_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.1K 13.7K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
29 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

32 වෙනි කොටස 🧪

880 149 191
By NethmaDissanayake



"ජා......නු....."


මාව ගැස්සිලා ගියේ ඒ කටහඬ එක්ක ...ඉබේම මට  හැරිලා බැලුනේ මං එවෙලේ අඩලා ඉන්නෙ කියල අමතක වෙද්දී...එවෙලේ මගේ මූණ දැක්ක නම් උඹලා....ආයේ ගන්න දෙයක් නෑ... තැලිච්ච කොමඩු බෑයක් වගෙ...කාලෙකින් ඔහොම මං ඇඩුවේ...

"උ.....ඹ "???

මගේ voice ගිහින්...ඕනි එකෙක්ට තේරෙනවා.  ඒ උගුරේ සෙම බැඳිලා වගෙ එන කට හඬ එක්ක මං අඩලා කියලා....

පහල roof top එකට වඩා මෙතන උඩ කළුවරයි...ආපු කෙනා කවුරු වුණත් එක පාර එයාට මගේ මූණ පේන්නේ නෑ...ඒත් එකපාර ඇස් කඩාගෙන යන්න ඒ  phone torch එලිය මගේ මූණට වැදුනා....

"ආආආආශ්ශ්....මොකක්ද කරන්නෙ...යකූ......"

ඒත් එයා නිශ්ශබ්දයි.....කවුද...ඒ...gess කරන්න බලන්න උඹලා.....මේ රෑ  මැද කළු කුමාරයා එනවා වගෙ....එයා තමා.....හැබැයි සුදු කුමාරයා....


මූ spider man වගෙ  බඩ ගාගෙන roof top එක උඩට  නැගලත් ඉවරයි...දැන් උඩ දාගෙන ගියේ නිදා ගන්න...ඇයි දන්නෙ නෑ ආයේ ආවෙ....😒...මූ ඇවිල්ල මට ටිකක් එහායින් වාඩි වුණා ...

"දැන් නිදාගන්න නේද ගියේ...උඹ??"

"ම්ම්ම්..."

"ඇයි ආයේ ආවෙ...එහෙනම්..."?

මං ඇහුවේ එයාගෙ දිහා නොබලා....මූණ පිහදාන්න වත් මට බෑ....ඒ  නිසා මං අහක බලාගෙන හිටියේ...

"එක දිගට හචින්  යනවා...නහයත් දනවා  හෝ...ගාලා....."

මං හොරා වගෙ එයා දිහා බැලුවා...තේවිගේ ඇස් තියෙන්නෙ ඈත අහසේ....ඒ  දිලිසෙන තරු වල  දිස්නේ එයාගෙ ඇස් වලට වැටිලා...හෙන ලස්සනයි....

"නහයේ කොයි පැත්තද දැන් දන්නේ...??"

"ම්ම්ම්...ඇයි..."?

"නෑ ඉතිං.....මෙහෙම කතාවක් තියනවනේ නහයේ දකුණු පැත්ත දනවා  නම් කවුරු හරි මතක් කරනවා....වම් පැත්ත දනවා නම් කවුරු හරි බනිනවා ....."

"එතකොට බැන බැන මතක් කළොත්...."?

"ම්ම්ම් එතකොට මුලු නහයම දනවා ...."

"ඒක තමා....එහෙනම් කවුරු හරි බැන බැන....හෙන ගොඩක් මාව මතක් කරනවා වගෙ...."

"ක.....වු...ද ඒ...."

"දන්නේ නෑනෙ...ඉන්න බලමු...wtsp message ටික චෙක් කරලා...මොනාද මිස් වූණේ කියල මට..."

මූ ඒ අස්සේ Phone එක අරගෙන wtsp එක open කරගෙන උඩ පහලට යනවා...රෙද්දක් තමා...ඇයි යකූ...මතක් කරන්න එවුන් ඉන්නෙ ඕක අස්සෙ විතරද...මං  මේ සීතලේ මේ වහලේ උඩ අඬ අඬා මූ මතක් කරේ...එහෙනම්....

"ආආආ. හරිනේ.....තාරා ගෙ message මට මිස් වෙලා....call ත් අරගෙන මේ කෙල්ල...5 පාරක් විතර....අයියෝ...."

මොන තාරාවෙක්ද ඒ...හංසයො නැද්ද දන්නෙ නෑ....ඈත බලාගෙන හිටපු මගේ ඇස් එකපාර එයාගෙ පැත්තට හැරුණේ මාව පිච්චීලා යද්දි.....උඹල දන්නවා මං හිටියේ හොඳ mood එකක නෙවෙයි...ඇත්තටම මට එයාව දැන් ඕනි වුණා...ඒ වගේම හිතුවේ  නැති වෙලාවක එයා ආවා....

