉද්දි. ..අනේ රෙද්ද  යොමාල් මට බෑ බං....ඕවා...."


"ජානු...ගිහින් බලමුකො වරෙන්...."

යොමාල් මාව බලෙන්ම ඇදගෙන ගියේ main hall එකේ තියනවා කිව්ව perfect meeting එකට..ඒ වෙද්දිත් section ඔක්කොගෙන්ම ලමයි ඇවිල්ලා. ...අපිත් ඒ මැද්දෙන් ගිහින් වාඩි වුණා...

ඒත් මගේ ඇහ ගැටුණේ පුරුදු කෙනෙක්....



චන්දුල.....,??







මම ජානුක්‍ය (jk)



✍️𝙎𝙝𝙖𝙙𝙤𝙬🐰🍓








Hi.....ලමයි...

කොහොමද.....අද කොටස....,??

ජෙලි තේවි.....🤣😁???

ආයේ මං  අඩු පාඩු  කියෙව්වෙ නෑ. ..printing mistake තිබුණොත් සමාවෙන්න ගැත්තාට ....

8.30 ට කලින් දාන්න ආවෙ..අද 8 30 ට  taehyung ගෙ mv එකක්  එනවනේ.....😍💚

🇱🇰 Goals for 'Love Me again'

Release today @8.30P.M IST 🇱🇰

Spread the goals Lovelies
and get ready to stream 💜



බලලා stream කරන්න හොදේ...අපෙ tae කොල්ල වෙනුවෙන්. ...

ආයේ හෙට එන්නම්....


Lv you හොදේ...😘🫂

.





























Continue Reading

You'll Also Like

4.1K 1.1K 17
" තව කොච්චර කල් මට මගෙ මේට්ව හන්ගන් ඉන්නද කියන්නෙ ආ .මාත් මනුස්සයෙක් . මටත් ඕන අනික් අය වගේ සාමාන්‍ය විදිහට ඉන්න . ඇය් ඔයා මෙහෙම කරන්නෙ මට " " මේ හැ...
1.5K 332 22
නර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්‍රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්‍රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොත...
ELORA By osi yr

Non-Fiction

11K 1.9K 41
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...