හිත ඇතුලෙන් මට දැනුනෙ හෙන සතුටක්...ඒත් මූ මෙතන ඇවිල්ල Phone ඔබන්නයි එක එක කෙල්ලො ගැන කියන්න ගත්තමයි...මගේ soft රාධා mood එක කෙලින්ම කාලි වුණා....

"ඒ කවුරු???"

"හොඳම යා...ලු...වෙ...ක් ජානු....පව් කෙල්ල...හෙන call ගොඩක් අරගෙන...මෙතන හෙන නිදහස් call එකක් ගන්න...තප්පරයක් දීපන් මම call එකක් ගන්නම්...."

"ම්ම්..."

මට තවත් ඌ දිහා බලන්න බෑ බන්...මං හු මිටි තියල ඉක්මණට අහක බලා ගත්තෙ මටත් නොදැනීම මගේ ඇස් තෙමෙන නිසා...roof එක උඩ මිටි මොළවගෙන තද කරගෙන ඉන්න මගේ අත් තව ගුලි කරගෙන මං උගේ පැත්තේ ඉඳල ආංශක 90 ක් ම  හැරිලා...අහක බලා ගත්තෙ  මාව ගිනි ගන්න නිසා....

"Hello බබා....sorry call  මිස්  වුණා...."

එක වචනයයි මට ඇහුනේ.....කට කට ගාලා ගැහෙන තොල් මං තදින් හපා ගත්තා...පපුව දිගේ විදුලි කොටනවා...ඇස් වල උතුරන්න බලාගෙන හිටපු  මහ වැහි දඩ දඩ ගාලා කම්මුල් හොඳගෙන සැරටම ගලනවා...

උගුර අස්සේ හිරවෙලා එළියට එන්න පොරකන ඉකිය එක්ක...මං හිටියේ හෙන පොරයක් අල්ලන ගමන්....ඒත්.....ඒවා මම වගේම මුරණ්ඩුයි...


"ම්ම්හ්ක්.....🤧"

පොඩි ඉකියක් වුණත් මේ නිහඬ බව එක්ක ඒක හෙනම ලොකුවට ඇහුනා...මොකද කරන්නෙ මං...මෙතන නම් තව ඉන්න බෑ...මං යන්න ඕනෙ....ඒත් නැගිටින්න පන නෑ කකුල් අගුල් වැටිලා වගෙ....

"උඹට හෙම්බිරිස්සාව ද ජානු..."

"ම්ම්.......මං...ය...න..වා ....නි...දා...ග...න්න...උඹ...call ක....ර...ලා..... ව....රෙ...න්...."

මං අමාරුවෙන් නැගිට ගත්තත් කකුල් වේව්ලනවා....එයාගෙ දිහා එකපාරක් මං කෙලින් බැලුවේ නෑ....ඒත් ලාවට පේනවා එයා Phone එක කනෙ තියාගෙන ඉන්නේ....

එක අඩියක් වත් මට තියෙන්න බෑ මාව ලොක් වෙලා....ඒත්  කොහොම හරි යන්න ඕනෙ....මාව මැරෙන්න වගෙ මගේ පපුව දන්නෙ....

අමාරුවෙන් හැරිලා යන්න ගියත් මාව ලිස්සුවා....ඒත්..වැටුනේ නෑ...එයාගෙ එක අතකින් තදින් මගේ T sht එක අල්ලගෙන ...තේවි ඉන්නෙ ඉඳගෙන....

"S...orry  බන්...උඹ නි...ද...හ...සේ  call කරපන් මට යන්න පු..ළුව...න් ...."

පළවෙනි පාරට අපෙ ඇස් හම්බුනා....මගේ ගැහෙන තොල් මං තදින්  හපාගෙන ඉන්නේ...මූණ පුරා කඳුළු....

"කොහේ යන්නද....මාව දාල ම්ම්ම්....???"

එක පාර මගේ ඇස් පුදුමයෙන් ලොකු වෙද්දි එයාගෙ දිග අත් වලින්  මාව ඇදිල් ගිහින් කෙලින්ම වැටුණේ තේවිගේ ඔඩොක්කුවට....

"උඹට disturb කරන්න ඕනි නෑ මට...මං ය...න්....න....ම්..."

මං ආයේ නැගිටින්න ගියත් මගේ  ඉණ වටේම එයාගෙ අත් එතිලා තද වුණා....මට මොකුත් හිතාගන්න බෑ....උඹලා දන්නවද මම දන්නේ නෑ මගේ හුස්ම වැටෙනවද  කියල වත්...ඒත්  අසාමාන්‍ය වේගෙන් මගේ පපුව ගැහෙනවා....

"Call එ....ක....??"

මූ හිනාවෙනවා.....ඒ  පාර....

එයා උස්සල මට Phone එක පෙන්නුවා...සිරාවට මූ call අරගෙන නෑ....එතකොට මොකක්ද මේ උට්ටා ඒ කරේ....මං එයාව තල්ලු කරගෙන එතනින් එහාට ගියා....

"ඒක එතකොට බොරු....,???"

"පොඩි විහිලුවක්  කරේ ජානු....උඹ දන්නවා මට ගැණු ළමයි යාළුවෝ නෑ කියල.....it's just joke...."

"Joke....huh....???"

මෙච්චර වෙලා හිරවෙලා තිබුණු මගේ කඳුළු වාන් දාන්න ගියේ තප්පරයයි.....

"ජානු...කෝ මෙතනට එන්න...."

"ඕනි නෑ....පලයන් යන්න...."

"උඹ  ඒ කියන්නේ එන්නේ නෑ???"

"නෑ....ඇයි...???"

"ආවෙ නැත්නම් මම ඇදලා ගන්නද  ආ????"

"ගනි....පම්#ක් ....මං යනවා...."

"කොහේ යන්නද  යකූ....."?

එකපාර මූ  මාව තදින් ඇදලා ගත්ත පාර ආයේ මම නැවතුනේ එයාගෙ ඔඩොක්කුවේ....මාව එකසිය ගානට ගැහෙනවා...හිරිවැටෙනවා...මොකක්ද මේ උට්ටා නටන නාඩගම....

"ජානු....ඇයි අඬන්නේ ...ම්ම්ම්???"

"මං ඇඩුවේ නෑ...පිස්සුද....උබට...මට යන්න දීපන්...."

මං දඟලන්න දඟලන්න එයා තව තදින් මාව අල්ලගෙන ...

"උඹ මං එන්න කලින් ඉඳන් ඇඩුවා....දැනුත් ඇඩුවා.....මට  හංගන්න අහක බැලුවට....උඹ හිතන්නෙ මම නොදැක්ක කියලද...."?

"ජානු මෙහෙ බලන්න "

"බෑ..."

එයා මාව එහෙම්මම ඒ පැත්තට හරවා ගත්තෙ බලෙන්ම....පස්සේ  එහෙමම මගේ නිකට ඉස්සුවා...

"ඇයි ඇඩුවේ ඉස්සෙල්ලා....?"

"ඇඩුවේ නෑ...කිව්වනේ..."?

"උඹට පුළුවන් ද මට බොරු කියන්න...ජානු....මොකක්ද ප්‍රශ්නේ...?? මන් යන්න කලින් හොඳට හිටියනේ..."

"හිතට හරි නෑ ඒකයි..."

"ඒ මොකෝ..."?

"දන්නේ නෑ...මගේ  හිත බරයි...පාලුයි....කලබලයි...."

"පා...ළු....යි ???"

"ම්ම් ඔව්....???"

අපි අතර ටික වෙලාවක් තිබුණේ පොඩි නිහඬතාවයක්......

සන්සුන් කරන්න ද මම...


මම බිමට බර කරගෙන හිටිය ඔලුව උස්සල එයා දිහා බැලුවා...අපි අතර තියෙන්නෙ පොඩි පරතරයක්....මම පොඩි එකෙක් වගෙ එයාගෙ ඔඩොක්කුවේ ඉන්නෙ...හරස් අතට ....අපි එක වයසේ වුණත් ...එයාට වඩා මම ටිකක් මහත වුණත්....එයා  මට වඩා ලොකුයි....

තේවිගේ පළල් උරහිස්...පැතලි පපුව...නහර ලස්සනට ඉලිප්පිලා පේන දිග අත්...ඒ  දිග ඇඟිලි....ගොරෝසු ස්පර්ශ....ඒ  සුවඳ...හුස්ම....ඔක්කොම මාව පිස්සෙක් කරලා...

ඔක්කෝටම වඩා එයාගෙ ලැප් එක හෙන comfortable යකූ...අපෙ sofa එකටත් වඩා....මාව දියවෙලා යන ගමන් ඉන්නෙ....

"කො....හො....ම.....ද "??

"උඹට ඕනි විඳියකට......"

මං එයාගෙ දිහා බැලුවා....අර සිංදුව කන් අස්සේ දෝංකාර දෙනවා...ඒ  අස්සේ....

"මං දන්නේ නෑ...."

"ජානු....ඇයි  මං call එකක් ගත්ත කිව්වම  අවුල් ගියේ  ම්ම්ම්...."?

"මේ මම"?

"නැතුව...."

"අනේ  මං මොකටද අවුල් යන්නේ....එහෙම නෑ ....උබට ඕනි එකක් උඹ කරපන්...."

"කමක් නෑ ??? ඕනි එකක්??"

මං අහක බලාගෙන ඔලුව වැනුවේ  දිව  කම්මුල අස්සේ තද කරගෙන....

"එහෙනම්  අර girls school එකේ කෙල්ලෙක් msg දාල තිබුණා එයාට rply එකක් දාලා එන්නම්...fb එකෙ....මං profile එක බැලුවා...ලස්සන කෙල්ලෙක්...මේ..."

එයා Phone එක පෙන්නන්න ගියත් මටත් නොදැනීම  ඒක මං උදුරලා ගත්තා...පස්සේ off  කරලා දැම්මා....මට හිතාගන්න බෑ මං මොකද මේ කරන්නෙ කියල...ඒත් එයා හිනාවෙනවා....

"ඉරිසියාව....."

"කාගෙද...."?

"උබේ...."

"අනේ වැඩේමයි....."

"එහෙනම්. ??"

මං මොකුත් කිව්වේ නෑ....

"ජානු....."

"මොකද..."?

"හි හී...තරහා අරන් ඇයි මේ....ඔය සුදු මූණ කැත වෙයි...."

"මල විකාර...."

"හි...හි......මේ..."

...........

"ටිකක් තුරුල් කර ගන්නද....උඹව"?

"තේ.....ව් ...."

"අවසර දෙනවද...."?

එයාගෙ ඇස් වල වෙනදා නැති soft හැගීමක්....දිලිසෙනවා....හරියට දෙයක් පිරිලා උතුරන්න වගෙ.....දරාගන්න බැහැ...එක එල්ලේ ඒ ඇස් තිබුණේ මගේ ගාව....

"අවසර දෙනවද ජානු....මට උබව දැන් තුරුල් කර ගන්න ඕන.....ගො...ඩ.....ක්...."

මං ටිකක් එයාගෙ දිහා බලාගෙන හිටියා....මගේ ගැහෙන ඇස් එක්ක...වෙව්ලන තොල්...මට කතා කරන්න දුන්නෙ නෑ....ඒත් මගේ ඔලුව ඉබේ හෙළවුනා....එච්චරයි....

මෙච්චර වෙලා තිබුණු හැම හිඩැසක්ම පුරවලා එයා මාව ඇගටම තද කරගෙන තුරුල් කර ගත්තෙ...හරියට.....ඒ  ලොකු පපුවේ හංග ගන්නවා වගෙ....මම ඉන්නේ හරහට....එයාගෙ එක අතක් මගේ පිට මැද්දෙන් වටේට ගිහින්....අනිත් අත මගේ පපුව මැද්දෙන් ගිහින්....

මගේ කම්මුල් එයාගෙ පපුවේ වම් පැත්තට තද වෙලා....හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියල...ඒත්....මගේ අත් තවම ඔහේ...එයාව මම අල්ලලා වත් නෑ....

ඒ පපුව වේගෙන් ගැහෙනවා....ගොඩක් වේගෙන්....එයාගෙ shirt එකෙ උඩ ඇරිලා තියෙන බොත්තම් අස්සෙන් ඒ  පැණි පාට පපුව ලාවට පේනවා....මගේ කම්මුලට දැනෙන්නේ ඒ උණුසුම....

සුවඳයි....එයා....ගොඩක්.......

"උඹ ගාව හෙන රස්නෙයි ජානු....."

"ම්ම්ම්..."

මම හිමින් ඇස් උස්සලා බැලුවා...එයා ඉන්නේ අහස දිහා බලාගෙන...මෙහෙම පහල කෝණයකින් බලද්දි වුණත් එයා  හෙන Handsome....දිග බෙල්ල..උගුරු ඇටේ...එක්ක  ඒ හීනි නිකට....වෙනම මෙව්වා එකක්...

ජානු  හිතන්නෙ මේ ලස්සන රෑ අහස අපිට බලන්න පුළුවන් රෑට විතරයි කියල ද....

'ඔ....ව්"

"නෑ.....මට නම් ඒක දවල් වුණත් බලන්න පුළුවන්...."

"ඒ කොහොමද...."?

ඈත එපිට බලාගෙන ඉන්න එයාගෙ ඇස්  මෙච්චර වෙලා වශී  වෙලා වගෙ එයාගෙ දිහා බලාගෙන ඉන්න මගේ ඇස් වල පැටලුනා....

"මේ ඇස් වලින්....."

එයා කිව්වේ තවමත් බාගෙට කඳුළු වලින් පිරිලා තිබුණු මගේ ඉදිමුනු ඇස් ගාව ඇඟිල්ල තියල....

මං එයාගෙ දිහා බලාගෙන හිටියා...මං හිතුවෙ බං මේක හීනයක් කියල...මොකද මේ වෙන දේවල් මට විශ්වාස කරන්න බැහැ....

"ම....ගේ ඇ...ස්...."?

"ම්ම්ම්....උබේ ඇස්....අස්සේ.....වෙනම ලෝකයක් තියනවා ජානු...හැබැයි ඒක උබට කවදාවත් දකින්න බෑ...කන්නාඩියකින්වත්.....ඒ  තරම් ලස්සනට....."

"පිස්සු....හි...හි...."

"හැබැයි....දන්නවද ඒවා ගොඩක්ම ලස්සන ඔහොම තෙත් වුණාම....කඳුළු වලින්....ඒත්...මං ආස නෑ...උඹ අඩනවට ......"

දැනුත් මගේ ඇස් වලට ඉබේ උනපු කඳුළු දෙපැත්තට බේරී බේරී යනවා....කොහොමද දරාගන්නේ එයාව මං.....මට බෑ බං.....

"තේ.....වි  මං උබේ කවුද....."?

තප්පර කීපයක නිහඬතාව බිඳලා මං එහෙම ඇහුවේ...එයාගෙ එක අතක් මගේ ඔලුවේ සිනිදු කොන්ඩෙ අස්සෙන් යද්දි....ඒක මාර සනීප හැඟිමක්....

"ඒක උබට දැනෙයි ටික ටික....."

"ඇයි ටික ටික????"

"නැත්නම් උබට දරාගන්න බැරි වෙයි...."

එයා එහෙම කියලා ආයේ ඈත බලාගත්තා...

"ජානු දන්නවද සමහර දේවල් ලස්සන වචන වලින් කියනවට වඩා දැනෙන්න දුන්නම...."

"හරියටම...දැන් දැනෙන මේ මොහොත වගෙ....ඒක හෙන සැහැල්ලුයි....."

"ම්ම්ම්.."

"ඔලුව තවම රිදෙනවද....උඹට...?

"ටිකක්...."

"නිදා ගන්න කලින් ඕඩිකොලොන් ටිකක් දාපන්...."

"අපි යමුද ජානු...උදේට ස්කොලෙ යන්න ඇහැරෙන්න ඕනනේ...."

"මට බෑ..."

"හි..හි...ඇයි...."?

.............

"කෝ මෙහේ බලන්න.."

ඒත් මම ඉන්නේ ඒ පපුව අස්සේ....මූණ ඔබාගෙන....පුදුම ලෝභ හිතිලා ඉන්නේ මට මේ මනුස්සයාට...

එයා මාව බලෙන්ම එයාගෙ ඇගෙන් ඈත් කරලා කෙලින් කරා...මගේ කොන්ඩෙ අවුල් වෙලා...මූණ රතු වෙලා....එයාගෙ පපුවේ තද කරගෙන හිටපු කම්මුලේ ඒ  බොත්තම් පාරක් තදින්  මාක් වෙලා....මං ඉන්නෙ කට උල් කරගෙන බිම බලාගෙන....ටිකක් ඉතිං ලැජ්ජයි යකූ මට......මටම හිතාගන්න බෑ මේ දඩබ්බර ජානු ද  කියල....

"ජානු....ඔය විඳිය....වෙන කාටවත් පෙන්නන්න එපා....උඹ ඔහොම හෙන හුරතල් පාටයි.....ඒක වෙනම mod එකක්...."

එයාගෙ අත් මගේ කම්මුල් දෙපැත්තට දැනෙන කොට...මං ඔලුව උස්සලා එයාගෙ දිහා බැලුවා....

"තේ.....වි.."

"ම්ම්ම්...."

"මගෙන් දුර යන්නේ නෑ නේද...."?

එයාගෙ මූණේ තියෙන්නෙ හරි සන්සුන් හැඟිමක්....

"යන්නේ නෑ..."

"ම්ම්ම්..."

"අපි යමු....කෝ නැගිටින්න...."

ඒත් මගේ අත් තදින් එයාගෙ shirt එකේ එල්ලිලා..

"මොකෝ...."?

මම ඇස් බෝල කරගෙන එයාගෙ දිහා බැලුවා....

"ඔහොම බලන්න එපා බන්......"

ලාවට හමා ගෙන යන හුළඟ එක්ක.....මං එයාගෙන් ඈත් වෙලා නැගිටින්න ගියේ ඕනවට වඩා එයාට වද දෙන්න බැරි නිසා...මොකද ආයේ ආයේ මගේ කඳුළු අලුත් වෙන්න...පුපුරන්න බලාගෙන ඉන්න හැඟිම් නිසා...

ඒත් මාව ආයේ එයාගෙ ඔඩොක්කුවට කාන්දම වගෙ ඇදිලා  ආවෙ එයා මාව ඇදලා ගත්ත නිසා...

"අ....ද රෑ ම...ගේ ළ..ඟ ඉඳපන් ම්ම්ම්....."?

"තේ....වි ..."!!!

"මට පොරොන්දු වෙනවද....උබේ ඔය රස්නෙ වෙන කාටවත් දැනෙන්න දෙන්නේ නෑ කියලා...ආආ...බන්...."

"තේ........වි 🥺"

"මං උබට හෙන ලෝභයි ජානු....උඹ තවම චුටි රතු රෝස පොහොට්ටුවක්....පෙති එක දෙකක්...දිග  ඇරුන....මං භයයි....උබව කවුරු හරි තලලා දායි කියලා....මොකද උඹ  හැඟිම් ගාව control නැති ගොඩක් sensitive කෙනෙක්......මට ඕනි උබව පරිස්සං කරන්න.....තේරුනා නේද....උබට...."?

"ම්ම්ම්....."

"උඹ ලෝකෙට පේන්න කොච්චර දඩබ්බර වුණත්....උබේ sensitive පැත්ත එක්ක මේ ලස්සන ලෝකෙ දැක්කොත් උබට රිදෙයි බං....ඒ  නිසා පරිස්සමට...හොඳද..."?

"තේ.....වි...."

"යමු.....නිදාගන්න.....උදේම ඇහැරෙන්න එපැයි...."

Roof top එක උඩ හිටපු හැම තප්පරේම මට දැනුනේ හීනයක් වගෙ...ඒත් ඒ දේවල් ඇත්තටම සිද්ධ වුණා....අපි ආයේ නිදාගන්න ආවෙ උදේම නැගිටින්න ඕන නිසා....

එයා දත් මැදලා wash දාගෙන එනකම් මං මගේ කාමරේට ගිහින්..දත් මැදලා wash දාගත්තා....මාව පාවෙනවා වගෙ හැගීමක් මට දැනුනේ...

රෑ මැද්දෙ පින්නේ සීතලේ ඉඳල මගේ ඔලුව ටිකක් රිදෙනවා....ගෙඩි ගැහුන තැන...ඒ  නිසා  මම ඔලුවට ඕඩිකොලොන්ග් ටිකක් දාගෙන ආයේ එයාගෙ කාමරේට ගියා...

එයා තවමත් bath room එකේ....

අද රෑ මගේ ළඟ ඉඳපන් .....ඒ  වචන මගේ කන් අස්සේ ආයේ ආයේ ඇහෙනකොට මගේ මුලු ඇගම හිරි වැටිලා යනවා.....මං එයා එනකම් කම්මැලි නිසා සිංදුවක් play කරා...මට රෑට සිංදු අහගෙන නිදාගන්න එක පුරුද්දක් වෙලා......මේ හිතාගන්න බැරි romantic moment එකට ගැලපෙන්නම මට yt එකේ උඩ පහලට යද්දි ලස්සන සින්දුවක් හම්බුනා....

නේහා කක්කර් කියන්නේ...ලස්සන voice එකක් තියෙන හින්දි singer කෙනෙක්....එයාගෙ ඒ ලස්සන සින්දුව ටිකක් හයියෙන් play වෙන්න දාල මං ඇදේ හාන්සි වෙලා උඩ කැරකෙන fan එක දිහාම බලාගෙන හිටියා....


ලස්සන film එකක් වගෙ අද හවස ඉඳන් වුණ ඔක්කොම දේවල් මැවී මැවී පේන කොට...මගේ තොල් කෙලවර තිබුණේ හිනාවක්....එයා wash දාගෙන ඇදුම් මාරු කරගෙන එනකම් වත්  මට ඇහුනේ නෑ...ඒත් ලොකු light එක off කරලා ලා  දම් එළියක් තියෙන lamp එක ඔන්  වෙද්දී තමා මං පියවි ලෝකෙට ආවේ...

මං ඉක්මණට Phone එක අරගෙන සිංදුව වැහුවා...

"ඇයි වැහුවේ.....ඒක ලස්සනයි...."

"උඹ ආසද...හින්දි සින්දු වලට..."?

"නැතුව...දාපන් ආයේ ඒක...."

එයා  ඇවිල්ල ඇදේ අනිත් පැත්තෙ හාන්සි වුණා...මම ඉන්නේ මේ කෙලවර....එයා ඉන්නේ එහා කෙලවර....හුටා උඩ දාගෙන ආවට සීට් එකක් අරගෙන ආවේ නෑනෙ මං....කමක් නෑ සීට් ඕනි නෑ මෙහෙම හොඳයි.....

සිංදුව අතරින් එයාගෙ බැල්ම තිබුණේ මගේ ගාව....

"මෙතෙන්ට එන්න..."

තේවි කිව්වේ එයා ඉන්න තැනට තට්ටුවක් දාල....

මං ටිකක් වෙලා ඉඳල එතනට ගියේ හෙමින්....ඒත් එයා මාව ඇදලා ළඟටම ගත්තා....මගේ අත් ගුලි වෙලා එයාගෙ පපුවේ තද වෙලා....

කවදා කාපු රෝස් පාන් ද  කිව්වලු....උඹලට හිනා ද....මේ ඉන්නේ උඹල එක්ක කියවන තක්කඩි ජානු නෙවෙයි හරි....auto එයා ගාව මාව girlish වෙනවා....හිතාගන්න බෑ ඒක.....

"Alarm තියල තියෙන්නෙ උදේම ඇහැරෙන්න....හරි....දැන් නිදාගන්න....."

කොහේ නිදාගන්න ද හත්තික්කේ...හවස ඉඳන් මගේ පපුවට ඔරොත්තු දෙන්න පුළුවන් දේවල් ගොඩක් ඇයි මට  විඳින්න  සිද්ධ වෙලා තියෙන්නෙ....

සිංදුව ඒ අතරින් play වෙනවා...මම ඉන්නේ එයාගෙ පපුව අස්සේ වුණත් එකපාර මූ මාව ඈත් කරා....

"මගෙ මේ  අත උඩට එන්න.......මට උඹව පේන්නේ නෑ ඔහොම...."

හරි කෙලියයි....මාව බල බල ඉන්නද මූ යන්නේ....අනේ අනේ  ....මට බෑ.....ලැජ්ජාවේ බැහැ යකූ....

මං එයාගෙ අතේ බාහුව උඩ ඔලුව තියාගෙන එයාගෙ දිහා බැලුවා....එයාගෙ honey පාට කම්මුල උඩ තද කළු ඇස් පිහාටුවක්.....එයාගෙ නෙවෙයි...මොකද තේවිගෙ ඇස් පිහාටු ඔච්චර කළු පාට නෑ....ඒක මගෙ ....

මම හිමින් මගේ ඇඟිලි තුඩු වලින් ඒක ගන්න ගියත් එක පාර එයාගෙ අත මගේ අත් අස්සේ පැටලූනා....

"ඒක එහෙම තිබුනදෙන්.....ඒක උබේ....නිදාගන්න දැන්..."

"ම්ම්ම්...."

මං එහෙමම ඇස් වහගෙන හිටියත් ඒ බැල්මේ රස්නෙ මට දැනෙනවා....තප්පර එක දෙක තුන ගෙවිලා යද්දි මං හිටියේ ලාවට නින්ද යන ගමන්.....ඒත් එයාගෙ සිතල ඇඟිලි තුඩු මගේ  නළල උඩ වැටුණු කොන්ඩෙ එහා මෙහා කරනවා.....මට දැනෙනවා....

මා ලා නින්ද එක්කම තව එයාගෙ ළඟටම ගියා....මට ඕන එයාගෙ පපුවේ අස්සේ ඉන්න....ඒත් එයාට ඕන මාව මෙහෙම බලන්න.....බලන්න නම් කවදා බැරිද යකූ....ආයේ ඉතිං මෙහෙම කවදා ඉන්නද..

එයා මාව පපුව අස්සෙන් ඈත් කරන්න යද්දි මට ඉබේම නින්දෙන් කියවුනා....

"මෙහෙම ඉන්න දෙනවකෝ  වදේ. ...."

එයා හිනාවෙනවා....මට ඇහෙනවා....

"නිදි නැද්ද ම්ම්ම්...."

"නෑ..."

"ඇයි...."?

"මට නින්ද යන තැන ඉන්න දෙන්නේ නෑනෙ...."

"එතකොට මට පේන්නේ නෑනෙ උඹව "

"බලාගන්න අනේ දවල් තිස්සේ ඕනි තරම්...දැන් ඉන්න දෙනවකෝ  සෙද්ද ...."

"කෝ මෙහෙට එනවා......"

මම ගිහින් ඒ පපුවේ අස්සේ හිරවුනා....ඒත්....ඒත්.....එයාගෙ   අත් තිබුණේ මගේ ඇග වටේම එතිලා.....මම එකපාරක් ඔලුව උස්සලා ඒ මූණ දිහා බැලුවා.....

"මො....කෝ ...."

මං මොකුත් නෑ කියල ඔලුව වැනුවත්........

එක පාරටම ඒ  සීතල තොල් මගේ නළල උඩ වැදුනා... මාව වේවලනවා....මං මෙච්චර කාලෙකට එයා මාව තුරුල් කර ගත්තට ආපිට එයාව back hug කරලා නෑ....ඒත් අද. .....මේ  දැන්......

මගේ නළල උඩ එයා තද කරගෙන ඉන්න තොල් වල රස්නෙ එක්ක එයාගෙ නහය මගේ කොන්ඩෙ උඩ තද වෙලා.....ඒකට කියන්නේ බන්....දැනෙන වචනෙ.....ඉබිනවා.....අන්න එහෙම......

මගේ අත් එකපාර එයාගෙ වටේ තදින් එතුනා.....ගොඩක් තදින්.....ඒත්  ඒ  kiss එක නතර වුණේ නෑ....උඹල විශ්වාස කරනවද.....කිසිම රාගික හැගීමක් දැනුනේ නැති මේ රෑ පුරාම.....එකදිගට එයා මාව තදින් තුරුල් කරගෙන නළල kiss කර කර ඔලුව ඉබින්න ඇති......ලාවට නින්ද මගේ ලගට ආවෙ ඒ  සනීප හැගීම නිසා ඒත් මට නින්ද අතරින් තේවි මුමුණපු ඒ වචන දෙක තුන හොඳටම ඇහුනා....





" උඹ මගේ  නේද පුළුන් බෝලේ. ...."








මං ජානුක්‍ය. ..(jk)

✍️𝙎𝙝𝙖𝙙𝙤𝙬🐰🍓...

Hii.....👉👈

මේ බලන්න මං ආවා....ගිනි මද්දහනේ. ......

Romantic ඒව ලියන්න තේරෙන්නෙ නෑ බන්. ..🤧😭🤣...හොඳද මන්දා.....😐....

තේවි  ගැන....

ජානු ගැන.....

මොකද හිතුනේ....???

මේ romantic කොටස වෙනම දුන්නෙ ලියන්න ගත්තම ඒක දික් වුණා නිසා........🥲

Ice cream එකක් වුණත් රහ ටික ටික රස කර කර කද්දී....ඒක විඳින ගමන්.....ඒ වගේ ටික ටික එයාලගෙ බැදීම ගොඩනැගෙන  හැටි රස විඳින්න. ....🌹

(අයිස් ක්‍රීම් කියන්නේ....අපි කඩෙන් අරන් කන ඒවා මිසක් වෙන වෙන ඒවා නෙවෙයි. ...🤣....උඹල කැත විඳියට හිතුවා....මං දන්නවා.....)

දැන් ඉතිං ජානු කුළුදුල් ආදරේ නිසා භය වෙලා  මීමින්නා වගෙ හිටියට.....පස්සේ.......see more...🤣🕺

අපි බලමුකෝ ....hee....

කියවලා බලලා අදහස් කියන්නකෝ.....😘❤️

ඉක්මණට එන්නම් මගේ සමීකරන ටික. ....😘❤️






















Continue Reading

You'll Also Like

193K 27K 66
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
457 61 5
ගබුරුම ආදරේ... සොදුරුම තෑග්ග.... උමතුවයි....
103K 13.6K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
2.3K 726 18
ɪ'ᴍ ʜᴇʀᴇ. ɪ ʟᴏᴠᴇ ʏᴏᴜ. ɪ ᴅᴏɴ'ᴛ ᴄᴀʀᴇ ɪꜰ ʏᴏᴜ ʜᴀᴠᴇ ᴛᴏ ꜰɪɢʜᴛ ꜰᴏʀ ᴛʜᴇ ᴄᴏᴜɴᴛʀʏ , ɪ ᴡɪʟʟ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ʏᴏᴜ. ᴛʜᴇʀᴇ'ꜱ ɴᴏᴛʜɪɴɢ ᴄᴀɴ ᴇᴠᴇʀ ᴅᴏ ᴛᴏ ʟᴏꜱᴇ ᴍʏ ʟᴏᴠᴇ ꜰᴏʀ ʏᴏᴜ...